කොලොස්සි 4:1-18
4 ස්වාමිවරුනි, ඔබටත් ස්වර්ගයෙහි ස්වාමියෙකු සිටින බව මතක තබාගෙන+ ඔබේ දාසයන් සමඟ ධර්මිෂ්ඨ ලෙස හා සාධාරණ ලෙස කටයුතු කරන්න.+
2 නොකඩවා යාච්ඤා කරන්න.+ යාච්ඤා කිරීමටත් දෙවිට ස්තුති කිරීමටත් අමතක නොකරන්න.+
3 දේශනා කිරීමටත් ක්‍රිස්තුස් පිළිබඳ පරිශුද්ධ රහස+ ගැන කතා කිරීමටත් අපට අවස්ථාවක් විවෘත කර දෙන්න කියා+ අප වෙනුවෙනුත් දෙවිට යාච්ඤා කරන්න.+ මා සිරභාරයේ සිටින්නේ+ එසේ දේශනා කළ නිසාය.
4 එලෙසම මට ඒ පණිවිඩය පැහැදිලිව ඉදිරිපත් කිරීමට හැකියාව දෙන ලෙසත් ඉල්ලා යාච්ඤා කරන්න.+
5 සභාවෙන් පිටත සිටින අය සමඟ කටයුතු කරද්දී ඥානවන්තව කටයුතු කරන්න.+ ඔබට තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.*+
6 නිතරම කාරුණිකව+ කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ+ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම+ ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.
7 ස්වාමීන්ගේ අනුගාමිකයෙකු වන මගේ ප්‍රේමණීය සහෝදර තිකිකස්+ මගේ වැඩකටයුතු ගැන ඔබට තොරතුරු ලබා දෙයි. ඔහු විශ්වාසවන්ත දේවසේවකයෙක් මෙන්ම මා සමඟ හවුලේ සේවය කරන දාසයෙකි.
8 මා ඔහුව ඔබ ළඟට එවන්නේ අප ගැන තොරතුරු ඔබට ලබා දී ඔබේ සිත් සැනසීම සඳහාය.+
9 ඔබේ පළාතේම කෙනෙකු වන මගේ විශ්වාසවන්ත, ප්‍රේමණීය සහෝදර ඔනෙසිමස්වද+ මම ඔහු සමඟ එවන්නෙමි. මෙහි සිදු වන සියලු දේවල් පිළිබඳ තොරතුරු ඔබට ඔවුන්ගෙන් දැනගත හැකි වේ.
10 මා සමඟ සිරභාරයේ සිටින අරිස්තාකස්ද+ බානබස්ගේ නෑදෑයෙකු වන මාක්ද+ ඔබට සුබ පැතුම් එවති. (මාක් යම් දිනක ඔබ වෙතට පැමිණියොත් අප ඔබට දී ඇති මඟ පෙන්වීම්වලට අනුව ඔහුව සාදරයෙන් පිළිගන්න.)+
11 ජස්ටස් යන නමින්ද හඳුන්වන යේසුස් ඔබට සුබ පතයි. ඔවුන් සියලුදෙනාම චර්මච්ඡේදනය වී ඇති අයයි. දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් මට සහයෝගය දෙමින් සේවය කරන්නේ ඔවුන් පමණි. ඇත්තෙන්ම ඔවුහු මට ඉමහත් ශක්තියක් හා ධෛර්යයක් වී ඇත.
12 ක්‍රිස්තුස් යේසුස්ගේ දාසයෙකු වන ඔබේ පළාතේම තවත් කෙනෙකු වන එපෆ්රස්ද+ ඔබට සුබ පතයි. ඔහු නිතරම ඔබ වෙනුවෙන් මහත් උනන්දුවකින් යාච්ඤා කරයි. ඔහුගේ ආශාව වන්නේ ඔබ අවසානය දක්වා අවබෝධයෙන් ක්‍රියා කරන අය ලෙසත්+ දෙවිගේ කැමැත්ත ගැන ස්ථිර විශ්වාසයකින් සිටින අය ලෙසත් නොසැලී සිටිනවා දැකීමය.
13 ඇත්තෙන්ම ඔහු ඔබ වෙනුවෙනුත් ලවෝදිසියේ සිටින අය+ වෙනුවෙනුත් හියරපොලිසෙහි සිටින අය වෙනුවෙනුත් මහත් වෙහෙසක් දරන බව මම එකහෙළාම පවසමි.
14 ලූක්+ නම් ප්‍රේමණීය වෛද්‍යවරයාද දේමස්ද+ ඔබට සුබ පතති.
15 ලවෝදිසියේ සිටින සහෝදරයන්ටද නිම්ෆාටද ඇගේ නිවසෙහි රැස් වන සභාවටද+ මගේ සුබ පැතුම් ලබා දෙන්න.
16 මේ ලිපිය ඔබ අතරෙහි කියෙවූ පසු ලවෝදිසියේ සභාවෙහිද මෙය කියවීමට සැලසුම් යොදන්න.+ එසේම ලවෝදිසියෙන් ලැබෙන ලිපියත් ඔබ අතරෙහි කියවීමටද සැලසුම් යොදන්න.
17 “ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස ඔබ භාරගත් සේවය නිසියාකාරව ඉටු කිරීමට වගබලා ගන්න” කියා ආකිපස්ට+ කියන්න.
18 පාවුල් වන මම මගේම අතින්+ සුබ පැතුම් ලියා එවන්නෙමි. දැන් මා සිටින්නේ සිරභාරයේ බව අමතක නොකරන්න.+ ඔබ සැමට දෙවිගේ මහත් කරුණාව ලැබේවා!
පාදසටහන්
^ මූ.අ., “කාලය මිල දී ගන්න.”