Skip to content

පටුනට යන්න

43වෙනි පාඩම

මත්පැන් ගැන ක්‍රිස්තියානීන් හිතන්නේ මොකක්ද?

මත්පැන් ගැන ක්‍රිස්තියානීන් හිතන්නේ මොකක්ද?

මත්පැන් ඒ කියන්නේ මද්‍යසාර අඩංගු බීම වර්ග බොන එක ගැන එක එක අයට එක එක අදහස් තියෙනවා. සමහර අය ඉඳලා හිටලා යාළුවෝ එක්ක එකතු වුණාම මත්පැන් ටිකක් ගන්නවා. තවත් අය මත්පැන් කටේවත් තියන්න කැමති නැහැ. තවත් අය වෙරි වෙන කල් බොනවා. මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

1. මත්පැන් බොන එක වැරදිද?

මත්පැන් ගන්න එක වැරදියි කියලා බයිබලයේ කියන්නේ නැහැ. දෙවියන්ගෙන් ලැබිලා තියෙන හොඳ දේවල් ගැන කතා කරද්දී බයිබලයේ “හිත සතුටු කරන වයින්” ගැනත් කතා කරනවා. (ගීතාවලිය 104:14, 15) දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු සමහර අයත් මත්පැන් ගත්තා කියලා බයිබලයේ කියලා තියෙනවා.—1 තිමෝති 5:23.

2. මත්පැන් ගන්න අයට බයිබලයේ දීලා තියෙන්නේ මොන වගේ උපදෙස්ද?

ගොඩක් බොන එකට, බේබදුකමට යෙහෝවා කොහොමටවත් කැමති නැහැ. (ගලාති 5:21) බයිබලයේ කියනවා ‘හුඟක් වයින් බොන අය එක්ක ඇසුරු කරන්න එපා’ කියලා. (හිතෝපදේශ 23:20) ඉතින් අපි කට්ටියක් එක්ක එකතු වෙලා බිව්වත් තනියම බිව්වත් පැහැදිලිව හිතන්න, හරියට කතා කරන්න, ඇවිදගන්න බැරි තරමට බොන එක වැරදියි. ඒක අපේ සෞඛ්‍යයටත් බලපාන්න පුළුවන්. කෙනෙක්ට බොන එක පාලනය කරගන්න බැරි නම් එයාට සිද්ධ වෙයි බොන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න.

3. බොනවාද නැද්ද කියන එක ගැන අනිත් අය ගන්න තීරණවලට අපි ගරු කරන්නේ කොහොමද?

මත්පැන් බොනවාද නැද්ද කියන එක අපි එක් එක් කෙනා ගන්න ඕනෙ තීරණයක්. කෙනෙක් මත්පැන් ටිකක් ගන්නවා අපි දැක්කොත් එයාව විවේචනය කරන්න හොඳ නැහැ. බොන්නේ නැති කෙනෙක්ට බොන්න කියලා බල කරන්නත් හොඳ නැහැ. (රෝම 14:10) අපි ටිකක් හරි බොන එක අනිත් අයට ප්‍රශ්නයක් වෙනවා නම් ඒකත් නොකර ඉන්න අපි තීරණය කරනවා. (රෝම 14:21 කියවන්න.) මොකද අපි හිතන්න ඕනෙ අපිට ‘යහපතක් වෙන දේවල් ගැන නෙමෙයි, අනිත් අයට යහපතක් වෙන දේවල්’ ගැනයි.—1 කොරින්ති 10:23, 24 කියවන්න.

තවත් හොයමු

බොනවාද නැද්ද කියලා තීරණය කරන්නත් බොනවා නම් කොච්චරක්ද කියලා තීරණය කරන්නත් උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන දැනගන්න. බොන එක නවත්තන්න බැරි නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලත් බලන්න.

4. බොනවාද නැද්ද කියලා තීරණය කරන්න

මත්පැන් බොන එක ගැන යේසුස් හිතුවේ කොහොමද? ඒ ගැන දැනගන්න යේසුස් කරපු පළවෙනි ආශ්චර්යය ගැන බලන්න. යොහන් 2:1-11 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඒ ආශ්චර්යයෙන් මත්පැන් ගැනයි, මත්පැන් බොන අය ගැනයි යේසුස් හිතපු විදිහ ගැන අපිට පැහැදිලි වෙන්නේ මොනවාද?

  • මත්පැන් බොන එක වැරදියි කියලා යේසුස් කිව්වේ නැහැ. ඉතින් කෙනෙක් මත්පැන් ටිකක් බොන්න තීරණය කළොත් අපි එයා දිහා බලන්න ඕනෙ කොහොමද?

අපිට මත්පැන් ටිකක් බොන්න නිදහස තිබුණත් ඕනෙම අවස්ථාවක බොන එක හොඳ තීරණයක් නෙමෙයි. හිතෝපදේශ 22:3 කියවන්න. ඊටපස්සේ බොනවාද නැද්ද කියලා තීරණය කරන්න කලින් පහළ තියෙන තත්වයන් සැලකිල්ලට ගන්න එක වැදගත් ඇයි කියලා කතා කරන්න.

  • ඔයාට වාහනයක් එළවන්න හරි, මැෂින් එකක වැඩ කරන්න හරි තියෙනවා නම් . . .

  • ඔයාට බබෙක් හම්බ වෙන්න ඉන්නවා නම් . . .

  • මත්පැන් ගන්න එපා කියලා දොස්තර ඔයාට කියලා තියෙනවා නම් . . .

  • බොන ප්‍රමාණය පාලනය කරන්න ඔයාට අමාරු නම් . . .

