ද්විතීය කතාව 16:1-22

16  “ඔබ යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස පාස්කුව සැමරිය යුත්තේ+ ආබීබ්+ මාසයේදීයි. යෙහෝවා දෙවි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ ඒ මාසයේ රාත්‍රියකයි.+  පාස්කු උත්සවයේදී ඔප්පු කිරීම සඳහා ඔබේ රැළෙන් සතෙකුව+ තෝරාගෙන යෙහෝවා දෙවිට ඔප්පු කරන්න.+ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයේදී ඌව ඔප්පු කරන්න.+  ඉන්පසුව මුහුන් නොදැමූ රොටි සමඟ ඒ සතාව ආහාරයට ගන්න. එතැන් සිට දවස් හතක් පුරා මුහුන් දැමූ කිසිවක් ඔබ නොකෑ යුතුයි.+ ඔබ ඊජිප්තුවෙන් හදිස්සියේම පිටත් වූ දා+ කලාක් මෙන් මුහුන් නොදැමූ රොටි පමණක් ආහාරයට ගන්න. එම රොටි ආහාරයට ගනිද්දී ඔබ අද්දුටු දුක් පීඩා ඔබට සිහි වෙයි. එසේ කිරීමෙන් ඊජිප්තු දේශයෙන් ඔබ නිදහස් වූ ආකාරය ඔබට කිසිදා අමතක නොවෙයි.+  ඒ දවස් හත පුරා කිසිවෙක් ළඟ මුහුන් දැමූ පිටි ටිකක්වත් නොතිබිය යුතුයි.+ පළමු දවසේ හවස් වරුවේ මරා දැමූ සතාගේ මස් ඊළඟ දවස උදා වන තෙක් තබා නොගන්න.+  යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේ තෝරාගන්නා ස්ථානයේ හැර වෙන කිසි නුවරක පාස්කු උත්සවයට ගන්නා සතාව මැරීමට ඔබට අවසර නැහැ.  නමුත් යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස්+ ඔබ ඊජිප්තුවෙන් පිටත් වූ වේලාවේදීම එනම්, හිරු බැස ගිය වහාම+ ඔබ ඒ සතාව මැරිය යුතුයි.  යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයේදී+ එම සතාව පුලුස්සා ආහාරයට ගන්න.+ ඔබේ කූඩාරම්වලට ඔබ යා යුත්තේ පසු දින උදෑසනයි.  දවස් හයක් පුරා මුහුන් නොදැමූ රොටි ආහාරයට ගන්න. හත්වන දවසේදී යෙහෝවා දෙවි වෙනුවෙන් විශේෂ රැස්වීමක්* පවත්වන්න.+ ඔබ එදින කිසි වැඩක් නොකළ යුතුයි.  “ඔබේ දෑකැත්තෙන් අස්වැන්න නෙළන්න පටන්ගන්නා දවසේ සිට සති හතක් ගණන් කරන්න.+ 10  යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් ඔබට ලැබුණු අස්වැන්නෙන් දිය හැකි ප්‍රමාණයක්+ රැගෙන යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා ඒ දවසේදී ඔබ සති උත්සවය පැවැත්විය යුතුයි.+ 11  එය පැවැත්විය යුත්තේ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයේදීයි.+ එහිදී ඔබද ඔබේ දූපුතුන්ද ඔබේ දාසදාසීන්ද ඔබේ නුවරේ පදිංචි වී සිටින ලෙවීවරුන්ද විදේශිකයන්ද+ පියා නැති දරුවන්ද+ වැන්දඹුවන්ද+ යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති විය යුතුයි.+ 12  ඔබට කියා දී තිබෙන මේ සෑම නියෝගයක්ම පිළිපැදීමට වගබලා ගන්න.+ ඒ වගේම ඔබ ඊජිප්තුවේ වහලුන්ව සිටි බව නිතරම මතක් කරගන්න.+ 13  “ඔබේ අස්වැන්න කමතෙන් ගෙන ගබඩා කළ පසුව හා ඔබේ යන්ත්‍රවලින් තෙල් සහ වයින් ගෙන ඒවා ගබඩා කළ පසුව දවස් හතක් පුරා පැල් උත්සවය+ පැවැත්විය යුතුයි. 14  මේ උත්සවයේදී ඔබේ දූපුතුන්ද ඔබේ දාසදාසීන්ද ඔබේ නුවරේ ජීවත් වන ලෙවීවරුන්ද විදේශිකයන්ද පියා නැති දරුවන්ද වැන්දඹුවන්ද ඔබ සමඟ එක්ව ප්‍රීති විය යුතුයි.+ 15  යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා ඔබ පවත්වන මෙම උත්සවය දවස් හතක් පුරා පවත්වන්න.+ එය පැවැත්විය යුත්තේ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයේදීයි. ඔබේ අස්වැන්නට මෙන්ම ඔබ කළ සෑම දෙයකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාදය+ ලැබී තිබෙන නිසා ඔබ ඇත්තෙන්ම ප්‍රීතියෙන් ඉපිල යා යුතුයි.+ 16  “ඔබේ සෙනඟ අතරේ සිටින පුරුෂයන් යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට වසරකට තුන් වරක් යා යුතුයි.+ මෙසේ, ඔවුන් මුහුන් නොදැමූ රොටි උත්සවයේදී,+ සති උත්සවයේදී+ සහ පැල් උත්සවයේදී+ යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඒ සඳහා කිසිවෙකු හිස් අතින් නොපැමිණිය යුතුයි.+ 17  යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කර ඇති ආකාරයට ඔවුනුත් යමක් පරිත්‍යාග කළ යුතුයි.+ 18  “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන සෑම නුවරකටම විනිශ්චයකරුවන්ව+ හා නිලධාරීන්ව+ පත් කරන්න. ඔවුන්ව එක් එක් ගෝත්‍ර බලාගැනීමට පත් කළ යුතු අතර ඔවුන්ගේ වගකීම නම් ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කිරීමයි. 19  ඔවුන් අතින් කිසිම ආකාරයක අසාධාරණයක් සිදු නොවිය යුතුයි.+ සියල්ලන්ටම එක හා සමානව සැලකිය යුතු+ ඔවුන් අල්ලස් ගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි. මන්ද හොඳ විනිශ්චයක් දෙන ඥානවන්තයෙකුව පවා අල්ලසක් දී නම්මවාගත හැකියි.+ එයින් ධර්මිෂ්ඨ කෙනෙකු වුණත් තමා දුන් තීන්දුව වෙනස් කරන්න පෙලඹිය හැකියි. 20  ඔබ යුක්තිය හා සාධාරණය ඉටු කළ යුතුමයි.+ එසේ කළොත් ඔබේ ජීවිතය ඔබට රැකගත හැකි වන අතර යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේ දිගටම ජීවත් වෙන්නත් ඔබට හැකි වෙයි.+ 21  “ඔබ යෙහෝවා දෙවි වෙනුවෙන් සාදන පූජාසනය අසල නමස්කාර කරන පිණිස කුලුනක් ලෙස ගසක් පැළ නොකළ යුතුයි.+ 22  “නමස්කාර කරන පිණිස කණුවක්ද ඉදි නොකළ යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි එවැනි දේවලට පිළිකුල් කරයි.+

පාදසටහන්

ඊජිප්තුවෙන් නිදහස් වූ දා සැමරීමට එදින උත්සවයක් පවත්වන ලදි.