නවවෙනි පරිච්ඡේදය
රුවැති මෙන්ම නුවණැති කාන්තාවක්
1-3. (අ) අබිගායිල්ගේ ගෙයි වැසියන්ට මුහුණ දීමට සිදු වන විපතට හේතුව කුමක්ද? (ආ) මෙම ලිපියෙන් ඇය ගැන දැනගන්න පුළුවන් මොනවාද?
බියෙන් තැතිගත් තරුණයෙක් හති දමමින් පැමිණෙන්නේ අබිගායිල්ව හමු වීමටයි. ඔහු සිටින්නේ මොන තරම් භයකින්ද කියා අබිගායිල් තේරුම්ගන්නවා. ඔහු පැමිණ තිබෙන්නේ සිදු වීමට යන භයානක විනාශයක් ගැන ඇයට දැනුම් දෙන්නයි. මේ වන විටත් අබිගායිල්ගේ ස්වාමිපුරුෂයා වන නාබල්වත් ඔහුගේ නිවසේ සිටින සියලු පුරුෂයන්වත් මරා දැමීමට 400කගෙන් යුත් හමුදාවක් මඟ පැමිණෙනවා.
2 මේ සිද්ධියට මඟ පාදන්නේ නාබල්ගේ අනුවණ ක්රියාකලාපයයි. ඔහු ඉතා නපුරු, සැරපරුෂ කෙනෙක්. මේ අවස්ථාවේදී ඔහු නපුරු ලෙස සලකා තිබෙන්නේ යෙහෝවා දෙවිගේ සේවකයෙක් මෙන්ම දක්ෂ හමුදා සෙන්පතියෙකුටයි. නාබල්ගේ සේවකයෙක් අබිගායිල් වෙත ගියේ මේ විපත වැළැක්වීමට ඇය යම් ක්‍රියා මාර්ගයක් ගනියි යන බලාපොරොත්තුවෙන්. නමුත් බලවත් හමුදාවක් ඉදිරියේ තනි කාන්තාවකට කළ හැකි දෙයක් තිබෙනවාද?
බලවත් හමුදාවක් ඉදිරියේ තනි කාන්තාවකට කළ හැකි දෙයක් තිබෙනවාද?
3 ඊළඟට සිදු වුණු දේවල් ගැන දැනගන්න කලින් මේ අගනා කාන්තාවගේ වගතුග ගැන සොයා බලමු. අබිගායිල් කියන්නේ කවුද? මෙවැනි විපතකට මඟ පෑදුවේ කුමක්ද? දෙවිට විශ්වාසවන්තව සිටි ඇගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
“රුවැති මෙන්ම නුවණැති ස්ත්‍රියක්”
4. නාබල් මොන වගේ කෙනෙක්ද?
4 නාබල්ට ලැබී තිබුණේ සැමියෙකුට සිටිය හැකි හොඳම බිරිඳක් වුණත් අබිගායිල්ට ලැබුණේ නරකම සැමියෙක්. නාබල් සතුව තිබුණු ධන සම්පත් නිසා තමන් අන් අයට වඩා උසස් කියා ඔහු සිතුවත් අන් අය නම් එසේ සිතුවේ නැහැ. “මෝඩකම” යන අර්ථය ඇති නාබල් යන නම ඔහුට ලැබුණේ දෙමාපියන්ගෙන්ද නැත්නම් පසු කාලයකදී ඔහුට එය පටබැඳුණාද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් ඒ නම ඔහුට හොඳින්ම ගැළපුණා. බේබද්දෙක් වූ ඔහු නිතරම රණ්ඩුසරුවල්වල පැටලුණ නිසා මිනිසුන් ඔහු සමඟ කතා 1 සාමු. 25:2, 3, 17, 21, 25.
කරන්නත් භය වුණා. බයිබලයේ ඔහුව හැඳින්වීමට යොදාගෙන තිබෙන වචනවලින් ඔහු මොන තරම් පහත් කෙනෙක්ද කියා පැහැදිලි වෙනවා. වෙන කිසිම කෙනෙකුව හැඳින්වීමට බයිබලයේ එවැනි වචන යොදාගෙන නැහැ.—5, 6. (අ) අබිගායිල්ට තිබුණු හොඳ ගුණාංග මොනවාද? (ආ) කිසි කමකට නැති නාබල් සමඟ අබිගායිල් විවාහ වෙන්න ඇත්තේ ඇයි?
