Skip to content

පටුනට යන්න

මං ලෑස්තිද?

මං ලෑස්තිද?

සභාවේ අයත් එක්ක දේශනා කරන්න මං ලෑස්තිද?

මේ දේවල් කරනවා නම් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වෙන්න ඔයාට පුළුවන් වෙයි

  • හැමදාම බයිබලය අධ්‍යයනය කරනවා නම්, යාච්ඤා කරනවා නම් සහ රැස්වීම්වලට සහභාගි වෙනවා නම්

  • ඉගෙනගන්න දේවල් ගැන ඔයාට විශ්වාසයක්, අගයක් තියෙනවා නම් සහ ඒ ගැන අනිත් අය එක්ක කතා කරන්න ආස නම්

  • ඔයා යෙහෝවාට ආදරෙයි නම් සහ ඔහුට ආදරේ කරන අයව ඔයාගේ කිට්ටු යාළුවන් කරගන්නවා නම්

  • දේශපාලනයට සහ බොරු ආගම්වලට සම්බන්ධ සංවිධානවල සාමාජිකත්වයෙන් ඔයා අයින් වෙලා නම්

  • යෙහෝවාගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙනවා නම් සහ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න කැමති නම්

සභාවේ අය එක්ක එකතු වෙලා දේශනා කරන්න ඔයා ලෑස්තියි කියලා හිතනවාද? ඔයාත් එක්ක බයිබල් පාඩම කරන කෙනාට ඒ ගැන කියන්න. එයා වැඩිමහල්ලන්ට ඒ ගැන දැනුම් දෙයි. එතකොට ඒකට සුදුසුකම් ලබාගන්න ඔයා කරන්න ඕනෙ දේවල් ගැන වැඩිමහල්ලන් ඔයාත් එක්ක කතා කරයි.

මම බව්තීස්ම වෙන්න ලෑස්තිද?

මේ දේවල් කරනවා නම් බව්තීස්ම වෙන්න ඔයාට පුළුවන් වෙයි

  • ඔයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් නම්

  • පුළුවන් හැම වෙලාවකම ඔයා සේවේ හවුල් වෙනවා නම්

  • ඔයා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා පුළුවන් හැම විදිහකින්ම දාසයාට සහය දෙනවා නම්—මතෙව් 24:45-47.

  • ඔයා යාච්ඤා කරලා ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරලා තියෙනවා නම් සහ ඔහුට සදහටම සේවය කරන්න ආසාවෙන් ඉන්නවා නම්

බව්තීස්ම වෙන්න ඔයා ලෑස්තියි කියලා හිතනවාද? ඔයාත් එක්ක බයිබල් පාඩම කරන කෙනාට ඒ ගැන කියන්න. එයා වැඩිමහල්ලන්ට ඒ ගැන දැනුම් දෙයි. එතකොට ඒකට සුදුසුකම් ලබාගන්න ඔයා කරන්න ඕනෙ දේවල් ගැන වැඩිමහල්ලන් ඔයාත් එක්ක කතා කරයි.