Skip to content

පටුනට යන්න

10වෙනි පාඩම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ඔයාටත් ප්‍රයෝජනවත්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ඔයාටත් ප්‍රයෝජනවත්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලාගේ රැස්වීම්වලට ඔයාට ආරාධනා කරලා තියෙනවාද? රැස්වීමකට යන එක ගැන ඔයාගේ හිතේ පොඩි බයක් තියෙනවාද? ඔයා තාමත් රැස්වීමකට ගිහින් නැත්නම් රැස්වීම්වලදී වෙන්නේ මොනවාද, මං ඒවාට යන්නම ඕනෙද, ඒවාට යන එකේ ප්‍රයෝජනයක් තියෙනවාද කියලා ඔයාට හිතෙනවා ඇති. දෙවියන්ට ළං වෙන්න රැස්වීම් ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලත් ඒවාවලින් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැනත් අපි බලමු.

1. අපි එකට රැස් වෙන්නේ ඇයි?

අතීතයේදී දෙවියන්ට නමස්කාර කරපු කෙනෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “රැස් වෙලා ඉන්න සභාව මැද මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.” (ගීතාවලිය 26:12) දෙවියන්ට ප්‍රශංසා කරන එක තමයි සාක්ෂිකරුවන් එකට රැස් වෙන ප්‍රධානම හේතුව. ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් දෙවියන්ට නමස්කාර කරන්න, ප්‍රශංසා ගී ගයන්න, යාච්ඤා කරන්න හැම සතියකම එකතු වෙනවා. අවුරුද්දට කීප සැරයක් ඊට වඩා විශාල රැස්වීමුත් පවත්වනවා. රැස්වීම්වලින් එයාලා ලොකු සතුටක් ලබනවා.

2. රැස්වීම්වලදී ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවා ගැනද?

රැස්වීම්වලදී හැම දේම උගන්නන්නේ බයිබලයෙන්. බයිබලයේ තියෙන දේවල්වල “නියම අර්ථය තේරුම්ගන්න” ඒවා උදව් වෙනවා. (නෙහෙමියා 8:8 කියවන්න.) ඔයා රැස්වීම්වලට ගියොත් යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලත් ඔහුගේ ලස්සන ගුණාංග ගැනත් ඉගෙනගන්න පුළුවන්. ඔහු ඔයාට කොච්චර ආදරේද කියලා දැනගද්දී ඔයා ඔහුට තවත් ළං වෙයි. සතුටින් ඉන්න යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරන්නේ කොහොමද කියලත් ඔයාට දැනගන්න පුළුවන්.—යෙසායා 48:17, 18.

3. රැස්වීම්වලදී අනිත් අයව ආශ්‍රය කරන එක ඔයාට උදව් වෙන්නේ කොහොමද?

‘එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න’ කියලත් ‘ආදරේ පෙන්නන්න, යහපත් දේවල් කරන්න එකිනෙකාව පොලඹවන්න’ කියලත් ‘එකට රැස් වෙන්න තියෙන අවස්ථා අතපසු කරන්න එපා’ කියලත් යෙහෝවා දෙවියන් අපිට කියනවා. (හෙබ්‍රෙව් 10:24, 25) දෙවියන් ගැන ඉගෙනගන්න ආසාවක් තියෙන අයව රැස්වීම්වලදී ඔයාට හම්බ වෙයි. එයාලා ඇත්තටම එකිනෙකාට ආදරෙයි. රැස්වීම්වලදී එයාලව ආශ්‍රය කරද්දී, දෙවියන් ගැන ඉගෙනගද්දී ඔයා යෙහෝවා දෙවියන්ට තව ළං වෙයි. (රෝම 1:11, 12 කියවන්න.) විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන විවාහක, අවිවාහක අයව රැස්වීම්වලදී ඔයාට හම්බ වෙයි. එයාලා ඒ ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන විදිහත් ඔයාට දැනගන්න ලැබෙයි. ඔයාට ඒ වගේ ප්‍රයෝජන ලැබෙනවා කියලා දෙවියන් දන්න නිසයි හැම සතියකම රැස්වීම්වලට එන්න කියලා ඔහු ඔයාට ආරාධනා කරන්නේ.

තවත් හොයමු

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී වෙන්නේ මොනවාද කියලත් රැස්වීම්වලට යන්න දරන වෑයම වටින්නේ ඇයි කියලත් දැනගන්න.

4. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්

මුල් ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න නිතරම වගේ එකට රැස් වුණා. (රෝම 16:3-5) කොලොස්සි 3:16 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මුල් ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවියන්ට නමස්කාර කළේ කොහොමද?

අදත් සාක්ෂිකරුවන් හැම සතියකම එයාලාගේ නමස්කාර මධ්‍යස්ථානවල එකට රැස් වෙනවා. ඒ රැස්වීම් මොන වගේද කියලා දැනගන්න වීඩියෝ එක බලන්න. ඊටපස්සේ අපේ රැස්වීමක් පවත්වන විදිහ පෙන්වන පින්තූරය බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • කොලොස්සි 3:16 සඳහන් වෙන දේවල් සහ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වල වෙන දේවල් අතරේ සමානකම් තියෙනවාද? ඒ මොනවාද?

  • වීඩියෝ එකේ සහ පින්තූරයේ රැස්වීම් ගැන ඔයා දැක්ක මොන දේවලටද ඔයා වැඩියෙන්ම කැමති?

