නාහුම් 3:1-19

3  ලේ පිපාසිත නගරයට දුක් වේ!+ ඇය නිමාවක් නොමැතිව වංචා, දූෂණ හා කොල්ල කෑම් සිදු කරන්නීය. ඇය කෙසේ හෝ ගොදුරක් අල්ලාගන්නීය.  අශ්ව රථ මහත් කලබලයකින් ඇගේ වීථි දිගේ ඒ මේ අත දිව යයි.+ අශ්වයන් දුවන ශබ්දයද රෝද කැරකැවෙන හඬද කස පහරේ+ හඬද ඇසෙයි.  අසරුවෝ වේගයෙන් ඉදිරියට ඇදී එන්නෝය. කඩු ගිනිදලු මෙන් දිස් වෙයි. හෙල්ලද දිදුලයි.+ බලන බලන සෑම තැනකම ඇත්තේ මළ මිනී පමණි. පය තැබීමටවත් ඉඩක් නැත.  මේ සියල්ල සිදු වී ඇත්තේ ඒ ගණිකාව බොහෝ වේශ්‍යාකම් කළ නිසාය.+ සිත වසඟ කරවන ඇගේ වේශ්‍යාකම්වලට ජාතීහු හසු වී සිටින්නෝය. දක්ෂ මායාකාරියක වන ඇය මන්ත්‍ර ගුරුකම්වලින් ජනයාව මුළා කරගෙන සිටින්නීය.+  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබට දඬුවම් කරන්නෙමි.+ මම ඔබේ වස්ත්‍ර ගලවා දමා ජාතීන්ට ඔබේ නග්නභාවයද+ රාජ්‍යයන්ට ඔබේ නින්දාවද හෙළි කරන්නෙමි.  ඔබ අන් අය ඉදිරියේ පිළිකුලක් වන සේ මම ඔබ පිටට කුණු කසළ විසි කරන්නෙමි.+ ඔබ සියල්ලන්ගේ අවමානයට ලක් වනු ඇත.+  ඔබව දකින සියලුදෙනා ඔබ සිටින තත්වය ගැන භය වී, ‘නිනිවය නාස්ති වී ගිය හැටි බලන්න! එහි වැසියන්ව සනසවන්න කිසිවෙක් නැත’ කියා පවසමින් ඔබව අත්හැර යයි.+ ඔබව සැනසීමට කෙනෙකුව මා කොතැනින් සොයාගන්නද?  නයිල් ගඟ අසල* පිහිටි+ නෝ-ආමෝන්+ නගරයට වඩා ඔබ බලවත් කියා ඔබ සිතනවාද? ජලාශවලින් වට වූ ඒ නගරය සුරක්ෂිතව පිහිටා තිබිණ. මුහුද ඇයට පවුරක් මෙන් විය. මුහුද ඇයව ධනවත් කළේය.  ඉතියෝපියාව ඇගේ සවිය විය. ඊජිප්තුවද+ නොඅඩුව ඇයට සහය දුන්නේය. පූට් ජාතිකයෝද ලිබියාවේ වැසියෝද ඇයට උපකාර කළෝය.+ 10  එනමුත් ඇයවද යටත් කර වහල්භාවයට ගෙන යනු ලැබීය.+ සෑම වීථියකම ඇගේ දරුවන්ව පොළොවේ ගසා මරා දමන ලදි.+ සතුරෝ දාදු දමා ඇගේ ප්‍රභූවරුන්ව තමන් අතරේ බෙදාගත්තෝය.+ ඔවුන්ගේ සියලු උත්තමයන්ව විලංගුවලින් සිර කරනු ලැබීය.+ 11  “ඔබත් බේබද්දෙකු මෙන් මත් වනු ඇත.+ ඔබව සොයාගැනීමට නොහැකි වන සේ ඔබ අතුරුදහන් වී යන්නහුය.+ සතුරාගෙන් පවා ඔබ ආරක්ෂාව පතනු ඇත.+ 12  ඔබේ බලකොටු සියල්ල, පළමු වරට පල දරන අත්තික්කා ගසක් මෙන් වන්නේය. ගස සෙලවූ විගස එහි පල වැටී යමෙකු විසින් ඒවා ගිලගනු ලබන්නේය.+ 13  “ඔබේ භටයන් ස්ත්‍රීන් මෙනි.+ ඔබේ සතුරන් ඉදිරියේ දේශයේ ආරක්ෂක දොරටු සියල්ල විවෘත වනු ඇත. ඒවායේ අගුලු ගින්නෙන් දැවී යයි.+ 14  සතුරු සේනා ඔබව වැටලීමට පෙර අවශ්‍ය වතුර එකතු කරගන්න.+ ඔබේ බලකොටුවල ආරක්ෂාව තර කරගන්න.+ මැටි පාගා බදාම සකස් කරගන්න. ගඩොල් අච්චුව සූදානම් කරගන්න. 15  පළඟැටියන් දේශය වනසන්නාක් මෙන්+ ඔබ ගින්නෙන් හා කඩුවෙන් විනාශ වනු ඇත.+ ඔබ පළඟැටියන් හා පළඟැටි පිලවුන් මෙන් ගණනින් වැඩි වී සූදානම් වන්න. එහෙත් එයින් කිසි පලක් නැත. 16  ඔබ ඔබේ වෙළෙඳුන්ගේ ගණන අහසේ තරුවලටත් වඩා වැඩි කරගත්තහුය.+ “පළඟැටි පිලවුන් උන්ගේ හම ඉවතලා ඉගිලී යයි. 17  ඔබේ මුරකරුවන් ඒ පළඟැටියන් හා සමානය. හමුදා නිලධාරීන් පළඟැටි රංචුවකට සමානය. ශීත කාලයේදී පළඟැටියෝ ගල් පවුරුවල කුහර අතරේ සැඟවී සිටිති. එනමුත් හිරුරැස් විහිදුණු විගස උන් සැඟවී සිටි තැන්වලින් එළියට ඇවිත් ඉගිල යති. ඉන්පසු උන්ව සොයාගන්න ලැබෙන්නේවත් නැත.+ 18  “ඇසිරියාවේ රජ්ජුරුවෙනි, ඔබේ රට වැසියෝ කඳුකරය පුරා විසිරී ගොස් ඇත. ඔවුන්ව නැවත එක් රැස් කරගන්න කිසිවෙක් නැත.+ ඔබේ එඬේරු නිදිකිරා වැටෙති.+ ඔබේ වික්‍රමාන්විතයෝ ඔවුන්ගේ නිවෙස්වලට වැද විවේක සුවයෙන් පසු වෙති.+ 19  මේ විපතෙන් ගොඩ ඒමට ඔබට නොහැකිය. ඔබේ තුවාලය සුව වන්නේද නැත.+ ඔබේ නපුරු ක්‍රියාවලින් දුක් නොවින්ද කෙනෙක් සොයාගැනීමට නොහැකි තරම්ය!+ එබැවින් ඔබට සිදු වූ දේ ගැන අසන සියලුදෙනා ප්‍රීතියෙන් අත්පොළසන් දෙති.”+

පාදසටහන්

මූ.අ., “නයිල් ගඟේ වතුර ලබාගැනීම සඳහා කපා ඇති ඇළ මාර්ග.”