Skip to content

පටුනට යන්න

1වෙනි කොටසේ සාරාංශය

1වෙනි කොටසේ සාරාංශය

බයිබලයේ තියෙන දේවල් ඔයාට කියලා දෙන යාළුවා එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  1. අනාගතය ගැන බයිබලයේ තියෙන මොන පොරොන්දුවටද ඔයා වැඩියෙන්ම කැමති?

    (2වෙනි පාඩම බලන්න.)

  2. බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක් කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

    (3වෙනි සහ 5වෙනි පාඩම් බලන්න.)

  3. යෙහෝවා දෙවියන්ගේ නම පාවිච්චි කරන එක වැදගත් ඇයි?

    (4වෙනි පාඩම බලන්න.)

  4. “ජීවිතයේ උල්පත” දෙවියන් කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 36:9) ඔයාට ඒක විශ්වාසද?

    (6වෙනි පාඩම බලන්න.)

  5. හිතෝපදේශ 3:32 කියවන්න.

    • ඔයාට ඉන්න පුළුවන් හොඳම යාළුවා යෙහෝවා කියන්නේ ඇයි?

    • යෙහෝවා ඔහුගේ යාළුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ඔහු ඉල්ලන දේ සාධාරණයි කියලා ඔයා හිතනවාද?

      (7වෙනි සහ 8වෙනි පාඩම් බලන්න.)

  6. ගීතාවලිය 62:8 කියවන්න.

    • ඔයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා තියෙන්නේ මොන වගේ දේවල් ගැනද? ඔයාට තව මොනවා ගැනද යාච්ඤා කරන්න පුළුවන්?

    • යෙහෝවා දෙවියන් යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද?

      (9වෙනි පාඩම බලන්න.)

  7. හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.

    • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

    • රැස්වීම්වලට යන්න උත්සාහයක් දරන්න වුණත් ඒක වටිනවා කියලා ඔයා හිතනවාද?

      (10වෙනි පාඩම බලන්න.)

  8. හැමදාම බයිබලය කියවන එක හොඳ දෙයක් වෙන්නේ ඇයි? දවසේ කොයි වෙලාවේද ඔයා බයිබලය කියවන්න වෙන් කරගෙන තියෙන්නේ?

    (11වෙනි පාඩම බලන්න.)

  9. මේ වෙන කල් බයිබලයෙන් ඉගෙනගත්ත මොන දේවලටද ඔයා වැඩියෙන්ම ආස?

  10. බයිබලය ඉගෙනගන්න පටන්ගත්ත දවසේ ඉඳන් මේ වෙන කල් ඔයාට යම් බාධාවලට මුහුණ දෙන්න වුණාද? ඒ මොනවාද? අත්හරින්නේ නැතුව බයිබලය පාඩම් කරන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

    (12වෙනි පාඩම බලන්න.)