ඩොමිනිකන් ජනරජය
ලොකු වර්ධනයක්
සාක්ෂිකරුවන්ට හොඳ නමක්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොමිනිකන් ජනරජයේ වැඩ පටන් අරන් දැන් දශක හතක් විතර ගත වෙලා. මේ කාලය අතරතුරදී ඔවුන්ට හොඳ නමක් දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා. සාක්ෂිකරුවන් සේවයේ යද්දී හුඟක් අය ආසාවෙන් පොත් පත් ඉල්ලගන්නවා. ඒ විතරක් නෙමෙයි “මං ඔයාලගේ ආගමට හරි කැමතියි” “ඔයාලා නම් බයිබලයේ කියලා තියෙන විදිහටම වැඩ කරන කට්ටියක්” වගේ දේවල් නිතරම අහන්න ලැබෙනවා.
මේ සිද්ධිය බලන්න. සහෝදරයෙක් නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න ඉඩමක් පරිත්‍යාග කළා. ඒත් ඔහු ඒ ඉඩම ලියාපදිංචි කරන්න ගිය වෙලාවේ ඔහුට දැනගන්න ලැබුණා ඒක වෙනත් කෙනෙකුගේ නමට ලියාපදිංචි කරලා කියලා. ඒ තැනැත්තා, තමන්ගේ ඉඩම බලෙන් ලබාගන්න උත්සාහ කරනවා කියලත් සහෝදරයාට චෝදනා කළා. ඒ නිසා සහෝදරයා ඒ තැනැත්තාට විරුද්ධව නඩුවක් දැම්මා. ඒ තැනැත්තාත් ඉඩමට හොර ලියකියවිලි හදාගෙන තිබුණු නිසා මේ නඩුව ටිකක් ගැටලු සහගත එකක් වුණා.
එක අවස්ථාකවදී විනිසුරුවරයා, සහෝදරයා වෙනුවෙන් ඉදිරිපත් වුණු නීතිඥයාගෙන් ඇහුවා ඔහු කතා කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. ඔහු පෙනී සිටින්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් කියලා කිව්වම “එහෙම නම් මේ ඉඩම කාගේද කියන එක ගැන සැකයක් නැහැ. මොකද මං දන්නවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද කියලා. ඒ අය කවදාවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න අය නෙමෙයි” කියලා විනිසුරුවරයා කිව්වා.
නීතිඥවරයා සාක්ෂිකරුවන්ට මෙහෙම කිව්වා. “මේක එහෙම කියපු පළවෙනි අවස්ථාව නෙමෙයි. රටේ ඕනම උසාවියක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන කිව්වාම ඔවුන්ට තියෙන්නේ ලොකු ගෞරවයක්.” අනිත් තැනැත්තා ඉඩමට හදාගෙන තිබුණේ හොර ලියකියවිලි කියලා උසාවියට
සාක්ෂි ඉදිරිපත් කළාම විනිසුරුවරයා සහෝදරයාට පක්ෂව තීන්දුව දුන්නා.අනාගතයේදීත් ලොකු වර්ධනයක්
තව කොච්චර අය බයිබලයේ තියෙන සත්‍යයන් ඉගෙනගෙන දෙවිට නමස්කාර කරන්න පටන්ගනියිද කියලා දන්නේ නැති වුණත් ඩොමිනිකන් ජනරජයේ ඉන්න සාක්ෂිකරුවන් ඒ වගේ අයව හොයන්න හැම උත්සාහයක්ම දරනවා. උදාහරණයකට 2013දී සාක්ෂිකරුවන් පැය මිලියන 11කට වඩා වැඩි ගණනක් දේවසේවය කරලා තියෙන අතර බයිබල් පාඩම් 71,922ක් පවත්වලා තියෙනවා. ඒ වගේම 9,776දෙනෙක් පූර්ණ කාලීන සේවය කරලා තියෙනවා. ඒ අවුරුද්දේ අගෝස්තු මාසයේදී සේවයේ හවුල් වුණු ප්‍රචාරකයන් ගණන 35,331යි. ඒ වගේම සිහි කිරීමට 1,27,716ක් පැමිණීමෙන් පෙනී යන්නේ අනාගතයේදීත් ලොකු වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලයි.
ලෙනට් හා වර්ජිනියා ඩොමිනිකන් ජනරජයට ඇවිත් 1945 අප්‍රියෙල් මාසයේ පටන්ගත්ත සේවය අද දක්වාම කෙරීගෙන යනවා. ඒ රටේ සාක්ෂිකරුවන් සත්‍ය පණිවිඩය සලකන්නේ දෙවිගෙන් ඔවුන්ට ලැබුණු උරුමයක් විදිහටයි. ඒ වගේම මුල් කාලයේ සත්‍යයේ බීජ වපුරන්න සහෝදර සහෝදරියන් කළ කැප කිරීම් ගැනත් ඔවුන්ට තියෙන්නේ ලොකු අගයක්. ඊටත් වඩා ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්’ දෙන්න දැන් ඔවුන්ට පුළුවන් වෙලා තියෙන එක ඔවුන් ගොඩාක් අගය කරනවා. (ක්‍රියා 28:23) ඒ රටේ අය එක්ක විතරක් නෙමෙයි මුළු ලොව පුරාම ඉන්න අය එක්ක එකතු වෙලා “යෙහෝවා දෙවි රජ වී ඇත. පොළොව ප්‍රීති වේවා! දූපත් සියල්ල සතුටු වේවා” කියලා දෙවිට ප්‍රශංසා කරන්න ලැබෙන දවස එනකම් ඔවුන් බලන් ඉන්නේ හරිම ආසාවෙන්.—ගීතාවලිය 97:1.