5 ඔහුට හාත්පසින්ම වෙනස් කෙනෙක් වූ අබිගායිල්ගේ නමේ අර්ථය “මගේ පියා ප්‍රීතියට පත් වී ඇත” යන්නයි. සාමාන්‍යයෙන් රුවැති දියණියක් සිටින පියෙක් ඒ ගැන ආඩම්බර වෙනවා. නමුත් බුද්ධිමත් පියෙක් වැඩි සතුටක් ලබන්නේ දියණිය සතු යහපත් ගතිගුණ ගැනයි. නැණනුවණ, එඩිතරකම සහ දෙවි කෙරෙහි විශ්වාසය වැනි යහපත් ගතිගුණ වර්ධනය කරගැනීම කොතරම් වැදගත්ද කියා බොහෝ රුවැති අය තේරුම්ගන්නේ නැහැ. නමුත් රූමත් ළඳක් වූ අබිගායිල් තුළ නම් ඒ ගුණාංග නොඅඩුව දක්නට ලැබුණා. ඇගේ රූපශ්‍රීය ගැන මෙන්ම නුවණ ගැනත් බයිබලයේ වාර්තා වී තිබීමෙන් එය පැහැදිලි වෙනවා.—1 සාමුවෙල් 25:3 කියවන්න.
6 රූමත් නැණවත් කාන්තාවක් වූ අබිගායිල් කිසි කමකට නැති නාබල් සමඟ විවාහ වුණේ ඇයි කියා ඔබ කල්පනා කරනවා ඇති. ඒ කාලයේදී දරුවන්ට සහකරුවෙක් හෝ සහකාරියක් සොයා දුන්නේ දෙමාපියන් විසින්. විවාහයක් සිදු වීමට දෙමාපියන්ගේ අවසරය අනිවාර්යයෙන්ම තිබිය යුතු වුණා. නාබල් සතු ධන සම්පත් නිසා අබිගායිල්ගේ දෙමාපියන් මේ විවාහය කර දුන්නාද? නැත්නම් ඊට අවසර දුන්නාද? එසේත් නැත්නම් දිලිඳුබවින් මිරිකී සිටි නිසා ඔවුන් එවැනි විවාහයකට කැමති වුණාද? ඒ ගැන අපි දන්නේ නැහැ. කොහොමවුණත් නාබල්ට මොන තරම් ධන සම්පත් තිබුණත් ඔහු හොඳ ස්වාමිපුරුෂයෙක් වුණේ නැහැ.
7. (අ) විවාහය බැරෑරුම් වගකීමක් ලෙස සලකන දෙමාපියන් නොකළ යුත්තේ කුමක්ද? (ආ) අබිගායිල්ගේ අධිෂ්ඨානය වුණේ කුමක්ද?
7 විවාහය මොන තරම් බැරෑරුම් එකක්ද කියා සිහිබුද්ධියෙන් ක්‍රියා කරන දෙමාපියන් තම දරුවන්ට කියා දෙනවා. විවාහ වීමට සුදුසු වයසට පැමිණෙන තෙක් ප්‍රේම සබඳතා පටන්ගන්න කියාවත් ධන සම්පත් තිබුණු පමණින් කෙනෙක්ව විවාහ කරගන්න කියාවත් ඔවුන් දරුවන්ට බල කරන්නේ නැහැ. (1 කොරි. 7:36) තමන්ගේ විවාහ දිවිය ගැන දැන් කනස්සලු වීමෙන් අබිගායිල්ට පලක් නැහැ. ඇය කල්පනා කරන්නේ බිරිඳක් ලෙස තමන් සතු වගකීම් උපරිමයෙන් ඉටු කරන්නේ කෙසේද කියායි.
‘ඔහු බැණවැදුණා’
8. නාබල් නින්දා කළේ කාටද? එය අනුවණ ක්‍රියාවක් වෙන්නේ ඇයි?
