නාහුම් 2:1-13
2 ඔබව* විනාශ කරන කෙනෙක් ඔබ ඉදිරියට පැමිණ සිටියි.+ එබැවින් ඔබේ බලකොටු ආරක්ෂා කරගන්න. ඔබේ මාර්ග මුර කරන්න. ඔබේ ඉඟටි බැඳ සටනට සූදානම් වෙන්න. සවිශක්තිය වැඩි කරගන්න.+
2 කොල්ලකරුවෝ දෙවිගේ දේශය පාළු කර ඇත.+ එහි මිදිවැල්වල අතු කපා දමා තිබේ.+ නමුත් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශය මෙන් යාකොබ්ගේ දේශයද නැවත තේජවත් තත්වයකට පත් කරන්නේය.+
3 හමුදාවේ බලවන්තයෝ තද රතු පාට වස්ත්‍රවලින් සැරසී පැමිණ සිටිති. ඔවුහු රතු තීන්ත ආලේප කළ පලිස් අතැතිව සිටිති.+ ඔවුහු ජුනිපර් ලීවලින්+ සාදාගත් හෙල්ල ඔසවාගෙන යුද්ධයට සූදානමින් සිටිති. ඔවුන්ගේ යුධ රථවලට සවි කර තිබෙන යකඩ ආයුධ ගිනිදලු මෙන් දිදුලන්නේය.
4 යුධ රථ ඉතා වේගයෙන් වීථිවල ගමන් කරන්නේය.+ ඒවා ප්‍රධාන මංසන්ධියෙහි විදුලි වේගයෙන්+ එහා මෙහා ගමන් කරන්නේය. වියරු වැටුණාක් මෙන් ගමන් කරන ඒවායේ පෙනුම ගිනිදැල් මෙනි.
5 රජතුමා තමාගේ වික්‍රමාන්විතයන්ව+ කැඳවන විට ඔවුහු වැටි වැටී ඒ මේ අත දුවන්නෝය.+ ඔවුහු නගරයේ පවුරු දෙසට දුව ගොස් එහි ආරක්ෂාව තර කරන්නෝය.
6 නමුත් ගංගාවල දොරටු විවර වී රජමාලිගාවද වතුරට යට වී යන්නේය.
7 නගරයට විරුද්ධව දුන් තීන්දුව කිසිසේත් වෙනස් නොවන්නේය. එය නින්දාවට පත් වනු ඇත. සතුරා එය ආක්‍රමණය කර එහි වැසියන්ව වහල්කමට රැගෙන යන්නේය.+ එහි සේවිකාවෝ පපුවට ගසාගනිමින්+ පරෙවියන් මෙන් හඬ නඟන්නෝය.+
8 පුරාණයේ සිට+ නිනිවය නගරය නිසල දිය පොකුණක් මෙන්+ තිබුණද දැන් එහි වතුර පිටාර ගලන්නේය. “ජනයෙනි, නගරයේ රැඳී සිටින්න” කියා පැවසුවත් කිසිවෙක් නගරයේ රැඳෙන්නේ නැත.+
9 දැන් නගරයට ගිහින් එහි රන් හා රිදී කොල්ල කන්න.+ එහි ඇති තරම් වස්තුවද නානාවිධ වටිනා භාණ්ඩද තිබේ.+
10 නගරය හිස් වී ඇත.+ එය නාස්ති වී පාළුවට ගොස් ඇත. එහි වැසියන්ගේ හදවත් බියෙන් ගැහෙන්නේය.+ ඔවුන්ගේ කකුල් වෙවුලන්නේය.+ ඔවුන්ගේ තුනටි කකියන්නේය.+ ඔවුහු සියලුදෙනා කලබල වී ඇත. ඔවුන්ගේ මුහුණු සුදුමැලි වී ඇත.+
11 සිංහයන්ගේ ගුහාවට සිදු වූයේ කුමක්ද?+ තරුණ කේශර සිංහයෝද සිංහ පැටව්ද කිසිවෙකුට බිය නොවී එහි ගැවසුනෝය.+
12 සිංහයා උගේ ගොදුර ගෙලෙන් අල්ලා මරා දමා සිංහ ධේනුවට කන්න දුන්නේය. ඌ ගොදුර කෑලි කෑලිවලට ඉරා පැටවුන්ට ඇති තරම් කන්න දුන්නේය. උගේ ගුහාව දඩයම් කළ සතුන්ගෙන් පිරී තිබිණ. ඌ ඒ සතුන්ගේ මස් ගුහාව පුරා සඟවා තැබුවේය.+
13 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මම ඔබට විරුද්ධව එන්නෙමි.+ ඔබේ යුධ රථ ගින්නෙන් විනාශ කරන්නෙමි.+ ඔබේ තරුණ කේශර සිංහයෝ කඩුවෙන් මැරුම් කන්නෝය.+ මම ඔබට ගොදුරක් ඉතුරු නොකරන්නෙමි. ඔබේ පණිවිඩකරුවන්ගේ හඬ තවදුරටත් ඔබට නොඇසෙනු ඇත.”+
පාදසටහන්
^ මෙහි, “ඔබ” කියා සඳහන් වන්නේ නිනිවය නගරයටයි.