එස්රා 9:1-15

9  මේ සියලු කාර්යයන් සම්පූර්ණ වූ වහාම අධිපතීහු+ මා ළඟට ඇවිත් මෙසේ පැවසූහ. “ඊශ්‍රායෙල් ජනයාත් පූජකයන් සහ ලෙවීවරුනුත් තවමත් අවට ජීවත් වන කානානිවරුන්,+ හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්,+ යෙබූසිවරුන්,+ අම්මොන්වරුන්,+ මෝවබ්වරුන්,+ ඊජිප්තුවරුන්+ සහ අමෝරිවරුන්+ සමඟ නුසුදුසු සබඳතා පවත්වනවා.+ ඒ ජාතීන් කරන පිළිකුල් දේවල්ම+ ඔවුනුත් කරනවා.  ඔවුන් ඒ ජාතීන් අතරින් තමන්ටත් තමන්ගේ පුතුන්ටත් භාර්යාවන් සොයාගෙන තියෙනවා.+ ඒ නිසා අපේ ශුද්ධ ජාතිය+ ඒ ජාතීන් සමඟ මිශ්‍ර වී+ දූෂ්‍ය වෙලා. මේ ද්‍රෝහි ක්‍රියාවට මුල් වී+ සිටින්නේ අපේ අධිපතීන් සහ නිලධාරීනුයි.”  මට මේ දේ ආරංචි වූ වහාම මා තුළ මහත් කම්පනයක් ඇති විය. එවිට මම මාගේ වස්ත්‍ර ඉරාගෙන+ මාගේ හිසකෙස්+ සහ රැවුල්ගස් උගුලා දමා මහත් ශෝකයෙන්+ හිඳගෙන සිටියෙමි.  මම සවස් වරුවේ ධාන්‍ය පූජාව+ ඔප්පු කරන අවස්ථාව පැමිණෙන තුරු එසේ හිඳගෙන සිටියෙමි. වහල්කමින් නිදහස් වී පැමිණි අයගේ ද්‍රෝහිකම්වලට විරුද්ධව ඊශ්‍රායෙල්හි දෙවි පැවසූ දේ නිසා බොහෝදෙනෙක් බියෙන් ගැහිගැහී+ මා ළඟට පැමිණියෝය.  වස්ත්‍ර ඉරාගෙන ශෝකයෙන් බිම හිඳගෙන සිටි මම සවස් වරුවේ ධාන්‍ය පූජාව+ ඔප්පු කරන අවස්ථාවේදී නැඟිට්ටෙමි. ඉන්පසු මම දණ ගසා+ ස්වර්ගය දෙසට අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+  මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා.  අපේ මුතුන්මිත්තන්ගේ+ කාලයේ සිට මේ දක්වාම+ අපි බරපතළ ලෙස වැරදි කර තිබෙනවා. වෙනත් දේශවල රජවරුන් අපිට විරුද්ධව යුද්ධ කර+ අපිව යටත් කරගත්තා. ඔවුන් අපේ වස්තු සියල්ල කොල්ල කා+ අපිව වහලුන්+ හැටියට ගෙන ගියා. අද වන තුරු අපි ඒ විදිහේ නින්දාවලට මුහුණ දුන්නා.+ අපිටත් අපේ රජවරුන්ටත්+ අපේ පූජකයන්ටත්+ මෙවැනි දේවල් අත් විඳින්න සිදු වුණේ අපේම වැරදි නිසයි.  යෙහෝවා, අපේ දෙවියනි, අපි කාලයක් මේ විදිහට දුක් වින්දා. ඒත් දැන් ඔබ අපිට අනුකම්පා කර,+ සුළු මොහොතකට හරි අපිට සහනයක් ලබා දුන්නා. අපෙන් සුළු පිරිසකට නිදහස් වෙන්න+ ඉඩ සලසා දී ඔබේ ශුද්ධස්ථානයේ ස්ථිර තැනක් අපිට ලබා දුන්නා. අපි කරන වහල් මෙහෙකාරකම්වලින් අපිට යම් සහනයක්+ ලැබී තිබෙන නිසා අපේ සිතට දැනෙන්නේ මහත් ප්‍රීතියක්.+  ඇත්තටම අපි තවමත් සිටින්නේ වහලුන්+ ලෙසයි. නමුත් දෙවියනි, ඔබ අපව අත්හැරියේ නැහැ.+ පර්සියාවේ රජ්ජුරුවන්+ අපිට හොඳින් සලකන්නේ ඔබ අපට පෙන්වන මහත් කරුණාව* නිසයි. අපිට අපේ දේශයට පැමිණ ඔබගේ ගෘහය නැවත ගොඩනඟන්න+ ලැබුණෙත් යූදා දේශයේ හා යෙරුසලමේ පාළු තැන් ගොඩනඟා+ එහි සුරක්ෂිතව ජීවත් වෙන්න+ ලැබුණෙත් ඔබේ කරුණාව නිසයි. 10  “නමුත් දැන් අපි ආයෙත් ඔබේ අණපනත්+ අත්හැර ගිහින්. අපේ දෙවියනි, නිදහසට කියන්න අපට කිසිම දෙයක් නැහැ. 11  ඔබේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබ අපිට දුන් මේ ආඥා අපිට හොඳින් මතකයි. ‘ඔබ හිමි කරගන්න යන දේශය දූෂිත තත්වයක+ පවතිනවා. එහි වැසියන්ගේ පිළිකුල්සහගත+ හැසිරීම+ දේශයේ අස්සක් මුල්ලක් නෑර+ දැකගත හැකියි. 12  ඒ නිසා ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ටවත්+ ඔවුන්ගේ දූවරුන්ව ඔබේ පුතුන්ටවත් විවාහ කර දෙන්න එපා. ඔබ කිසිදා ඒ ජාතීන්ගේ ශුභසිද්ධිය+ තකා හෝ දියුණුව තකා හෝ වැඩ නොකළ යුතුයි. ඔබ මට කීකරු වුණොත් ඔබ බලවත් ජාතියක්+ බවට පත් වෙයි. දේශයේ හොඳම දේ භුක්ති විඳින්නත් ඔබට පුළුවන් වෙයි. එවිට ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සදහටම දේශය උරුම+ කරගන්න ලැබෙන බව නිසැකයි.’ 13  නමුත් අපේ දෙවියනි, ඔබ කී දේට අපි අකීකරු වුණා. අපි දඬුවම් ලැබුවේ ඒ නිසයි. නමුත් අපි කළ වැරදි+ හා සසඳද්දී අපි ලැබූ දඬුවම කිසිත් නැති තරම්.+ වහල්කමින් නිදහස් වී පැමිණෙන්න අපිට හැකි වුණේ ඒ නිසයි.+ 14  ඔබ මේ සෑම දෙයක්ම අප වෙනුවෙන් කළ පසුත් පිළිකුල්සහගත දේවල් කරන+ අවට ජාතීන් සමඟ විවාහ ගිවිසුම්+ ඇති කරගෙන නැවත ඔබේ ආඥා කඩ කිරීම මොන තරම් අපරාධයක්ද! දෙවියනි, අපෙන් කිසිවෙක් ඉතුරු නොවන ලෙස+ අපිව විනාශ කර දමන තරමටම ඔබ උදහස්+ වෙන බව නිසැකයි. 15  ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා, ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්.+ ඔබ අපිව වහල්කමින් නිදහස් කළා. අද අපි ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ වරදකරුවන් ලෙසයි.+ අපි ඔබට විරුද්ධව ලොකු වරදක් කර තිබෙනවා. අපිට නිදහසට කියන්න කිසිවක් නැහැ.”+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”