Skip to content

පටුනට යන්න

3වෙනි කොටසේ සාරාංශය

3වෙනි කොටසේ සාරාංශය

බයිබලයේ තියෙන දේවල් ඔයාට කියලා දෙන යාළුවා එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  1. හිතෝපදේශ 27:11 කියවන්න.

    • යෙහෝවාට ළැදිව ඉන්න ඔයා කැමති ඇයි?

      (34වෙනි පාඩම බලන්න.)

  2. කරන්න ඕනෙ දේ බයිබලයේ කෙළින්ම කියලා නැති වෙලාවල හොඳ තීරණ ගන්නේ කොහොමද?

    (35වෙනි පාඩම බලන්න.)

  3. අවංකව වැඩ කරන්න ඔයාට පුළුවන් කොහොමද?

    (36වෙනි පාඩම බලන්න.)

  4. මතෙව් 6:33 කියවන්න.

    • රස්සාව බාධාවක් කරගන්නේ නැතුව ‘දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ පුළුවන් කොහොමද?

      (37වෙනි පාඩම බලන්න.)

  5. ජීවිතේ වටින දෙයක් විදිහට සලකනවා කියලා පෙන්නන්න පුළුවන් සමහර පැති මොනවාද?

    (38වෙනි පාඩම බලන්න.)

  6. ක්‍රියා 15:29 කියවන්න.

    • ලේවලින් වැළකිලා ඉන්න කියන ආඥාවට කීකරු වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

    • යෙහෝවා දීලා තියෙන ආඥා සාධාරණයි කියලා ඔයා හිතනවාද?

      (39වෙනි පාඩම බලන්න.)

  7. 2 කොරින්ති 7:1 කියවන්න.

    • පවිත්‍රව ඉන්න කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

      (40වෙනි පාඩම බලන්න.)

  8. 1 කොරින්ති 6:9, 10 කියවන්න.

    • ලිංගික සම්බන්ධකම් ගැන බයිබලයේ කියන්නේ මොකක්ද? ඔයා ඒකට එකඟද?

    • මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

      (41වෙනි සහ 43වෙනි පාඩම බලන්න.)

  9. මතෙව් 19:4-6, 9 කියවන්න.

    • විවාහය ගැන යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීම් මොනවාද?

    • විවාහයන් සහ දික්කසාදයන් රටේ නීතියට අනුව කරන්න ඕනෙ ඇයි?

      (42වෙනි පාඩම බලන්න.)

  10. යෙහෝවා අකමැති උත්සව මොනවාද?

    (44වෙනි පාඩම බලන්න.)

  11. යොහන් 17:16 සහ ක්‍රියා 5:29 කියවන්න.

    • පැති නොගෙන ඉන්න පුළුවන් කොහොමද?

    • මිනිස්සුන්ගේ නීති සහ දෙවියන්ගේ නීතිය ගැටෙද්දී අපි කීකරු වෙන්න ඕනෙ කාටද?

      (45වෙනි පාඩම බලන්න.)

  12. මාක් 12:30 කියවන්න.

    • යෙහෝවාට ආදරෙයි කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?

      (46වෙනි සහ 47වෙනි පාඩම බලන්න.)