ඉන්දුනීසියාව
සේවය තව තවත් වර්ධනය වෙයි
සාක්ෂිකරුවන්ට විරුද්ධව තිබුණු තහනම ඉවත් කළා කියලා දැනගත්තාම පූජකයන්ට ඒක දරාගන්න බැරි වුණා. ඒ නිසා පූජකයන් 700කට වැඩි ගණනකුයි රෙපරමාදු පල්ලි 7ක මුල් තැන අරන් වැඩ කරන අයයි එකතු වෙලා සාක්ෂිකරුවන්ව තහනම් කරන්න කියලා ජකාර්තාවල සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒත් රජය ඔවුන්ගේ තීරණය වෙනස් කළේ නැහැ.
සාක්ෂිකරුවන් දැන් තහනම් නැහැ කියන ආරංචිය රට පුරාම පැතිරිලා යද්දී උනන්දුව දක්වන අය පොත් පත් සහ බයිබල් පාඩම් ඉල්ලලා ශාඛා කාර්යාලයට ලිව්වා. 2003දී යේසුස්ගේ මරණය සිහි කිරීමට 42,000කට වඩා ආවා. ඒක රටේ ප්‍රචාරකයන්ගේ ගණන වගේ දෙගුණයකටත් වඩා වැඩියි. ඒ කාලෙදිම වගේ ජකාර්තාවල තිබ්බ සමුළුවකට 10,000ක් විතර ආවා. ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුත් ඒ අතර හිටියා. බාල මහලු හැමෝම බයිබලය පෙරළලා බයිබල් පද කියවනවා දැකපු ඒ නිලධාරියා, සාක්ෂිකරුවන්ට කරන චෝදනාවල කිසිම ඇත්තක් නැති බව හෙළි කරනවා කියලා සහෝදරයන්ට පොරොන්දු වුණා.
තහනම ඉවත් කරපු නිසා මිෂනාරිවරුන්ට ආයෙත් ඉන්දුනීසියාවට එන්න පුළුවන් වුණා. මුලින්ම ආවේ යෝසෆ් හා හෙරවාටි නූහාර්ට් * (සොලමන් දූපත්වලින්), එසා හා විල්හෙල්මිනා ටාඔනන් (තායිවානයෙන්), රයිනර් හා ෆෙලොමෙනා ටයික්මන් (තායිවානයෙන්), බිල් හා නීනා පෙරී (ජපානයෙන්) කියන අයයි. ඊටපස්සේ ගිලියද් පුහුණුව ලබපු තවත් මිෂනාරිවරු ඇවිත් උතුරු සුමාත්‍රා, කලිමන්තන්, උතුරු සුලවෙසි සහ තවත් දුර ඈත ප්‍රදේශවල සේවය කළා.
* ඒකෙ පළවෙනි පන්තියට සහභාගි වුණ හුඟක් අයට තහනම තිබුණු කාලයේදිත් පුහුණුවක් ලැබිලා තිබුණා. තහනම අයින් කළාට පස්සේ ඔවුන්ගේ පැවරුම හොඳින් කරන්න මේ අලුත් පාසැල ඔවුන්ට උදව් වුණා. පළවෙනි පන්තියට සහභාගි වුණ සහෝදර පොන්චෝ ප්‍රාචොයෝ කියන්නේ මෙහෙමයි. “චාරිකා සේවක කෙනෙක් කියන්නේ අනිත් අයව තේරුම් අරන් වගකීමෙන් වැඩ කරන කෙනෙක්. ඒ දේ කරන්න මේ පාසැලෙන් මං ඉගෙනගත්තා. ඇත්තටම ඒකෙන් අපිට ලොකු දිරිගැන්වීමක් ලැබුණා.”
2005දී ශාඛා කාර්යාලයෙන් පාසැල් 2ක් පැවැත්වුවා. එකක් තමයි දේවසේවා පුහුණු පාසැල. (දැන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල) ඒකෙ උගන්වපු කෙනෙක් වන සහෝදර ජුලියානුස් බෙනිග් මෙහෙම කියනවා. “ඉගැන්වීමේ හැකියාවයි කතා කිරීමේ හැකියාවයි දියුණු කරගෙන සේවේ හොඳට කරන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න මට පුළුවන් වුණා. ඒක මට ලොකු සතුටක්.” ඒ පාසැලෙන් පුහුණු වුණ හුඟක් අය දැන් චාරිකා සේවකයන් හා විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරනවා. ශාඛා කාර්යාලයෙන් පවත්වපු අනිත් පාසැල තමයි සංචාරක සේවකයන් සඳහා පාසැල.නමස්කාර මධ්‍යස්ථාන ඕන වුණා
අවුරුදු 25ක් තිස්සේ තිබ්බ තහනම නිසා සහෝදරයෝ රැස්වීම් තිබ්බේ ගෙවල්වල. තහනම අයින් කළාට පස්සේ හුඟක් සභාවල්වලට නමස්කාර මධ්‍යස්ථාන හදන්න සල්ලි තිබ්බේ නැහැ. රජයෙන් අවසර ගන්න එකත් ලේසි වුණේ නැහැ. ඒත් සභාවල සාමාජිකයන් ගණන එන්න එන්නම වැඩි වුණ නිසා නමස්කාර මධ්‍යස්ථාන ගොඩක් ඕන වුණා. ඒ නිසා ශාඛා කාර්යාලයෙන් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ අංශයක් (දැන් ප්‍රාදේශීය නිර්මාණ/ඉදිකිරීමේ අංශය) පිහිටෙව්වා.
