Skip to content

පටුනට යන්න

11වන කොටස

යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙනවාද?

යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙනවාද?

අපේ යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දෙනවා. 1 පේතෘස් 3:12

යෙහෝවා දෙවි “යාච්ඤා අසන” තැනැත්තායි. (ගීතාවලිය 65:2) අපේ සිතේ තියෙන දේ ඔහුට පවසනවාට ඔහු කැමතියි.

යෙහෝවා දෙවිට පමණක් යාච්ඤා කරන්න.

ගොඩක් දේවල් ගැන අපට යාච්ඤා කරන්න පුළුවන්. 1 යොහන් 5:14

දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ හා පොළොවේ සිදු වෙන්න කියා යාච්ඤා කරන්න.

ඔබට යහපත් දේවල් කරන්න හැකියාව දෙන්න කියා දෙවිගෙන් ඉල්ලන්න. ඒ වගේම කෑම බීම, රැකියාව, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් සහ ශරීර සෞඛ්‍ය වැනි අවශ්‍යතාවන් ගැනත් දෙවිට කියන්න.

දෙවිට යාච්ඤා කළ යුත්තේ යේසුස් තුළින් පමණයි. එයින් පෙන්වන්නේ යේසුස් ඔබ වෙනුවෙන් කළ දේ ඔබ අගය කරන බවයි.