Skip to content

පටුනට යන්න

කුලදෙටුවන් විසූ ලොව

කුලදෙටුවන් විසූ ලොව

කුලදෙටුවන් විසූ ලොව

ස්තේපන් ඉතා සුප්‍රසිද්ධ දේශනයක් පටන්ගත්තේ භූගෝලීය සාධක කිහිපයක් මෙසේ සඳහන් කරමිනි. “අපේ මුතුන්මිත්තා වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වීමට කලින් මෙසපොතේමියාවේ සිටි කාලයෙහි, [යෙහෝවා] ඔහුට පෙනී, ‘. . . මා ඔබට පෙන්වන දේශයට එන්න’ යයි කීවේය.” (ක්‍රියා 7:1-4, NW) ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සම්බන්ධ වූ පොරොන්දු දේශයේ වැදගත් සිදුවීම් සියල්ලට මඟ පැදුණේ මේ අයුරිනි. තවද මෙම සිදුවීම් මිනිස්වර්ගයාට ආශීර්වාද කිරීම සම්බන්ධයෙන් දෙවි අරමුණු කළ දේ හා සම්බන්ධ විය.—උත් 12:1-3; යෝෂු 24:3.

දෙවි ආබ්‍රහම්ව (නැතහොත් ආබ්‍රම්ව) කැඳෙව්වේ කල්දියවරුන්ගේ දේශය වූ ඌර්වලිනි. එය එදා යුප්‍රටීස් ගඟේ නැඟෙනහිර ඉවුරේ පිහිටි ධනවත් නගරයක් විය. ආබ්‍රහම් තෝරාගත්තේ කවර ගමන් මාර්ගයක්ද? සුමේර් හෝ ෂිනාර් ප්‍රදේශය ලෙසද හඳුන්වනු ලබන, පෙනෙන විදිහට කල්දියාවේ සිට ගමන් ගැනීමට තිබෙන පහසුම මාර්ගය වන්නේ බටහිර දෙසට විහිදෙන ගමන් මාර්ගයයි. එසේනම් ඔහු උතුරේ පිහිටි හාරාන් බලා ගියේ මන්ද?

ඌර් පිහිටා තිබුණේ අඩසඳක හැඩැති සරුබිම් ප්‍රදේශයක නැඟෙනහිර මායිමට ආසන්නවය. මෙම බිම් ප්‍රදේශය අර්ධවෘත්තයක හැඩය ගන්නා අතර එය පලස්තීනයේ සිට ටයිග්‍රිස් සහ යුප්‍රටීස් ගංගාවල ද්‍රෝණිය දක්වා විහිදී යන්නකි. අතීතයේ මෙම ප්‍රදේශයෙහි එතරම් කටුක නොවූ දේශගුණයක් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. අඩසඳක හැඩය ගත් මෙම ප්‍රදේශයේ වක් හැඩයක් ගන්නා ස්ථානයට පහළින් පිහිටා තිබුණේ හුණුගල්වලින් සෑදුණු කඳුවලින් සහ වැලිබිම්වලින් ගහන වූ සිරියානු-අරාබි කාන්තාරයයි. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා එය හඳුන්වන්නේ මධ්‍යධරණී වෙරළ හා මෙසපොතේමියාව අතර පැවති “තරණය කළ නොහැකි තරම් බාධකයක්” ලෙසය. ඇතැම් තවලම් යුප්‍රටීස් සිට තද්මොර් දක්වාද, ඊළඟට දමස්කය දක්වාද එම පාළුකරය හරහා ගමන් කරන්නට ඇත. එනමුත් ආබ්‍රහම් තම පවුල හා සත්ව රැළවල් ඒ හරහා ගෙන ගියේ නැත.

