55වෙනි පාඩම
සභාවේ වැඩවලට උදව් වෙන්න ඔයාටත් පුළුවන්
ලෝකේ පුරාම සාක්ෂිකරුවන්ගේ සභාවල් දහස් ගාණක් තියෙනවා. ඒ සභාවල ඉන්න මිලියන ගාණක් අය යෙහෝවාට නමස්කාර කරන්නේ හරිම සතුටින්. සභාවෙන් ලැබෙන මඟ පෙන්වීම් එයාලා ගොඩක් අගය කරනවා. ඒ නිසා පුළුවන් හැම විදිහකින්ම සභාවේ වැඩවලට උදව් කරන්න එයාලා ආසාවෙන් ඉන්නවා. ඔයාගේ සභාවේ වැඩවලට උදව් කරන්න ඔයාත් ආසද?
1. සභාවේ වැඩ වෙනුවෙන් ඔයාගේ කාලය, ශක්තිය දෙන්න පුළුවන් කොහොමද?
සභාවේ වැඩවලට උදව් කරන්න අපි හැමෝටම පුළුවන්. උදාහරණෙකට ඔයාගේ සභාවේ වයසක අය, හුඟක් අසනීපෙන් ඉන්න අය ඉන්නවා නම් ඒ අයට රැස්වීම්වලට එන්න උදව් කරන්න ඔයාට පුළුවන්ද? කඩේට ගිහින් එයාලට ඕනෙ කරන බඩු අරන් දෙන්න, එයාලාගේ ගෙදර වැඩක් කරලා දෙන්න ඔයාට පුළුවන්ද? (යාකොබ් 1:27 කියවන්න.) ඒ වගේම අපේ නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන්නත් පිරිසිදුව තියාගන්නත් අපිට උදව් කරන්න පුළුවන්. ඒ දේවල් කරන්න අපිට කවුරුත් බල කරන්නේ නැහැ. දෙවියන් ගැන සහ අපේ සහෝදරයන් ගැන තියෙන ආදරේ නිසා අපි ඒ දේවල් කරන්න “කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.”—ගීතාවලිය 110:3.
බව්තීස්ම වුණ අයට සභාවේ වැඩවලට තවත් විදිවලින් උදව් වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙන සහෝදරයන්ට පුළුවන් සහායක සේවකයන් විදිහටත් පස්සේ කාලෙක වැඩිමහල්ලන් විදිහටත් සේවය කරන්න. සහෝදරයන්ට විතරක් නෙමෙයි සහෝදරියන්ටත් පුළුවන් පුරෝගාමීන් විදිහට දේශනා සේවයේ වැඩියෙන් හවුල් වෙන්න. තවත් අයට පුළුවන් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න උදව් වෙන්න. එහෙම නැත්නම් ප්‍රචාරකයන් අඩු සභාවකට ගිහින් වෙනත් විදිවලින් උදව් කරන්න.
2. ඔයාගේ මුදල්වලින්, ඔයාට තියෙන දේවලින් උදව් කරන්න පුළුවන් කොහොමද?
අපිට තියෙන ‘වටිනා දේවල්වලින් යෙහෝවාව ගෞරවයට පත් කරන්න’ අපිට පුළුවන්. (හිතෝපදේශ 3:9) අපේ සභාවේ වැඩවලට, ලෝකේ පුරාම වෙන දේශනා කිරීමේ වැඩේට අපේ සල්ලි, අපිට තියෙන වටිනා දේවල් දීලා උදව් කරන්න අපිට පුළුවන්. ඒක අපි කරන්නේ හරිම සතුටින්. (2 කොරින්ති 9:7 කියවන්න.) අපි සම්මාදම් කරන දේවල් සහන සේවා වැඩවලටත් පාවිච්චි කරනවා. හුඟක් අය හැම මාසෙකම සම්මාදමක් දෙන්න කැමති නිසා “තමන්ට දෙන්න පුළුවන් ප්‍රමාණය වෙන් කරනවා.” (1 කොරින්ති 16:2 කියවන්න.) අපිට පුළුවන් අපේ සභාවේ තියෙන සම්මාදම් පෙට්ටියට අපේ සම්මාදම් දාන්න. එහෙම නැත්නම් donate.pr418.com එකට ගිහින් ඔන්ලයින් සම්මාදම් කරන්නත් පුළුවන්. අපි ළඟ තියෙන වටිනා දේවල් යෙහෝවාට දීලා අපි ඔහුට කොච්චර ආදරෙයිද කියලා පෙන්නන්න අපිට අවස්ථාව තියෙනවා.
තවත් හොයමු
සභාවේ වැඩවලට ඔයාට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා තව විස්තර දැනගන්න.
