2015 වාර්ෂික පදය
“යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.” —ගීතාවලිය 106:1
රතු මුහුද ළඟදී පාරාවෝගෙන් හා ඔහුගේ හමුදාවෙන් ඊශ්‍රායෙල්වරුන්ව බේරාගත්තම යෙහෝවා දෙවිට ස්තුති කරන්න ඔවුන්ට ගොඩක් හේතු තිබුණා. අද අපිටත් යෙහෝවා දෙවිට ස්තුති කරන්න හුඟක් හේතු තියෙනවා. විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙද්දී කලකිරීම් ඇති වෙන එක සාමාන්‍යයි. ඒත් ඒ වගේ වෙලාවලදී යෙහෝවා දෙවි අපිට කරලා තියෙන ආශීර්වාද ගැන හිතනවා නම් සහනයක් හා ශක්තියක් ලබාගන්න ඒක අපිට උදව් වෙනවා.
ගීතා. 46:1) අපි නිතරම දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතනවා නම් මොන තරම් දුෂ්කරතා ආවත් ඒවාට හොඳින් මුහුණ දෙන්න අපිට පුළුවන්. ඒ නිසා අපි මේ වසර පුරාම දෙවි කරලා තියෙන ආශීර්වාද මතක් කරගමු. එතකොට “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න, යෙහෝවා දෙවිට ස්තුති කරන්න” අපිට පුළුවන් වෙයි. “මන්ද ඔහු යහපත්ය.”