8 අබිගායිල්ට දැන් මුහුණ දීමට සිදු වී තිබෙන්නේ ඉතාමත් බැරෑරුම් තත්වයකටයි. නාබල් නින්දා කර තිබෙන්නේ ඊශ්‍රායෙල්හි අනාගත රජු ලෙස යෙහෝවා දෙවි අභිෂේක කර තිබෙන දාවිත්ට. (1 සාමු. 16:1, 2, 11-13) දාවිත්ව රජු ලෙස අභිෂේක කිරීම ගැන ඊර්ෂ්‍යාවෙන් තැවෙන සාවුල් රජ, ඔහුව මැරීමට තැත් කරන නිසා සාවුල්ගෙන් පලා යන දාවිත් දැන් සිටින්නේ පාළුකරයේ. ඔහු සමඟ 600කින් යුත් හමුදා බළඇණියක්ද සිටිනවා.
9, 10. (අ) දාවිත් සහ ඔහු සමඟ සිටි පිරිසට මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවාද? (ආ) ඔවුන් කළ දේවල් නාබල් අගය කළ යුතුව තිබුණේ ඇයි? (10වෙනි ඡේදයේ පාදසටහනද බලන්න.)
* තණකොළ සරුවට වැඩී තිබුණු ඒ ඉඩම් බැටළුවන් ඇති කිරීමට හොඳ තෝතැන්නක් වුණා. නාබල්ගේ බැටළුවන් 3,000ක් සිටියෙත් ඒ ඉඩම්වලයි. මෙම ඉඩමට දකුණින් තිබුණේ පාරාන් පාළුකරය. නැඟෙනහිරෙන් තිබුණේ ලුණු මුහුද. (එය මළ මුහුද ලෙසත් හඳුන්වනවා.) පෙනෙන තෙක් මානයකවත් වගාබිමක් තිබුණේ නැහැ. දාවිත් සහ ඔහුගේ පිරිස සැඟවී සිටින්නේත් මේ ප්රදේශයේමයි. බොහෝ අභියෝගවලට මුහුණ දෙන ඔවුන්ට කෑම බීම සොයාගැනීමටත් ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. එහිදී නාබල් යටතේ සේවය කරන එඬේර කොලුවන්ව ඔවුන්ට නිතර දෙවේලේ මුණගැසුණු බවට සැකයක් නැහැ.
9 නාබල් ජීවත් වුණේ කඳුකර ප්‍රදේශයක් වූ මායොන්වල. ඒ කඳුකරයේම තිබුණු තවත් ප්‍රදේශයක් වන කර්මෙල් අවට විශාල ඉඩම් ඔහුට අයත්ව තියෙන්න ඇති.10 දාවිත් සමඟ සිටි පුරුෂයන් මේ එඬේර කොලුවන්ට කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ. ඔවුන්ගේ රැළේ බැටළුවන් විශාල ප්‍රමාණයක් සිටි නිසා ඉඳහිට එකෙක් දෙන්නෙක්ව කෑමට ගන්න ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ. මේ ප්‍රදේශය පිහිටා තිබුණේ ඊශ්‍රායෙලයේ දකුණු මායිමට යාබඳව නිසා කොල්ලකරුවන්ටත් සතුරන්ටත් එඬේරුන්ව පහසුවෙන්ම ගොදුරු වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ඔවුන්ගේත් බැටළුවන්ගේත් ජීවිත තිබුණේ අනතුරේ. ඒ බව හොඳින්ම දැන සිටි දාවිත් සමඟ සිටි පුරුෂයන් ඔවුන් වටා ආරක්ෂක පවුරක් මෙන් සිටිමින් ඔවුන්ව රැකබලා ගත්තා. *—1 සාමුවෙල් 25:15, 16 කියවන්න.
11, 12. (අ) දාවිත්, නාබල්ට පණිවිඩය යැවීමේදී කල්පනාකාරී වුණේ කොහොමද? (ආ) නාබල් ප්‍රතිචාරය දැක්වූ ආකාරය සුදුසු නොවන්නේ ඇයි?
