සියරා ලියොන් සහ ගිනියාව
1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (3වෙනි කොටස)
පීඩාවලට සාර්ථකව මුහුණ දෙමින්
කෝයින්ඩු නගරයේ බයිබලය පාඩම් කරන කණ්ඩායමකටයි මුල්ම ප්‍රහාරය එල්ල වුණේ. ඔවුන් කලින් “පෝරෝ” නම් ගුප්ත ආගමික කණ්ඩායමේ සාමාජිකයන්. ඒ සිදුවීම ගැන මිෂනාරි සහෝදරයෙක් කිව්වේ මෙහෙමයි. “මේ බයිබල් ශිෂ්‍යයන් භූත ආගමික සිරිත් විරිත් කරන එක ප්‍රතික්ෂේප කළාම ඒ කණ්ඩායමේ නායකයාට කේන්ති ගියා. ඒ නායකයයි එයාගේ සගයනුයි බයිබල් ශිෂ්‍යයන්ට ගහලා, ගෙවල් ගිනි තියලා, ඉඩකඩම් අයිති කරගත්තා. ඊටපස්සේ එයාලව දම්වැල්වලින් ගැටගහලා බඩගින්නේ මැරිලා යන්න කැලේට ගිහින් දැම්මා. ඒ පළාතේ ගම්මුලාදෑනියත් මේ ගුප්ත කණ්ඩායමේ සාමාජිකයන්ව උසිගැන්නුවා. ඒ ශිෂ්‍යයන් කොච්චර පීඩාවලට මුහුණ දුන්නත් සත්‍යය අතහැරියේ නෑ.”
කෝයින්ඩු නගරයේ සිටි සහෝදරයන් ඒ ගැන පොලිසියට පැමිණිලි කළ විට “පෝරෝ” කණ්ඩායමේ නායකයාවත්
ඔහුගේ සගයන්වත් ගම්මුලාදෑනියාවත් අත්අඩංගුවට ගෙන ඔවුන්ට තදින් අවවාද කළා. අවුරුද්දකට ආසන්න කාලයකට ගම්මුලාදෑනියාගේ වැඩත් තහනම් කළා. මේ සිදුවීමෙන් බොහෝ නවකයන්ට රැස්වීම්වලට සහභාගි වෙන්න දිරිගැන්වීමක් ලැබුණා. පසු කාලයකදී සත්‍යයට උනන්දුවක් දැක්වූ ගම්මුලාදෑනියා, ඒ ප්‍රදේශයේ සමුළුවක් පැවැත්වූ අවස්ථාවක පැමිණි අයට නවාතැන් දෙන්නත් එළදෙනක්ව තෑගි කරන්නත් පෙලඹුණා.“පෝරෝ” කණ්ඩායමේ සිටි වෙනත් නායකයෝ ‘නීතිය’ යොදාගෙන කුමන්ත්‍රණයක් සැලසුම් කළා. (ගීතා. 94:20) සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් යෝජනාවක් සම්මත කරගන්න ඔවුන් උත්සාහ දැරුවා. ඒ ගැන විභාග කළ අවස්ථාවේ සිදු වූ දේ ගැන සහෝදර චැපල් මෙහෙම කිව්වා. “ඒ වෙලාවේ ගම්මුලාදෑනියා අපි වෙනුවෙන් කතා කළා. ඔහු සාක්ෂිකරුවන් එක්ක අවුරුදු දෙකක් විතර බයිබලය පාඩම් කෙරුවා කියලා රැස්වෙලා හිටපු අයට කිව්වා. අපි දේශපාලනයට සම්බන්ධ නැහැ කියලාත් අපි ලබා දෙන අධ්‍යාපනය නිසා මිනිස්සුන්ගේ ජීවිත දියුණුවෙලා තියෙනවා කියලත් කවදාහරි ඔහුත් සාක්ෂිකාරයෙක් වෙනවා කියලාත් කිව්වා. එතන හිටිය, සාක්ෂිකරුවන් එක්ක කලින් පාඩම් කරලා තිබුණ කෙනෙකුත් මුලාදෑනියා කියපු දේට එකඟ වුණා. අන්තිමේදී “පෝරෝ” නායකයන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප වුණා.”
“දෙවියන්ගෙන්ම කෑම ඉල්ලගන්න”
ගුප්ත කණ්ඩායම්වලින් අයින් වුණ අයට පවුලේ අයගෙනුත් පීඩා එල්ල වුණා. කෝයින්ඩු නගරයේ ජීවත් වුණ ජොනතන් සෙල්ලුත් එවැනි කෙනෙක්. ඔහුගේ පවුලේ අය පරම්පරා හතරක් පුරා ජූජූ ආගමේ පූජක තනතුර දැරුවා. ඊළඟට ඒ තනතුර භාරගැනීමට තිබුණේ ඔහුටයි. නමුත් ඔහු බයිබලය පාඩම් කළ නිසා භූත ආගමික සිරිත් විරිත් පැවැත්වීම ප්‍රතික්ෂේප කළා. ඒ ගැන ඔහුගේ පවුලේ අය තදින්ම විරුද්ධ වූ නිසා ඔහුගේ පාසැල් ගමනත් නතර කළා. රැස්වීමට ගිය දාට “දෙවියන්ගෙන්ම
කෑම ඉල්ලගන්න” කියා කියමින් ඔහුට කන්න දුන්නෙත් නැහැ. ඒ මොන පීඩාව ආවත් ඔහු ස්ථිරව සිටියා විතරක් නෙවෙයි කවදාවත් බඩගින්නේ හිටියෙත් නැහැ. ලියන්න කියවන්න ඉගෙනගත් ඔහු පුරෝගාමි සේවයත් පටන්ගත්තා. පසු කාලයකදී ඔහුගේ මවත් සත්‍යය පිළිගත්තා.වෙනත් පැතිවලත් දියුණුවක්
1960දී බෝ, ෆ්‍රීටවුන්, කිසී, කෝයින්ඩු, ලන්සා, මැග්බ්‍රාකා, මකෙනි, මොයම්බා, ලොකෝ වරාය, වෝටර්ලූ, සහ කබාලා වැනි ප්‍රදේශවල සභා සහ කණ්ඩායම් පිහිටෙව්වා. ඒ අවුරුද්දේ ප්‍රචාරකයන්ගේ ගණන 182 සිට 282 දක්වා ඉහළ ගිය අතර සභාවන්ට උදව් කරන්න ඝානාවෙන් සහ නයිජීරියාවෙන් විශේෂ පුරෝගාමීන් හුඟදෙනෙක්ද පැමිණියා.
අලුත් ප්‍රචාරකයන්ගෙන් හුඟදෙනෙක් අයත් වුණේ ක්‍රියෝ ගෝත්‍රයට සහ කිසී ගෝත්‍රයටයි. නමුත් කාලයක් යන විට කූරාන්කො, ලිම්බා, ටිම්නි සහ මෙන්ඩෙ වැනි වෙනත් ගෝත්‍රවල අයත් සත්‍යය පිළිගත්තා.
සියරා ලියොන් රටේ මුල්ම නමස්කාර මධ්‍යස්ථානය කැප කළේ 1961දීයි. එය තිබුණේ ෆ්‍රීටවුන් නගරයේ. ඊටපසු කෝයින්ඩුවල ආසන 300ක් තිබෙන ශාලාව කැප කළ අතර එය සමුළු පැවැත්වීමටත් යොදාගත්තා. මුල්ම වතාවට එම රටේ වැඩිමහල්ලන් සඳහා පැවැත්වූ පාසැලට 40දෙනෙක් සහභාගි වුණා. එම වසරේදීම සිදු වූ තවත් සුවිශේෂී දෙයක් වන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ බෙදා හරින්න විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමයි.
මේ හැම දෙයකින්ම පැහැදිලි වුණේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔවුන්ට තිබුණු බවයි. 1962 ජූලි 28වෙනිදා ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සමාගම යන නමින් ඔවුන්ගේ වැඩකටයුතු සියරා ලියොන් රටේ ලියාපදිංචි කිරීමටත් ඔවුන්ට හැකි වුණා.
ගිනියාවෙත් ශුභාරංචිය පැතිරෙයි
1958ට කලින් සහෝදරයන් කිහිපදෙනෙක් ගිනියාව හරහා යද්දී එහි වැසියන්ට දේශනා කර තිබුණා. ගිනියාව ප්‍රංශයේ පාලනය යටතේ තිබුණ නිසාත් ඔවුන් සාක්ෂිකරුවන්ට විරුද්ධ නිසාත් ඒ වන තෙක් කව්රුත් එහි සේවය කර තිබුණේ නැහැ. නමුත් 1958දී ගිනියාවට නිදහස ලැබීමත් සමඟම දේශනා කිරීමට මඟ විවෘත වුණා.
