ලොව වටා සේවය
යුරෝපය
-
රටවල් ගණන 47
-
ජනගහනය 74,13,11,996
-
ප්‍රචාරකයන් ගණන 16,11,036
-
බයිබල් පාඩම් ගණන 8,47,343
යාළුවන්ට දීපු ආරාධනයක්
ෆින්ලන්තයේ ඉන්න පුංචි ඉනේස් ඉගෙනගන්නේ හතරේ පන්තියේ. ආගම් ගැන උගන්වන පාඩමේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන සාකච්ඡා කරන්න යනවා කියලා ඇයට දැනගන්න ලැබුණා. ඒ නිසා ඇය පන්තියේ අයට නමස්කාර මධ්‍යස්ථානය බලන්න එන්න කියලා කිව්වා. දරුවන් වගේම ගුරුවරුනුත් ඒ ගමනට කැමති වුණා.
ඊළඟ සතියේ ළමයි 38දෙනෙක් නමස්කාර මධ්‍යස්ථානය බලන්න මතෙව් 6:10) “ඇයි බිත්තියේ හයයි දහයයි ලියලා තියෙන්නේ,” “මොනවද රැස්වීම්වලදී කරන්නේ” වගේ එක එක විදිහේ ප්‍රශ්න ඇහුවා.
කිලෝමීටර් 5ක් විතර බයිසිකල්වලින් ගියා. ගුරුවරුන් දෙන්නෙක් හා විදුහල්පතිත් ඒ ගමනට එකතු වුණා. ඒ අයව පිළිගන්න සහෝදරයන් දෙන්නෙක් සහ සහෝදරියන් තුන්දෙනෙක් එතනට ඇවිල්ලා හිටියා. පුංචි අය සංග්‍රහයක් භුක්ති විඳින අතරේ පුස්තකාලය පෙන්නලා “අතන තියෙන කාමරය මොකක්ද,” වාර්ෂික පදය පෙන්නලා (ළමයි අනිත් ළමයින්ට හිරිහැර කරන එක වළක්වන්න ඔවුන්ව දැනුවත් කරන වැඩසටහනක් පාසැලේ කරනවා කියලා දැනගත්තු සහෝදරයන් ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි අපේ වෙබ් අඩවියේ තියෙන තවත් දේවල් සහ ගීතිකාවකුත් පෙන්නුවා. ඒ අය පැයක් විතර එතැන හිටියා.
දරුවන් වගේම ගුරුවරුන් හා විදුහල්පතිත් ඒ ගමන ගැන සතුටු වුණා. සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවියෙන් දැකපු දේවල් ගැනත් විදුහල්පතිට ලොකු උනන්දුවක් ඇති වුණා. මොකද ආගම පාඩමට ඒකේ තියෙන තොරතුරු උදව් වෙයි කියලා ඔහු හිතුවා. අනිත් පන්තිවල ළමයින්ටත් නමස්කාර මධ්‍යස්ථානය බලන්න යන්න පුළුවන් කියලා දැනගත්තම ඔහු තවත් සතුටු වුණා. ඊළඟ දවසෙම සාක්ෂිකරුවන්ට කතා කරපු තවත් ගුරුවරියක් ඇගේ පන්තියේ ළමයින්වත් එක්කගෙන එන්නද කියලා ඇහුවා.
