පසුගිය වසරෙන්
ජාත්‍යන්තර ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශය
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වර්ධනයත් එක්කම නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා, බයිබල් පාසැල් පැවැත්වීම සඳහා ස්ථාන, ශාඛා කාර්යාල හා ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල ඉදි කිරීමේ අවශ්‍යතාව එන්න එන්නම වැඩි වෙනවා. ඒවා අඩු වියදමකින් හා කාර්යක්ෂමව ගොඩනඟන්න පාලක මණ්ඩලය 2013 ඔක්තෝබර් මාසයේදී ගොඩනැඟිලි සැලසුම් කිරීමේ, ඉදි කිරීමේ, අලුත්වැඩියා කිරීමේ හා නඩත්තු කිරීමේ වැඩකටයුතු අධීක්ෂණය කරන්න අලුත් අංශයක් පිහිටෙව්වා. එය පිහිටුවලා තියෙන්නේ නිව් යෝර්ක් නගරයේ ලෝක මූලස්ථානයේ වන අතර එය හඳුන්වන්නේ ජාත්‍යන්තර ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශය (WDC) කියලයි.
එහි වැඩකටයුතු සිද්ධ වෙන්නේ පාලක මණ්ඩලයේ ප්‍රකාශන කමිටුවේ අධීක්ෂණය යටතෙයි.WDC එකේ අධීක්ෂණය යටතේ ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ, දකුණු අප්‍රිකාවේ සහ එක්සත් ජනපදයේ කලාපීය ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශ ක්‍රියාත්මක වෙනවා. මේ අංශ මගින් ඒවා යටතේ තියෙන රටවල්වල ගොඩනැඟිලි සැලසුම් කිරීමේ, ඉදි කිරීමේ හා නඩත්තු කිරීමේ වැඩකටයුතු අධීක්ෂණය කරනවා. ඔවුන්ගේ අරමුණ කඩිනමින් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමයි. කලින් මේ වැඩකටයුතු සිදු කළේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කමිටු මගින් හෝ සීමිත සම්පත් තියෙන රටවල්වල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතෙයි. දැන් ඒ අංශ දෙකේම වැඩ සිදු කරන්නේ ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශය යටතේයි.
හැම ශාඛා කාර්යාලයකම ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශයක් පිහිටුවලා තියෙනවා. ඒකෙන් කෙරෙන්නේ ඒ රටේ අවශ්‍යතාවලට අනුව නමස්කාර මධ්‍යස්ථාන හා සමුළු ශාලා ඉදි කිරීමයි. ඒ අංශයේ වැඩකටයුතු සිදු කරන්නේ ඒ රටේ ශාඛා කාර්යාලයේ අධීක්ෂණය යටතෙයි. දැන් ශාඛා කාර්යාලවලට පුළුවන් තමන්ගේ රටේ නමස්කාර මධ්‍යස්ථාන හා සමුළු ශාලා ඉදි කරන්න පූර්ණකාලීන ඉදි කිරීම් සේවකයන්ව පත් කරන්න.
2014 අප්‍රියෙල් මාසය වෙද්දී විශාල ව්‍යාපෘති 270කට වඩා අවසන් කරන්න නියමිතව තිබුණා. ඒකට ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල 90ක්, සමුළු ශාලා 35ක්, ශාඛා කාර්යාල හා සම්බන්ධ ව්‍යාපෘති 130ක් අයිතියි. ඒ විතරක් නෙමෙයි තවත් නමස්කාර මධ්‍යස්ථාන 14,000කට වඩා වැඩි ගණනක් කඩිනමින් ඉදි කරන්න හෝ අලුත්වැඩියා කරන්නත් නියමිතව තියෙනවා.
යෙහෝවා දෙවිගේ සෙනඟ දේශ සීමා, සංස්කෘති හා භාෂා බාධාවක් කරගන්නේ නැතුව ගොඩනැඟීමේ ව්‍යාපෘතිවල යෙදිලා දෙවිගේ නාමයට ප්‍රශංසා ගෙනෙනවා. ඒක දකින ඔවුන් කරන සම්මාදම් අපි අගය කරනවා. ඒ ව්‍යාපෘති කරගෙන යන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන සහෝදර සහෝදරියන්වත් අපි ගොඩක් අගය කරනවා.”
හැමෝගෙම විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා. ලෝක මූලස්ථානයේ බෙතෙල් කමිටුවේ සේවය කරන සහෝදර ඩෑන් මොල්චෙන් මෙහෙම කිව්වා. “අපිට කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා සහෝදර සහෝදරියන් ඒ වෙනුවෙන් කරන යාච්ඤා හා