ද්විතීය කතාව 28:1-68

28  “ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් දී අද මම ඔබට කියා දෙන ඔහුගේ සියලුම අණපනත් විශ්වාසවන්තව පිළිපැද්දොත්+ ඔබේ දෙවි වන යෙහෝවා මිහිපිට සිටින සියලුම ජාතීන්ට වඩා ඔබව උසස් කරයි.+  ඔබ දිගටම යෙහෝවා දෙවිගේ හඬට සවන් දුන්නොත් ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකින* බව ස්ථිරයි.+  “ඔබ නුවරේ සිටියත්+ කෙතෙහි වැඩ කරමින් සිටියත්+ ඔබට ආශීර්වාද ලැබේවා!  “ඔබට බොහෝ දරුවන් බිහි කිරීමට ආශීර්වාද ලැබේවා!+ ඔබ නෙළන අස්වැන්නටත් එළු බැටළුවන් හා ගවයන් ඇතුළු ඔබ ඇති කරන සියලු සතුන්ටත්+ උන් බිහි කරන පැටවුන්ටත්+ ආශීර්වාද ලැබේවා!  “ඔබේ පලදාව එකතු කරන කූඩයටත්+ ඔබේ පිටි අනන භාජනයටත්+ ආශීර්වාද ලැබේවා!  “ඔබ කරන සෑම දෙයකටම ආශීර්වාද ලැබේවා!+  “යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සටන් කිරීමට පැමිණෙන සතුරන්ව ඔබ ඉදිරිපිටම පරාජය කරයි.+ ඔබට පහර දෙන්න ඔවුන් එක් දිශාවකින් පැමිණියත් දිශා හතකින් පලා දුවන්න ඔවුන්ට සිදු වෙයි.+  ඔබේ ආහාර ගබඩාවටත්+ ඔබේ සෑම වැඩකටයුත්තකටත්+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙයි. යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේදී ඔබට ඔහුගෙන් ආශීර්වාද ලැබෙන බව නිසැකයි.  ඔබ යෙහෝවා දෙවිගේ අණපනත් විශ්වාසවන්තව පිළිපදිමින්+ ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වුණොත් යෙහෝවා දෙවි ඔබට පොරොන්දු වූ ආකාරයටම+ ඔහුට අයිති ශුද්ධ සෙනඟක් ලෙස ඔබව භාරගනියි.+ 10  ඔබ යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟක් බව දැක+ පොළොවේ සියලුම ජාතීන් ඔබට භයෙන් සිටියි.+ 11  “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට නොමදව ලැබෙයි. යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ දේශයේදී+ ඔබට බොහෝ දරු සම්පත්+ ලැබෙන අතර ඔබ ඇති කරන සතුන් බොහෝ සෙයින් වර්ධනය වෙයි. ඔබේ වගාබිම්වලින් ඔබට බොහෝ පලදාවක්ද ලැබෙයි.+ 12  සියලුම යහපත් දේවල් ලබා දෙන යෙහෝවා දෙවි අහසේ කවුළු ඇර නියම කලට ඔබට වැසි ලබා දෙයි.+ ඔබ කරන සෑම දෙයකටම ඔහුගේ ආශීර්වාදය ලැබෙයි.+ ඔබට කවදාවත් වෙනත් ජාතීන්ට ණය වෙන්න සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ණයට දෙන්න ඔබට හැකි වෙයි.+ 13  අද මම ඔබට පිළිපදින්න කියා පැවසූ යෙහෝවා දෙවිගේ සියලු අණපනත් ඔබ විශ්වාසවන්තව පිළිපැද්දොත්+ යෙහෝවා දෙවි අන් අයට වඩා ඔබව උසස් කරයි.+ ඔබව යටත් කරගන්න කිසිවෙකුට ඔහු ඉඩ දෙන්නේ නැහැ. ඔබ හැම අතින්ම සාර්ථක වෙයි. 