Skip to content

පටුනට යන්න

පොරොන්දු දේශයට පහර එල්ල කළ අධිරාජ්‍යයෝ

පොරොන්දු දේශයට පහර එල්ල කළ අධිරාජ්‍යයෝ

පොරොන්දු දේශයට පහර එල්ල කළ අධිරාජ්‍යයෝ

සමාරිය යනු උතුරු ඊශ්‍රායෙල් රාජ්‍යයේ අගනුවර විය. එය ඇසිරියානුවන් විසින් අත් පත් කරගන්නා ලද්දේ ක්‍රි.පූ. 740දීය. ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායෙලිතයෝ කුරිරු අධිරාජ්‍යයක් යටතට පත් වූහ. ඇසිරියාව පිහිටා තිබුණේ මෙසපොතේමියාවේ තැනිතලාවල උතුරු කෙළවරේ අඩ සඳක් වන් සාරවත් දේශයේ දැවැන්ත ගංගාවලින් එකක් වන ටයිග්‍රිස් ගඟ අසලය. ඇසිරියාවේ ප්‍රධාන නගර දෙක වන නිනිවය සහ කලා ගොඩනඟා තිබුණේ නිම්රොද් විසින්ය. (උත් 10:8-12) තුන්වන ෂල්මනෙසෙර්ගේ පාලන සමයේදී ඇසිරියාව බටහිර දෙසට වෙන්න පිහිටි හොඳ ජල සැපයුමක් සහිත සාරවත් ප්‍රදේශයක් වූ සිරියාව හා උතුරු ඊශ්‍රායෙල් දේශ දක්වා ව්‍යාප්ත විය.

බයිබලයෙහි සඳහන් වන තුන්වන තිග්ලත්-පිලෙසෙර් රජු (පුල්) යටතේ ඇසිරියාව ඊශ්‍රායෙලයට පීඩා කරන්නට පටන්ගත්තේය. ඔහුගේ හමුදා මෙහෙයුම් දකුණින් පිහිටි යූදා රාජ්‍යයටද බලපෑවේය. (2රාජා 15:19; 16:5-18) කල් යත්ම, අෂූරියේ බොහෝ වූ “ජලයන්” යූදා පුරා ගලා ගිය අතර අවසානයේදී එහි අගනුවර වූ යෙරුසලම කරා ළඟා විය.—යෙසා 8:5-8.

අෂූරියේ රජු වූ සෙනකෙරිබ් යූදා ආක්‍රමණය කළේ ක්‍රි.පූ. 732දීය. (2රාජා 18:13, 14) හෙතෙම ෂෙෆීලාහි ඉතා සුවිශේෂී පිහිටීමක් තිබූ ලාකීෂ් ඇතුළුව යූදා නුවරවල් 46ක් අල්ලාගත්තේය. සිතියමෙන් දැකිය හැකි පරිදි එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හමුදා යෙරුසලමට දකුණු දෙසින් නිරිත දෙසට ගියෝය. එමනිසා ඔවුන් යූදාහි අගනුවර වටලෑමට සමත් විය. සෙනකෙරිබ් ඔහුගේ පුරාවෘත්තවල පුරසාරම් දොඩමින් පැවසුවේ ඔහු හෙසකියාව “කූඩුවක හිර වී සිටින කුරුල්ලෙකු සේ” තබාගත් බවය. එනමුත් දෙවිගේ දූතයා අතින් සෙනකෙරිබ්ගේ සෙබළුන් අද්දුටු විනාශය ඇසිරියාවේ වාර්තාවල සඳහන් වී නොමැත.—2රාජා 18:17-36; 19:35-37.

ඇසිරියාවේ අධිරාජ්‍යයේ කාල සීමාව කෙළවර වීමට ආසන්න විණ. වර්තමානයේ ඉරානය පිහිටා තිබෙන කඳු සහිත සානුවේ ප්‍රධාන පදිංචිකරුවන්ව සිටි මේදියවරු ඇසිරියාවේ හමුදාවේ ඉතිරි සේනාංකවලට එරෙහිව සටන් කිරීමට පටන්ගත්තෝය. එහෙයින් ඇසිරියාවට බටහිරින් පිහිටි පළාත් කෙරෙහි නිසි ආධිපත්‍යයක් පවත්වාගත නොහැකි වූ නිසා ඒවායේද කැරලි හටගැනිණ. ඒ අතරතුර දිනෙන් දින බලසම්පන්න වූ බැබිලෝනිවරු අෂූර් නගරය පවා අල්ලාගත්තෝය. ක්‍රිස්තු පූර්ව 632දී “ලේ වගුරුවන නුවර” වූ නිනිවය බැබිලෝනිවරුන්, මේදියවරුන් හා කලු මුහුදට උතුරින් පැමිණි සටන්කාමී ජාතියක් වූ ස්කිතියන්වරුන්ගෙන් සැදුම් ලත් මිත්‍ර හමුදාවක් අතින් පරාජය විය. මෙය නාහූම්ගේ සහ ශෙපනියාගේ අනාවැකිවල ඉටුවීමක් විය.—නාහු 3:1; ශෙප 2:13.