ආබ්‍රහම් ගියේ යුප්‍රටීස් ගඟේ නිම්නය දිගේ හාරාන් දක්වාය. එතැන් සිට වෙළඳ මාර්ගයක් ඔස්සේ කර්කෙමිෂ්හි පිහිටි තොටක් දක්වා යෑමට ඔහුට හැකි වූ අතර ඊළඟට දමස්කය පසු කරගෙන ගලීල මුහුද ලෙස පසුව හඳුන්වන ලද ජලාශය දක්වා දකුණු දෙසට ගමන් කරන්නටද ඔහුට හැකි විය. වියා මාරිස් නොහොත් “මුහුදු මාර්ගය” මෙගිද්දෝ පසු කරගෙන ඊජිප්තුව දක්වා දිව ගිය ගමන් මාර්ගයක් විය. කෙසේවෙතත්, ආබ්‍රහම් සමාරියේ කඳුකරය හරහා ගමන් කරමින් අවසානයේදී කූඩාරම්වල වාසය කිරීමට පටන්ගත්තේ ෂීකෙම්හිදීය. කල් යත්ම, එම කඳුකර මාර්ගය ඔස්සේ ඔහු තවත් දකුණු දෙසට ගමන් කළේය. උත්පත්ති 12:8–13:4 දක්වා කියවද්දී ඔහුගේ ගමනට ඔබත් එක් වන්න. ඔහු ලැබූ විවිධ අද්දැකීම් හා සම්බන්ධ වෙනත් ස්ථාන ගැනද සලකා බලන්න. දාන්, දමස්කය, හෝබා, මම්රේ, සොදොම, ගෙරාර්, බෙයර්-ෂෙබා සහ මොරියා (යෙරුසලම) ඒ අතර වේ.—උත් 14:14-16; 18:1-16; 20:1-18; 21:25-33; 22:1-19.

භූගෝලීය සාධකවලින් සමහරක් තේරුම්ගැනීමෙන් ඊසාක් සහ යාකොබ්ගේ ජීවිතයේ යම් සිදුවීම් ගැන අමතර අවබෝධයක් ලබාගැනීමට අපට හැකිය. නිදසුනකට, ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි සිටි විට ඊසාක්ට බිරිඳක් සෙවීම සඳහා ඔහු තම සේවකයාව යැව්වේ කොතැනටද? මෙසපොතේමියාවේ (තේරුම, “ගංගා අතර දේශය”) උතුරටම වෙන්න පදන්-අරාම වෙතටය. ඊළඟට රෙබෙකා ඊසාක්ව හමුවීම සඳහා නෙගෙබ් ප්‍රදේශයට ඇතැම්විට කාදෙෂ් අසලට ඔටුවෙකු පිට ගිය දුෂ්කර ගමන සිතින් මවාගන්න.—උත් 24:10, 62-64.

පසු කාලයකදී ඔවුන්ගේ පුත් යාකොබ් (ඊශ්‍රායෙල්) යෙහෝවාට නමස්කාර කරන ස්ත්‍රියක හා විවාහ වීමට ඒ හා සමාන දිගු ගමනක යෙදුණේය. යාකොබ් සිය මව්බිම කරා යළිත් පැමිණියේ මඳක් වෙනස් ගමන් මඟකිනි. පෙනූයේල් අසල යබ්බොක් ඔයෙන් එගොඩ වූ යාකොබ් දේවදූතයෙකු සමඟ පොරබැදීය. (උත් 31:21-25; 32:2, 22-30) ඒසව්ට ඔහුව හමු වූයේ එම ප්‍රදේශයේදීය. අනතුරුව ඔවුහු දෙදෙනා වෙනම ප්‍රදේශවලට ගොස් වාසය කළෝය.—උත් 33:1, 15-20.