11 තමන් සමඟ සිටින පිරිසට දිනපතාම ආහාර සැපයීම දාවිත්ට අභියෝගයක් වූ බවට සැකයක් නැහැ. ඒ නිසා නාබල්ගේ උපකාරය පතන්න තීරණය කළ ඔහු දිනක් තම පණිවිඩකරුවන්ව නාබල් වෙත යවනවා. මෙය බැටළුවන්ගේ ලොම් කපන කාලය නිසා නාබල්ගේ නිවසේ කෑම බීමවලින් කිසිම අඩුවක් නැහැ. සාමාන්‍යයෙන් මේ කාලයේදී මිනිසුන් තමන් සතු දේවල් අන් අය සමඟ බෙදාගන්නේ හද පිරි සතුටින්. නාබල්ගේ උපකාරය පැතීමට වඩාත්ම සුදුසු කාලය තෝරාගත් දාවිත් ඉතා ගෞරවයෙනුත්, කාරුණිකවත් තම වචන හසුරුවන්න අමතක කරන්නේ නැහැ. “ඔබේ පුත්‍රයෙක් වගේ ඉන්න මටත්” කියා තමන්ව හඳුන්වා දීමෙන් නාබල්ගේ වයසටත් දාවිත් ගරු කරනවා.—1 සාමු. 25:5-8.
12 දාවිත්ගේ ඉල්ලීම ගැන කේන්ති ගන්නා නාබල් පණිවිඩකරුවන්ට බැණවදිනවා. තමන් සතුව තිබෙන රොටි, වතුර සහ මස් ඔවුන්ට දෙන්න ඔහු කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. තම ස්වාමියාගෙන් පැන යන සේවකයෙකුට දාවිත්ව සමාන කරන ඔහු දාවිත්ට නින්දා කරනවා. නාබල්ට දාවිත් ගැන 1 සාමු. 25:10, 11, 14.
හැඟුණේ සාවුල්ට හැඟුණු ආකාරයටම වෙන්න ඇති. කොහොමවුණත් යෙහෝවා දෙවි දාවිත්ව සලකන්නේ ස්වාමියාගෙන් පලා යන සේවකයෙකු ලෙස නොව ඊශ්‍රායෙල් සෙනඟගේ අනාගත රජු ලෙසයි.—13. (අ) නාබල් පැවසූ දේවල් දැනගත් දාවිත් ක්‍රියා කළේ කොහොමද? (ආ) දාවිත් කරන්න යන දේ සුදුසු නැති බව යාකොබ් 1:20න් පැහැදිලි වෙන්නේ කොහොමද?
13 නාබල් පැවසූ සෑම දෙයක්ම දැනගන්නා දාවිත් කෝපයෙන් දැවෙනවා. “තම තමන්ගේ කඩුව ඉණේ බැඳගෙන ලෑස්ති වෙන්න” කියා තම සේවකයන්ට අණ කරන ඔහු නාබල්ගේ නිවසේ සිටින සියලුම පුරුෂයන්ව මරා දමන බව ස්ථිරවම පවසනවා. ඉන්පසු ඔහු සේවකයන් 400දෙනෙකු සමඟ නාබල්ගේ නිවස බලා පිටත් වෙනවා. (1 සාමු. 25:12, 13, 21, 22) ඔහුට මේ තරම් කේන්තියක් දැනුණේ ඇයි කියා අපිට සිතාගන්න පුළුවන්. කොහොමවුණත් ඔහු කරන්න යන දේ දෙවි අනුමත කරන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ ‘කෝප වීමෙන් මිනිසෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව කටයුතු කළ නොහැකි’ බවයි.—යාකො. 1:20.
“සිහිනුවණින් ක්‍රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා!”
14. (අ) අබිගායිල් තම නිවැසියන්ව බේරාගැනීමට ගත් මුල් පියවර කුමක්ද? (ආ) නාබල් සහ අබිගායිල් ක්‍රියා කළ ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (පාදසටහනද බලන්න.)
14 තම නිවැසියන්ට සිදු වීමට යන විපතින් ඔවුන්ව ගලවාගැනීමට අබිගායිල් දැනටමත් මුල් පියවර ගෙන තිබුණා. නාබල්ට වඩා වෙනස්ව ක්‍රියා කරන ඇය සේවකයා පවසන දේවලට හොඳින් සවන් දුන්නා. සේවකයා නාබල් සමඟ කතා කිරීමට අකමැති වුණේ නාබල් “කිසි කමකට නැති කෙනෙක්” වූ නිසයි. * (1 සාමු. 25:17, පාදසටහන බලන්න.) තමන් ගැනම ඕනෑවට වඩා සිතන නාබල් කිසිම කෙනෙකුට සවන් දෙන්න කැමති නැහැ. නමුත් සේවකයා අබිගායිල් වෙත ගියේ ඇය සමඟ ඕනෑම කාරණයක් කතා කළ හැකි බව ඔහු තේරුම්ගෙන සිටි නිසයි.
