කොලොස්සි 2:1-23
2 ඔබ වෙනුවෙනුත් ලවෝදිසියේ සිටින අය වෙනුවෙනුත්+ මාව පෞද්ගලිකව මුණගැසී නැති සියලුදෙනා වෙනුවෙනුත් මා මොන තරම් මහත් සටනක යෙදෙනවාද+ කියා ඔබ දැනගන්නවාට කැමැත්තෙමි.
2 මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් සැනසීමටත්+ ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටිනවා දැකීමටත්ය.+ එවිට ඔවුන්ට මහත් වස්තු සම්භාරයක් වන සත්‍යය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත්+ දෙවිගේ පරිශුද්ධ රහස වන ක්‍රිස්තුස්+ පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමටත් හැකි වේ.
3 වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාවත් දැනුමත් සුරක්ෂිතව සඟවා ඇත්තේ ක්‍රිස්තුස් තුළය.+
4 මා එසේ කියන්නේ කිසිවෙකුගේ මුළා කරවනසුලු තර්කවලින් ඔබ නොරැවටෙන පිණිසය.+
5 මන්ද මා පෞද්ගලිකව ඔබ සමඟ නොසිටියත් සිතින් ඔබ සමඟ සිටිමි.+ එහෙයින් ඔබ නිසි පිළිවෙළකින් කටයුතු කරන ආකාරයත්+ ක්‍රිස්තුස් කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ස්ථිරද කියාත් දකින විට+ මට මහත් ප්‍රීතියක් දැනේ.
6 ඔබ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ව පිළිගෙන ඇති නිසා ඔහු සමඟ එකට බැඳී සිටින අය ලෙස+ ඔබේ ජීවිතය ගත කරන්න.
7 ගසක් මුල් අදිනවා වගේ ඔබට ඉගැන්වූ ආකාරයට ඔබත් ඔහු තුළ දිගටම මුල් ඇද+ ශක්තිමත්ව පිහිටා සිටින්න. ඔහුව අත්තිවාරමක් ලෙස සලකා ඔහු මත ඔබේ ජීවිතය දිගටම ගොඩනඟන්න.+ එලෙසම ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න.+ ඔබ දෙවිට ස්තුති දෙන විට ඔබේ විශ්වාසය පිරී ඉතිරී යා යුතුයි.+
8 කෙසේවෙතත් ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට+ යම් කෙනෙක් දර්ශන+ සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර+ යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය.+ නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.
9 මන්ද දෙවිගේ+ ගතිලක්ෂණවල+ මුළු පරාසයම පූර්ණ ලෙස පිළිබිඹු වන්නේ+ ක්‍රිස්තුස් තුළින්ය.
10 එහෙයින් සියලුම පාලනවල හා අධිකාරීන්ගේ හිස වන ඔහු+ පූර්ණ ලෙස පිළිබිඹු කරන ඒ දේ ඔබටත් පිළිබිඹු කිරීමට හැකි වේ.
11 ඔහු සමඟ ඔබට ඇති බැඳීම+ නිසා යම් ආකාරයකින් ඔබව චර්මච්ඡේදනය කර තිබෙන බව කිව හැක.+ නමුත් එය මිනිසුන් සිදු කරන චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට අනුව කළ එකක් නොවේ. එය ශරීරයේ පව්කාර ක්‍රියාවන් ඉවත් කිරීම මගින් සිදු කළ චර්මච්ඡේදනයකි.+ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ව චර්මච්ඡේදනය කරනු ලබන්නේ එලෙසය.
12 ඔහුට සමාන බව්තීස්මයකට යටත් වීමෙන් ඔබත් ඔහු සමඟ මිය ගොස් තැන්පත් කර ඇති බව කිව හැකියි.+ එමෙන්ම ඔහු සමඟ ඔබට ඇති බැඳීම නිසාත් ඔහුව මරණයෙන් නැවත නැඟිටෙවූ දෙවි+ තම බලය යොදාගෙන ක්‍රියා කරන ආකාරය+ ගැන ඔබට තිබෙන විශ්වාසය නිසාත්+ ඔබවද ඔහු සමඟ නැඟිටුවා තිබේ.+
13 ඔබ වැරදි දේ කරමින් අචර්මච්ඡේදිතයන් ලෙස මැරී සිටියදී දෙවි ඔබව ජීවත් කර ඔහු සමඟ හදවතින්ම බැඳී සිටින අය බවට පත් කළේය.+ ඔහු ඉතා කරුණාවන්තව අපගේ සියලු වැරදිවලට සමාව දී,+
14 විවිධ අණපනත්වලින් හා නියෝගවලින් සෑදුණු,+ අපට විරුද්ධව සාක්ෂි දැරූ+ ලිඛිත නීතිය+ අවලංගු කළේය.+ ඔහු එම ලියවිල්ල යේසුස් දුක් වින්ද වධකණුවෙහි+ ඇණ ගසා+ නැති කර දැමුවේය.
