Skip to content

පටුනට යන්න

ක්‍රිස්තු ධර්මය දසත පැතිරෙයි

ක්‍රිස්තු ධර්මය දසත පැතිරෙයි

ක්‍රිස්තු ධර්මය දසත පැතිරෙයි

බෙතානියට නුදුරින් පිහිටි ඔලිව කන්දේදී යේසුස් දියත් කළේ ලෝක ඉතිහාසයට බෙහෙවින් බලපානු ඇති දේශනා කිරීමේ වැඩකි. එම දේශනා කිරීමේ කර්තව්‍යය පටන්ගත්තේ ඊට කිලෝමීටර් තුනක් පමණ බටහිරින්ය. එනම් යෙරුසලමේදීය. එම පණිවිඩය යෙරුසලමට තදාසන්නව පිහිටි යුදයෙහිද සමාරියෙහිද ව්‍යාප්ත වනු ඇති අතර අවසානයේදී “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද” ළඟා වනු ඇත.—ක්‍රියා 1:4, 8, 12, NW.

යේසුස් මෙම වදන් පවසා වැඩි කලක් යන්නට මත්තෙන් පහත සිතියමෙහි දක්වා ඇති පරිද්දෙන් රෝම අධිරාජ්‍යයේ නන් දෙසින් යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු අය යෙරුසලමට එක්රොක් වූයේ පෙන්තකොස්ත උත්සවය නිසාවෙනි. එම දිනයේදී ප්‍රේරිත පේතෘස් ඔවුන්ට කළ දේශනාව ක්‍රිස්තු ධර්මයේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතු විය.—ක්‍රියා 2:9-11.

වැඩි කල් යන්නට මත්තෙන් යෙරුසලමෙහි ඇති වූ පීඩා හේතුවෙන් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෝ විසිරී ගියෝය. සමාරිය ජාතිකයන්ට ශුභාරංචිය අසා පිළිගැනීමට උපකාර කළේ පේතෘස් සහ යොහන්ය. (ක්‍රියා 8:1, 4, 14-16) “යෙරුසලමෙන් ගාසාවට බැස යන” කාන්තාර පාරෙහි ගමන් කරමින් සිටි ඉතියෝපියානුවෙකුට ෆිලිප් සාක්ෂි දැරුවායින් පසුව ක්‍රිස්තු ධර්මය අප්‍රිකාවටද ව්‍යාප්ත විය. (ක්‍රියා 8:26-39, NW) ඒ කාලයේ ශාරොන් තැනිතලාවේ පිහිටි ලිද්දාවේ හා යොප්පා වරාය අවටද එම පණිවිඩය දේශනා කිරීමෙන් පල නෙළාගත හැකි විය. (ක්‍රියා 9:35, 42) එතැනින් සිසේරිය බලා ගිය පේතෘස් රෝම නිලධාරී කොර්නේලියස්ට, ඔහුගේ නෑදෑයන්ට හා මිතුරන්ට ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් බවට පත් වන්නට උපකාර කළේය.—ක්‍රියා 10:1-48.

කලින් ක්‍රිස්තියානීන්ට පීඩා කළ අයෙකු වූ පාවුල් අන්‍යජාතීන් සඳහා ප්‍රේරිතයෙක් බවට පත් වූයේය. මිෂනාරි ගමන් තුනකදී ඔහු ගොඩබිම හා මුහුද තරණය කළ අතර රෝමය බලා මුහුදු ගමනකද යෙදුණේය. එම ප්‍රේරිතවරයාගේ සහ වෙනත් අයගේ දායකත්වය නිසා ශුභාරංචිය රෝම අධිරාජ්‍යයේ මධ්‍යස්ථාන ගණනාවකට විහිදී ගියේය. පාවුල් ස්පාඤ්ඤය බලා යෑමේ බලාපොරොත්තුවෙන් සිටි අතර (2වන පිටුව බලන්න), පේතෘස් නැඟෙනහිර දෙසින් පිහිටි බැබිලෝනිය දක්වා ගොස් සේවය කළේය. (1පේතෘ 5:13) සැබවින්ම ක්‍රිස්තුස්ගේ ක්‍රියාශීලී නායකත්වය යටතේ ඔහුගේ අනුගාමිකයෝ ක්‍රිස්තු ධර්මය දසත ව්‍යාප්ත කළෝය. ක්‍රිස්තු වර්ෂ 60/61 පමණ කාලය අතරතුරේදී ‘ශුභාරංචිය ස්වර්ගයෙන් යට මුළු මැවිල්ල අතරේ දේශනා කර’ තිබිණ. (කොලො 1:6, 23, NW) එවක් පටන් මෙම ශුභාරංචිය සැබවින්ම “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද” ළඟා වී ඇත.