14  අද මා ඔබට කියා දෙන සියලුම දේවල් හොඳින් සිතට ගන්න. ඉන් එක වචනයක්වත් පිළිපැදීමට අතපසු කරන්න එපා. මේ මාර්ගයෙන් ඉවත් වී+ වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ට නමස්කාර කරන්න එපා.+ 15  “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+ 16  “ඔබ නුවරේ සිටියත්+ කෙතේ වැඩ කරමින් සිටියත් ඔබට ශාප වේවා!+ 17  “ඔබේ පලදාව එකතු කරන කූඩයට+ හා පිටි අනන භාජනයට+ ශාප වේවා! 18  “දරු සම්පත්වත්+ කිසි අස්වැන්නක්වත්+ නොලැබෙන තරමටම ඔබට ශාප වේවා! ඔබේ එළු බැටළු රැළවල් හා ගව රැළවල් වර්ධනය නොවන තරමටම ශාප වේවා!+ 19  “ඔබ කරන සෑම දෙයකටම ශාප වේවා!+ 20  “ඔබ දෙවිව අත්හැර පිළිකුල්සහගත ක්‍රියා කළොත්+ ඔබ පිටට ඒ සෑම ශාපයක්ම පැමිණ+ ඉක්මනින්ම ඒ දේශයෙන් ඔබව තුරන් වී යයි. යෙහෝවා දෙවි ඔබ කරන සෑම දෙයක්ම අසාර්ථක වීමට සලස්වා ඔබව වියවුලට+ පත් කරයි. ඔහු ඔබට දඬුවම් කරයි.+ 21  ඔබට උරුම වෙන දේශයෙන් ඔබ විනාශ වී යන තෙක් ඔබ අතරේ වසංගත පැතිර යෑමට යෙහෝවා දෙවි ඉඩහරියි.+ 22  ක්ෂය රෝගය,+ තද උණ, ඇඟපත ඉදිමීම වැනි රෝග ඔබ අතරේ පැතිරෙයි. වියළි සුළං+ හා දිලීර රෝග+ නිසා ඔබේ අස්වැන්න විනාශ වී යයි. දරාගත නොහැකි තරම් රස්නයක් ඔබට අද්දකින්න සිදු වන අතර ඔබ කඩුවෙන් මැරුම් කයි.+ ඔබ විනාශ වී යන තෙක් යෙහෝවා දෙවි මේ සෑම දෙයකින්ම ඔබට දඬුවම් කරයි. 23  අහස තඹ මෙන්ද පොළොව යකඩ මෙන්ද වියළෙයි.+ 24  යෙහෝවා දෙවිගෙන් ඔබට වැසි පොදක්වත් ලැබෙන්නේ නැහැ. වැස්ස වෙනුවට වැලිවලින්ද දූවිල්ලෙන්ද ඔබේ දේශය නැහැවී යයි. ඔබ දේශයෙන් නැති වී යන තෙක්ම එසේ සිදු වෙයි. 25  යෙහෝවා දෙවි ඔබේ සතුරන්ගේ අතට ඔබව හසු කර දෙයි.+ සතුරන්ට පහර දෙන්න ඔබ එක් දිශාවකින් ගියත් දිශා හතකින් පලා දුවන්න ඔබට සිදු වෙයි. ඔබට සිදු වන විනාශය මොන තරම්ද කිව්වොත් එය දකින පොළොවේ සියලු ජාතීන් පවා බියෙන් වෙවුලයි.+ 26  කුරුල්ලන් හා වනසතුන් ඔබේ මළ කඳන් ආහාරයට ගනියි. උන්ව බියගන්වා එළවා දමන්න කිසිවෙකු ඉතුරු වන්නේ නැහැ.+ 27  “ඊජිප්තුවරුන් අතරේ පවතින රෝගවලින් යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කරන්නේ නැහැ.+ සැරව ගෙඩි, අර්ශස් ගෙඩි, දද හා සමේ හටගන්නා වෙනත් රෝග ඔබටත් වැලඳෙයි. එයින් කිසි සුවයක් ඔබට ලැබෙන්නේ නැහැ. 28  යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නැති නිසා ඔබ අන්ත අසරණ තත්වයකට පත් වී කැලඹී+ උමතුවෙන්+ මෙන් ක්‍රියා කරයි. ඔබේ පෙනීමද නැති වෙයි.+ 29  අන්ධ මිනිසෙක් අත පත ගාමින් යන්නාක් මෙන් මහා දවාලේ පවා මංමුළා වී යන්න ඔබට සිදු වෙයි.+ ඔබ කරන කිසි දෙයක් සාර්ථක වන්නේ නැහැ. ඔබ නිතරම කොල්ලකරුවන්ගේ හා වංචාකරුවන්ගේ ගොදුරක් වෙයි. කිසි කෙනෙක් ඔබේ උපකාරයට එන්නේ නැහැ.