2 කොරින්ති 9:7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • රැස්වීම්වලට එන අයගෙන් කිසිම මුදලක් එකතු කරන්නේ නැත්තේ ඇයි?

ඔයාත් එක්ක බයිබලයේ තියෙන තොරතුරු සාකච්ඡා කරන කෙනා එක්ක එකතු වෙලා මේ සතියේ පවත්වන රැස්වීමේදී ඉගෙනගන්න යන තොරතුරු බලන්න.

  • ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතුණේ, ආස හිතුණේ රැස්වීමේ මොන කොටසටද?

ඔයා දැනගෙන හිටියාද?

ලෝකේ ඕනම තැනක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් පවත්වන තැන්, දවස්, වෙලාවන් jw.org එකෙන් හොයාගන්න පුළුවන්.

  1. අපේ රැස්වීම්වලදී දේශනවලින්, වීඩියෝවලින් සහ නිරූපණවලින් උගන්නනවා. රැස්වීම් පටන්ගන්නෙත් අවසන් කරන්නෙත් ගීතිකාවකින් සහ යාච්ඤාවකින්

  2. රැස්වීමේ සමහර කොටස්වලදී සබයේ ඉන්න අයටත් අදහස් දක්වන්න අවස්ථාව ලැබෙනවා

  3. පවුලේ හැමෝටම එන්න පුළුවන්. අවිවාහක අයවත් මහලු අයවත් දරුවන්වත් ආදරයෙන් පිළිගන්නවා

  4. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වීම්වලදී මුදල් එකතු කරන්නේ නැහැ

5. රැස්වීම්වලට යන්න වෑයමක් දරන්න වෙනවා

යේසුස්ගේ පවුලේ අය හැම අවුරුද්දකම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න යෙරුසලමට ගියා. නාසරෙත් ඉඳන් යෙරුසලමට යන්න එයාලට කිලෝමීටර් 100ක් විතර කඳු පල්ලම් පහු කරගෙන ඇවිදගෙන යන්න වුණා. ලූක් 2:39-42 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙරුසලමට යන්න එයාලට ලේසි වුණා කියලා ඔයා හිතනවාද?

  • ඔයාටත් රැස්වීම්වලට යන්න වෑයමක් දරන්න වෙයි කියලා හිතනවාද? එහෙම හිතන්නේ ඇයි?

  • වෑයමක් දරන්න වුණත් රැස්වීම් යන එක වටිනවා කියලා ඔයා හිතනවාද? එහෙම හිතන්නේ ඇයි?

එකට රැස් වෙලා නමස්කාර කරන එක හුඟක් වැදගත් දෙයක් කියලා බයිබලයේ කියනවා. හෙබ්‍රෙව් 10:24, 25 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපි හැම සතියකම රැස්වීම්වලට සහභාගි වෙන්න ඕනෙ ඇයි?

සමහරු මෙහෙම කියනවා: “ගෙදර ඉඳන් බයිබලය කියෙව්වාම ඇති. රැස්වීම්වලට යන්න ඕනෙ නෑ.”

  • ඒ ගැන යෙහෝවා දෙවියන් හිතන දේ තේරුම්ගන්න උදව් වෙන බයිබල් පදයක්, බයිබල් චරිතයක් තියෙනවාද?

ඉගෙනගත්ත දේ

රැස්වීම්වලට යද්දී යෙහෝවා දෙවියන් ගැන තව ඉගෙනගන්න, ඔහු එක්ක තියෙන යාළුකම වැඩි කරගන්න වගේම අනිත් අයත් එක්ක එකතු වෙලා ඔහුට නමස්කාර කරන්නත් ඔයාට පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • එකට රැස් වෙන්න කියලා යෙහෝවා දෙවියන් අපිට කියන්නේ ඇයි?

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • රැස්වීම්වලට යන එකෙන් ඔයාට තව මොන වගේ ප්‍රයෝජන ලබන්න පුළුවන්ද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

රැස්වීම්වලට යන එක ගැන ඔයාට පොඩි බයක් තියෙනවා නම් මොකද කරන්නේ? ඒ වගේ බයක් තිබුණ කෙනෙක්ට පස්සේ රැස්වීම්වලට යන්න ආසාවක් ඇති වුණේ ඇයි කියලා දැනගන්න.

‘අපිව පිළිගත්ත විදිහ කවදාවත් අමතක වෙන්නේ නෑ’ (4:16)

යෞවනයෙක් රැස්වීම්වලට යන්න ආස වුණේ ඇයි කියලත් දිගටම රැස්වීම්වලට යන්න එයා වෑයමක් දැරුවේ කොහොමද කියලත් බලන්න.

‘මං රැස්වීම්වලට ගියේ හරිම ආසාවෙන්’ (4:33)

රැස්වීම්වලට යන එක ගැන සමහර අයට හැඟෙන්නේ කොහොමද කියලා දැනගන්න.

“රැස්වීම්වලට යන්න ඕනෙ ඇයි?” (වෙබ් ලිපිය)

දරුණු කල්ලියක සාමාජිකයෙක්ගේ ජීවිතේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියාට පස්සේ වෙනස් වුණ විදිහ දැනගන්න.

“මම තුවක්කුව නැතුව මොහොතක්වත් හිටියේ නැහැ” (2014 ජූලි 1 ‘මුරටැඹ’)