[32වන පිටුවේ කොටුව]

ඔවුන් පැමිණියේ . . .

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී ශුභාරංචිය ඇසූ යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු අය පැමිණියේ පාර්තියා, මේදියාව, ඒලාම්, මෙසපොතේමියාව, යුදය, කපදෝසිය, පොන්තසය, ආසියාව, ෆ්‍රිජිය, පම්ෆිලිය, ඊජිප්තුව, ලිබියාව, රෝමය, ක්‍රීට් සහ අරාබියෙනි. බොහෝදෙනෙක් බව්තීස්ම වූහ. ඔවුන් සිය ජන්මභූමි කරා යළිත් ගිය විට ඔබ සිතන ආකාරයට ඔවුන් කළේ කුමක්ද?

[33වන පිටුවේ කොටුව]

සභා සත

යේසුස් කුඩා ආසියාවේ සභා සතකට පණිවිඩ යැවීය. ඒවා පිහිටි ස්ථාන සලකා බලන්න: වෙරළබඩ එෆීසය සහ ස්මර්ණාව, රට මැද පිහිටි පර්ගමම්, ෆිලදෙල්ෆියා සහ ලවොදිසීය; ගඟක් අසල පිහිටි තියතීරා; සහ ප්‍රධාන වෙළඳ මාර්ගයක පිහිටි සර්දිස්. කැණීම්වලින් ගොඩගෙන ඇති මෙම නුවරවල නටබුන්වලින් බයිබලයෙහි සඳහන් ස්ථාන සැබෑ ඒවා බව සනාථ වේ.

[32වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ක්‍රිස්තු ධර්මය පැතිරෙයි

ශුභාරංචිය විගස පැතිර ගිය ප්‍රදේශ

B1 ඉලිරිකම

B1 ඉතාලිය

B1 රෝමය

C1 මැසිඩෝනියාව

C2 ග්‍රීසිය

C2 ඇතන්ස්

C2 ක්‍රීට්

C3 සිරේනිය

C3 ලිබියාව

D1 බිතිනිය

D2 ගලාතිය

D2 ආසියාව

D2 ෆ්‍රිජිය

D2 පම්ෆිලිය

D2 සයිප්‍රසය

D3 ඊජිප්තුව

D4 ඉතියෝපියාව

E1 පොන්තසය

E2 කපදෝසිය

E2 සිලීසියාව

E2 මෙසපොතේමියාව

E2 සිරියාව

E3 සමාරිය

E3 යෙරුසලම

E3 යුදය

F2 මේදියාව

F3 බැබිලෝනිය

F3 ඒලාම්

F4 අරාබිය

G2 පාර්තියා

[මුහුදු]

C2 මධ්‍යධරණී මුහුද

D1 කලු මුහුද

E4 රතු මුහුද

F3 පර්සියානු බොක්ක

[32, 33වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පාවුල්ගේ ගමන්

පළමු මිෂනාරි ගමන (ක්‍රියා 13:1–14:28)

H3 අන්තියෝකිය (සිරියාවේ)

H3 සිලූෂිය

G4 සයිප්‍රසය

G3 සලමිසය

G4 පාෆස්

G3 පම්ෆිලිය

F3 පර්ගාය

F3 පිසිදිය

F2 අන්තියෝකිය (පිසිදියේ)

G2 ඉකෝනිය

G2 ලිකෝනිය

G2 ලිස්ත්‍රාව

G3 දර්බය

G2 ලිස්ත්‍රාව

G2 ඉකෝනිය

F2 අන්තියෝකිය (පිසිදියේ)

F3 පිසිදිය

G3 පම්ෆිලිය

F3 පර්ගාය

F3 අත්තලීය

H3 අන්තියෝකිය (සිරියාවේ)