+ 30  වෙනත් පුරුෂයෙක් පැමිණ ඔබ විවාහ වීමට ගිවිසගෙන සිටින ස්ත්‍රියව දූෂණය කරයි.+ ඔබ ගෙවල් ගොඩනැඟුවත් ඒ ගෙවල්වල ජීවත් වෙන්න ඔබට ලැබෙන්නේ නැහැ.+ ඔබ මිදිවතු වගා කරන නමුත් ඔබට ඒ වතුවල පලදාව නෙළාගන්න ලැබෙන්නේ නැහැ.+ 31  ඔබ ඉදිරිපිටම ඔබේ ගවයාව මරා දැමුවත් උගේ මස් කන්න ඔබට නොහැකි වෙයි. ඔබේ ඇස් පනාපිටම ඔබේ බූරුවාව පැහැරගෙන යයි. ඌව ආපසු ඔබට ලැබෙන්නේ නැහැ. සතුරන් ඇවිත් ඔබේ බැටළුවන්ව පැහැරගෙන යයි. ඔබට උදව් කරන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ.+ 32  ඔබේ ඇස් පනාපිටම වෙනත් ජාතීන් ඇවිත් ඔබේ දූපුතුන්ව රැගෙන යයි.+ කිසිවක් කරකියාගත නොහැකිව ඔබට බලා සිටින්න සිදු වෙයි.+ ඔවුන්ව නැවත දකින්න ඔබ මොන තරම් ආශාවෙන් සිටියත් එයින් පලක් වෙන්නේ නැහැ. 33  ඔබ නාඳුනන සෙනඟක් ඇවිත් ඔබ නෙළාගත් අස්වැන්න ආහාරයට ගනියි.+ ඔබ නිතරම වංචාකරුවන්ට හා කුරිරු මිනිසුන්ට ගොදුරු වෙයි.+ 34  කවදාවත් නොදුටු ඒ දේවල් දැක ඔබේ සිහිවිකල් වෙයි.+ 35  “යෙහෝවා දෙවි ඔබට දෙන දඬුවම නිසා ඔබේ දණහිස්වලත් පාදවලත් දරුණු කුෂ්ඨයක් හටගනියි. ඔබේ හිසේ සිට දෙපතුල දක්වා පැතිර යන ඒ කුෂ්ඨය කිසි දිනක සුව වෙන්නේ නැහැ.+ 36  ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදුටු ජාතියක් ඔබව වහලුන් ලෙස රැගෙන යයි. යෙහෝවා දෙවි ඔබවත්+ ඔබ පත් කරගත් ඔබේ රජුවත්+ ඔවුන්ගේ අතට පත් කළ පසු ඔබට සිදු වෙන්නේ ලී සහ ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+ 37  ඔබට සිදු වූ දේ දකින සියලුදෙනාට ඇති වන්නේ මහත් පුදුමයක්.+ යෙහෝවා දෙවි ඔබව විසුරුවාහරින ස්ථානවල ජීවත් වන වෙනත් ජාතීන්ගේ නින්දා* අපහාසවලට ලක් වීමට+ ඔබට සිදු වෙයි. 38  “ඔබේ කෙතේ බොහෝ බීජ වැපුරුවත් පළඟැටියන් ඇවිත් ඔබේ අස්වැන්න විනාශ කරන නිසා+ ඔබට නෙළාගන්න ලැබෙන්නේ සුළු පලදාවක් පමණයි.+ 39  ඔබේ මිදිවතුවල ඔබ මිදි වගා කළත් පණුවෝ ඇවිත් සියල්ල කා දමයි.+ එහි පලදාව එකතු කරන්නවත් එයින් වයින් සාදා බොන්නවත් ඔබට හැකි වෙන්නේ නැහැ.+ 40  ඔබ ජීවත් වන සියලු ප්‍රදේශවල ඔලීව ගස් තිබුණත් ඒවායේ ගෙඩි සියල්ල වැටී යයි.+ ඔබේ ඇඟේ ගෑමට තරම්වත් ප්‍රමාණවත් තෙල් ටිකක් සාදාගන්න ඔබට හැකි වන්නේ නැහැ. 41  ඔබ කොතරම් දරුදැරියන් බිහි කළත් අන් සෙනඟක් ඇවිත් ඔවුන්ව වහලුන් ලෙස රැගෙන යයි.+ 42  පළඟැටියන්* ඔබේ සියලු ගස් හා එහි පලදාව වනසා දමයි. 43  ඔබ අතරේ වාසය කරන විදේශිකයන් ඔබට වඩා ධනවත් වෙයි. ඔබට සිදු වන්නේ තව තවත් අන්ත අසරණ දුගී තත්වයකට ඇද වැටෙන්නයි.+ 44  විදේශිකයන්ට ණයට දෙනවා වෙනුවට ඔවුන්ගෙන් ණයට ගන්න ඔබට සිදු වෙයි.