Skip to content

පටුනට යන්න

53 පාඩම

ඔයා විනෝදයට තෝරගන්න දේවල් ගැන යෙහෝවා සතුටු වෙනවාද?

ඔයා විනෝදයට තෝරගන්න දේවල් ගැන යෙහෝවා සතුටු වෙනවාද?

බයිබලයේ යෙහෝවාව හඳුන්වන්නේ “ප්‍රීතිමත් දෙවි” විදිහට. (1 තිමෝති 1:11) ඔහු කැමති අපිත් සතුටින්, විනෝදයෙන් ඉන්නවාට. අපි වැඩවලින් පොඩි විවේකයක් ගන්නවාටත් ඔහු කැමතියි. අපිට සතුටක් ඇති වෙන විදිහට සහ යෙහෝවාට සතුටක් දැනෙන විදිහට ඒ කාලය ගත කරන්න පුළුවන් කොහොමද කියලා අපි මේ පාඩමෙන් බලමු.

1. විනෝදයට දේවල් තෝරගද්දී අපි හිතන්න ඕනෙ මොනවා ගැනද?

විවේකයෙන් ඉන්න වෙලාවට ඔයා කැමති මොන වගේ දේවල් කරන්නද? සමහරු ආසයි ගෙදරට වෙලා පොතක් කියවන්න, සිංදුවක් අහන්න, චිත්‍රපටියක් බලන්න එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් දේවල් හොයන්න. තවත් අය ආසයි යාළුවෝ එක්ක එකතු වෙලා ලස්සන තැන් බලන්න යන්න, මුහුදේ නාන්න නැත්නම් ක්‍රීඩාවක් කරන්න. අපි ඒ මොන දේ තෝරගත්තත් ඒ දේ “ස්වාමීන්ට ප්‍රසන්නද” කියලා හොයලා බලන්න ඕනේ. (එෆීස 5:10) අපි එහෙම කරන එක ගොඩක් වැදගත්. මොකද අද විනෝදයට කරන්න තියෙන ගොඩක් දේවල තියෙන්නේ අනාචාරය, ගහමරාගන්න දේවල් සහ භූතයන්ට සම්බන්ධ දේවල්. ඒ හැම දෙයක්ම යෙහෝවා පිළිකුල් කරනවා. (ගීතාවලිය 11:5 කියවන්න.) යෙහෝවා සතුටු වෙන විදිහේ තේරීම් කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

ඒකට අපි යෙහෝවාට ආදරේ කරන අයව අපේ යාළුවන් කරගන්න ඕනේ. මොකද ඒ අයට පුළුවන් යෙහෝවා අකමැති දේවල් නොකර ඉන්නත් යෙහෝවා සතුටු වෙන දේවල් විනෝදයට තෝරගන්නත් අපිට උදව් කරන්න. ඒ නිසයි බයිබලයේ කියන්නේ “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය” කියලා. අනිත් අතට යෙහෝවාගේ ප්‍රතිපත්ති ගාණකටවත් ගන්නේ නැති අයව අපි නිතරම ආශ්‍රය කළොත් මොකද වෙන්නේ? අපි “විපතට පත් වෙයි.”​—හිතෝපදේශ 13:20.

2. විනෝද වෙන්න කොච්චර කාලයක් වෙන් කරගන්නවාද කියලා හිතලා බලන්න ඕනෙ ඇයි?

සමහර වෙලාවට විනෝද වෙන්න අපි තෝරගන්න දේවල කිසි වරදක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් අපි කොච්චර කාලයක් වැය කරනවාද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විනෝද වෙන්න අපි ඕනෑවට වඩා වැඩි කාලයක් වැය කළොත් වඩා වැදගත් දේවල් කරන්න අපිට කාලේ මදි වෙයි. බයිබලයේ කියන්නේ අපිට “ලැබෙන සෑම අවස්ථාවකින්ම [ඒ කියන්නේ අපේ කාලයෙන්] උපරිම ප්‍රයෝජන ගන්න” කියලයි.​—එෆීස 5:15, 16 කියවන්න.

තවත් හොයමු

විනෝදයට යෙහෝවා සතුටු වෙන දේවල් තෝරගන්නේ කොහොමද කියලා දැනගන්න.

3. යෙහෝවා අකමැති දේවල් විනෝදයට තෝරගන්න එපා

අපි විනෝදයට තෝරගන්න දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අද විනෝදයට තෝරගන්න තියෙන දේවල් අතරෙයි, අතීතයේ රංගභූමිවල කරපු සටන් අතරෙයි තියෙන සමානකම් මොනවාද?

  • විනෝදයට තෝරගන්න දේවල් ගැන ඩැනි ඉගෙනගත්තේ මොනවාද?

රෝම 12:9 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • විනෝදයට දේවල් තෝරගද්දී ඒ පදයේ තියෙන අදහස ඔයාට උදව් වෙන්නේ කොහොමද?

