ද්විතීය කතාව 33:1-29

33  සැබෑ දෙවිගේ සේවකයා වූ මෝසෙස්+ තම මරණයට කලින් ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද+ කළේය.  ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේය.“යෙහෝවා දෙවි සීනයි කන්දෙන් බැස ආවේය.+ඔහුගේ දීප්තිය සේයිර් කඳුකරයෙන් පැමිණ ඔවුන් අතරේ පැතිර ගියේය.+ඔහුගේ ආලෝකය පාරාන් කඳුකරයේ සිට විහිදී ආවේය.+දෙවි සමඟ දසදහස් සංඛ්‍යාත වූ ඔහුගේ ශුද්ධ දේවදූතයෝ සිටියෝය.+ඔහුගේ දකුණු පැත්තේ සිටියේ රණශූරයෝය.+   දෙවි තම සෙනඟට බොහෝ සෙයින් ප්‍රේම කරයි.+දෙවියනි, සියලුම ශුද්ධ තැනැත්තන් සිටින්නේ ඔබ අතෙහිය.+ඔවුහු ඔබගේ පාමුලට වී,+ඔබේ ඔවදන්වලට ඕනෑකමින් සවන් දුන්නෝය.+   (මෝසෙස් අපට නීතිය ලබා දී එයට කීකරු වන ලෙස අණ කළේය.+එම නීතිය යාකොබ්ගේ සෙනඟට පමණක් උරුම වූවකි.)+   ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ප්‍රධානීන් ලෙස පත්ව සිටින අය+සියලුම ගෝත්‍ර එක් රැස් කළ+ අවස්ථාවේදී,දෙවි යෙෂුරූන්හි*+ රජු බවට පත්වූයේය.   රූබෙන් දිගු කලක් ජීවත් වේවා!+ඔහුට බොහෝ දරුදැරියන් ලැබේවා!”+  මෝසෙස් යූදාට හිමි වන ආශීර්වාදය+ ගැන පැවසුවේ මෙයයි.“යෙහෝවා දෙවියනි, යූදාගේ හඬට සවන් දෙන්න!+ඔබගේ සෙනඟ අතරට ඔහුවද එකතු කරගන්න.ඔහු සටන් කරමින් තමා සතු දේ හිමි කරගත්තේය.ඔහුගේ සතුරන්ගෙන් ඔහුට ආරක්ෂාව ලබා දෙන්න.”+  මෝසෙස් ලෙවී ගැන පැවසුවේ මෙයයි.+“දෙවියනි, ඔබ තුම්මීම් සහ ඌරීම්*+ භාර දී තිබෙන්නේ ඔබට විශ්වාසවන්තව සිටින තැනැත්තාටය.+මස්සාහ්+ නම් ස්ථානයේදී ඔබ ඔහුව සෝදිසි කර බැලුවෙහිය.මෙරිබා+ දිය පහර අසලදී ඔහු සමඟ වාද කළෙහිය.   අන් සෑම දෙයකටම වඩා ඔහුට වටින්නේ ඔබගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමය.+‘ඔබට පක්ෂව සිටින්න මට නොහැකියි’ කියා ඔහු තම පියාටත් මවටත් පැවසුවේ ඒ නිසාය.ඔහු තම සහෝදරයන්ගේවත්පුත්‍රයන්ගේවත් පැත්ත නොගත්තේය.+ඔහු ඔබගේ ගිවිසුමට නිරතුරුවම විශ්වාසවන්තව සිටියි.+ 10  දෙවියනි, ඔබේ තීරණ+ යාකොබ්ටදඔබේ නීතිය+ ඊශ්‍රායෙල් සෙනඟටද කියා දීම ඔහුගේ වගකීමයි.