+ ඔවුන්ට උසස්ම තැන හිමි වන අතර ඔබට හිමි වෙන්නේ පහත්ම තැනයි.+ 45  “ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් නොදී ඔහුගේ අණපනත් කඩ කළොත්+ ඔබ යන යන තැන මේ සියලු ශාප+ අද්දකින්න සිදු වෙයි. ඔබ ඒ සියලු ශාපවලින් පීඩා විඳ විනාශ වී යයි.+ 46  ඔබ පිටටත් ඔබෙන් පැවතෙන්නන් පිටටත් පැමිණෙන එම ශාප සියලුදෙනාටම කිසිදා අමතක නොවන අනතුරු ඇඟවීමක් වෙයි.+ 47  මන්ද ඔබේ දෙවි වන යෙහෝවා සෑම දෙයක්ම ලබා දී ඔබව සමෘද්ධිමත් කළත්+ ඔබ ඔහුට සතුටු සිතින් සේවය කළේ නැහැ.+ 48  ඒ නිසා යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සතුරන් එවන අතර ඔවුන්ට යටත් වී සේවය කරන්න ඔබට සිදු වෙයි.+ කුසගින්නෙන්+ හා පිපාසයෙන් පෙළෙන ඔබ බොහෝ අගහිඟකම් විඳිමින්, අඳින්න සුදුසු වස්ත්‍රයක්වත් නොමැතිව ඔවුන්ට සේවය කරයි. ඔබ විනාශ වී යන තුරුම ඔබ දරුණු පීඩා විඳිමින්+ ඔවුන්ට මෙහෙකාරකම් කරයි.* 49  “යෙහෝවා දෙවි දුර ඈත+ ජීවත් වන, නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්+ ඔබට විරුද්ධව එවයි. රාජාලියෙක් තම ගොදුර ඩැහැගන්නාක් මෙන්+ ඔවුන්ද හදිස්සියේම ඔබේ දේශයට කඩාවදියි. 50  ඉතා දරුණු ජාතියක්+ වන ඔවුන් තරුණ කෙනෙකුට තියා මහලු කෙනෙකුටවත් කිසිම අනුකම්පාවක් නොපෙන්වයි.+ 51  ඔබ විනාශ වී යන තුරු ඔබ ඇති කරන සතුන්ද උන්ගේ පැටවුන්ද ඔබ වගා කරන සියල්ලද ඔවුන් තමන්ගේ ප්‍රයෝජනයට ගනී.+ ඔබේ ධාන්‍ය, අලුත් වයින්, තෙල්, එළු බැටළු රැළවල් හා ගව රැළවල් කිසිවක් ඉතුරු නොවෙයි.+ 52  ඔවුන් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය වටලා ඔබේ සියලු නුවරවල් කොටු කරගනියි. එවිට ඔබ මහත් විශ්වාසයක් තැබූ ඔබට මහත් ශක්තියක් වූ ඔබේ දැවැන්ත පවුරු බිඳ වැටී යයි.+ 53  ඔබේ සතුරන් නිසා ඔබට මොන තරම් පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කිව්වොත් යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඔබේම දූපුතුන්ව+ මරා ආහාරයට ගන්න පවා ඔබ පෙලඹෙයි. 54  “ඒ කාලයේදී වංශවත් පවුලකින් පැමිණෙන ගුණ යහපත් අය+ පවා තමන්ගේ සහෝදරයන් ගැනවත් තමන්ගේ ආදරණීය භාර්යාව ගැනවත් තම දූපුතුන් ගැනවත් කිසි තැකීමක් කරන්නේ නැහැ. 55  ඔවුන් තම දූපුතුන්ව මරා කද්දී පවුලේ අය සමඟ බෙදාගෙන කන්නවත් කැමති වෙන්නේ නැහැ. මන්ද ඔබේ සතුරන් ඔබව සෑම අතින්ම කොටු කරගන්නා නිසා, ඔබේ නුවරවල කෑමට කිසිවක් ඉතුරු නොවෙයි.+ 56  දෙපාවල දූවිලි පොදක්වත් නොගෑවුණු, ඉතා සැප පහසු ජීවිතයක් ගත කළ කාන්තාවන් පවා ඒ කාලයේදී අන්ත අසරණ තත්වයකට පත් වෙයි.+ ඔවුන් තම ආදරණීය පුරුෂයන් හා දූදරුවන් ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. 