මේ සඟරාවෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද?
මේ සඟරාව කියෙව්වොත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න ඔයාට ආසාවක් ඇති වෙයි. හැම පාඩමකම තද කලු අකුරෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර හොයාගන්න හැම ඡේදයකම අවසානයේ ‘කියවන්න’ කියලා සඳහන් වෙලා තියෙන බයිබල් පද ඔයාට උදව් වෙයි.
ඔයා ඒ බයිබල් පද කියවද්දී තද කලු අකුරෙන් අහලා තියෙන ප්‍රශ්නේට උත්තරේ මොකද්ද කියලා හිතන්න. බයිබල් පදවල අදහස තේරුම්ගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔයාට උදව් කරයි.—ලූක් 24:32, 45 කියවන්න.
සැලකිල්ලට ගන්න: මේ සඟරාවේ සඳහන් වෙන හැම ප්‍රකාශනයක්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි.