සියරා ලියොන් සහ ගිනියාව
2002 සිට 2013 දක්වා මෑත කාලයේදී සිදු වූ වර්ධනය (2වෙනි කොටස)
බිහිරි අයටත් ශුභාරංචිය
සියරා ලියොන්වල බිහිරි අය 3,000ත් 5,000ත් අතර සංඛ්‍යාවක්ද ගිනියාවේ බිහිරි අය සියගණනක්ද සිටිනවා කියා එක් වාර්තාවක සඳහන් වෙනවා. දෙවිගේ ‘කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමයි.’ ඒත් බිහිරි අය ශුභාරංචියට ඇහුම්කන් දෙන්නේ කොහොමද?—1 තිමෝ. 2:4.
1998දී සියරා ලියොන්වලට ආ මිෂනාරි සහෝදරියක් වන මිෂෙල් වොෂින්ටන් මෙහෙම කිව්වා. “මමයි මගේ මහත්තයයි සේවය කරන්න ගිය සභාවේ රැස්වීම්වලට බිහිරි පුද්ගලයන් 4දෙනෙක් ආවා. මං ඇමරිකානු සංඥා භාෂාව දැනගෙන හිටිය නිසා ඒ අයට උදව් කරන්න මට ඕන වුණා. ශාඛා කාර්යාලයෙන් මට කිව්වා රැස්වීම් සහ සමුළුවල කතා සංඥා භාෂාවට පරිවර්තනය කරන්න කියලා. අනිත් සභාවලටත් මේ ගැන දැනුම් දුන්නා. බිහිරි අයට උදව් කරන්න කැමති ප්‍රචාරකයන්ට සංඥා භාෂාව උගන්වන්න පංති පවත්වන්නත් ශාඛා කාර්යාලය
සැලසුම් කෙරුවා. අපි බිහිරි අයව හොයාගෙන එයාලට බයිබල් පාඩම් පැවැත්තුවා. ඒ අය වෙනුවෙන් ගන්න මහන්සිය දැක්ක හුඟදෙනෙක් අපිට ප්‍රශංසා කෙරුවා. සමහර අය නම් ඒකට කැමති වුණේ නෑ. බිහිරි අයට උදව් කළ පූජකයෙක්, අපි බොරු ගුරුවරුන් කියලත් අපෙන් පරෙස්සම් වෙන්න කියලත් ප්‍රචාරය කෙරුවා. ඒ වගේම අපිව ආශ්‍රය කළොත් මුදල් ආධාර දෙන්නෙත් නැහැ කියලා බය කළා. මේ නිසා ඒ පළාතේ හිටිය බිහිරි අය, කට්ටි දෙකකට බෙදුණා. අපිව දන්නේ නැති අය පූජකයාගේ පැත්ත ගත්තා. අපිව දන්න අය අපේ පැත්ත ගත්තා. දිගටම අපිත් එක්ක හිටිය සමහර අය බව්තීස්මය දක්වා දියුණු වුණා.”ෆෙමී කියන පුද්ගලයා උපතින්ම බිහිරි කෙනෙක්. ඔහු සංඥා භාෂාව දැනගෙන හිටියේ නැහැ. ඔහු හැමෝම දිහා බැලුවේ සැකයෙන්. ඒ වගේම කවුරුත් ඔහුට ආදරය, සැලකිල්ල දක්වන්නේ නැහැ කියලත් ඔහු කනගාටු වුණා. පසුව ඔහු සංඥා භාෂා කණ්ඩායමේ සහෝදරයන් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. වැඩි කල් යන්න කලින් ඔහු රැස්වීම්වලට දිගටම පැමිණි අතර සංඥා භාෂාවත් ඉගෙනගත්තා. දැන් ඔහු බිහිරි අයට සතුටින් සත්‍යය කියා දෙන බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක්.
2010 ජූලි මාසයේදී ෆ්‍රීටවුන් නගරයේ තිබුණ සංඥා භාෂා කණ්ඩායම සභාවක් බවට පත් වුණා. ඒ වගේම බෝ සහ කොනක්‍රි නගරවලත් සංඥා භාෂා කණ්ඩායම් ඇති වුණා.
දුප්පත් එහෙත් ධනවත්
මුල් ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් දුප්පත් අය කියා බයිබලයේ සඳහන් වෙනවා. යාකොබ් ඒ ගැන මෙහෙම ලියා තිබෙනවා. ‘දෙවි තෝරාගත්තේ මේ ලෝකය විසින් දිලිඳු ලෙස සලකනු ලබන අයව නොවේද? දෙවි එවැනි අයව තෝරාගත්තේ ඔවුන් තුළ ඇති විශ්වාසය මගින් ඔවුන්ව ධනවත් කිරීම සඳහාය.’ (යාකො. 2:5) සියරා ලියොන්වල සහ ගිනියාවේ සිටින දෙවිගේ සේවකයන්ද දෙවි කෙරෙහි ඇති විශ්වාසය නිසා ධනවත් වී තිබෙනවා. ඒ ඔවුන්ට ලැබුණු සහනය හා බලාපොරොත්තුව නිසයි.
දුෂ්කර පළාත්වල සිටින සාක්ෂිකරුවන් කොතරම් අඟහිඟකම් තිබුණත් සමුළුවලට සහභාගි වෙන්න මාස ගණනාවක ඉඳන් මුදල් එකතු කරන්නේ ඔවුන් තුළ තිබෙන විශ්වාසය නිසයි. සමහරු වගා කර ලැබෙන අස්වැන්න විකුණා මුදල් හොයාගන්නවා. ඔවුන් සමුළුවලට යන්නෙත් විවිධ අපහසුතා මැදයි. සමහරු දූවිලි නැහැවුණු, අබලන් වූ පාරවල්වල පැය 20ක පමණ දුරක් ට්‍රක් රථවල හිර වී ගමන් කරනවා. තවත් අය සැතපුම් ගණන් ඇවිදගෙන යනවා. එක සහෝදරයෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “අපි මුල් කිලෝමීටර් 80 ඇවිදගෙන යනවා. එහෙම යද්දී කෙසෙල් තොගයකුත් අරගෙන ගිහින් ඒවා මඟ දිගේ විකුණලා, ගමනේ ඉතුරු හරිය යන්න සල්ලි හොයා ගන්නවා.”
ප්‍රචාරකයන්ට දියුණු රටවලට ගිහින් මුදල් හම්බ කරන්න හැකියාව තිබුණත් දෙවි කෙරෙහි ඔවුන්ට තිබුණු විශ්වාසය මතෙ. 6:33) ඉමැනුවෙල් දැන් වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන අතර ඔහුත් ඔහුගේ බිරිඳත් දේශනා සේවයේ වෙහෙස මහන්සි නොබලා හවුල් වෙනවා. තවත් අය වෙනත් රටවලට නොයන්නේ තමන්ගේ පවුලේ බැඳීම රැකගන්නත් පවුලක් හැටියට නමස්කාර කටයුතුවල හවුල් වෙන්නත් ඕන නිසයි. විශේෂ පුරෝගාමියෙක් සහ චාරිකා සේවකයෙක් ලෙස සේවය කළ තිමෝති න්යූමා ඒ ගැන මෙහෙම කිව්වා. “හුඟ කාලයක් පවුලේ අයගෙන් වෙන් වෙලා වෙන තැනකට ගිහින් රස්සාවක් කරන්න ලැබුණ අවස්ථාව මම භාරගත්තේ නැහැ. ඒ වගේම මමයි මගේ බිරිඳයි හිතුවා දරුවන්ව වෙන කොහේවත් නතර කරලා උගන්වනවාට වඩා ළඟ තියෙන ඉස්කෝලෙකට යවන එක හොඳයි කියලා.”
නිසා එවැනි අවස්ථා ප්‍රතික්ෂේප කළා. තනිකඩ සහෝදරයන් සඳහා පවත්වන බයිබල් පාසැලට සහභාගි වූ සහෝදර ඉමැනුවෙල් පැටන් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි අපිට ඕන දේවල් දෙයි කියලා අපිට විශ්වාසයි. මේ රටේ ප්‍රචාරකයන්ගේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා අපේ සේවය ගොඩක් වැදගත් කියලා අපි දන්නවා.” (තවත් සහෝදර සහෝදරියන් තමන්ගේ විශ්වාසය පෙන්වන්නේ දුෂ්කරතා මැද්දේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල උනන්දුවෙන් හවුල් වීමෙනුයි. මිෂනාරි සහෝදරයෙක් වන කෙවින් වොෂින්ටන් මෙහෙම කිව්වා. “මෙහෙ ඉන්න ගොඩක් ප්‍රචාරකයන් මොන ප්‍රශ්න තිබුණත් දේශනා සේවයේ හවුල් වෙනවා. පැවරුම් හොඳට ඉටු කරනවා. අපි ඒ වගේ තත්වයක හිටිය නම් කන් කෙඳිරි ගායි. සමහර සහෝදරයන්ට අසනීප තියෙනවා. ඒවාට හරිහමන් බෙහෙතක්වත් ඒ පළාතේ නෑ. සමහර අයට අකුරු ලියන්න කියවන්නත් බෑ. සහෝදරයෙක් පැවරුමක් කරද්දී ඒකෙ අඩුපාඩු දැක්කොත් මම මෙහෙම හිතනවා. ‘රැකියාවක් කරගෙන, ලොකු අසනීපෙකුත් තියාගෙන, හරි හැටි ඇස් පේන්නෙත් නැතුව, විදුලියත් නැතුව, සංවිධානේ පොත් පත් ලබාගන්න විදිහක්වත් නැතුව මේ පැවරුම මට කරන්න වුණා නම් එයා තරම්වත් මට කරන්න පුළුවන් වෙයිද?’”
මුල් ක්‍රිස්තියානීන් මෙන් සියරා ලියොන්වල සහ ගිනියාවේ සිටින සහෝදර සහෝදරියන්ද ‘බොහෝ දේ විඳදරාගැනීමෙන්ද පීඩාවලට මුහුණ දීමෙන්ද අගහිඟකම් ඇතුව සිටීමෙන්ද’ යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරනවා. ඔවුන්ව දිලිඳුන් ලෙස සැලකුවත් බොහෝදෙනෙකුට ධනවතුන් බවට පත් වෙන්න ඔවුන් අත හිත දෙනවා.—2 කොරි. 6:4, 10.
අනාගතයට එඩිතරව මුහුණ දෙන්න සූදානමින්
අවුරුදු 90කට පෙර සහෝදර ඇල්ෆ්‍රඩ් ජෝසෆ් සහ ලෙනාඩ් බ්ලැක්මන් සියරා ලියොන් රට දැක්කේ අස්වැන්න පැසී තිබෙන කෙතක් වගෙයි. (යොහ. 4:35) ඉන් අවුරුදු 35කට පමණ පසු මැනුවෙල් ඩියෝගෝ ගිනියාවේ සිට මෙහෙම ලිව්වා. “මේ රටේ උනන්දුව දක්වන හුඟදෙනෙක් ඉන්නවා.” එදා මෙන් අදත් ශුභාරංචිය අහන්න කැමති තව බොහෝදෙනෙක් ඉන්න බව ඒ රටවල් දෙකේම සේවය කරන සාක්ෂිකරුවන්ට විශ්වාසයි.
2012 වසරේ ගිනියාවේ පැවැත් වූ යේසුස්ගේ මරණය සිහි කිරීමට 3,479ක් සහභාගි වුණා. එය ඒ රටේ සිටින සාක්ෂිකරුවන්ගේ ගණන මෙන් හතර ගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක්. ප්‍රචාරකයන් 2,030ක් සිටින සියරා ලියොන් රටේ සිහි කිරීමට 7,854ක් සහභාගි වුණ අතර එය ඒ රටේ ප්‍රචාරකයන්ගේ ගණන මෙන් හතර ගුණයකට ආසන්න සංඛ්‍යාවක්. එම සිහි කිරීමට පැමිණි 93 හැවිරිදි සහෝදරී විනිෆ්‍රෙඩ් රෙමී ඇගේ සැමියාත් සමඟ සියරා ලියොන්වලට ඇවිත් තිබුණේ 1963දීයි. අවුරුදු 60ක් පුරා පූර්ණකාලීන සේවයේ යෙදී සිටි ඇය ඒ වන විටත් විශේෂ පුරෝගාමී සහෝදරියක්. ඇය මෙවැනි දෙයක් *
කිව්වා. “මේ රටේ දෙවිට ආදරේ කරන මෙච්චර සෙනඟක් ඉඳියි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මං දැන් හරි වයසයි. ඒත් දේශනා කරන්න මම තාමත් ආසයි.”සියරා ලියොන් සහ ගිනියාවේ සිටින අනිකුත් සාක්ෂිකරුවන්ට හැඟෙන්නෙත් සහෝදරී විනිෆ්රෙඩ්ට හැඟුණු ආකාරයටමයි. සශ්‍රීකව වැඩුණු ගස් මෙන් සිටින ඔවුන්ගේ එකම අදිටන දෙවිගේ සේවයේ වැඩි වැඩියෙන් පල දැරීමයි. (ගීතා. 1:3) දෙවිගේ බලයේ උපකාරයෙන් ඔවුන් “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට” හැකි වන ආකාරය ගැන දිගටම කියා දෙමින් සිටිනවා.—රෝම 8:21.
^ 16 ඡේ. මෙම වාර්තාව සකස් කරන අතරතුර සහෝදරී විනිෆ්‍රෙඩ් රෙමී මිය ගියා.