Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

ගුප්ත ආගමික කණ්ඩායම්

ගුප්ත ආගමික කණ්ඩායම්

විවිධ ගෝත්‍ර, සංස්කෘති සහ භාෂාවලට අයත් සාමාජිකයන් සිටින මෙම කණ්ඩායම් බටහිර අප්‍රිකාව පුරාම දකින්න ලැබෙනවා. ඔවුන්ගේ ජීවිතයේ සෑම දෙයක්ම බැඳී තිබෙන්නේ ගුප්ත ආගමික විශ්වාසයන් මතයි. මෙම කණ්ඩායම් අතරින් විශාලතම කණ්ඩායම් දෙක “පෝරෝ” සහ “සන්ඩීයි.” * පිරිමි අය “පෝරෝ” කණ්ඩායමටත් ගැහැණු අය “සන්ඩී” කණ්ඩායමටත් අයිති වුණා. “පෝරෝ” “කණ්ඩායම නිතරම භූතයන්ව පාලනය කරමින් ඔවුන්ගේ රැකවරණය ලබාගන්න විවිධ චාරිත්‍ර වාරිත්‍ර සිදු කළා” කියා එක් පොතකත් සඳහන් වෙනවා.—Initiation,1986.

“පෝරෝ” කණ්ඩායමේ අලුත් සාමාජිකයන්ට භූතයන් ගැන සහ මායා බන්ධන ක්‍රියාවල යෙදෙන විදිහ ගැන උගන්වන අතර ශරීරය තුවාල කර කැළැල් ඇති කිරීමේ චාරිත්‍රයක්ද සිදු කරනවා. “සන්ඩී” කණ්ඩායමේ කාන්තාවන්ටද ආත්ම බන්ධන ක්‍රියා උගන්වන අතර ස්ත්‍රී ලිංගේන්ද්‍රය සුන්නත් කිරීමත් සිදු කරනවා.

අනෙකුත් ගුප්ත ආගමික කණ්ඩායම් තම සාමාජිකයන්ගේ ලිංගික හැසිරීම් පාලනය කළ අතර උමතුව වැනි ලෙඩ රෝග භූතයන්ගේ උපකාරයෙන් සුව කරනවා. සියරා ලියොන්වල යුද්ධය පැවති කාලයේදී තම සාමාජිකයන්ට වෙඩි වදින්නේ නැහැ කියා විශ්වාස කළ කණ්ඩායමක්ද සිටියා.

එක් එක් කණ්ඩායමේ රහස් සහ චාරිත්‍ර වාරිත්‍ර ගැන වෙනත් අයට පැවසීම තහනම්. එසේ කරන අයට ලැබෙන දඬුවම මරණයයි.

^ 3 ඡේ. සමහර ප්‍රදේශවල “සන්ඩී” කණ්ඩායම හඳුන්වන්නේ “බොන්ඩෝ” කියලයි.