එස්රා 6:1-22

6  දාරියුස් රජ බැබිලෝනියේ පිහිටි රාජකීය භාණ්ඩාගාරයේ තැන්පත් කර තිබූ වාර්තා+ පරීක්ෂා කර බලන මෙන් නියෝගයක් නිකුත් කළේය.  එවිට මේදිය+ බලප්‍රදේශයට අයත් එක්බටානා නම් නුවරේ පිහිටි රජමාලිගාවේ ලියවිල්ලක් තිබී සම්බ විය. එහි සඳහන් වූයේ මෙයයි.  “සයිරස්+ රජුගේ පාලන සමයේ පළමුවන අවුරුද්දේදී සයිරස් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය සම්බන්ධයෙන් මෙම ආඥාව නිකුත් කර තිබිණ. ‘දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න යුදෙව්වරුන්ට ඉඩ දෙන්න. එවිට ඔවුන්ට එහි පූජා+ ඔප්පු කළ හැකියි. එහි අත්තිවාරම් ශක්තිමත්ව දැමිය යුතුයි. ගෘහයේ උස රියන්* හැටක්ද පළල රියන්+ හැටක්ද විය යුතුයි.  විශාල ගල් තට්ටු+ තුනක් සහ ලී+ බාල්කයක් සහිතව එහි තාප්පය සාදගන්න. ගෘහය සෑදීමට යන මුළු වියදම රාජකීය භාණ්ඩාගාරයෙන්+ ගෙවීමට මම නියෝග කරමි.  නෙබුකද්නෙෂර්+ රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් බැබිලෝනියට රැගෙන ආ රන් හා රිදී භාණ්ඩද+ ඔවුන්ට නැවත භාර දෙන්න. යෙරුසලමේ ගොඩනඟන දෙවිගේ ගෘහයේ+ නියමිත ස්ථානයේ තැන්පත් කිරීම සඳහා ඔවුන්ට එම භාණ්ඩ භාර දිය යුතුයි.’  “එම ආඥාවට අනුව මෙම ගොඩනැඟීමේ කාර්යයට කිසිවෙකු බාධා නොකළ යුතුයි. මහ ගඟෙන් එගොඩ+ සිටින ආණ්ඩුකාර තත්තෙනයිට+ හෝ ෂේතාර්-බෝසෙනයිට+ හෝ නියෝජ්‍ය ආණ්ඩුකාරයන්ට+ හෝ ඔවුන් සමඟ වැඩ කරන වෙන කිසිවෙකුට හෝ එම ස්ථානයට යෑමට අවසර නැත.+  දෙවිගේ ගෘහයේ වැඩකටයුතු බාධාවකින් තොරව දිගටම කරගෙන යෑමට යුදෙව්වරුන්ට ඉඩහරින්න.+ ඔවුන්ගේ ආණ්ඩුකාරයා සහ ඔවුන්ගේ වැඩිමහල්ලෝ දෙවිගේ ගෘහය තිබිය යුතු නියම ස්ථානයෙහි නැවත ගොඩනඟනු ඇත.  දෙවිගේ ගෘහය ගොඩනැඟීම සඳහා යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙන ලෙස මම ඔබට නියෝග+ කරමි. මහ ගඟෙන් එගොඩ පිහිටි ප්‍රදේශවලින් රාජකීය භාණ්ඩාගාරයට+ ලැබෙන බදු සියල්ල ඔවුන්ගේ අතට භාර දිය යුතුයි.+  ස්වර්ගයෙහි වෙසෙන ඔවුන්ගේ දෙවිට දවන පූජා ඔප්පු කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය වස්සන්ද+ බැටළුවන්ද+ බැටළු පැටවුන්ද+ තිරිඟුද+ ලුණුද+ වයින්ද+ තෙල්ද+ යන සියල්ල ලබා දෙන්න. එමෙන්ම යෙරුසලමේ සිටින පූජකයන් ඉල්ලන සෑම දෙයක්ම දිනපතා නොවරදවාම ඔවුන්ට ලබා දිය යුතුයි. 10  එවිට රජ්ජුරුවන්ගේද රජ්ජුරුවන්ගේ පුත්‍රයන්ගේද+ දිවි රැක දෙන ලෙස ස්වර්ගයේ දෙවිගෙන් ඉල්ලමින් ඔහුට ප්‍රසන්න වන ආකාරයේ පූජා+ නොකඩවා+ ඔප්පු කිරීමට ඔවුන්ට හැකි වෙයි. 11  නමුත් යමෙකු මේ රාජ නියෝගය කඩ කළොත්+ ඔහුගේ නිවසින් බාල්කයක්+ ගලවා ඔහුව එහි එල්ලා මරා+ දමනු ඇත. ඔහුගේ නිවසද වැසිකිළියක් බවට පත් වනු ඇත.+ 12  දෙවි යෙරුසලමේ තිබෙන එම ගෘහය තෝරාගෙන තිබෙන්නේ තම නම දැරීමටයි.