යෙහෝවා පිළිකුල් කරන සමහර දේවල් මොනවාද? හිතෝපදේශ 6:16, 17 සහ ගලාති 5:19-21 කියවන්න. ඒ එක එක පදය කියෙව්වාට පස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අද විනෝදයට තෝරගන්න තියෙන දේවල දකින්න තියෙන්නේ ඒ පදවල සඳහන් මොන දේවල්ද?

 විනෝද වෙන්න දේවල් තෝරගන්න කලින් මේ ගැන හිතන්න

  • තෝරගන්න දේ. ඒකේ යෙහෝවා පිළිකුල් කරන දෙයක් තියෙනවාද?

  • ඒකට දෙන කාලය. ඒ නිසා ඔයාට වඩා වැදගත් දේවල් අතපසු වෙයිද?

  • ඇසුරු කරන අය. නිතරම යෙහෝවාට ආදරේ කරන්නේ නැති අය එක්ක කිට්ටුවෙන් ඇසුරු කරන්න වෙයිද?

අනතුරක් වෙන්න පුළුවන් දේකින් ආරක්ෂා වෙන්න නම් ඒකෙන් පුළුවන් තරම් ඈත් වෙන එක තමයි හොඳම දේ. විනෝදයට තෝරගන්න දෙයක් ගැන අපිට පුංචිම හරි සැකයක් තියෙනවා නම් අපි ඒකෙන් සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න ඕනෙ ඒ නිසයි

4. කාලය හොඳින් පාවිච්චි කරන්න

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ ඉන්න සහෝදරයා විනෝදයට බලපු දේවල් වැරදි නැති වුණත් ඒකෙන් එයාගේ කාලය නාස්ති වුණේ කොහොමද?

ෆිලිප්පි 1:10 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • විනෝදයට කොච්චර කාලයක් වැය කරනවාද කියලා තීරණය කරන්න ඒ පදය අපිට උදව් වෙන්නේ කොහොමද?

5. විනෝදයට හොඳ දේවල් තෝරගන්න

යෙහෝවා කැමති ඒ වගේම අපිට සතුටක් ලැබෙන හුඟක් දේවල් විනෝදයට තෝරගන්න තියෙනවා. දේශනාකාරයා 8:15 සහ ෆිලිප්පි 4:8 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයා සතුටක් ලබන්නේ විනෝදයට තෝරගෙන තියෙන මොන දේවලින්ද?

අපිට හානියක් වෙන්නේ නැති දේවල් විනෝදයට තෝරගෙන සතුටක් ලබන්න පුළුවන්

සමහරු මෙහෙම කියනවා: “මං කියවන, අහන, බලන දේවල මොනා තිබුණත් මං ඒවා කරන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑනේ.”

  • එහෙම කියන කෙනෙක්ට ඔයා උත්තර දෙන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

අපිට හානියක් වෙන්නේ නැති දේවල් විනෝදයට තෝරගන්නවාටයි යෙහෝවා කැමති.

ඔයා හිතන්නේ මොකක්ද?

  • ක්‍රිස්තියානීන්ට සුදුසු නැත්තේ විනෝද වෙන්න තියෙන මොන දේවල්ද?

  • විනෝද වෙන්න අපි වැය කරන කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

  • යෙහෝවා සතුටු වෙන විදිහේ දේවල් විනෝදයට තෝරගන්න ඔයා කැමති ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ඔයා විනෝදයට තෝරගන්නේ මොනවාද කියලා තීරණය කරන්න ඕනෙ කවුද කියලා දැනගන්න.

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර චිත්‍රපටි, පොත් හෝ සිංදු තහනම් කරනවාද?” (වෙබ් ලිපිය)

විනෝදයට කරන දේවල් ගැන හොඳ තීරණ ගන්න උදව් වෙන්නේ මොනවාද කියලා දැනගන්න.

“විනෝදය සඳහා කරන දේවල් දෙවිගේ ප්‍රමිතිවලට එකඟද?” (2011 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’)

“සුදු ජාතිකයන් කෙරෙහි තිබුණ වෛරය මම නැති කරගත්තා” කියන ලිපිය කියවලා කෙනෙක් එයා විනෝදයට කරපු සමහර දේවල් නැවැත්තුවේ ඇයි කියලා දැනගන්න.

“ජීවිත වෙනස් කළ පොතක්” (2010 පෙබරවාරි 1 ‘මුරටැඹ’)

අම්මා කෙනෙක් භූතයෝ ගැන තියෙන චිත්‍රපටි නොබලා ඉන්න තීරණය කළේ ඇයි කියලා දැනගන්න.

‘භූතයන්ට සම්බන්ධ දේවල් විනෝදයට තෝරගන්න එපා’ (2:02)