Skip to content

පටුනට යන්න

2018 මුළු එකතුව

2018 මුළු එකතුව
  • ශාඛා කාර්යාල ගණන: 87

  • රටවල් ගණන: 240

  • සභා ගණන: 1,19,954

  • සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 2,03,29,317

  • සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 19,521

  • උපරිම ප්‍රචාරකයන් * ගණන: 85,79,909

  • සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 83,60,594

  • 2017 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 1.4

  • බව්තීස්ම * වූ සංඛ්‍යාව: 2,81,744

  • සෑම මාසයකම පුරෝගාමීන්ගේ * සාමාන්‍යය: 12,67,808

  • සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 4,46,642

  • සේවය සඳහා වැය කළ පැය ගණන: 2,07,46,55,497

  • සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වල * සාමාන්‍යය: 1,00,79,709

2018 සේවා වසර * තුළ ලොව පුරා සිටින විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් හා චාරිකා සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 214කට වඩා වියදම් කළා. ලොව පුරා තිබෙන ශාඛා කාර්යාලවල 20,331දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන්.

^ 7 ඡේ. ප්‍රචාරකයෙක් හැටියට හඳුන්වන්නේ නොකඩවා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන කෙනෙක්වයි. (මතෙව් 24:14) ප්‍රචාරකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරන විදිහ දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?” කියන ලිපිය බලන්න.

^ 10 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.

^ 11 ඡේ. පුරෝගාමියෙක් හැටියට හඳුන්වන්නේ හැම මාසයකම නිශ්චිත පැය ප්‍රමාණයක් ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ බව්තීස්ම ලත් ආදර්ශවත් ප්‍රචාරකයෙක්වයි.

^ 14 ඡේ. තවත් තොරතුරු සඳහා jw.org වෙබ් අඩවියේ ඇති “බයිබල් සාකච්ඡාවක් කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

^ 15 ඡේ. 2018 සේවා වර්ෂය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ 2017 සැප්තැම්බර් 1වෙනිදා සිට 2018 අගෝස්තු 31වෙනිදා දක්වා කාලයයි.