යාකොබ්ගේ දියණිය වූ දීනාව ෂීකෙම්හිදී දූෂණය කරනු ලැබුවායින් අනතුරුව යාකොබ් බෙතෙල්හි පදිංචියට ගියේය. කෙසේ නමුත්, යාකොබ්ගේ පුතුන් ඔහුගේ රැළට අවශ්‍ය ගොදුරුබිම් සොයා කොතරම් දුරක් ගෙවා ගියාද කියාත්, අන්තිමේදී යෝසෙප්ට ඔවුන්ව හමු වූ ස්ථානය කොතැනද කියාත් ඔබට සිතින් මවාගත හැකිද? හෙබ්‍රොන් සහ දොතාන් අතර දුර දැකගැනීමට මෙම සිතියම (සහ 18-19වන පිටු) ඔබට උපකාරවත් විය හැක. (උත් 35:1-8; 37:12-17) යෝසෙප්ගේ සහෝදරයෝ ඊජිප්තුව බලා ගමන් කරමින් සිටි වෙළෙඳුන්ට ඔහුව වික්කෝය. ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවේ පදිංචි වීමටත්, පසුව ඉන් නික්ම යෑමටත් මඟ පෑදූ මෙම සිදුවීමේදී ඔබ සිතන අන්දමට මෙම වෙළෙඳුන් ගමන් ගත්තේ කවර මාර්ගයක් ඔස්සේද?—උත් 37:25-28.

[7වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

ආබ්‍රහම්ගේ ගමන් (ප්‍රකාශනය බලන්න)

ඊසාක්ගේ ගමන් (ප්‍රකාශනය බලන්න)

යාකොබ්ගේ ගමන් (ප්‍රකාශනය බලන්න)

මහාමාර්ග (ප්‍රකාශනය බලන්න)

කුලදෙටුවන් (කෙටි විස්තරයක්)

A4 ගෝෂෙන්

A5 ඊජිප්තුව

B4 ෂූර්

B5 පාරාන්

C3 දමස්කය

C3 දාන් (ලායිෂ්)

C4 ෂීකෙම්

C4 බෙතෙල්

C4 හෙබ්‍රොන් (කිරියත්-අර්බා)

C4 ගෙරාර්

C4 බෙයර්-ෂෙබා

C4 සේයිර්

C4 කාදෙෂ්

C5 ඒදොම්

D1 කර්කෙමිෂ්

D2 තද්මොර්

D3 හෝබා

E1 පදන්-අරාම

E1 හාරාන්

F2 මෙසපොතේමියාව

G1 නිනිවය

G2 සරු අඩ සඳ

G3 බැබිලෝනිය

H4 කල්දියාව

H4 ඌර්

[කඳු]

C4 මොරියා

[මුහුදු]

B3 මධ්‍යධරණී මුහුද (මහ මුහුද)

[ගංගා]

E2 යුප්‍රටීස්

G2 ටයිග්‍රිස්

කුලදෙටුවන් (පොරොන්දු දේශය)

කානාන්

මෙගිද්දෝ

ගිලියද්

දොතාන්

ෂීකෙම්

සුක්කොත්

මහනායිම්

පෙනූයේල්

බෙතෙල් (ලූස්)

හායි

යෙරුසලම (සාලෙම්)

බෙත්ලෙහෙම (එප්‍රාත්)

මම්රේ

හෙබ්‍රොන් (මක්පේලා)

ගෙරාර්

බෙයර්-ෂෙබා

සොදොම?

නෙගෙබ්

රෙහොබොත්?

බෙයෙර්-ලහයි-රොයි

කාදෙෂ්

මහාමාර්ග

වියා මාරිස්

රජ මාවත

[කඳු]

මොරියා

[මුහුදු]

ලුණු මුහුද

[ගංගා ඇළ දොළ]

යබ්බොක්

යොර්දාන්

[6වන පිටුවේ පින්තූරය]

යුප්‍රටීස් ගඟ, බැබිලෝනිය අසල

[6වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම් ජීවත් වූයේ බෙයර්-ෂෙබාහීය. සිය සත්ව රැළට ගොදුරුබිම් සොයාගත්තේ ඒ අවටින්ය

[6වන පිටුවේ පින්තූරය]

යබ්බොක් ඔය