නාබල්ට වඩා වෙනස්ව අබිගායිල් හොඳින් සවන් දෙන කෙනෙක් වුණා
15, 16. (අ) අබිගායිල් හිතෝපදේශ පොතේ සඳහන් ගුණවත් භාර්යාවට සමාන වෙන්නේ කොහොමද? (ආ) අබිගායිල් කළ දේ තම ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට අගෞරවය කිරීමක් නොවන්නේ ඇයි?
15 සාමාන්‍යයෙන් අබිගායිල් ඕනෑම කාරණයකදී හොඳින් කල්පනා කර පමා නොවී ක්‍රියා කරන කෙනෙක්. මේ අවස්ථාවේදීත් සේවකයා පැවසූ සියල්ල “ඇසූ විගස අබිගායිල්” ඒ වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට යුහුසුලු වූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඇය අවස්ථා කිහිපයකදීම එලෙස ක්‍රියා කළ බව එහි සඳහන් වී තිබෙනවා. ඇය දාවිත්ටත් ඔහුගේ සේවකයන්ටත් ත්‍යාග කිරීම සඳහා කෑමට පිළියෙල කළ බැටළුවන්, බැදපු ධාන්‍ය, වියළි මිදි කුට්ටි, වියළි අත්තික්කා කුට්ටි ඇතුළු තවත් බොහෝ දේවල් සූදානම් කරනවා. තම නිවසේ තිබෙන සෑම දෙයක් ගැනම ඇයට හොඳ අවබෝධයක් තිබුණු බව මේ අවස්ථාවේදී ඇය ක්‍රියා කරන ආකාරයෙන් පැහැදිලියි. ඇය හිතෝපදේශ පොතේ සඳහන් කර තිබෙන ගුණවත් බිරිඳක් හා සමානයි. (හිතෝ. 31:10-31) දාවිත්ට ත්‍යාග කිරීමට සූදානම් කළ සියල්ල තම සේවකයන් අතේ යවන ඇය පසුව බූරුවෙකු පිට නැඟ ඔවුන්ට පිටුපසින් තනිවම ගමන් කරනවා. නමුත් ‘ඇගේ පුරුෂයා වන නාබල්ට ඇය ඒ කිසිවක් පවසන්නේ නැහැ.’—1 සාමු. 25:18, 19.
16 අබිගායිල් තම ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට ගරු කළේ නැහැ කියා ඉන් අදහස් වෙනවාද? නැහැ. නාබල් නින්දා කර තිබෙන්නේ යෙහෝවා දෙවි රජු ලෙස අභිෂේක කළ තැනැත්තාට. එම අනුවණ ක්‍රියාකලාපය නිසා නාබල්ගේ ගෙයි වැසියන්ගේ ජීවිත තිබුණේ අනතුරේ. අබිගායිල් ඒ සඳහා යම් ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත්නම් ඇයත් ඒ වරදට පංගුකාරියක් වෙන්න ඉඩ තිබුණා. මේ අවස්ථාවේදී ඇය ස්වාමිපුරුෂයාට කීකරු වෙනවාට වඩා යෙහෝවා දෙවිට කීකරු වීමට තීරණය කරනවා.
17, 18. අබිගායිල් දාවිත්ට පහදා දුන්නේ මොනවාද? ඇය පැවසූ වදන් ඔහුගේ සිතට තදින්ම බලපෑවා කියා පවසන්න පුළුවන් ඇයි?