+ ඒ නිසා යම් රජෙකු හෝ යම් සෙනඟක් හෝ මෙම රාජ නියෝගය කඩ කර එම ගෘහය විනාශ කර දමන්න උත්සාහ කළොත්+ දෙවි විසින්ම ඔවුන්ව විනාශ කරනු ලැබේවා! මෙම නියෝගය පනවන්නේ දාරියුස් රජු වන මමය. එය වහාම ක්‍රියාත්මක කළ යුතුය.” 13  එවිට මහ ගඟෙන් එගොඩ+ සිටි ආණ්ඩුකාරයා වූ තත්තෙනයිද ෂේතාර්-බෝසෙනයිද+ ඔවුන්ගේ සගයෝද දාරියුස් රජු පැනවූ නියෝගය වහාම ක්‍රියාත්මක කළෝය. 14  අනාගතවක්තෘ හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වූ සෙකරියා+ පැවසූ අනාවැකිවලින් දිරියක් ලැබූ යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝ,+ දෙවිගේ ගෘහයේ ගොඩනැඟීමේ වැඩකටයුතු+ ඉතා සාර්ථකව කරගෙන ගියෝය. ඊශ්‍රායෙල්හි දෙවි+ දුන් ආඥාවට අනුව ඔවුහු දෙවිගේ ගෘහය ගොඩනඟා අවසන් කළෝය. සයිරස්+ රජු, දාරියුස්+ රජු සහ පර්සියාවේ රජු වූ අර්තක්ෂස්තා+ දුන් නියෝගවලට අනුව ඒ වැඩකටයුතු සියල්ල නිම කරන ලදි. 15  ඔවුහු ආදාර්+ නම් මාසයේ තුන්වනදා වන විට ගොඩනැඟීමේ කටයුතු නිම කළෝය. ඒ වැඩකටයුතු නිම කළේ දාරියුස් රජු පාලනය කළ හයවන අවුරුද්දේදීය. 16  ඊශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද+ නිදහස ලබා+ පැමිණි අන් සියලුදෙනාද දෙවිගේ ගෘහය කැප කිරීම සඳහා ඉතා සතුටින් උත්සවයක්+ පැවැත්වූහ. 17  ඔවුහු එම උත්සවය සඳහා ගවයන් සියයක්ද බැටළුවන් දෙසියයක්ද බැටළු පැටවුන් හාරසියයක්ද ගෙනාවෝය. ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් පාප පූජාවක් ඔප්පු කිරීම සඳහා ඊශ්‍රායෙල්හි ගෝත්‍ර ගණනට+ අනුව එළුවන් දොළොස්දෙනෙකුද ගෙනාවෝය. 18  ඔවුහු මෝසෙස්ගේ නීතියේ+ සඳහන් ආකාරයට පූජකයන්ව තම තමන්ගේ පන්තිවලට අනුවත් ලෙවීවරුන්ව තම තමන්ගේ කණ්ඩායම්වලට+ අනුවත් වෙන් කර, යෙරුසලමෙහි දෙවිට සේවය කරන පිණිස ඔවුන්ව පත් කළෝය. 19  වහල්භාවයෙන් නිදහස ලබා පැමිණි සියලුදෙනා පළමුවන මාසයේ+ දහහතරවන දින පාස්කු උත්සවය+ පැවැත්වූහ. 20  පූජකයන් සහ ලෙවීවරුන් සියලුදෙනාම පවිත්‍ර වී+ සිටි හෙයින් ඔවුහු පාස්කු උත්සවය සඳහා ගෙනා බැටළු පැටවුන්ව මැරුවෝය.+ ඉන්පසු ඔවුහු තමන් වෙනුවෙන්ද පූජකයන් වූ තමන්ගේ සහෝදරයන් වෙනුවෙන්ද නිදහස ලබා පැමිණි සියලුදෙනා වෙනුවෙන්ද උන්ව ඔප්පු කළෝය. 21  ඉන්පසු නිදහස ලබා පැමිණි ඊශ්‍රායෙල්වරුද අවට ජාතීන්ගේ අපවිත්‍රකම්වලින්+ ඈත්ව ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පැතූ+ සියලුදෙනාද පාස්කු පූජාව අනුභව කළෝය.+ 22  ඔවුහු සත් දවසක් පුරා මුහුන් නොදැමූ රොටි උත්සවයද+ ඉතා ප්‍රීතියෙන් පැවැත්වූහ. ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා තමාගේ ගෘහය ගොඩනැඟීමේ කාර්යයට අතහිත දීම සඳහා ඇසිරියාව පාලනය කළ රජුගේ සිත පෙලඹෙවූ+ නිසාත් ඒ වැඩකටයුතු සාර්ථකව නිම කිරීමට ආශීර්වාද කළ නිසාත් ඔවුන්ට මහත් ප්‍රීතියක් දැනිණ.

පාදසටහන්

උත් 6:15හි පාදසටහන බලන්න.