Skip to content

පටුනට යන්න

37වෙනි පාඩම

රස්සාව සහ සල්ලි හම්බ කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

රස්සාව සහ සල්ලි හම්බ කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

රස්සාව ගැන, සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා හිතලා ඔයා කරදර වෙලා තියෙනවාද? අපිට අවශ්‍ය දේවල් ගන්න මහන්සි වෙලා වැඩ කරන ගමන් යෙහෝවාට කරන නමස්කාරයට මුල් තැන දෙන එක ලේසි නැහැ. ඒත් ඒක කරන්න අපිට උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

1. වැඩ කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දෙවියන්ට ඕනෙ අපි කරන වැඩවලින් අපි සතුටක් ලබනවා දකින්නයි. බයිබලයේ කියන්නේ ‘කෙනෙක් මහන්සි වෙලා තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තරම් හොඳ දෙයක් තවත් නැහැ’ කියලා. (දේශනාකාරයා 2:24) යෙහෝවා වැඩ කරන්න කැමති කෙනෙක්. ඔහු වගේ අපිත් ආසාවෙන්, උනන්දුවෙන් වැඩ කරද්දී ඔහු අපි ගැන සතුටු වෙනවා. අපිටත් අපි ගැන සතුටක් දැනෙනවා.

රස්සාවක් කරන්න ඕනෙ තමයි. ඒත් යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරයට දෙන තැන අපි කවදාවත් රස්සාවට දෙන්න හොඳ නැහැ. (යොහන් 6:27) අපි දෙවියන්ට කරන සේවයට මුල් තැන දෙනවා නම් ඔහු අපිව බලාගන්නවා කියලා පොරොන්දු වෙනවා.

2. සල්ලි ගැන අපි හිතන්න ඕනෙ කොහොමද?

“මුදලින් ආරක්ෂාවක් ලැබෙනවා” කියලා බයිබලයේ කියනවා. (දේශනාකාරයා 7:12) ඒත් ඒකෙන් අපිට නියම සතුට ලැබෙන්නේ නැහැ කියලත් බයිබලයේ කියනවා. සල්ලි පස්සේ යන්නේ නැතුව “ඔයාලට තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න” කියලා බයිබලය අපිට උනන්දු කරනවා. (හෙබ්‍රෙව් 13:5 කියවන්න.) සෑහීමට පත් වෙද්දී නැති දේවල් ගැන හිතහිත අපි කරදර වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට ණය වෙන්නෙත් නැහැ. (හිතෝපදේශ 22:7) ඉක්මනින් සල්ලි හොයාගන්න තියෙන ක්‍රම, සූදුව වගේ දේවලට පැටලෙන්නෙත් නැහැ.

3. සල්ලිවලට අපි ලෝභ නැහැ කියලා පෙන්නන්නේ කොහොමද?

යෙහෝවා ත්‍යාගශීලී දෙවි කෙනෙක්. අපි ‘ත්‍යාගශීලී වෙද්දී, අනිත් අය එක්ක කැමැත්තෙන්ම දේවල් බෙදාගද්දී’ අපි ආදර්ශයට ගන්නේ ඔහුවයි. (1 තිමෝති 6:18) අපිට තියෙන සල්ලි සභාවේ වැඩවලට, අගහිඟකම් තියෙන සහෝදරයන්ට උදව් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. යෙහෝවා බලන්නේ අපි කොච්චරක් දෙනවාද කියන එක නෙමෙයි. අපි ඒක දෙන්නේ කැමැත්තෙන්ද නැද්ද කියලා. අපි කැමැත්තෙන් දෙනවා නම් තමයි අපිට සතුටක් දැනෙන්නේ, යෙහෝවාත් සතුටු වෙන්නේ.—ක්‍රියා 20:35 කියවන්න.

තවත් හොයමු

රස්සාවට අපේ ජීවිතේ වැදගත්ම තැන දෙන්නේ නැතුව ඉන්න එකෙන් සහ සෑහීමට පත් වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න.

4. යෙහෝවාට ගෞරවයක් ගේන විදිහට ඔයාගේ රස්සාව කරන්න

අපි යෙහෝවාගේ හොඳ යාළුවන් නම් අපි මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි රස්සාව අපේ ජීවිතේ කරගන්නේ නැහැ. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ජේසන් රස්සාව කරපු විදිහ ගැන ඔයාගේ හිත ගියේ මොනවාටද?

  • රස්සාව එයාගේ ජීවිතේ කරගන්නේ නැතුව ඉන්න එයා කළේ මොකක්ද?