දෙවන මිෂනාරි ගමන (ක්‍රියා 15:36–18:22)

H3 අන්තියෝකිය (සිරියාවේ)

H3 සිරියාව

H3 සිලීසියාව

H3 ටාසස්

G3 දර්බය

G2 ලිස්ත්‍රාව

G2 ඉකෝනිය

F2 අන්තියෝකිය (පිසිදියේ)

F2 ෆ්‍රිජිය

G2 ගලාතිය

E2 මිසියාව

E2 ත්‍රෝවස

E1 සැමොත්‍රෙස්

D1 නෙයපොලිසය

D1 ෆිලිප්පිය

C1 මැසිඩෝනියාව

D1 අම්ෆිපොලිසය

D1 තෙසලෝනිකය

D1 බෙරීයය

C2 ග්‍රීසිය

D2 ඇතන්ස්

D2 කොරින්තිය

D3 ඇකේයාව

E2 එෆීසය

G4 සිසේරිය

H5 යෙරුසලම

H3 අන්තියෝකිය (සිරියාවේ)

තුන්වන මිෂනාරි ගමන (ක්‍රියා 18:22–21:19)

H3 සිරියාව

H3 අන්තියෝකිය (සිරියාවේ)

G2 ගලාතිය

F2 ෆ්‍රිජිය

H3 සිලීසියාව

H3 ටාසස්

G3 දර්බය

G2 ලිස්ත්‍රාව

G2 ඉකෝනිය

F2 අන්තියෝකිය (පිසිදියේ)

E2 එෆීසය

E2 ආසියාව

E2 ත්‍රෝවස

D1 ෆිලිප්පිය

C1 මැසිඩෝනියාව

D1 අම්ෆිපොලිසය

D1 තෙසලෝනිකය

D1 බෙරීයය

C2 ග්‍රීසිය

D2 ඇතන්ස්

D2 කොරින්තිය

D1 බෙරීයය

D1 තෙසලෝනිකය

D1 අම්ෆිපොලිසය

D1 ෆිලිප්පිය

E2 ත්‍රෝවස

E2 අසොස්

E2 මිතුලේන

E2 කියොස්

E2 සාමොස්

E3 මිලේටස්

E3 කොස්

E3 රෝඩිස්

F3 පටාරා

H4 තීර්

H4 ටොලමැයිස්

G4 සිසේරිය

H5 යෙරුසලම

රෝමයට ගිය ගමන (ක්‍රියා 23:11–28:31)

H5 යෙරුසලම

G4 සිසේරිය

H4 සීදොන්

F3 මුරා

F3 ලිසියාව

E3 කනීදසය

D3 ක්‍රීට්

D4 කෞද

A3 මෝල්ටාව

A3 සිසිලිය

A3 සිරකූසය

A1 ඉතාලිය

B2 රෙජියම්

A1 පුටෙයෝලිය

A1 රෝමය

මහාමාර්ග (ප්‍රකාශනය බලන්න)

[සභා සත]

E2 පර්ගමම්

E2 තියතීරා

E2 සර්දිස්

E2 ස්මර්ණාව

E2 එෆීසය

F2 ෆිලදෙල්ෆියා

F2 ලවොදිසීය

[වෙනත් ස්ථාන]

E3 පැට්මොස්

F2 කොලොස්සිය

F5 ඇලෙක්සැන්ඩ්‍රියාව

F5 ඊජිප්තුව

G1 බිතිනිය

G5 යොප්පා

G5 ලිද්දාව

G5 ගාසාව

H1 පොන්තසය

H2 කපදෝසිය

H4 දමස්කය

H4 පෙල්ලා

[මුහුදු]

D4 මධ්‍යධරණී මුහුද

[33වන පිටුවේ පින්තූරය]

මිලේටස්හි රංග භූමිය; පාවුල් එෆීසයේ වැඩිමහල්ලන්ව හමු වූයේ මෙම නුවරෙහිදීය

[33වන පිටුවේ පින්තූරය]

පර්ගමම්හි සියුස්ට කැප වූ පූජාසනය. මෙම නුවරෙහි විසූ ක්‍රිස්තියානීන් වාසය කළේ “සාතන්ගේ සිංහාසනය තිබෙන” තැනෙහිය.—එළි 2:13NW.