15 එලෙසම ඔහු එම වධකණුව මාර්ගයෙන් පාලකයන්ව සහ අධිකාරීන්ව+ නිරුවත් කර පරාජිතයන් ලෙස+ ඔවුන්ව ප්‍රසිද්ධියේ පෙරහැරක ගෙන ගියේය.+
16 එහෙයින් ඔබේ කෑම බීම ගැනවත්+ උත්සවයක් ගැනවත්+ අමාවක දවසක්+ නැතහොත් සබත් දවසක් ගැනවත්+ ඔබව විනිශ්චය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+
17 මන්ද ඒ දේවල්, පැමිණීමට තිබූ සැබෑ දේ+ වන ක්‍රිස්තුස්+ පිළිබඳ ඡායාවක් පමණි.+
18 නිහතමානිකම බොරුවට මවාපාන්නත් දේවදූතයන්ට නමස්කාර කරන්නත් මහත් කැමැත්තක් දක්වන කිසිම කෙනෙකුට ඔබේ තෑග්ග+ ඔබට අහිමි කිරීමට ඉඩ නොදෙන්න.+ එවැනි අය තමන්ට යම් දේවල් දර්ශනය වී ඇති බව තරයේ කියා සිටිති.* ඔවුන්ගේ සිතුවිලි තම පව්කාර ආශාවලින් පාලනය වන නිසා ඔවුහු තම හිස උදුම්මාගෙන සිටිති. එසේ සිටීමට ඔවුන්ට කිසි සාධාරණ හේතුවක් නැත.
19 ඔවුහු ශරීරයේ හිස වන තැනැත්තාට විශ්වාසවන්තව සිටින්නේ නැත.+ මුළු ශරීරයටම සෑම දෙයක්ම ලැබෙන්නේ ඔහු මාර්ගයෙනි. එමෙන්ම සන්ධි හා පේශීන් මාර්ගයෙන් මුළු ශරීරය සමඟියෙන් එකට බැඳී පවතින්නෙත්+ දෙවි ලබා දෙන වර්ධනය ලබමින් වර්ධනය වන්නෙත් ඔහු නිසාය.+
20 ලෝකය+ මූලධර්මයන්+ ලෙස සලකන දේවල් සම්බන්ධයෙන් ඔබ ක්‍රිස්තුස් සමඟ මිය ගොස් ඇත්නම්+ මේ ලෝකයට අයත් කෙනෙකු මෙන් එම අණපනත්වලට ඔබ තවදුරටත් යටත් වී සිටීමට කැමති වන්නේ මන්ද?+
21 “ස්පර්ශ නොකරන්න. රස නොබලන්න.+ අත නොගසන්න,”+
22 යනාදි අණපනත් පනවා තිබෙන්නේ භාවිත කළ පසු ඉවත දමන දේවලටය. ඒ අණපනත් වැදගත් වන්නේ මිනිසුන්ට පමණි.+
23 බැලූ බැල්මට එම අණපනත් රැකීම ඉතා ප්‍රඥාවන්ත දෙයක් ලෙස පෙනේ. මන්ද ඔවුහු තමන් විසින්ම සාදාගත් නමස්කාර පිළිවෙතක් අනුගමනය කරමින් නිහතමානිකම බොරුවට මවාපාමින් තම ශරීරයට නොයෙකුත් වධ හිංසා පමුණුවාගනිමින් කටයුතු කරති.+ නමුත් පව්කාර ආශාවන් පාලනය කිරීමට විරුද්ධව තිබෙන සටනට එයින් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.+
පාදසටහන්
^ මූ.අ., “නැඟී සිටිමින්.” මිථ්‍යාදෘෂ්ටික වතාවත්වල පවසන දෙයකි.