Skip to content

පටුනට යන්න

4වෙනි කොටසේ සාරාංශය

4වෙනි කොටසේ සාරාංශය

බයිබලයේ තියෙන දේවල් ඔයාට කියලා දෙන යාළුවා එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  1. හිතෝපදේශ 13:20 කියවන්න.

  2. බයිබලයේ තියෙන මොන උපදෙස ඔයාට උදව් වෙයිද?

    • ඔයා සැමියෙක් නැත්නම් බිරිඳක් නම්

    • ඔයා අම්මෙක්, තාත්තෙක් නැත්නම් දරුවෙක් නම්

      (49වෙනි සහ 50වෙනි පාඩම බලන්න.)

  3. අපේ කතාබහ කොයි විදිහට තිබුණොත්ද යෙහෝවා සතුටු වෙන්නේ? ඔහු ආස නැත්තේ මොන විදිහට කතා කරනවාටද?

    (51වෙනි පාඩම බලන්න.)

  4. අඳින පලඳින විදිහ ගැන හොඳ තීරණ ගන්න ඔයාට උදව් වෙන්නේ මොන බයිබල් ප්‍රතිපත්තිද?

    (52වෙනි පාඩම බලන්න.)

  5. යෙහෝවා සතුටු වෙන විදිහට විනෝදෙට කරන දේවල් තෝරගන්න පුළුවන් කොහොමද?

    (53වෙනි පාඩම බලන්න.)

  6. මතෙව් 24:45-47 කියවන්න.

    • “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කවුද?

      (54වෙනි පාඩම බලන්න.)

  7. කාලය, ශක්තිය සහ ඔයාට තියෙන දේවලින් සභාවේ වැඩවලට උදව් කරන්න පුළුවන් කොහොමද?

    (55වෙනි පාඩම බලන්න.)

  8. ගීතාවලිය 133:1 කියවන්න.

    • සභාවේ සමඟිය රැකගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

      (56වෙනි පාඩම බලන්න.)

  9. බරපතළ වරදක් වුණාම යෙහෝවාගේ උදව් ලබාගන්න පුළුවන් කොහොමද?

    (57වෙනි පාඩම බලන්න.)

  10. 1 ලේකම් 28:9 සහ පාදසටහන කියවන්න.

    • විරුද්ධවාදිකම් එද්දී, කෙනෙක් සත්‍යය අතහැරලා යද්දී ඔයා යෙහෝවාට “මුළු හදවතින්ම කැප වෙලා” ඉන්නවා කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?

    • යෙහෝවාට ළැදිව ඉන්නත් බොරු ආගමෙන් අයින් වෙලා ඉන්නත් ඔයාට මොනවා හරි වෙනස්කමක් කරගන්න තියෙනවාද?

      (58වෙනි පාඩම බලන්න.)

  11. විරුද්ධවාදිකම්වලට දැන් තියාම සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

    (59වෙනි පාඩම බලන්න.)

  12. දෙවියන් එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න ඔයා මොන වගේ දේවල් කරන්නද හිතුවේ?

    (60වෙනි පාඩම බලන්න.)