නෙහෙමියා 11:1-36

11  ජනයා අතරේ අධිපතීන්+ ලෙස කටයුතු කළ අය වාසය කරමින් සිටියේ යෙරුසලමෙහිය.+ ඊට අමතරව, එම ශුද්ධ නුවරෙහි+ වාසය කළ යුත්තේ වෙන කවුරුන්ද කියා තීරණය කිරීමට දාදු+ දමන ලදි. ඒ අනුව සෙනඟ අතර සිටි සෑම පවුල් දහයකින් එක් පවුලක් බැගින් යෙරුසලමෙහි වාසය කිරීමට පැමිණියෝය. ඉතුරු පවුල් නවය වාසය කළේ වෙනත් නුවරවලය.  මෙසේ, යෙරුසලමෙහි පදිංචි වීමට ඉදිරිපත් වූ සියලුදෙනාටම+ සෙනඟ ප්‍රශංසා කළෝය.+  යූදා නම් පළාතෙහි ප්‍රධානීහු+ යෙරුසලමෙහි පදිංචියට පැමිණියහ.+ යූදා පළාතෙහි වෙනත් නුවරවලත් ඊශ්‍රායෙල්වරුද+ පූජකයෝද+ ලෙවීවරුද+ නෙතිනිම්වරුද+ සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද+ පදිංචි වී සිටියෝය. ඔවුන් පදිංචි වී සිටියේ තම තමන්ගේ නුවරවල,+ තමන්ට හිමි ඉඩම්වලය.  යූදා ගෝත්‍රයට අයත් කිහිපදෙනෙක්ද බෙන්ජමින්+ ගෝත්‍රයට අයත් කිහිපදෙනෙක්ද යෙරුසලමෙහි පදිංචි වූහ. යූදා ගෝත්‍රයට අයත් අය අතරින් අතායා එහි පදිංචිව සිටියේය. අතායාගේ පියා උසියාය. උසියාගේ පියා සෙකරියාය. සෙකරියාගේ පියා අමරියාය. අමරියාගේ පියා ෂෙපටියාය. ෂෙපටියාගේ පියා පේරෙස්ගෙන්+ පැවත ආ මහලලෙල්ය.  මීට අමතරව මයසේයාද එහි පදිංචිව සිටියේය. මයසේයාගේ පියා බාරුක්ය. බාරුක්ගේ පියා කොල්හෝසෙය. කොල්හෝසෙගේ පියා හසායාය. හසායාගේ පියා අදායාය. අදායාගේ පියා යෝයාරීබ්ය. යෝයාරීබ්ගේ පියා ෂේලාගේ පෙළපතින් පැමිණි සෙකරියාය.  මේ අනුව යෙරුසලමෙහි පදිංචියට පැමිණි පේරෙස්ගෙන් පැවත ආ පුරුෂයන්ගේ ගණන හාරසිය හැටඅටකි. ඔවුහු සියලුදෙනාම දක්ෂ පුරුෂයෝය.  බෙන්ජමින්+ ගෝත්‍රයට අයත් පවුල්වලින් පැමිණි අයගේ විස්තර මෙසේය. සල්ලු ඉන් එක් අයෙකි. ඔහුගේ පියා මෙෂල්ලම්ය.+ ඔහුගේ පියා යෝවෙද්ය. ඔහුගේ පියා පෙදායාය. ඔහුගේ පියා කොලායාය. ඔහුගේ පියා මයසේයාය. ඔහුගේ පියා ඉතියෙල්ය. ඔහුගේ පියා යෙෂායාය.  සල්ලු සමඟ ගබ්බයි සහ සල්ලයිද පැමිණියෝය. ඔවුන් සමඟ පැමිණි සියලුදෙනාගේ සංඛ්‍යාව නවසිය විසිඅටකි.  ඔවුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ෂික්රීගේ පුත් යෝවෙල්ය. නුවරෙහි දෙවනියා ලෙස සිටියේ හස්සෙනුවාගේ පුත් යූදාය. 10  පූජකයන් අතරින් යෝයාරීබ්ගේ+ පුත්‍රයා වූ යෙදායාද යාකින්ද+ 11  සැබෑ දෙවිගේ ගෘහයේ අධිපතියෙකු වූ අහිතුබ්ගෙන් පැවත ආ හිල්කියාගේ පුත්‍රයා වූ සෙරායාද සිටියෝය. හිල්කියා මෙෂල්ලම්ගේ+ පුත්‍රයාය. මෙෂල්ලම් සාදොක්ගේ+ පුත්‍රයාය. සාදොක් මෙරායොත්ගේ පුත්‍රයාය. මෙරායොත් අහිතුබ්ගේ+ පුත්‍රයාය. 12  එම ගෘහයේ සේවය සඳහා පැමිණි ඔවුන්ගේ සහෝදරයෝද එහි සිටියෝය.+ ඒ සියලුදෙනාගේ සංඛ්‍යාව අටසිය විසිදෙකකි. යෙරොහාම්ගේ+ පුත්‍රයා වූ අදායාද එහි සිටියේය. යෙරොහාම් පෙලලියාගේ පුත්‍රයාය. පෙලලියා අම්ෂීගේ පුත්‍රයාය. අම්ෂී සෙකරියාගේ පුත්‍රයාය. සෙකරියා පෂ්හූර්ගේ+ පුත්‍රයාය. පෂ්හූර් මල්කියාගේ+ පුත්‍රයාය. 13  අදායා සමඟ පෙළපත්වල ප්‍රධානීන්+ වූ ඔහුගේ සහෝදරයෝද පැමිණියෝය. ඔවුන්ගේ ගණන දෙසිය හතළිස්දෙකකි. අෂරෙල්ගේ පුත්‍රයෙකු වූ අමෂ්සායිද පැමිණ සිටියේය. අෂරෙල් ආසයිගේ පුත්‍රයාය. ආසයි මෙෂිල්ලෙමොත්ගේ පුත්‍රයාය. මෙෂිල්ලෙමොත් ඉම්මේර්ගේ පුත්‍රයාය. 14  එඩිතර බලසම්පන්න පුරුෂයන්+ වූ ඔහුගේ සහෝදරයෝද පැමිණියෝය. ඔවුන්ගේ ගණන එකසිය විසිඅටකි. ඔවුන්ගේ ප්‍රධානියා+ ලෙස කටයුතු කළේ සබ්දියෙල්ය. ඔහු ඉතා වංශවත් පවුලක කෙනෙකි. 15  ලෙවීවරුන්+ අතුරින් බුන්නීගෙන් පැවත ආ ෂෙමායාද පැමිණ සිටියේය. ෂෙමායාගේ පියා හෂ්ෂුබ්ය. හෂ්ෂුබ්ගේ පියා අෂ්‍රිකාම්ය. අෂ්‍රිකාම්ගේ පියා හෂබියාය.+ හෂබියාගේ පියා බුන්නීය. 16  ෂෙමායා සමඟ ෂබ්බෙතයි+ සහ යෝෂාබාද්ද+ පැමිණියෝය. ලෙවීවරුන් අතරේ ප්‍රධානීන්ව සිටි ඔවුහු සැබෑ දෙවිගේ ගෘහය අවට සිදු කෙරෙන වැඩකටයුතු භාරව සිටියෝය. 17  ආසාෆ්ගෙන්+ පැවත ආ මත්තනියාද+ එහි පැමිණ සිටියේය. ආසාෆ්ගේ පුත්‍රයෙකු වූ සබ්දීගේ පුත් මීකා මත්තනියාගේ පියා විය. ප්‍රශංසා ගී ගැයීමේ+ කටයුත්ත මෙහෙයවූයේත් යාච්ඤා කරන අවස්ථාවලදී ප්‍රශංසා ඔප්පු කළෙත්+ ඔහුය. ගායකයන් අතරේ දෙවනියා ලෙස කටයුතු කළ බක්බුකියාද අබ්දාද පැමිණියෝය. යෙදූතුන්ගේ+ පුත්‍රයෙකු වූ ගාලාල්ගේ+ පුත් ෂම්මුවා අබ්දාගේ පියාය. 18  ශුද්ධ නුවරෙහි+ පදිංචි වූ ලෙවීවරුන්ගේ මුළු සංඛ්‍යාව දෙසිය අසූහතරකි. 19  දොරටු පාලකයන්+ අතරින් පැමිණියේ අක්කුබ්, ටල්මොන්+ සහ දොරටුවල මුර සේවය සඳහා යෙදවූ ඔවුන්ගේ සහෝදරයන්ය.+ ඔවුන්ගේ ගණන එකසිය හැත්තෑදෙකකි. 