ඔබ ඉදිරියේ සුවඳ දුම්ද+ඔබේ පූජාසනය මත දවන පූජාද+ ඔප්පු කරන්නේ ඔහුය. 11  යෙහෝවා දෙවියනි, ඔහුව ශක්තිමත් කර ඔහුට ආශීර්වාද කරන්න.+ඔහු කරන සියල්ල ගැන සතුටු වන්න.+දෙවියනි, ඔහුට විරුද්ධව නැඟී සිටින අයටත්+ඔහුට දැඩි ලෙස වෛර කරන අයටත් නැවත හිස එසවිය නොහැකි වන සේ+ ඔවුන්ගේ තුනටියට පහර දෙන්න.” 12  මෝසෙස් බෙන්ජමින් ගැන පැවසුවේ මෙයයි.+“යෙහෝවා දෙවිට හිතවත්+ වූ ඔහු දෙවි සමඟ සිටීවා!+දවස පුරාම ඔහු දෙවිගෙන් රැකවරණය ලබයි.+ඔහු ලැගුම් ගන්නේ දෙවිගේ උරහිස් මතය.”+ 13  මෝසෙස් යෝසෙප් ගැන පැවසුවේ මෙයයි.+“ඔහුගේ දේශයට යෙහෝවා දෙවිගේ ආශීර්වාද නිරතුරුවම ලැබේවා!+අහස්කුසේ සම්පත්ද පිනි බිඳුද ඒ මත පතිත වේවා!+භූමියේ දිය දහරාවන්ගෙන්ද එය තෙත් වේවා!+ 14  හිරුගේ ආලෝකයෙන් සරුවට වැඩෙන අස්වැන්නක්ද+මාසයක් මාසයක් පාසා හොඳ පලදාවක්ද එයින් නෙළාගනු ලැබේවා!+ 15  පෙරදිග කඳුකරයෙත්+සදාතනික කඳු ශිඛරවලත් තිබෙන සියලු සම්පතින්ද 16  මුළු පොළෝතලයේ තිබෙන සියලු වස්තුවෙන්ද+ ඔහුට ආශීර්වාද ලැබේවා!කටු පඳුරේ සිට කතා කළ තැනැත්තාණන්ගේ ආශීර්වාදය+යෝසෙප් මත වැගිරේවා!+ඒ සියලු ආශීර්වාද තම සහෝදරයන් අතරින් තෝරාගනු ලැබූ ඒ තැනැත්තාගේ හිස මතට වැගිරේවා!+ 17  ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය කුලුඳුල් ගවයෙකු මෙන්ය.+ඔහුගේ අං හීලෑ නොවූ ගවයෙකුගේ අං මෙන්ය.+ඒ අංවලින් ඔහු ජනයන්ව තල්ලු කරයි.+පොළොවේ ඈත එපිටටම ඔවුන්ව තල්ලු කර දමයි.එෆ්‍රායිම් ගෝත්‍රයේ දසදහස් ගණන්ද+මනස්සේ ගෝත්‍රයේ දහස් ගණන්ද ඒ සියලු ජනයාට විරුද්ධව නැඟී සිටින්නෝය.” 18  මෝසෙස් සෙබ්‍යූලන් ගැන පැවසුවේ මෙයයි.+“සෙබ්‍යූලන්, ඔබ දුර බැහැර ස්ථානවල සිදු කරන ව්‍යාපාර කටයුතු ගැන ප්‍රීති වන්න.+ඉසකාර්, ඔබට හිමි ප්‍රදේශයේදීම* ඔබ ප්‍රීති වන්නහුය.+ 19  සත් සමුදුරේ සියලුම සම්පත්ද+වැලි කතරෙහි සැඟවුණු නිධානද ඔවුන්ට හිමි වන්නේය.එහෙයින් ඔවුහු ජනයාව කඳුකරයට එක් රැස් කරධර්මිෂ්ඨකමින් දෙවිට පූජා ඔප්පු කරන්නෝය.”+ 20  මෝසෙස් ගාද් ගැන පැවසුවේ මෙයයි.+“ගාද්ගේ දේශ සීමා පුළුල් කරන තැනැත්තාට ප්‍රශංසා වේවා!+ඔහු සිංහයෙකු මෙන් ලැගුම් ගනියි.+ඔහු තම ගොදුරේ ගාතයද හිසද ඉරා දමයි.