සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
දෙවියන්ගෙන් ලැබුණ ප්‍රීතිමත් පණිවිඩය මොකක්ද? ඒක විශ්වාස කරන්න පුළුවන්ද? බයිබලයේ තියෙන දේවල් ගැන ඇති වෙන ඒ වගේ ප්‍රශ්නවලට මේ සඟරාවෙන් පිළිතුරු ලබාගන්න.
මේ සඟරාවෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද?
බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න මේ පොත ඔබට උදව් වෙනවා. සඳහන් වෙන සෑම බයිබල් පදයක්ම ඔබේ බයිබලයෙන් බලන විදිහ දැනගන්න.
1වෙනි පාඩම
මොකද්ද මේ ප්‍රීතිමත් පණිවිඩය?
දෙවියන් පවසන පණිවිඩය මොකද්ද කියලත් ඒ පණිවිඩය ගැන දැන්ම දැනගන්න එක වැදගත් ඇයි කියලත් අපි කරන්න ඕනේ මොකද්ද කියලත් දැනගන්න.
3වෙනි පාඩම
බයිබලයේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය දෙවියන්ගෙන්මද?
බයිබලයේ තියෙන තොරතුරු සත්‍යයි කියලා විශ්වාස කරන්න පුළුවන් කොහොමද?
4වෙනි පාඩම
යේසුස් ක්‍රිස්තුස් කවුද?
යේසුස් මිය ගිය හේතුව ගැනත් ඔහුගේ ජීවිත පූජාවේ තියෙන වටිනාකම ගැනත් දැන් ඔහු කරමින් සිටින දේ ගැනත් දැනගන්න.
5වෙනි පාඩම
මිනිසුන් සඳහා දෙවියන් අරමුණු කරලා තියෙන්නේ මොකද්ද?
දෙවියන් පොළොව නිර්මාණය කළ හේතුවත් දුක් කරදර නැති වෙන්නේ කවදාද කියලත් අනාගතයේදී මිනිසුන්ට ලැබෙන්නේ මොන වගේ ජීවිතයක්ද කියලත් බයිබලයේ සඳහන් කරලා තියෙනවා.
6වෙනි පාඩම
මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයිද?
කෙනෙක් මිය ගියාම මොකද්ද වෙන්නේ? නැවත අපිට ඒ අයව දකින්න ලැබෙයිද?
8වෙනි පාඩම
දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
නරක දේවල් ඇති වුණේ කොහොමද? දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි? දුක් වේදනාවලට අවසානයක් තියෙනවාද?
9වෙනි පාඩම
පවුලේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
පවුලක් සතුටින් ඉන්නවා දකින්න යෙහෝවා දෙවියන් කැමැතියි. ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, දෙමාපියන්ට සහ දරුවන්ට බයිබලයේ දෙන මඟ පෙන්වීම් ගැන දැනගන්න.
10වෙනි පාඩම
සැබෑ දෙවියන් පිළිගන්නේ කාගේ නමස්කාරයද?
හැම නමස්කාරයක්ම දෙවියන් පිළිගන්නවාද? සැබෑ ආගම හඳුනගන්න උදව් වෙන ලක්ෂණ පහක් ගැන දැනගන්න.
11වෙනි පාඩම
දෙවියන් දීලා තියෙන ආඥා පිළිපදින එක ප්‍රයෝජනවත්ද?
අපිට දෙවියන්ගේ මඟ පෙන්වීම් අවශ්‍ය ඇයි කියලත් අපි කරන්න ඕනේ මූලික දේවල් දෙකක් ගැනත් යේසුස් කිව්වා.
12වෙනි පාඩම
දෙවියන්ට ළං වෙන්න පුළුවන් කොහොමද?
දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවාද? යාච්ඤා කරන්නේ කොහොමද? දෙවියන්ට ළං වෙන්න නම් අපි තව කරන්න ඕනේ මොනවාද?
13වෙනි පාඩම
ආගම් ගැන දෙවියන් පවසන්නේ මොනවාද?
සියලුදෙනාම සැබෑ දෙවියන්ට පමණක් නමස්කාර කරන කාලයක් එයිද?
14වෙනි පාඩම
දෙවියන් තම සෙනඟව සංවිධානය කළේ ඇයි?
ක්‍රිස්තියානීන් සංවිධානය වෙන්න ඕනේ ඇයි සහ කොහොමද කියලා බයිබලයෙන් සොයා බලන්න.
15වෙනි පාඩම
ඔයා දෙවියන් ගැන දිගටම ඉගෙනගන්න එක වැදගත් ඇයි?
දෙවියන් ගැන ඉගෙනගද්දී අනිත් අයට උදව් කරන්න පුළුවන් කොහොමද? බයිබලය ඉගෙනගැනීම දෙවියන්ට ළං වෙන්න උදව් වෙන්නේ කොහොමද?