ආමොස් 4:1-13

4  “සමාරියේ කන්ද+ උඩට වී සිටින බාෂාන් දේශයේ එළදෙනුනි,+ මේ පණිවිඩයට සවන් දෙන්න. ‘අපට බොන්න ගෙනැවිත් දෙන්න’ කියා ඔබේ ස්වාමිපුරුෂයන්ට පෙරැත්ත කරන ඔබ නැති බැරි අයට වංචා කරන්නහුය.+ දුප්පතුන්ට පීඩා කරන්නහුය.  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම ශුද්ධකම සහතිකයක් ලෙස දෙමින් මෙසේ දිවුරන්නේය.+ ‘මතු දවස්වලදී ඔබව කොකුවලින් ඇදගෙන යනු ලබන්නේය. ඉතුරුව සිටින සෙනඟව බිලි කොකුවලින්+ ඇදගෙන යනු ලබන්නේය.  ඔබව ඇදගෙන ගොස් නුවර පවුරේ කඩා දැමූ තැන්වලින් එළියට තල්ලු කර දමනු ඇත.+ ඔබව හර්මොන්* මතට විසි කර දමනු ඇත.’ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.”  “‘ඊශ්‍රායෙල් ජනයෙනි, බෙතෙල් නගරයට ඇවිත් දූෂිත ක්‍රියාවල නියැලෙන්න.+ ගිල්ගාල් නගරයටත් ගොස් ඇති තරම් දූෂිත ක්‍රියාවල නියැලෙන්න.+ සෑම උදෑසනකම ඔබේ පූජා රැගෙන එන්න. තුන්වනදා දසයෙන් කොටස් ගෙනෙන්න.+  මුහුන් මිශ්‍ර කළ ස්තුති පූජා පූජාසනය මත දවන්න.+ ඔබේ කැමැත්තෙන්ම ඔප්පු කරන පූජා+ ගැන ප්‍රසිද්ධියේ දැනුම් දෙන්න. ඔබේ සිත් පෙලඹෙන්නේ එවැනි දේවල් කිරීමට නොවෙයිද?’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.  “‘මම ඔබ ජීවත් වන සියලුම නුවරවලත් සියලුම පළාත්වලත් ආහාර හිඟයක්+ ඇති කළෙමි. ඔබට කන්න මම කිසිවක් ඉතුරු නොකළෙමි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.  “‘අස්වැන්න නෙළන්න මාස තුනක් තිබියදී ඔබට අවශ්‍ය වර්ෂාව මම නොදුන්නෙමි.+ මම තෝරාගත් නගරවල පමණක් වර්ෂාව ඇද හැළෙන්න සැලැස්වූවෙමි. මම කැමති ඉඩම්වලට පමණක් වර්ෂාව දුන්නෙමි. අනික් ඉඩම් සියල්ල වර්ෂාව නොමැතිව වියළී ගියේය.+  එහෙයින් නගර කිහිපයක වැසියෝ දැඩි පිපාසයකින් වතුර ඇති නගරයක් සොයා ගියෝය.+ නමුත් ඔවුන්ට බීමට ප්‍රමාණවත් වතුර ලැබුණේ නැත. මේ සියල්ල සිදු වුණත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.  “‘මම ඔබේ අස්වැන්න වියළි සුළඟකින් හා දිලීර රෝගයකින්+ විනාශ කළෙමි. ඔබට බොහෝ පලතුරු උයන් හා මිදිවතු තිබුණද දළඹුවෝ ඔබේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද කා වනසා දැමුවෝය.+ ඒ සියල්ල සිදු වූ පසුත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. 10  “‘මම ඊජිප්තුවට සිදු කළ ලෙසම ඔබට පීඩාවලින් පහර දුන්නෙමි.+ ඔබේ තරුණයන්ව කඩුවෙන් මරා දමා+ ඔබේ අශ්වයන්ව පැහැරගෙන යන්න ඉඩහැරියෙමි.+ ඔබට පිළිකුලක් වන තරමටම ඔබේ කඳවුරුවලින් දුගඳක් හමන්න සැලැස්වූවෙමි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. 11  “‘මම සොදොම් සහ ගොමෝරාවට දඬුවම් කළ ලෙසම ඔබටත් දඬුවම් කළෙමි.+ ඔබ ගින්නෙන් ඉවතට ඇදගත් දර කැබැල්ලක් මෙනි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. 12  “‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ හැරී මා වෙතට නොපැමිණි නිසා නැවතත් මම ඔබට ඒ ආකාරයෙන්ම දඬුවම් කරන්නෙමි.’ එබැවින් දැන් යුද්ධයට සැරසී ඔබේ දෙවි ඉදිරියට පැමිණෙන්න.+ 13  කඳු සෑදුවෙත්+ සුළං හමන්න සැලැස්වූවෙත්+ තම සිතුවිලි මනුෂ්‍යයන්ට දැනගන්න සැලැස්වූවෙත් කවුද?+ අරුණාලෝකය පහ කර දමන,+ කඳු පාගා දමන+ ඒ තැනැත්තා කවුද? ඔහු වෙන කිසිවෙකු නොව ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+

පාදසටහන්

හර්මොන් කියා මෙහි යොමු දක්වන්නේ කුමකටද කියා නිශ්චිතවම පැවසිය නොහැක.