මේ සැලැස්ම යටතේ මුලින්ම නමස්කාර මධ්‍යස්ථාන ඉදිකරන්න පටන්ගත්තේ නියාස්වල. ගූනුංසිටලි සභාවේ සහෝදරයෙක් වන හෝග්වාරෝ ගෙයා මෙහෙම කියනවා. “අලුත් නමස්කාර මධ්‍යස්ථානයක් ලැබෙනවා කියලා ආරංචි වුණාම අපිට දැනුණේ පුදුම සතුටක්. ඉදි කිරීමේ වැඩ බලාගන්න බෙතෙල් එකෙන් 7දෙනෙක්ව එව්වා. 2001දී නමස්කාර මධ්‍යස්ථානය හදලා ඉරව කළා.” ප්‍රාදේශීය ඉදිකිරීම් කමිටුවේ සහෝදරයෙක් වන ෆෝනාසෝකි ලෝලි මෙහෙම කිව්වා. “අපි ඉස්සර රැස්වීම් තිබ්බේ ගෙවල්වල. රැස්වීමට ආවේ 20දෙනයි. මිනිස්සු අපිව එච්චර ගණන්ගත්තෙත් නැහැ. ඒත් නමස්කාර මධ්‍යස්ථානය හැදුවට පස්සේ රැස්වීම් එන ගාණ 40 වුණා. අවුරුද්දක් ඇතුළත ඒ ගාණ 500%කින් වැඩි වුණා. මේ පළාතේ තියෙන ලස්සනම තැන තමයි අපේ ශාලාව. ඒ නිසා මේ පැත්තේ අයටත් දැන් අපි ගැන තියෙන්නේ හොඳ හැඟීමක්.”
2006දී බැංඩුං නගරයේ නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න සහෝදරයෝ ඉඩමක් හෙව්වා. ඒ ගැන ඉදිකිරීම් කමිටුවේ සහෝදරයෙක් වන සිංගප් පාන්ජේටන් මෙහෙම කිව්වා. “හොඳ ඉඩමක් හොයාගන්න අවුරුද්දක් ගියා.ගොඩනැඟිල්ල හදන්න
ආණ්ඩුවේ අවසරය ගන්න කලින් ගමේ අය 60දෙනෙක්වත් මේ වැඩේට අනුමැතිය දෙන්න ඕන වුණා. 76දෙනෙක් එයාලාගේ කැමැත්ත දුන්නා. අපිට මුලින් විරුද්ධ වුණ කාන්තාවකුත් ඒ අතරේ හිටියා. අපේ නමස්කාර මධ්‍යස්ථානය හදලා ඉවර වුණාම අපි නගරාධිපතිටයි ගමේ අයටයි ඒක බලන්න එන්න කිව්වා. ‘මෙතන තියෙන පිරිසිදුකම, පිළිවෙළ අනිත් පල්ලිවල අයට හොඳ ආදර්ශයක්’ කියලා එදා නගරාධිපති කිව්වා.” ඒ නමස්කාර මධ්‍යස්ථානය 2010දී යෙහෝවා දෙවිට කැප කළා.2001 ඉඳලා ඉන්දුනීසියාවේ නමස්කාර මධ්‍යස්ථාන 100කට වඩා හදලා තිබුණත් නමස්කාර මධ්‍යස්ථානවල ලොකු අවශ්‍යතාවක් තවමත් මේ රටේ තියෙනවා.
^ 3 ඡේ. සහෝදරි හෙරවාටි නූහාර්ට්ගේ ජීවිත කතාව 2011 පෙබරවාරි ‘පිබිදෙව්!’ සඟරාවේ සඳහන් වෙනවා.
^ 1 ඡේ. දැන් කියන්නේ චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල කියලයි.