කුණු ගොඩක වටිනා දෙයක්
රුමේනියාවේ ඉන්න ක්‍රිස්ටිනා හරිම දුප්පත්. ඉස්කෝලේ ගිහින් නැති නිසා එයාට කියවන්න ලියන්න දන්නේ නැහැ. එයා කළේ කුණු ගොඩවල්වල තියෙන ටින් හා ප්ලාස්ටික් බෝතල් එකතු කරලා විකුණන එකයි. දවසක් ඒ වගේ කුණු ගොඩක බෝතල් හොයද්දී ඇයට ලස්සන පින්තූර තියෙන පොතක් හම්බ වුණා. ඒ පොතේ සන්තෝෂයෙන් ඉන්න අයගේ
පින්තූර තියෙනවා දැකලා ‘ලෝකේ කොහේ හරි මේ වගේ කට්ටියක් ඉන්නවා ඇති’ කියලා ඇය හිතුවා. පොතේ තියෙන විස්තර දැනගන්න ආස වුණ නිසා කියවන්න පුළුවන් කෙනෙක් ලවා ඇය ඒක කියවගත්තා. ඒකෙ තියෙන්නේ බයිබලයේ තියෙන පණිවිඩයක් කියලා දැනගත්තම ඒ වගේ පොතක් කුණු ගොඩට විසි කරලා තිබුණු එක ගැන ඇයට දුක හිතුණා. එයා දිගටම කුණු ගොඩේ තිබුණු පොත්, පත්‍රිකා හා සඟරා එකතු කළා. කාලයක් යද්දී ඇය කියවන්න ඉගෙනගත්ත නිසා සඟරාවල තියෙන දේවල් ඇයට තනිවම කියවන්න පුළුවන් වුණා.ටික කාලයට පස්සේ ක්‍රිස්ටිනාට සාක්ෂිකරුවන්ව හම්බ වුණ නිසා ඇය බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. විසි කරලා තිබුණු පොත් පත් නිසා යෙහෝවා දෙවිට ළං වෙන්න පුළුවන් වුණු එක ගැන ක්‍රිස්ටිනාට හරි සතුටුයි. ඇය හැම රැස්වීමකටම යනවා. ඉගෙනගන්න දේවල් හුඟක් අගය කරනවා. දැන් කුණු ගොඩේ තියෙන පොත් පත් වෙනුවට අලුත්ම පොත් පත් ලැබෙන නිසාත් ඇය ඉන්නේ සතුටින්.
කැලෑ පාරෙ ඉඳන් කරපු බයිබල් පාඩම
ජර්මනියේ ඉන්න මාග්‍රට් හැමදාම එයාගේ බල්ලව අරන් කැලෑ පාරක ඇවිදින්න යන්න පුරුදු වෙලා හිටියා. “මං එහෙම යද්දී මඟදී හම්බ වෙන අය එක්ක කතා කරනවා. ඒ අයට ටිකක් වෙලාව තියෙනවා නම් බයිබලයේ පණිවිඩයත් කියනවා” කියලා ඇය කිව්වා.
දවසක් බල්ලව අරන් ඇවිදින්න ආපු අවුරුදු 70ක විතර කාන්තාවක් ඇයට හමු වුණා. මාග්‍රට් මේ කාන්තාව එක්ක කතා කළාම, ඇය හැමදාම දෙවියන්ට යාච්ඤා කරනවා, බයිබලයත් කියවනවා කියලා ඇය කිව්වා. මේ විදිහට හැමදාම මේ දෙන්නා හම්බ වුණාම බයිබලයෙන් මොනවා හරි දෙයක් ගැන කතා කරනවා. “ඔයා බයිබලයේ තියෙන දේවල් මේ තරම් හොඳට දන්නේ කොහොමද” කියලා ඒ කාන්තාව මාග්‍රට්ගෙන් ඇහුවා. ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා මාග්‍රට් ඇයට කිව්වා.
එයාගේ ගෙදරට ඇවිල්ලා බයිබල් පාඩමක් කරනවාට කැමතිද කියලා මාග්‍රට් කිහිප වතාවක්ම ඒ කාන්තාවගෙන් ඇහුවත් ඇය ඒකට කැමති වුණේ නැහැ. ඒත් ඒ දෙන්නා
හම්බ වුණාම බයිබලයේ තියෙන තොරතුරු කතා කරන එක නැවැත්තුවේ නැහැ. මාස කිහිපයකට පස්සේ මාග්‍රට් ආයෙත් ඇහුවා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා. එතකොට ඒ කාන්තාව කිව්වා එයාත් එක්ක ජීවත් වෙන පුරුෂයා සාක්ෂිකරුවන්ට කැමති නැහැ කියලා.ඊළඟ දවසේ මාග්‍රට් ඇවිදින්න යද්දී බයිබලයයි ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතයි අරගෙන ගියා. ඇය ඒ කාන්තාව හම්බ වුණාම මෙහෙම ඇහුවා. “ගෙදර ඇවිල්ලා නෙමෙයි මේ පාරේ ඉඳන් බයිබල් පාඩමක් කරන්න ඔයා කැමතිද?” ඇය එකපාරටම ඔව් කිව්වා. එහෙම කියද්දී එයාගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. ඇය සතියකට දවස් හයක් බයිබල් පාඩම කරන්න ආවා. සමහර කාලවලට දේශගුණය වෙනස් වෙන නිසා බයිබල් පාඩම කළේ කුඩයක්, ටෝච් එකක් අල්ලගෙනයි.
තේරුම්ගත්තේ වැරදියටයි
බල්ගේරියාවේ ඩෙල්ෆින් කියන සහෝදරිය ඉරීනා කියන කාන්තාවත් එක්ක බයිබල් පාඩමක් කළා. ඉරීනා ඉගෙනගත්ත දේවල් ගොඩක් අගය කළ අතර දිගටම රැස්වීම් ආවා. ඒත් ඇගේ මහත්තයා සාක්ෂිකරුවන්ට කැමති නැහැ. ටික දවසකින් ඔවුන් ස්වීඩනයේ පුංචි ගමක පදිංචියට ගිය නිසා ඉරීනගේ බයිබල් පාඩම නතර වුණා. ස්වීඩනයේදී දවසක් ඇලෙක්සැන්ඩ්රා සහ රෙබේකා කියන පුරෝගාමි සහෝදරියන් දෙන්නා ඉරීනාගේ ගෙදරට ආවා. ඒත් ඉරීනා ස්වීඩනයේ භාෂාව දැනගෙන හිටියේ නැති නිසා ඒ සහෝදරියෝ ‘සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි’ කියන පොත දීලා බල්ගේරියා භාෂාවෙන් තියෙන කොටස ඇයට පෙන්නුවා. ඊටපස්සේ බල්ගේරියා භාෂාවෙන් තවත් ප්‍රකාශන ගෙනත් දෙන්නද කියලා තියෙන කොටසත් ඇයට පෙන්නුවාම ඉරීනා එකපාරටම ඔලුව දෙපැත්තට වැනුවා. එයා ඒකට කැමති නැහැ කියලා හිතපු සහෝදරියෝ එතනින් යන්න ගියා.
බල්ගේරියාවේ සේවය කරන සහෝදරියක් වන ලින්ඩා සති කිහිපයකින් එනවා කියලා ඇලෙක්සැන්ඩ්‍රාට මතක් වුණා.
ඉරීනාට එයාගේ භාෂාවෙන්ම පණිවිඩය කිව්වොත් ආස හිතෙයි කියලා හිතපු ඇලෙක්සැන්ඩ්රා ලින්ඩත් එක්ක ඉරීනාව බලන්න ගියා. බයිබල් පාඩම දිගටම කරගෙන යන්න උදව් කරන්න කියලා ඇය හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කළා කියලා ඉරීනා ලින්ඩාට කිව්වා. බල්ගේරියා භාෂාවෙන් තියෙන ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත ඇය යන යන තැන ගෙනිච්චා කියලත් එහෙම කළේ මඟ තොටේදි සාක්ෂිකරුවන්ව හම්බ වුණොත් ඒක පෙන්නන්නයි කියලත් ඇය කිව්වා. ඒත් එයාට කවදාවත් සාක්ෂිකරුවන්ව හම්බ වෙලා තිබුණේ නැහැ. බල්ගේරියා භාෂාවෙන් පොත් පත් ලබාගන්න පුළුවන් කියලා දැනගත්තාම ඇයට ගොඩක් ආස හිතුණා.ලින්ඩා ඇලෙක්සැන්ඩ්රාගෙන් ඇහුවා, ඉරීනා පොත් පත් ලබාගන්න කැමති නැහැ කියලා ඔයා හිතුවේ ඇයි කියලා. එයා ඔළුව දෙපැත්තට වනපු නිසා එයා කැමති නැහැ කියලයි අපි හිතුවේ කියලා ඇලෙක්සැන්ඩ්රා කිව්වා. බල්ගේරියාවේ අය මොනවා හරි දේකට කැමතියි කියලා කියන්නේ ඔළුව දෙපැත්තට වනලයි කියලා ලින්ඩා හිනා වෙලා කිව්වා. ඉරීනා ස්වීඩනයේ භාෂාව ඉගෙනගන්න කල් වීඩියෝ කෝල් මාර්ගයෙන් ඩෙල්ෆින් එක්ක බල්ගේරියා භාෂාවෙන් බයිබල් පාඩම කරනවා.
තාත්තගේ හොඳ ආදර්ශය
ස්පාඤ්ඤයේ ඉන්න හෙමීමා පොඩි කාලේදී සත්‍යය ඉගෙනගත්ත කෙනෙක්. ඒත් අවුරුදු 7දී එයාගේ මුළු ජීවිතයම වෙනස් වුණා. එයාගේ අම්මා තාත්තව දික්කසාද කළා විතරක් නෙමෙයි යෙහෝවා දෙවිට නමස්කාර කරන එකත් නතර කළා. අවුරුදු 13දී හෙමීමත් රැස්වීම් යන එක නතර කළා. තාත්තා එයත් එක්ක බයිබලයේ තියෙන දෙයක් කතා කරනවාටවත් එයා කැමති වුණේ නැහැ.
ටිකක් ලොකු වෙද්දී, මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න හෙමීමා දේශපාලනයට හා එක එක සංවිධානවලට බැඳිලා වැඩ කළා. කාලයක් යද්දී ඇයට රස්සාවක්
තිබුණේ නැති නිසා තාත්තා එයා කරන වැඩවලට හවුල් වෙන්න කියලා ඇයට කිව්වා. තාත්තා කළේ ගොඩනැඟිලිවලට තීන්ත ගාන එකයි.දවසක් එහෙම වැඩ කරද්දී තාත්තා ඇහුවා හෙමීමාගෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා. එතකොට ඇය කිව්වේ මට කරන්න හිතුණු දවසක මං කියන්නං කියලයි. වැඩ කරන අතරතුරදී තාත්තා පටිගත කරපු පොත් පත් සඟරාවලට ඇහුම්කන් දුන්නත් හෙමීමා කළේ සින්දු අහන එකයි.
2012 නොවැම්බර් වෙද්දී දෙවෙනි පාරටත් විවාහ වෙලා හිටිය ඇගේ තාත්තට විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලට යන්න ආරාධනාවක් ලැබුණා. මාස දෙකක පුහුණුවෙන් පස්සේ තාත්තා මේ හැම දෙයක්ම දාලා ඔහුට පැවරුම ලැබෙන තැනකට සේවය කරන්න යනවා කියලා දැනගත්තාම හෙමීමාට ඒ ගැන පුදුම හිතුණා. තාත්තාට දෙවිත් එක්ක එච්චර ලොකු බැඳීමක් ඇති වුණේ කොහොමද කියලා ඇයට දැනගන්න ඕන වුණා.
ඊටපස්සේ ඇය සින්දු අහනවා වෙනුවට තාත්තා අහපු දේවල් අහන්න පටන්ගත්තා. ඒ විතරක් නෙමෙයි තාත්තගෙන් ප්‍රශ්නත් ඇහුවා. දවසක් තාත්තා තීන්ත ගගා ඉද්දී හෙමීමා මෙහෙම කිව්වා. “තාත්තේ මතකද මං දවසක් කිව්වා මට බයිබල් පාඩමක් කරන්න හිතුණු දවසක මං කියන්නං කියලා? දැන් මං ආසයි පාඩමක් කරන්න.”
තාත්තගේ සතුට ඉහ වහා ගියා. 2013 ජනවාරි මාසයේ ඉඳන් සතියට දෙපාරක් ඇය බයිබල් පාඩම කළා. අප්‍රියෙල් මාසයේදී තාත්තාගේ පාසැල පටන්ගත්තත් වීඩියෝ කෝල්වලින් ඔහු හෙමීමා එක්ක පාඩම දිගටම කළා. පාසැලේ පැවරුම් දෙන දවසෙදි ඇයත් ඒ උත්සවයට ගියා. 2013 දෙසැම්බර් 14වෙනිදා හෙමීමා බව්තීස්ම වුණා.
ඇය මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි මං ගැන ගොඩක් ඉවසුවා. දෙවි කවදාවත් මාව අතහැරියේ නැහැ. ඇත්තටම මට
ආදරේ කරන යාළුවෝ දැන් මට ඉන්නවා. යෙහෝවා දෙවිගේ ආදරය සහෝදර සහෝදරියන්ගෙන් මම අද්දකිනවා.”ගෞරව කරන එකේ වටිනාකම
වාසිල්යේ රුසියාවේ බෙතෙල් එකේ කාලයක් පුරා සේවය කරන සහෝදරයෙක්. 2014 මාර්තු 30වෙනිදා ඔහු බෙතෙල් එක ඉස්සරහා සඟරා පුවරුවක් තියාගෙන ඉද්දී පොලිස් කාර් එකක් ඇවිත් නැවැත්තුවා. නිලධාරියෙක් එතනට ඇවිත් අහළ පහළ අය පැමිණිලි කරලා තියෙන නිසා මේක නවත්තන්න කියලා කිව්වා. මේ වෙලාවේ එතනින් ගිය කීපදෙනෙකුත් නතර වෙලා ඒ දිහා බලාගෙන හිටියා. වාසිල්යේ, තමන්ට එතන සේවය කරන්න තියෙන අයිතිය ගැන කතා කරනවා වෙනුවට පොලීසිය කියපු විදිහට එතනින් අයින් වෙලා ගියා. දවස් දෙකකට පස්සේ පොලීසියේ ප්‍රධානියාව හම්බ වෙන්න ඔහු අවසර ලබාගත්තා. ඒ වෙලාවේ ඔහු පොලීසිය කරන සේවය ගොඩක් අගය කළා. ඒ වගේම දවස් දෙකකට කලින් නිලධාරීන් ඔහුට කරුණාවන්තව කතා කරපු එක ගැනත් ඔහු ස්තුති කළා. ප්‍රධානියා ඒ වෙලාවේ තවත් නිලධාරියෙකුට මෙහෙම කිව්වා. “මං මේ රස්සාව කරන්න අරන් අවුරුදු 32ක් වෙනවා. ඒත් මේ වෙන කල් කවුරුත් අපි කරන සේවය අගය කරනවා මං අහලා නෑ.” ප්‍රසිද්ධ තැන්වල සාක්ෂි දරන එක නීති විරෝධී නැහැ කියලා ඒ සාකච්ඡාවේදී වාසිල්යේ ප්‍රධානියාට පැහැදිලි කළා. ඒත් නිලධාරීන් එදා වැඩේ නවත්වන්න කිව්වාම ඒ ගැන කිව්වේ නැත්තේ ඇයි කියලා ප්‍රධානියා ඇහුවාම ඔහු මෙහෙම කිව්වා. “මම පොලීසියට ගරු කරනවා. පොලීසියේ අය නීතිය දන්නේ නැහැ කියලා මම අනිත් අය ඉස්සරහා කිව්වා නම් ඒක එයාලට අගෞරවයක්.” ඒ ගැන ප්රධානියායි එතන හිටපු අනිත් නිලධාරියායි ගොඩක් සතුටු වුණා. මින් ඉදිරියට ඔහුගේ සේවයට බාධාවක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලත් ඔවුන් කිව්වා.