17 වැඩි වේලාවක් යෑමට කලින් අබිගායිල්ට දාවිත්ව මුණගැසෙනවා. ඇය මේ අවස්ථාවේදීත් කටයුතු කරන්නේ යුහුසුලුවයි. දාවිත්ව දුටු විගස බූරුවා පිටින් බසින ඇය දණින් වැටී ඔහුට ආචාර කරනවා. (1 සාමු. 25:20, 23) ඇගේ සිතේ තිබෙන සියල්ල ඔහුට පවසන ඇය තම ස්වාමිපුරුෂයා අතින් සිදු වූ වරදට සමාව දෙන්න කියා ඉල්ලා සිටින්නේ ඉතාමත් බැගෑපත්වයි.
18 වරද සිදු වුණේ නාබල් අතින් වුණත් අබිගායිල් ඒ වරද තමන් පිට පටවාගෙන ඒ වෙනුවෙන් සමාව ඉල්ලමින් මෙසේ පවසනවා. “නාබල් කියන්නේ කිසි කමකට නැති මනුෂ්‍යයෙක්. ඔහු කියූ දේවල් එච්චර ගණන් ගන්න එපා. ඔහුගේ නම වගේමයි ඔහුගේ වැඩත්. ඔහු වැඩ කරන්නේ හරිම මෝඩ විදිහටයි. ඔහුගේ නමේ තේරුමත් ඒකමයි.” යෙහෝවා දෙවිගේ නියෝජිතයෙක් වූ දාවිත් කෙරෙහි අබිගායිල්ට පූර්ණ විශ්වාසයක් තිබෙනවා. “ඔබ සටන් කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන්” කියාත් ඇය පවසන්නේ ඒ නිසයි. දාවිත් ගැනත් ඔහුගේ රජකම ගැනත් දෙවි දී තිබෙන පොරොන්දු ඇය දන්නා බව අඟවමින් ඇය මෙසේ පවසනවා. ‘දෙවි අනිවාර්යයෙන්ම ඔබව ඊශ්‍රායෙල් දේශයේ නායකයා ලෙස පත් කරනවා. හේතුවක් නැතුව ඔබ ලේ වගුරුවන්න ඉක්මන් වෙන්න එපා. එසේ කළොත් පසු කලෙක ඔබට ඒ ගැන පසුතැවෙන්න සිදු වෙයි.’ (1 සාමුවෙල් 25:24-31 කියවන්න.) එය දාවිත්ගේ සිතට මොන තරම් තදින් කාවදින්න ඇද්ද!
19. දාවිත් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? ඔහු අබිගායිල්ට ප්‍රශංසා කරන්නේ ඇයි?
19 දාවිත් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? ඇය පැවසූ දේවල් මෙන්ම ඇය ගෙනා තෑගි පිළිගත් ඔහු ඇයට මෙසේ ප්‍රශංසා කරනවා. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! අද ඔබව මා වෙතට එව්වේ ඔහුයි. ඔබ සිහිනුවණින් ක්‍රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා! යුක්තිය ඉටු කිරීම මගේ අතට ගෙන ක්‍රියා කිරීමෙන් මාව වැළැක්වූ නිසාත් ලේ වැගිරවීමෙන් මාව වැළැක්වූ නිසාත් ඔබට ආශීර්වාද ලැබේවා!” පමා නොවී ක්‍රියා කිරීම නිසා තමන්ව ලේ වරදට හසු වීමෙන් වැළැක්වීම ගැන ඇයට ප්‍රශංසා කළ ඔහු මෙසේද පවසනවා. ‘ඔබ දැන් සමාදානයෙන් ගෙදර යන්න. ඔබ කියූ දේට මම සවන් දීලා ඔබේ ඉල්ලීම ඉටු කරනවා.’—1 සාමු. 25:32-35.
“ඔබේ දාසිය වන මම සූදානම්”
20, 21. (අ) අබිගායිල් නැවතත් නාබල් වෙත පැමිණීම අගය කළ යුත්තේ ඇයි? (ආ) සිදු වූ දේවල් ගැන නාබල්ට පැවසීමේදී අබිගායිල් නුවණැතිව සහ ධෛර්යවන්තව ක්‍රියා කළේ කොහොමද?