ඒ වසරේ අගභාගයේදී ප්‍රංශ භාෂාව කතා කළ බෙනින් රටේ සහෝදරයෙක් වන මැනුවෙල් ඩියෝගෝ ෆ්‍රියා නගරයේ රැකියාවක් සඳහා පැමිණියා. කිසිදා දේශනා කර නැති ඒ රටේ සේවය කිරීමට පුරෝගාමීන්ව සහ බෙදා දීමට පොත් පත් එවන්න කියා ඔහු ප්‍රංශයේ ශාඛා කාර්යාලයට ලිපියක් යැව්වා. එය ඔහු
අවසන් කළේ මෙහෙමයි. “මේ රටේ උනන්දුව දක්වන හුඟදෙනෙක් ඉන්නවා. අපිට උදව් කරන්න කියලා මම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා.”ප්‍රංශයේ ශාඛා කාර්යාලය මැනුවෙල්ට පිළිතුරු ලිපියක් එවමින් කිව්වේ හැකි තරම් කාලයක් ගිනියාවේ ඉන්න කියායි. ඒ වගේම ඔහුට අවශ්‍ය පුහුණුව ලබා දීමට විශේෂ පුරෝගාමියෙක්ව එවන්නත් ඔවුන් කටයුතු කළා. ඔහුට ලැබුණු දිරිගැන්වීම ගැන සතුටු වුණ මැනුවෙල් 1968දී මිය යන තුරුම ෆ්‍රියා නගරයේ සේවය කළා.
1960දී කලාපීය සේවක විල්ෆ්‍රඩ් ගූච් ගිනියාවේ කොනක්‍රි නගරයට ආ විට එහි තවත් සහෝදරයන් දෙදෙනෙක් රැකියාවක් කරමින් ඉන්න බව ඔහුට දැනගන්න ලැබුණා. ගිනියාවේ වැඩකටයුතු ප්‍රංශයෙන් බලාගන්නවාට වඩා සියරා ලියොන් ශාඛා කාර්යාලයෙන් බලාගැනීම වඩාත් සුදුසුයි කියා සහෝදර ගූච් යෝජනා කළා. ඒ අනුව 1961 මාර්තු 1වෙනිදා සිට ගිනියාවේ වැඩකටයුතු බලාගත්තේ සියරා ලියොන් ශාඛා කාර්යාලයයි. ඉන් මාසයකට පසු ගිනියාවේ පළමු සභාව කොනක්‍රි නගරයේ ආරම්භ කළා.
දුෂ්කර පළාත්වලටත් ශුභාරංචිය පැතිරෙයි
ශුභාරංචිය ගිනියාවේ දකුණු පළාත්වලටත් පැතිරෙන්න පටන්ගත්තා. ලයිබීරියාවේ ජීවත් වුණු කිසී ගෝත්‍රයට අයත් ෆාලා ගොන්ඩො ඔහුගේ ගම වන ගිනියාවේ ෆොඩෙඩුවලට ආවා. ඔහු ළඟ සාක්ෂිකරුවන්ගේ පොතක් තිබුණා. කියවන්න බැරි වුණත් ඔහු, පොතේ තිබුණ පින්තූර පෙන්නමින් බයිබල් සත්‍යයන් ඔහුගේ ගෝත්‍රයේ අය සමඟ බෙදාගත්තා. ඒ පොත ගැන ෆාලා මෙහෙම කිව්වා. “හුඟක් අය ඒ පොතට කිව්වේ ‘ආදම් සහ ඒවගේ පොත’ කියලයි.”
නැවත ලයිබීරියාවට ගිය ෆාලා එහිදී බව්තීස්ම වී විශේෂ පුරෝගාමි සේවය පටන්ගත්තා. මාසයකට දෙවතාවක් ඔහුගේ ගමට ඇවිත් එහි සිටි 30දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමකට ඔහු බයිබලය ඉගැන්වූවා. ටික කාලයකින් ඔහු තවත් විශේෂ
පුරෝගාමියෙක්වූ බොර්බොර් සිසි සමඟ එකතු වී ග්වෙක්කෙඩොවලත් කණ්ඩායමක් ආරම්භ කළා. ඒ කණ්ඩායම් දෙකම සභාවන් බවට පත් වුණා.සාක්ෂිකරුවන් වෙහෙස මහන්සි වී වැඩ කරන, අවංක, සාමයට ලැදි සෙනඟක් නිසා කිසී ගෝත්‍රික නායකයා තුළත් ඔවුන් ගැන හොඳ හැඟීමක් ඇති වුණා. සහෝදරයන් ෆොඩෙඩුවල ශාලාවක් ගොඩනැඟීමට ගෝත්‍රික නායකයාගෙන් අවසර ඉල්ලන්න ගිය විට ඔහු, අවසර දුන්නා පමණක් නොවෙයි ඔවුන්ට අක්කර 8ක ඉඩමක්ද ලබා දුන්නා. 1964දී ඉදි කිරීම් අවසන් කළ එම ශාලාව ගිනියාවේ පළවෙනි නමස්කාර මධ්‍යස්ථානයයි.
කොනක්‍රි නගරයේ නොසන්සුන් බවක්
කොනක්‍රි නගරයේ ඇති වූ දේශපාලනික අර්බුද නිසා රජයේ නිලධාරීන් විදේශිකයන් දිහා බැලුවේ සැකයෙන්. ඒ නිසා මිෂනාරිවරුන් හතරදෙනෙක්ට වීසා නොදී ඔවුන්ව රටෙන් පිටමං කළා. ඝානාවේ සහෝදරයන් දෙදෙනෙක්වද බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන මාස දෙකක් පමණ සිරගත කළා.
ඔවුන්ව නිදහස් කළත් ඉන් එක්කෙනෙක් වන සහෝදර ඉමැනුවෙල්ව නැවතත් අත්අඩංගුවට ගත්තා. මෙවර ඔහුව සිරගත කළේ අපිරිසිදු සිරකුටියකයි. එහි සිට ඔහු එවූ ලිපියක මෙසේ සඳහන් වුණා. “මං ඉන්නේ අසනීපෙන්. ඒත් දෙවි එක්ක තියෙන බැඳීම තවමත් ශක්තිමත්. මම මෙහේ ඉඳගෙනත් දේශනා කරනවා. ගිය මාසයේ මම පැය 67ක් සේවය කළා. මගේ බයිබල් ශිෂ්‍යයන් දෙන්නෙකුත් දැන් මාත් එක්ක සේවයේ හවුල් වෙනවා.” පසු කාලයකදී ඔහුගේ එක් ශිෂ්‍යයෙක් සාක්ෂිකාරයෙක් වුණා. මාස 5කට පසුව සහෝදර ඉමැනුවෙල්ව නිදහස් කර සියරා ලියොන්වලට යැව්වා. කොනක්‍රි නගරයේ ඉතුරු වුණේ එක ප්‍රචාරකයෙක් පමණයි.
1969දී තත්වය ටිකක් හොඳ අතට හැරුණු නිසා නැවතත් විශේෂ පුරෝගාමීන් කොනක්‍රි නගරයට ආවා. ඔවුන් බලධාරීන්ගේ අවසර ඇතුව නැවතත් රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. 30දෙනෙක් පමණ රැස්වීම්වලට සහභාගි වූ අතර
ප්‍රචාරකයන් 3දෙනෙක් පුරෝගාමීන් සමඟ සේවයේත් හවුල් වුණා.අත්අඩංගුවට ගනියි කියා බය වූ නිසා මුලදී සහෝදරයන් දේශනා සේවය කළේ කල්පනාකාරීවයි. තත්වය හොඳ අතට හැරිලා කියා සහෝදරයන්ට තේරුම්ගිය විට ඔවුන් වැඩි වැඩියෙන් දේශනා සේවයේ හවුල් වුණා. 1973දී ඒ පුංචි සභාව පත්‍රිකා 6,000ක් බෙදා හැරියා. ඔවුන් කාර්යාලවල සහ ව්‍යාපාරික ස්ථානවල සඟරා බෙදා හරින්නත් පටන්ගත්තා. කාලයත් සමඟම ආණ්ඩුවේ නිලධාරීන් සහ සාමාන්‍ය ජනයා අපේ සේවය අගය කරන්න පටන්ගත්තා. ඔවුන්ගේ වෑයම්වල ප්‍රතිඵලයක් හැටියට 1993 දෙසැම්බර් 15වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ගිනියාවේත් නීතිමය වශයෙන් ලියාපදිංචි කළා.