ඇසිරියාව සිය අවසන් හුස්ම හෙළුවේ හාරාන්හිදීය. නොපසුබසිනා බැබිලෝනීය බළ ඇණියක ප්‍රහාරවලට ලක් වූ අෂූරිවරුන් උත්සාහ කළේ ඊජිප්තුවෙන් ඔවුන්ට උපකාර පැමිණෙන තෙක් සතුරන්ට එදිරිව සිටින්නටයි. එනමුත් උතුරු දෙසට ගමන් ගත් පාරාවෝ නෙකො, යූදාහි රජු වූ යොෂියාගෙන් මෙගිද්දෝහිදී එල්ල වූ ප්‍රහාරය නිසා නෙකොගේ ගමනට බාධා ඇති විය. (2ලේක 35:20) අන්තිමේදී නෙකො හාරාන් වෙත පැමිණි විට එය ප්‍රමාද වූවා වැඩිය. ඒ වන විට ඇසිරියාවේ අධිරාජ්‍යය බිඳ වැටී තිබිණ.

බැබිලෝනීය අධිරාජ්‍යය

“එල්ලෙන උද්‍යාන” ගැන පවසද්දී මනසට නැඟෙන්නේ කවර නගරයද? එය වනාහි බැබිලෝනිය නමැති ලෝක අධිරාජ්‍යයේ එම නමම දරන අගනුවරයි. අනාවැකිවල එය දක්වා ඇත්තේ පියාපත් ඇති සිංහයෙකු ලෙසය. (දානි 7:4) එහි රැස් කර තිබූ ධනස්කන්ධය, සිදු කළ වෙළඳ කටයුතු සහ ආගම්වල හා ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ විකාශනය සම්බන්ධයෙන් එම නගරය මනා ප්‍රසිද්ධත්වයක් ඉසිලීය. එම අධිරාජ්‍යය ප්‍රධාන වශයෙන් පිහිටා තිබුණේ ටයිග්‍රිස් සහ යුප්‍රටීස් ගංගා අතර වූ දකුණු මෙසපොතේමියාවේ පිහිටි වගුරුබිම් ආශ්‍රිතවය. මෙම නගරය යුප්‍රටීස් ගඟේ දෙපැත්තේම පිහිටා තිබුණු අතර එහි ඉදි කර තිබූ ප්‍රාකාර ඊට අපරාජිත පෙනුමක් ලබා දුන්නේය.

බැබිලෝනිවරු උතුරු අරාබියේ පාෂාණමය කාන්තාරය හරහා වෙළඳ මාර්ග ඇති කළෝය. එක් කාලයක නැබොනිඩස් වාසය කළේ තේමාහිය. ඒ කාලය අතරතුරේදී බැබිලෝනිය පාලනය කළේ බෙල්ෂශර්ය.

බැබිලෝනිය කානාන් දේශය තුන්වරක් ආක්‍රමණය කළේය. නෙබුකද්නෙශර් ක්‍රි.පූ. 625දී කර්කෙමිෂ්හිදී ඊජිප්තුවරුන්ව පරාජය කළායින් පසු බැබිලෝනිවරු දකුණු දෙසට වෙන්න පිහිටි හාමත් දක්වා ඉදිරියටම ගියෝය. එහිදී පසුබසිමින් සිටි ඊජිප්තුවරුන් ඔවුන් අතින් තවත් පරාජයකට ලක් විය. එතැන් සිට බැබිලෝනිවරු වෙරළබඩ තීරය දිගේ ඊජිප්තු (මිසරයේ) ඔය දක්වා වේගයෙන් ගමන් කළ අතර ඒ යන අතරවාරයේදී අෂ්කෙලොන්ද වනසා දැමුවෝය. (2රාජා 24:6, 7; යෙරෙ 47:5-7) මෙම යුධ ව්‍යාපාරය අතරතුරේදී යූදා රාජ්‍යය බැබිලෝනියට කප්පම් ගෙවන රාජ්‍යයක් බවට පත් විය.—2රාජා 24:1.