කොලොස්සි 3:23, 24 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • රස්සාව ගැන අපි හිතන්න ඕනෙ කොහොමද? එහෙම හිතන එක වැදගත් ඇයි?

රස්සාවක් කරන්න ඕනේ. හැබැයි යෙහෝවාට කරන නමස්කාරයට දෙන තැන අපි කවදාවත් රස්සාවට දෙන්න හොඳ නැහැ

5. සෑහීමට පත් වෙන එක අපිට ප්‍රයෝජනවත්

ගොඩක් අය බලන්නේ පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න. ඒත් බයිබලයේ අපිට කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. 1 තිමෝති 6:6-8 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • බයිබලයේ අපිට කියන්නේ මොනවා කරන්න කියලද?

ගොඩක් දේවල් නැති වුණත් අපිට සතුටින් ඉන්න පුළුවන්. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දුප්පත් වුණත් මේ පවුල්වල අයට සතුටින් ඉන්න උදව් වුණේ මොනවාද?

අපිට ගොඩක් දේවල් තිබුණත් ඒ මදියි කියලා හිතෙනවාද? එහෙනම් ඒකේ තියෙන අනතුර ගැන යේසුස් පැහැදිලි කළා. ලූක් 12:15-21 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස් කියපු කතාවෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?—15වෙනි පදය බලන්න.

හිතෝපදේශ 10:22 සහ 1 තිමෝති 6:10 කියවලා ඒ අදහස් දෙක අතර තියෙන වෙනස බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඔයා හිතන්නේ මේ දෙකෙන් වඩා වැදගත් එක මොකක්ද? යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකමද? ගොඩක් සල්ලි තියෙන එකද? එහෙම කියන්නේ ඇයි?

  • සල්ලි පස්සේ ගියොත් මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද?

6. යෙහෝවා අපිව බලාගන්නවා

රස්සාව ගැන ප්‍රශ්න එද්දී, සල්ලි ප්‍රශ්න එද්දී අපිට යෙහෝවා ගැන කොච්චර විශ්වාසයක් තියෙනවාද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න එද්දී අපිට කරන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ හිටපු සහෝදරයා මුහුණ දුන්නේ මොන වගේ ප්‍රශ්නවලටද?

  • ඒවාට හොඳින් මුහුණ දෙන්න එයා මොනවාද කළේ?

මතෙව් 6:25-34 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවාට මුල් තැන දෙන අය වෙනුවෙන් ඔහු මොනවා කරනවා කියලද පොරොන්දු වෙන්නේ?

සමහරු මෙහෙම කියනවා: “රස්සාව නිසා ඉඳලා හිටලා රැස්වීමක් දෙකක් අතපසු වුණාට කමක් නෑ. මොකද මමනේ පවුල බලාගන්න ඕනේ.”

  • යෙහෝවාට කරන නමස්කාරයට මුල් තැන දෙන එක තමයි හොඳම දේ කියලා ඔයාට ස්ථිර වුණේ මොන බයිබල් පදයෙන්ද?

ඉගෙනගත්ත දේ

අපි රස්සාවක් කරන්න ඕනේ. සල්ලිත් ඕනේ. ඒත් යෙහෝවාට කරන නමස්කාරයට ඒවා බාධාවක් කරගන්න හොඳ නැහැ.

ඔයා හිතන්නේ මොකක්ද?

  • ඔයා කරන රස්සාව ගැන සමබර විදිහට හිතන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද?

  • තියෙන දේවලින් සෑහීමට පත් වෙලා ඉන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

  • යෙහෝවා ඔහුට නමස්කාර කරන අයව බලාගන්නවා කියලා දීලා තියෙන පොරොන්දුව විශ්වාසයි කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

සල්ලි හරිම භයානක දෙයක් කියලද බයිබලයේ කියන්නේ?

“හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?” (වෙබ් ලිපිය)

අපිට තියෙන දේවල් කොහොම පාවිච්චි කරනවාටද දෙවියන් කැමති කියලා දැනගන්න.

“අනිත් අය වෙනුවෙන් දේවල් දෙන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?” (වෙබ් ලිපිය)

සූදුව නිකම්ම විනෝදෙට කරන දෙයක් විතරද?

“බයිබලයෙන් පිළිතුරක් - සූදුව” (2015 මාර්තු ‘පිබිදෙව්!’)

සූදු ගහපු, හොරකම් කරපු කෙනෙක් එයාගේ ජීවිතේ වෙනස් කරගත්තේ ඇයි කියලා බලන්න.

‘මම හැම වෙලාවෙම හිතුවේ අශ්ව රේස් ගැන විතරයි’ (2011 නොවැම්බර් 1 ‘මුරටැඹ’)