20 දාවිත්ගෙන් සමුගන්නා ඇය දැන් නිවස බලා පිටත් වෙනවා. තමන්ගේ සැරපරුෂ ස්වාමිපුරුෂයාට වඩා දාවිත් කොතරම් කාරුණිකද කියා ඇය කල්පනා කරන්න ඇති. නමුත් ඒ ගැන ඇය දිගින් දිගටම සිතුවේ නැහැ. ඒ වෙනුවට ‘නැවතත් තමන්ගේ නිවසට පැමිණි’ ඇය දිගටම නාබල්ගේ භාර්යාව ලෙස තමන් සතු වගකීම හැකි උපරිමයෙන් ඉටු කිරීමට අදිටන් කරගන්නවා. ඇය දාවිත්ට දුන් තෑගි ගැන නාබල්ට අනිවාර්යයෙන්ම කිව යුතු වුණා. ඒ ගැන වෙන කෙනෙකුගෙන් නාබල්ට දැනගන්න ලැබුණොත් එය තමන්ට මොන තරම් නින්දාවක්ද කියා ඇය කල්පනා කරන්න ඇති. නමුත් මේ අවස්ථාවේදී නාබල් රජෙකු මෙන් කමින් බොමින් හොඳටම මත් වී සිටි නිසා ඒ දේවල් ගැන පැවසීමට මෙය සුදුසු අවස්ථාවක් නෙවෙයි.—1 සාමු. 25:36.
21 නැවතත් නුවණැතිව ක්‍රියා කරන ඇය සිදු වූ දේවල් ගැන පැවසීමට පසුවදා උදෑසන වන තුරු බලා සිටිනවා. කොහොමවුණත් ඔහු සැරපරුෂ කෙනෙක් නිසා සිදු වූ දේවල් ගැන පවසද්දී ඔහු හොඳ සිහියෙන් සිටියත් දරුණු ලෙස ක්‍රියා කරන්න ඉඩ තිබෙනවා. නමුත් අබිගායිල් ඉතා ධෛර්යවන්තව සිදු වූ සියල්ල ඔහුට පවසනවා. ඇය පවසන දේවලට සවන් දෙන නාබල් ගල් ගැසී ඇය දෙස බලා සිටිනවා.—1 සාමු. 25:37.
22. නාබල්ට සිදු වුණේ කුමක්ද? අපිට නිසැක විය හැක්කේ කුමක් ගැනද?
22 නාබල්ට සිදු වුණේ මොනවාද? ‘ඔහුගේ හදවත කම්පනය වී මුළු ශරීරයම පණ නැති වෙනවා.’ සමහරවිට ඔහුට අංශභාග රෝගී තත්වයක් ඇති වෙන්න ඇති. කොහොමවුණත් දින 10කින් ඔහු මිය යන්නේ ‘යෙහෝවා දෙවි ඔහුට පහර දුන්’ නිසයි. (1 සාමු. 25:38) ඔහුගේ මරණයත් සමඟම බිරිඳක් ලෙස අබිගායිල් විඳි දුක් කන්දරාවට නිමාවක් ලැබෙනවා. එදා මෙන් යෙහෝවා දෙවි අද ආශ්චර්යවත් ලෙස එවැනි දඬුවම් දෙන්නේ නැහැ. කොහොමවුණත් අපිට මේ සිද්ධියෙන් කදිම පාඩමක් ඉගෙනගන්න පුළුවන්. කිසිවක් සැඟවිය නොහැකි යෙහෝවා දෙවිට නිවසක සිදු වන අසාධාරණකම් පවා පෙනෙනවා. ඒ සියල්ලන්ට ඔහු නියමිත කාලයේදී යුක්තිය ඉටු කරන බව නිසැකයි.—ලූක් 8:17 කියවන්න.
23. අබිගායිල්ට ලැබුණු ආශීර්වාදය කුමක්ද? ඒ ගැන ඇය උඩඟු වුණේ නැහැ කියා පවසන්න පුළුවන් ඇයි?
23 සැරපරුෂ ස්වාමිපුරුෂයෙකු සමඟ ගෙවූ ජීවිතයෙන් නිදහස් වෙන අබිගායිල්ට මහඟු වරප්‍රසාදයක් ලැබෙනවා. නාබල් මිය ගිය බව දැනගන්නා දාවිත් තම සේවකයන් අතේ අබිගායිල්ට විවාහ යෝජනාවක් ගෙනෙනවා. එයට කැමති වන අබිගායිල් පවසන්නේ “මගේ ස්වාමියාගේ සේවකයන්ගේ පාද සෝදන්න ඔබේ දාසිය වන මම සූදානම්” කියායි. දාවිත්ගේ බිරිඳ වීමට ලැබුණු ඒ අවස්ථාව ගැන ඇය උඩඟු වෙන්නේ නැහැ. ස්වාමියාගේ සේවකයන්ගේ පාද සේදීමට 1 සාමු. 25:39-42.