3. අපිට තියෙන වටිනා දේවල් දීලා
සතුටු සිතින් දෙන අයට යෙහෝවා දෙවියන් වගේම යේසුත් ආදරෙයි. දුප්පත් වැන්දඹුවක් සම්මාදම් කරපු විදිහ දැකලා යේසුස් එයාව අගය කළා. ලූක් 21:1-4 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
-
යෙහෝවාව සතුටු කරන්න ලොකු ලොකු දේවල් දෙන්න ඕනෙද?
-
අපි කැමැත්තෙන්ම සම්මාදම් කරද්දී යෙහෝවාට සහ යේසුස්ට අපි ගැන හැඟෙන්නේ කොහොමද?
සම්මාදම් පාවිච්චි කරන විදිහ ගැන දැනගන්න වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්රශ්නය ගැන කතා කරන්න.
-
ලැබෙන සම්මාදම් ලෝකේ පුරාම තියෙන සභාවල වැඩවලට පාවිච්චි කරන්නේ කොහොමද?
4. උදව් කරන්න ඉදිරිපත් වෙලා
අතීතයේදීත් යෙහෝවාට නමස්කාර කරන්න වෙන් කරපු තැන් අලුත්වැඩියා කරන්න ඔහුට නමස්කාර කරපු අය ගොඩක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් එයාලා මුදල් දීලා විතරක් නතර වුණේ නැහැ. 2 ලේකම් 34:9-11 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
-
යෙහෝවා දෙවියන්ගේ ගෘහය රැකබලා ගන්න හැම ඊශ්‍රායෙල්වරයෙක්ම දායක වුණේ කොහොමද?
ඒ ඊශ්‍රායෙල්වරුන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආදර්ශයට ගන්නේ කොහොමද කියලා දැනගන්න වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
-
අපේ නමස්කාර මධ්‍යස්ථාන පිරිසිදු කරන එක, නඩත්තු කරන එක වැදගත් ඇයි?
-
ඒකට ඔයාට උදව් කරන්න පුළුවන් මොන විදිවලින්ද?
5. සහෝදරයන්ට කරන්න පුළුවන් දේ
සහෝදරයන්ට බයිබලයේ දිරිගන්වලා තියෙනවා සුදුසුකම් ලබාගෙන සභාවේ වැඩවලට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න කියලා. ඒක කරන්න පුළුවන් විදි ගැන දැනගන්න වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්රශ්නය ගැන කතා කරන්න.
-
සභාවට තව වැඩියෙන් උදව් කරන්න ඕනෙ කරන සුදුසුකම් රයන් ලබාගත්තේ කොහොමද?
සහෝදරයන්ට සහායක සේවකයන් සහ වැඩිමහල්ලන් විදිහට සේවය කරන්න තියෙන්න ඕනෙ සුදුසුකම් ගැන බයිබලයේ කියනවා. 1 තිමෝති 3:1-13 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
සමහරු මෙහෙම අහයි: “සාක්ෂිකරුවන්ගේ වැඩවලට සල්ලි හම්බ වෙන්නේ කොහෙන්ද?”
-
ඒකට ඔයා දෙන්නේ මොන වගේ උත්තරයක්ද?
ඉගෙනගත්ත දේ
අපේ කාලය, ශක්තිය අපි ළඟ තියෙන වටිනා දේවල් දීලා සභාවට උදව් කරද්දී යෙහෝවා ඒක ගොඩක් අගය කරනවා.
ඔයා හිතන්නේ මොකක්ද?
-
සභාවට උදව් කරන්න අපේ කාලය, ශක්තිය දෙන්න පුළුවන් කොහොමද?
-
සභාවට උදව් කරන්න අපි ළඟ තියෙන වටිනා දේවල් යොදාගන්න පුළුවන් කොහොමද?
-
සභාවට උදව් කරන්න ඔයා කැමති මොන විදිවලින්ද?
තව දැනගන්න
මේ කාලේ අපි දසයෙන් කොටස දෙන එක දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න.
සමහර වගකීම් භාර දීලා තියෙන්නේ සහෝදරයන්ට. ඒත් ඒවා සහෝදරියකට කරන්න වුණොත් කරන්නේ මොකක්ද?
“සභාවේ මූලිකත්වය ගැන ඇති කරලා තියෙන සැලැස්ම තේරුම්ගමු” (2021 පෙබරවාරි ‘මුරටැඹ’)
සභාවල අයට ඕනෙ කරන පොත් පත් ගිහින් දෙන්න කැප කිරීම් කරන, නිර්භීත සහෝදරයන් ගැන දැනගන්න.
අපිට සම්මාදම් ලැබෙන විදිහ වෙන ආගමික සංවිධානවලට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.
“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද?” (වෙබ් ලිපිය)