20  පූජකයෝ, ලෙවීවරු මෙන්ම සෙසු ඊශ්‍රායෙල්වරුද යූදා දේශයේ අනිකුත් නුවරවල තම තමන්ට උරුම වූ ඉඩකඩම්වල පදිංචි වී සිටියෝය.+ 21  නෙතිනිම්වරුන්+ පදිංචි වූයේ ඕෆෙල්වලය.+ ඔවුන්ගේ අධිපතීන් ලෙස කටයුතු කළේ ෂීහා සහ ගිෂ්පාය. 22  යෙරුසලමෙහි විසූ ලෙවීවරුන් සිටියේ උස්සිගේ භාරයේය. ඔහුගේ පියා බානිය. ඔහුගේ පියා හෂබියාය. ඔහුගේ පියා මත්තනියාය.+ ඔහුගේ පියා මිකාය.+ ඔහු පැවත ආවේ ගායකයන්+ වූ ආසාෆ්ගේ+ පෙළපතින්ය. උස්සි සැබෑ දෙවිගේ ගෘහයේ කරන සේවාවන් භාරව කටයුතු කළේය.+ 23  ඔවුන් සම්බන්ධයෙන් රජුගෙන් නියෝගයක් නිකුත් වී තිබිණ.+ ඒ අනුව ගායකයන්ගේ දෛනික අවශ්‍යතා සැපයීමට නිශ්චිත සැලසුමක් යොදා තිබිණ.+ 24  පෙතහියා ජනයා සම්බන්ධයෙන් මතු වූ කාරණවලදී රජුගේ උපදේශකයෙකු ලෙස සේවය කළේය. පෙතහියාගේ පියා යූදාගේ පුත් සේරාගේ පුත්‍රයෙකු වූ මෙෂෙෂබෙල්ය. 25  කෙත්වතු අවට තිබූ ගම්මානවල+ පදිංචි වූ අයගේ විස්තර මතු දැක්වේ. යූදා ගෝත්‍රයට අයත් කිහිපදෙනෙක් කිර්යත්-අර්බා+ සහ ඒ අවට තිබෙන කුඩා නගරවලත් දීබොන් සහ ඒ අවට තිබෙන කුඩා නගරවලත් යෙකබ්සෙයෙල්+ සහ ඒ අවට තිබෙන ගම්මානවලත් වාසය කළෝය. 26  මීට අමතරව, ඔවුහු යේෂුවා, මොලාදා,+ බෙත්-පෙලෙත්+ යන නුවරවලත් 27  හෂර්-ෂුවාල්,+ බෙයර්-ෂෙබා+ සහ ඒ අවට තිබෙන කුඩා නගරවලත් පදිංචිව සිටියෝය. 28  එමෙන්ම ඔවුහු ෂික්ලග්,+ මෙකොනා සහ ඒ අවට තිබෙන කුඩා නගරවලත් 29  ඒන්-රිම්මෝන්,+ ෂොරා+ සහ යාමුත්+ යන නුවරවලත් 30  ෂානොවා,+ අදුල්ලාම්+ සහ ඒ අවට තිබූ ගම්මානවලත් ලාකිෂ්+ හා ඒ අවට පිහිටි කෙත්වතුවලත් අෂේකා+ සහ ඒ අවට පිහිටි කුඩා නගරවලත් වාසය කළෝය. ඔවුහු බෙයර්-ෂෙබා සහ හින්නොම් නිම්නය+ දක්වා ප්‍රදේශයේ කඳවුරු බැඳගත්තෝය. 31  බෙන්ජමින් ගෝත්‍රයට අයත් අය ගෙබා,+ මික්මාෂ්,+ අයියා,+ බෙතෙල්+ සහ ඒ අවට කුඩා නගරවලත් 32  අනාතොත්,+ නොබ්,+ අනනියා, 33  හාෂොර්, රාමා,+ ගිත්තායිම්+ යන නුවරවලත් 34  හාදිද්, ෂෙබෝයිම්, නෙබල්ලට්, 35  ලොද්+ සහ කර්මාන්තකරුවන් වාසය කළ ඕනෝ+ නම් නිම්නයෙත් වාසය කළෝය. 36  කලින් යූදා ගෝත්‍රයට හිමි ප්‍රදේශයේ පදිංචි වූ ලෙවීවරුන්ගෙන් කිහිපදෙනෙක් බෙන්ජමින් ගෝත්‍රයට හිමි ප්‍රදේශයට ගොස් පදිංචි වූහ.

පාදසටහන්