යූදාහි යෙහෝයාකිම් රජු ක්‍රි.පූ. 618දී කැරලිගැසීය. ඊට පිළිතුරු වශයෙන් බැබිලෝනිය ඒ අසල විසූ ජාතීන්ගෙන් සන්නද්ධ සේනාවන් යූදාවට එරෙහිව යැවීය. ඉන් අනතුරුව බැබිලෝනියේම හමුදා යෙරුසලම වට කර එය යටත් කළෝය. වැඩි කලක් යන්නට මත්තෙන් ශෙදකියා රජු තම රාජ්‍යයත් ඊජිප්තුවත් අතර මිත්‍ර සන්ධානයක් ඇති කරගත් නිසා බැබිලෝනිවරු සිය උදහස යූදා රාජ්‍යයට එරෙහිව ප්‍රබලව ප්‍රකාශ කළෝය. ඔවුහු නැවතත් යූදා දේශය ආක්‍රමණය කොට යූදාහි නගර විනාශ කිරීමට පටන්ගත්තෝය. (යෙරෙ 34:7) අවසානයේදී, නෙබුකද්නෙශර් සිය හමුදාවන් යෙරුසලම වෙතට මෙහෙයවූ අතර ක්‍රි.පූ. 607දී ඔහු එම නගරය යටත් කරගත්තේය.—2ලේක 36:17-21; යෙරෙ 39:10.

[23වන පිටුවේ කොටුව]

මෙම කාල පරිච්ඡේදයේදී ලියවුණු බයිබල් පොත්:

හොෂෙයා

යෙසායා

මීකා

හිතෝපදේශ (කොටසක්)

ශෙපනියා

නාහුම්

හබක්කුක්

විලාප ගී

ඔබදියා

එසකියෙල්

1 සහ 2 රාජාවලිය

යෙරෙමියා

[23වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

බැබිලෝනීය/ඇසිරියාවේ අධිරාජ්‍යය

ඇසිරියාවේ අධිරාජ්‍යය

B4 මෙම්ෆිස් (නොප්)

B4 ශොවන්

B5 ඊජිප්තුව

C2 සයිප්‍රසය (කිත්තිම්)

C3 සීදොන්

C3 තීර්

C3 මෙගිද්දෝ

C3 සමාරිය

C4 යෙරුසලම

C4 අෂ්කෙලොන්

C4 ලාකීෂ්

D2 හාරාන්

D2 කර්කෙමිෂ්

D2 අර්පාද්

D2 හමාත්

D3 රිබ්ලා

D3 සිරියාව

D3 දමස්කය

E2 ගෝසාන්

E2 මෙසපොතේමියාව

F2 මින්නී

F2 ඇසිරියාව

F2 කෝර්සාබාද්

F2 නිනිවය

F2 කලා

F2 අෂුර්?

F3 බැබිලෝනියාව

F3 බැබිලෝනිය

F4 කල්දියාව

F4 එරෙක්

F4 ඌර්

G3 ෂූෂන්

G4 ඒලාම්

බැබිලෝනීය අධිරාජ්‍යය

C3 සීදොන්

C3 තීර්

C3 මෙගිද්දෝ

C3 සමාරිය

C4 යෙරුසලම

C4 අෂ්කෙලොන්

C4 ලාකීෂ්

D2 හාරාන්

D2 කර්කෙමිෂ්

D2 අර්පාද්

D2 හමාත්

D3 රිබ්ලා

D3 සිරියාව

D3 දමස්කය

D5 තේමා

E2 ගෝසාන්

E2 මෙසපොතේමියාව

E4 අරාබිය

F2 මින්නී

F2 ඇසිරියාව

F2 කෝර්සාබාද්

F2 නිනිවය

F2 කලා

F2 අෂුර්?

F3 බැබිලෝනියාව

F3 බැබිලෝනිය

F4 කල්දියාව

F4 එරෙක්

F4 ඌර්

G3 ෂූෂන්

G4 ඒලාම්

[වෙනත් ස්ථාන]

G2 මේදියාව

මහාමාර්ග (ප්‍රකාශනය බලන්න)

[මුහුදු]

B3 මධ්‍යධරණී මුහු (මහ මුහු)

C5 රතු මුහුද

H1 කැස්පියන් මුහු

H5 පර්සියානු බොක්ක

[ගංගා]

B5 නයිල්

E2 යුප්‍රටීස්

F3 ටයිග්‍රිස්

[22වන පිටුවේ පින්තූරය]

ලාකීෂ් ගොඩැල්ල

[22වන පිටුවේ පින්තූරය]

පුරාණ මෙගිද්දෝහි ආකෘතියක්

[23වන පිටුවේ පින්තූරය]

බැබිලෝනියේ එල්ලෙන උද්‍යාන චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්