  • රටේ නීතියට අනුව ඔයාට මත්පැන් බොන්න අවසර නැත්නම් . . .

  • බීමට ඇබ්බැහි වෙලා හිටපු නිසා දැන් කොහොමටවත් බොන්නේ නැහැ කියලා තීරණය කරපු කෙනෙක් ඔයාත් එක්ක ඉන්නවා නම් . . .

උත්සවයකදී හරි සාදයකදී හරි ඔයා මත්පැන් පිළිගන්වන්න ඕනෙද? ඒ තීරණය ගන්න උදව් වෙන තොරතුරු දැනගන්න වීඩියෝ එක බලන්න.

රෝම 13:13 සහ 1 කොරින්ති 10:31, 32 කියවන්න. ඒ එක එක පදය කියෙව්වාට පස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මේ පදයේ තියෙන මඟ පෙන්වීම යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණයක් ගන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

මත්පැන් බොනවාද නැද්ද කියන එක එක් එක් කෙනා ගන්න ඕනෙ තීරණයක්. මත්පැන් බොන කෙනෙක් වුණත් සමහර අවස්ථාවලදී නොබී ඉන්න තීරණය කරන්න පුළුවන්

5. බොන ප්‍රමාණය කලින්ම තීරණය කරන්න

යෙහෝවා මත්පැන් බොන එක වැරදියි කියලා නැහැ. හැබැයි සීමාව ඉක්මවලා බොනවාට ඔහු කැමති නැහැ කියලා මතක තියාගන්න. එහෙම කියන්නේ ඇයි? හොෂෙයා 4:11, 18 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • කෙනෙක් ගොඩක් බොනවා නම් මොකක්ද වෙන්න පුළුවන්?

ගොඩක් බොන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? අපි නිහතමානීව තේරුම්ගන්න ඕනෙ අපිට කැමති තරම්, අපිට පුළුවන් තරම් බොන එක වැරදියි කියලා. හිතෝපදේශ 11:2 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයා බොන්නේ මෙච්චරයි කියලා කලින්ම තීරණය කරන එක හොඳ දෙයක් වෙන්නේ ඇයි?

6. ඕනෑවට වඩා බොන පුරුද්ද අත්හරින්න

බීමට ඇබ්බැහි වුණ කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න උදව් වුණේ මොකක්ද කියලා බලන්න. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • මත්පැන් ගත්තාම දිමිත්‍රි හැසිරුණේ කොහොමද?

  • එයාට ඒ පුරුද්ද එකපාරටම අත්හරින්න පුළුවන් වුණාද?

  • බොන පුරුද්ද අත්හරින්න එයාට පුළුවන් වුණේ කොහොමද?

1 කොරින්ති 6:10, 11 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • බේබදුකම කොච්චර බරපතළද?

  • ගොඩක් බොන කෙනෙක්ට වුණත් ඒ පුරුද්ද අත්හරින්න පුළුවන් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

මතෙව් 5:30 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අත වුණත් කපලා දාන්න කියලා කියද්දී යේසුස් අදහස් කළේ යෙහෝවාව සතුටු කරන්න අපිට කැප කිරීම් කරන්න වෙනවා කියන එක. බොන පුරුද්ද අත්හරින්න ඔයාට අමාරුයි නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්? a

1 කොරින්ති 15:33 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයා කොච්චරක් බොනවාද කියන එකට ඔයාගේ යාළුවෝ බලපෑමක් වෙන්නේ කොහොමද?

සමහරු මෙහෙම අහයි: “බොන එක වැරදිද?”

  • ඒ වගේ කෙනෙක්ට ඔයා කොහොමද උත්තර දෙන්නේ?

ඉගෙනගත්ත දේ

මත්පැන් කියන්නේ යෙහෝවා අපේ සතුට වෙනුවෙන් දීලා තියෙන දෙයක්. හැබැයි ගොඩක් බොන එකටයි, බේබදුකමටයි ඔහු කොහොමටවත් කැමති නැහැ.

ඔයා හිතන්නේ මොකක්ද?

  • මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

  • ගොඩක් බොන එකේ තියෙන අනතුරු මොනවාද?

  • බොනවාද නැද්ද කියලා කෙනෙක් ගන්න තීරණයට අපි ගරු කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

තරුණ අයට මත්පැන් බොන එක ගැන හොඳ තීරණ ගන්න පුළුවන් කොහොමද?

‘බොන්නට පෙර සිතා බලන්න!’ (2:31)

බොන එක නවත්තන්න උදව් වෙන පියවර කීපයක් ගැන දැනගන්න.

“නිසි තැන දෙන්න” (2010 ජනවාරි 1 ‘මුරටැඹ’)

ක්‍රිස්තියානීන් සව්දිය පුරන එක හරිද?

“පාඨකයන්ගෙන් ප්‍රශ්න” (2007 පෙබරවාරි 15 ‘මුරටැඹ’)

“බොන එකේ සීමාවක් නැහැ” කියන ලිපිය කියවලා බීමට ඇබ්බැහි වුණ කෙනෙක් ඒකෙන් ගොඩ ආවේ කොහොමද කියලා දැනගන්න.

“ජීවිත වෙනස් කළ පොතක්” (2012 මැයි 1 ‘මුරටැඹ’)

a මත්පැන්වලට ඇබ්බැහි වෙලා ඉන්න අයට ඒකෙන් මිදෙන්න වෛද්‍යවරුන්ගේ උදව් අවශ්‍ය වෙන්න පුළුවන්. ගොඩක් වෛද්‍යවරු කියනවා එහෙම ඇබ්බැහි වෙලා හිටපු අය ආයෙත් මත්පැන් කටේවත් තියන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලා.