ඩොමිනිකන් ජනරජය
හිත් පෙලඹුවේ යෙහෝවා දෙවියි
ලෙඔනාඩො ආමොර්
-
ඉපදුණේ 1943
-
බව්තීස්ම වුණේ 1961
-
තොරතුරු ඔහුට සත්‍යය ලැබුණේ යෞවන කාලයේදීයි. ඔහු අවුරුදු 50කට වඩා වැඩි කාලයක් පූර්ණකාලීනව සේවය කරනවා.
මම බව්තීස්ම වුණේ 1961දී. ඒ වෙද්දී ටෘජිලෝව ඝාතනය කරලා වැඩි කාලයක් ගිහින් නැහැ. මං විශ්වවිද්‍යාලයේ නීති අංශයේ ඉගෙනගනිමින් හිටපු නිසා තාත්තට ඕන වුණේ මං ඒ අංශයෙන් ඉහළට යනවා දකින්න. ඒත් දෙවිගෙන් ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම ඊට වඩා වැඩියි කියලා මං තේරුම්ගත්තා. ඒ නිසා තාත්තා ගොඩක් අකමැති වුණත් මං විශ්වවිද්‍යාලයෙන් අයින් වුණා. ඊට ටික දවසකට පස්සේ විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවය කරන්න පටන්ගත්තා.
කාලයක් මං ලා වෙගා කියන නගරයේ සේවය කළා. ඒක පාරම්පරික කතෝලිකයන් හිටපු ගමක්. මං එහේ සේවය කරපු කාලේ නම් කවුරුවත් සත්‍යය පිළිගත්තේ නැහැ. කොච්චරද කියනවා නම් මං බයිබල් දේශන දෙද්දී ඒක අහන්න හිටියේ මාත් එක්ක පුරෝගාමි සේවය කරපු සහෝදරයා විතරයි. ඒත් අධෛර්ය නොවී යෙහෝවා දෙවි එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න මට උදව් වුණේ පෞද්ගලික අධ්‍යයනය, සමුළු හා වුවමනාවෙන් දෙවිට කරපු යාච්ඤායි. මං යෙහෝවා දෙවිගෙන් ඇහුවා ලා වෙගාවල කවදා හරි දවසක සභාවක්
ඇති වෙයිද කියලා. කියන්න සතුටුයි දැන් ඒ නගරයේ නමස්කාර මධ්‍යස්ථාන 6ක් හා සභා 14ක් තියෙනවා. ප්‍රචාරකයන් 800කට වඩා ඉන්නවා.1965දී මං ඇන්ජලා එක්ක විවාහ වුණා. 1981දී අපිට බෙතෙල් සේවයට එන්න කියලා ආරාධනා කළා. මං බව්තීස්ම වෙනකොට රටේ හිටියේ ප්‍රචාරකයන් 681ක් වගේ සුළු සංඛ්‍යාවක් වුණත් දැන් ප්‍රචාරකයන් 36,000කට වැඩිය ඉන්නවා. දැන් සමුළුවකට ගියාමත් දහස් ගාණක් දැකගන්න පුළුවන්. මේ තරම් දෙනෙක් සත්‍යය පිළිගෙන තියෙන්නේ දෙවි ඔවුන්ගේ හිත් පෙලඹුව නිසයි. ඒ ගැන හිතද්දිත් හරි පුදුමයි.