එස්රා 5:1-17

5  ඒ කාලයේදී හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වූ සෙකරියා+ යන අනාගතවක්තෘවරු දෙදෙනා දෙවිගේ නාමයෙන්+ අනාවැකි කියන්න පටන්ගත්තෝය. ඊශ්‍රායෙල්හි දෙවිගේ මඟ පෙන්වීම+ ඇතුව ක්‍රියා කළ ඔවුහු, යෙරුසලමෙහිද යූදාහිද ජීවත් වූ යුදෙව්වන්ට අනාවැකි කීවෝය.  එහි ප්‍රතිඵලයක් ලෙස ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ද+ යෙහොෂාදාක්ගේ පුත් යේෂුවාද+ එකතු වී යෙරුසලමේ පිහිටි දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න පටන්ගත්තෝය. ඒ සඳහා ඔවුන්ට දෙවිගේ අනාගතවක්තෘවරුන්ගේ+ උපකාරද ලැබිණ.  මේ ගැන ආරංචි වූ විට, මහ ගඟෙන් එගොඩ+ සිටි ආණ්ඩුකාරයා වූ තත්තෙනයිද+ ෂේතාර්-බෝසෙනයිද ඔවුන්ගේ සගයෝද යුදෙව්වරුන් වෙතට පැමිණ, “මේ ගෘහය හා එහි බිත්ති නැවත ගොඩනඟන්න ඔබට අවසර දුන්නේ කවුද”+ කියා ඇසුවෝය.  “මේ ගෘහය ගොඩනැඟීමේ කාර්යයට හවුල් වන අයගේ නම් අපට කියන්න” කියාද ඔවුහු ඔවුන්ට පැවසුවෝය.  එහෙත් යුදෙව්වරුන් අතරේ සිටි වැඩිමහල්ලන්ට දෙවිගේ උපකාරය තිබුණු නිසා+ ගොඩනැඟීමේ කාර්යය නතර කිරීමට ඔවුන්ට නොහැකි විය. එහෙයින් ඔවුහු මේ සම්බන්ධයෙන් ලිපියකින් දාරියුස් රජුට දන්වා ඊට පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටියෝය.  මහ ගඟෙන් එගොඩ+ සිටි ආණ්ඩුකාරයා වූ තත්තෙනයිද+ ෂේතාර්-බෝසෙනයිද+ නියෝජ්‍ය ආණ්ඩුකාරයන් වූ ඔවුන්ගේ සගයෝද+ එකතු වී දාරියුස් රජුට ලියූ ලිපිය+ මතු දැක්වේ.  එහි මෙසේ සඳහන් විය. “දාරියුස් රජතුමනි, “ඔබතුමාට සමාදානය ලැබේවා!+  යූදා පළාතේ+ තිබෙන ශ්‍රේෂ්ඨ දෙවිගේ+ ගෘහයට අපි ගිය බව රජ්ජුරුවන්ට දන්වන්න කැමැත්තෙමු. සෙනඟ විශාල ගල්වලින්* එම ගෘහය නැවත ගොඩනඟමින් සිටින ආකාරය දැකගැනීමට අපට හැකි විය. මේ වන විටත් එහි බිත්ති මත ලී බාල්ක තබා අවසන්ය. ගොඩනැඟීමේ වැඩකටයුතු ඉතා උනන්දුවෙන් හා හොඳින් කෙරීගෙන යයි.  අපි එහි සිටි වැඩිමහල්ලන්ගෙන් මෙසේ ඇසුවෙමු. ‘මේ ගෘහය හා එහි බිත්ති නැවත ගොඩනඟන්න ඔබට අවසර දුන්නේ කවුද?’+ 10  එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන අයගේ නම්+ මොනවාද කියාත් අපි ඔවුන්ගෙන් ඇසුවෙමු. අප එසේ කළේ එම තොරතුරු ලියා ඔබතුමාට දැන්වීමේ අදහසිනි. 11  “එවිට ඔවුන් අපට දුන් පිළිතුර මෙයයි. ‘අපි ස්වර්ගය සහ පොළොව+ පාලනය කරන දෙවිගේ සේවකයන්. අපි දැන් නැවත ගොඩනඟන්නේ ඒ දෙවිගේ ගෘහයයි. මීට අවුරුදු ගණනාවකට කලින් ඊශ්‍රායෙල් දේශයේ රජකම් කළ ශ්‍රේෂ්ඨ රජෙක් මේ ගෘහය ගොඩනැඟුවා.+ 12  නමුත් අපේ පියවරුන් ස්වර්ගයේ දෙවිව උදහසට+ පත් කළ නිසා දෙවි ඔවුන්ව බැබිලෝනියේ රජු වූ කල්දිය ජාතික+ නෙබුකද්නෙෂර්ගේ+ අතට භාර දුන්නා.+ ඉන්පසු නෙබුකද්නෙෂර් රජ, මෙහි ගොඩනඟා තිබූ ගෘහය සම්පූර්ණයෙන්ම විනාශ කර,+ සෙනඟව බැබිලෝනියට රැගෙන ගියා.+ 13  නමුත් බැබිලෝනියේ රජකම් කළ සයිරස්ගේ පාලන සමයේ පළමුවන අවුරුද්දේදී+ දෙවිගේ මෙම ගෘහය නැවත ගොඩනඟන්න+ කියා සයිරස් රජ්ජුරුවෝ අණ කළා. 14  මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා. 15  “මේ භාණ්ඩ+ යෙරුසලමට රැගෙන ගොස් දෙවිගේ ගෘහයේ තබන්න. දෙවිගේ ගෘහය කලින් තිබුණු ස්ථානයේම නැවත ගොඩනඟන්න”+ කියා රජ්ජුරුවෝ ඒ අවස්ථාවේදී ඔහුට පැවසුවා. 16  ඉන්පසු රජු කී ලෙස ෂෙෂ්බෂර් යෙරුසලමට පැමිණ එහි තිබූ දෙවිගේ ගෘහයේ අත්තිවාරම්+ දැමීමට පියවර ගත්තා. එදා අපි ආරම්භ කළ මෙම ගොඩනැඟීමේ වැඩකටයුතු තවමත් අවසන් වී නැහැ.’+ 17  “එහෙයින් රජතුමනි, ඔබ සුදුසුයි කියා සිතනවා නම් රජමාලිගාවේ වාර්තා පරීක්ෂා කර බැලීමට+ නියෝග කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. එවිට යෙරුසලමේ තිබෙන දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීමට සයිරස් රජු ඇත්තටම අවසර+ දුන්නාදැයි රජතුමාට දැනගැනීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ තීරණය අපට දන්වා එවන ලෙස අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.”

පාදසටහන්

එනම්, ඉසිලීමට නොහැකි තරම් විශාල ගල්වලින්.