නාහුම් 1:1-15

1  මෙය එල්කොෂ් නගරයේ වැසියෙකු වන නාහුම්ට ලැබුණු දර්ශනය ඇතුළත් ලියවිල්ලයි. මෙම දර්ශනයෙන් කියැවෙන්නේ නිනිවය නගරයට විරුද්ධව දුන් තීන්දුව ගැනයි.+  යෙහෝවා දෙවි වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙකි.+ යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කරන්නේය.+ ඔහු තම සතුරන්ගේ දුෂ්ට ක්‍රියා අමතක නොකර ඔවුන්ට විරුද්ධව මහත් උදහසකින් යුක්තව ක්‍රියා කරන්නේය.+ යෙහෝවා දෙවි තම සතුරන්ට+ නිසි දඬුවම් දෙන්නේය.+  යෙහෝවා දෙවි ඉතා බලවත් දෙවි කෙනෙකු වුවත්+ ඔහු කෝප වීමට ඉක්මන් නොවෙයි.+ එහෙත් යෙහෝවා දෙවි, වරදකරුවන්ව කිසිවිටෙකත් ලැබිය යුතු දඬුවමින් නිදහස් කරන්නේ නැත.+ දෙවි සැඩ සුළං හා කුණාටු මැදින් ගමන් කරයි. වලාකුළු දිස් වන්නේ ඔහුගේ ගමන් මඟෙහි ඇවිස්සුණු දූවිලි මෙනි.+  දෙවි මුහුදට තරවටු කළ+ විට එය වියළී යයි. සියලු ගංගාද සිඳී යන්නේය.+ බාෂාන් සහ කර්මෙල් දේශ වියළී යයි.+ ලෙබනොන් දේශයේ මල් පර වී යයි.  දෙවි ඉදිරියේ කඳු දෙදරයි. කඳු බෑවුම් දිය වී යයි.+ ඔහු ඉදිරියේ භූමිය කම්පනය වී පොළොව සහ එහි ජීවත් වන සියලුදෙනා වෙවුලන්නෝය.+  දෙවිගේ උදහසට මුහුණ දිය හැක්කේ කාටද?+ ඔහු තම දැවෙන උදහස ප්‍රකාශ කරන විට ඔහුට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ දැවෙන ගින්නක් මෙන් වූ ඔහුගේ උදහස පිට කරන විට+ පර්වත පවා ඔහු ඉදිරියේ ඇද වැටෙනු ඇත.  යෙහෝවා දෙවි යහපත්ය.+ දුක් කරදරවලදී+ අපට පිහිට වන බලකොටුවකි.+ දෙවි තමාගෙන් රැකවරණය පතන අයව රැකබලා ගන්නේය.+  ඔහු ජලගැල්මකින් ඒ නුවර සහමුලින්ම විනාශ කර දමන්නේය.+ ඔහුගේ සතුරන්ව අන්ධකාරයෙන් වට කරන්නේය.+  ජනයෙනි, ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කුමන උපායක් යෙදුවත්+ ඔහු ඔබව සහමුලින්ම විනාශ කරන්නේය. විපත්තිය නැවත පැමිණෙන්නේ නැත.+ 10  දෙවිගේ සතුරන් එකට පැටලුණු කටු වැලක් මෙනි.+ බීරවලින් මත් වී සිටින අය මෙනි.+ එහෙත් ඔවුහු පිදුරු මෙන් දැවී යන්නෝය.+ 11  යෙහෝවා දෙවිට විරුද්ධව කුමන්ත්‍රණය කරන කූට උපායන් යොදන කෙනෙක් ඔබ වෙතින් නික්ම එන්නේය.+ ඔහු නිෂ්ඵල දේ සැලසුම් කරන්නේය.+ 12  යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔවුහු ඉතා බලවත් වූ විශාල සෙනඟකි. ඔවුන් එලෙස සිටියත් යමෙක් ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්නේය. ඔවුහු විනාශ වී යන්නෝය.+ මාගේ සෙනඟෙනි, මම ඔබටද නිසි ප්‍රමාණයට දඬුවම් කරන්නෙමි. නැවත වරක් ඔබට දඬුවම් කරන්න අවශ්‍ය වන්නේ නැත.+ 13  දැන් ඔවුන් ඔබ පිට තැබූ වියගහ* මම බිඳ දමා+ ඔවුන්ගේ විලංගු දෙකට කඩා දමන්නෙමි.+ 14  ඒ නුවරට සිදු වන දේ යෙහෝවා දෙවි වන මා මෙසේ නියම කර තිබේ. ‘ඔබේ පරම්පරාව මෙතැනින් අවසන් වී යයි.+ ඔබේ දේවාල තුළ තිබෙන දේවතා රූපද වාත්තු කළ පිළිමද මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති ඔබට මම සොහොන් ගෙයක් සූදානම් කරන්නෙමි.’+ 15  “බලන්න! ශුභාරංචියක් රැගෙන එන පණිවිඩකරුවෙක් කඳු අතරින් පැමිණෙන්නේය. ඔහු පැමිණෙන්නේ සාමය ප්‍රකාශ කිරීමටය.+ යූදා දේශයේ වැසියෙනි, නැවතත් ඔබේ උත්සව සැමරීමට සූදානම් වෙන්න.+ ඔබ දුන් පොරොන්දු ඉටු කරන්න.+ මන්ද නැවත කිසි කලෙක වැදගැම්මකට නැති කෙනෙක් ඔබේ දේශය තුළට පැමිණෙන්නේ නැත.+ ඒ සියලුදෙනා සම්පූර්ණයෙන්ම විනාශ වී යන්නෝය.”+

පාදසටහන්

සමහරවිට වියගහක් නැත්නම් බර උසුලාගෙන යෑමට භාවිත කළ පොල්ලක් විය හැකියි.