පවා ඇය කැමති වෙන්නේ ඒ නිසයි. මේ වතාවේදීත් පමා නොවී ක්‍රියා කරන ඇය ඒ මොහොතේම දාවිත් වෙත යනවා.—24. අබිගායිල්ට මුහුණ දීමට සිදු වුණේ කුමන අභියෝගවලටද? යෙහෝවා දෙවි සහ දාවිත් ඇයව සැලකුවේ කොහොමද?
24 සුරංගනා කතාවක නිමාවක් මෙන් ඇගේ ජීවිතයෙත් සැමදා සතුටින් කල් ගෙවන්න ලැබෙයිද? එසේ සිතන්න බැහැ. ඒ වන විටත් දාවිත් අහිනොවම් නමැති කාන්තාවව විවාහ කරගෙනයි සිටියේ. අබිගායිල්ට එය අභියෝගයක් වෙන්න ඇති. ඒ කාලයේදී භාර්යාවන් කිහිපදෙනෙකුවම විවාහ කරගැනීමට යෙහෝවා දෙවි ඉඩහැර තිබුණා. දාවිත්ට ඒ වන විටත් රජකම ලැබී තිබුණේ නැහැ. ඔහුට බොහෝ අභියෝගවලට හා දුෂ්කරතාවලට මුහුණ දීමටත් සිදු වෙනවා. එවැනි තත්වයක් මැද පවා අබිගායිල් දිගටම ඇගේ උපරිම සහයෝගය ඔහුට ලබා දෙනවා. දාවිත්ට දාව පුතෙකුව බිහි කරන්නත් ඇයට අවස්ථාව ලැබෙනවා. දාවිත්ගේ රැකවරණයත් ආදරයත් තමන්ට නොමදව ලැබෙන බව අබිගායිල්ට දැනෙනවා. එක අවස්ථාවකදී දාවිත් තම සතුරන් අතින් ඇයව බේරාගත් විට ඇයට ඒ බව අනිවාර්යයෙන්ම දැනෙන්න ඇති. (1 සාමු. 30:1-19) දෙවි කෙරෙහි විශ්වාසය තබමින්, නුවණැතිව මෙන්ම ධෛර්යයෙන් ක්‍රියා කරන අයව අගය කළ දාවිත් අනුකරණය කළේ යෙහෝවා දෙවිවයි.
^ 9 ඡේ. මෙය එලියා සහ බාල්ගේ බොරු අනාගතවක්තෘවරුන් මුණගැසුණු කර්මෙල් කන්ද නෙවෙයි. එය තිබුණේ උතුරු ප්‍රදේශයෙයි. (10වෙනි පරිච්ඡේදය බලන්න.) මෙහි සඳහන් කර්මෙල් ප්‍රදේශය පිහිටා තිබෙන්නේ දකුණෙන්.
^ 10 ඡේ. දාවිත් එලෙස ඔවුන්ව ආරක්ෂා කිරීමට පෙලඹුණේ එය යෙහෝවා දෙවිට කරන සේවයක් කියා ඔහු සිතූ නිසයි. යෙහෝවා දෙවි අරමුණු කළේ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගෙන් පැවතෙන්නන් එම ප්‍රදේශවල පදිංචි වීමයි. ඒ නිසා විදේශිකයන්ගෙන් එම ප්‍රදේශය ආරක්ෂා කිරීම පරිශුද්ධ සේවයක් ලෙස ඔහු සැලකුවා.
^ 14 ඡේ. සේවකයා නාබල් ගැන පැවසූ දෙය සමහර බයිබල්වල විස්තර කර තිබෙන්නේ “කිසිම කෙනෙකුට සවන් දීමට කැමති නැති නිසා ඔහු සමඟ කතා කිරීමෙන් පලක් නැහැ” කියායි.