+ 21  දේශයේ සරුසාරම කොටස හිමි වන්නේ ඔහුටය.+ඒ කොටස ඔහුට වෙන් කර දෙන්නේ නීති සම්පාදකයෙක්ය.+සෙනඟ අතරේ සිටින ප්‍රධානීන් එකට රැස් වන විට,ඔහු යෙහෝවා දෙවිගේ නාමයෙන් ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන්නේය.ඊශ්‍රායෙල් සෙනඟට දෙවිගේ තීරණ දැනුම් දෙන්නේද ඔහුය.” 22  මෝසෙස් දාන් ගැන පැවසුවේ මෙයයි.+ “දාන් සිංහ පැටියෙකි.+ඔහු බාෂාන් වෙතින් පැන එන්නේය.”+ 23  මෝසෙස් නෆ්තලී ගැන පැවසුවේ මෙයයි.+“යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබීමටත්ඔහුගෙන් පූර්ණ ආශීර්වාද ලැබීමටත් නෆ්තලී සතුටු වෙයි.බස්නාහිර හා දකුණු දිග පෙදෙස් හිමි වන්නේ ඔහුටයි.”+ 24  මෝසෙස් ආෂෙර් ගැන පැවසුවේ මෙයයි.+“ආෂෙර් බොහෝ පුත්‍රයන් බිහි කර ආශීර්වාද ලබන්නේය.+ඔහු තම සහෝදරයන්ගේ අනුමැතිය ලැබ+තම පාද තෙල්වල නහවමින්+ සමෘද්ධිය අද්දකින්නේය. 25  ඔහුගේ දොරගුල් යකඩින් හා තඹවලින් සාදන ලද ඒවාය.+දිවි ඇති තුරා ඔහු නිස්කලංකව වාසය කරන්නේය. 26  යෙෂුරූන්ගේ+ සැබෑ දෙවිට සමාන වෙනත් කිසිවෙක් නැත.+දෙවි ඔබේ උපකාරයට ස්වර්ගයේ සිට පැමිණෙයි.+ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අහස්තලය සිසාරා යයි.+ 27  සදාතන* දෙවි රක්ෂස්ථානයක්ය.+ඔහුගේ සවිමත් දෑතින් ඔහු ඔබව සදහටම උසුලයි.+ඔහු ‘ඔවුන්ව නැති කර දමන්න’+ කියා පවසමින්,ඔබ ඉදිරිපිටම ඔබේ සතුරන්ව එළවා දමයි.+ 28  ඊශ්‍රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරයි.+යාකොබ්ගෙන් උනන දිය උල්පත කිසිදා නොහිඳී ගලා යයි.+අහස්තලයෙන් වැටෙන පිනි බිඳු,+ධාන්‍යයෙන් සහ අලුත් වයින්වලින් ගහන ඒ දේශය+ සිපගනියි. 29  ඊශ්‍රායෙල් ජනයෙනි ප්‍රීති වන්න.+ඔබ හා සමාන සෙනඟක් නැත.+යෙහෝවා දෙවි දෙන ගැලවීම+ අද්දකිනඔහුගේ පලිහෙන් රැකවරණය+ ලබන ඔබ ඉතා ප්‍රීතිමත් සෙනඟකි.දැවැන්ත කඩුවක් මෙන් වූ දෙවි ඔබ වෙනුවෙන් සටන් කරයි.+එහෙයින් ඔබේ සතුරෝ ඔබ ඉදිරිපිට බියෙන් ගැහිගැහී සිටිති.+ඔබද කිසි බියක් නොමැතිව ඔවුන්ගේ කඳුකර ප්‍රදේශ මත පා තබන්නහුය.”+

පාදසටහන්

ද්වි 32:15හි පාදසටහන බලන්න.
නික් 28:30හි පාදසටහන බලන්න.
මූ.අ., “කූඩාරම්වල.”
මූ.අ., “පුරාතන.”