57  ඔවුන් තම පවුලේ අයටත් හොරෙන් තමන්ගේ අලුත උපන් කිරි කැටි දරුවන්ව විතරක් නොව ප්‍රසූතියේදී පිට වන සියල්ලත් කා දමයි.+ මන්ද ඔබේ සතුරන් ඔබව සෑම අතින්ම කොටු කරගන්නා නිසා, ඔබේ නුවරවල කෑමට කිසිවක් ඉතුරු වන්නේ නැහැ.+ 58  “ඔබ මේ නීතියේ සඳහන් සියල්ල පිළිපැදීමට අපොහොසත් වී+ යෙහෝවා+ දෙවිගේ ගරුබිය+ ඇති කරවන ශ්‍රේෂ්ඨ නාමයට+ අගෞරව කළොත් 59  ඔබටත් ඔබේ දරුදැරියන්ටත් යෙහෝවා දෙවිගේ ආරක්ෂාව අහිමි වෙයි. එවිට බොහෝ කාලයක් පුරා පවතින+ ඉතා දරුණු වසංගතවලින්ද සුව කරන්න බැරි දරුණු රෝගවලින්ද ඔබ පීඩා විඳියි.+ 60  ඊජිප්තුවරුන්ට වැලඳුණ රෝග දැක ඔබ තුළ මහත් භයක් ඇති වුණා. ඔබටත් එම රෝග වැලඳෙන අතර කිසිදාක ඒවායින් සුවයක් නම් ලැබෙන්නේ නැහැ.+ 61  මීට අමතරව නීතියේ සඳහන් නොවන වසංගත හා රෝගවලිනුත් ඔබට පීඩා විඳින්න සිදු වෙයි. යෙහෝවා දෙවි මේ සියල්ල ඔබ පිටට ගෙනැවිත් ඔබව විනාශ කර දමයි. 62  අහසේ තරු මෙන් විශාල සෙනඟක්ව+ සිටින ඔබ, යෙහෝවා දෙවිගේ හඬට සවන් නොදුන්නොත් ඉතා සුළු පිරිසක්+ බවට පත් වෙයි. 63  “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+ 64  “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+ 65  ඒ ජාතීන් අතරේ වාසය කරද්දී ඔබට කිසිම විවේකයක් ලැබෙන්නේ නැහැ.+ නිවිහැනහිල්ලේ වාසය කළ හැකි ස්ථානයක්වත් ඔබට ලැබෙන්නේ නැහැ. යෙහෝවා දෙවිගේ ආරක්ෂාව නොමැතිව ජීවත් වන ඔබ තුළ මහත් බියක්ද+ කලකිරීමක්ද ඇති වෙයි. ඔබේ පෙනීම පවා දුර්වල වෙයි.+ 66  ඔබේ ජීවිතය මොන තරම් අනතුරක තියෙයිද කිව්වොත් ඔබ දිවා රෑ දෙකේම මහත් භයෙන් ජීවත් වෙයි. ඔබේ ජීවිතය ගැනවත් ඔබට කිසි විශ්වාසයක් නොතිබෙයි.+ 67  උදෑසන අවදි වන ඔබ, ‘ඉක්මනට හවස් වෙනවා නම් කොයි තරම් හොඳද’ කියාත් හවස් වරුවේදී ‘රාත්‍රිය ගෙවී ඉක්මනින් අලුත් දවසක් උදා වෙනවා නම් කොයි තරම් හොඳද’ කියාත් පවසයි. මෙසේ ඔබ දකින දේවල් නිසා නිතරම බියෙන් ගැහිගැහී සිටින්න ඔබට සිදු වෙයි.+ 68  ඔබට නැවත කිසිදා ඊජිප්තු දේශයට යන්න සිදු වෙන්නේ නැහැ+ කියා මා ඔබට පැවසුවා මතකද? නමුත් යෙහෝවා දෙවි ඔබව නැව්වල දමා නැවතත් ඊජිප්තුවට ගෙන යයි. එහිදී ඔබට සිදු වෙන්නේ ඔබේ සතුරන්ට දාසදාසීන් හැටියට ඔබවම විකුණගන්නයි.+ නමුත් ඔබව මිල දී ගන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ.”

පාදසටහන්

මූ.අ., “ආශීර්වාද ඔබ පසුපස ලුහුබැඳ එයි.”
මූ.අ., “ශාප ඔබ පසුපස ලුහුබැඳ එයි.”
මූ.අ., “ජාතීන් ඔවුන් ගැන අපහාසාත්මක කියමන් ගොතයි.”
මූ.අ., “ගුමු හඬ නඟන කෘමීන්.”
මූ.අ., “යකඩ වියගහක් ඔබට දරන්න සිදු වෙයි.”