නෙහෙමියා 7:1-73

7  පවුර නැවත ගොඩනඟා අවසන් කළ වහාම+ මම එහි දොරටුද සවි කළෙමි.+ දොරටු පාලකයන්වද+ ගායකයන්වද+ ලෙවීවරුන්වද+ තම කාර්යයන් සඳහා පත් කරන ලදි.  ඉන්පසුව මම යෙරුසලම පාලනය කිරීමට මාගේ සහෝදරයෙකු වූ හනානිවද+ දේවමාලිගාවේ බලකොටුව+ භාරව සිටි අධිපතියෙකු වූ හනනියාවද පත් කළෙමි. හනනියා බොහෝදෙනෙකුට වඩා සැබෑ දෙවිට ගරුබිය දැක්වූ+ ඉතා විශ්වාසවන්ත+ කෙනෙකි.  මම ඔවුන් දෙදෙනාටම මෙසේ පැවසුවෙමි. “හිරු මුදුන් වන වේලාව පැමිණෙන තුරු යෙරුසලමෙහි දොරටු+ විවෘත නොකළ යුතුයි. සවස් වරුවේ මුරට පැමිණෙන අය එම දොරවල් වසා ඒවාට අගුලු දැමිය යුතුයි.+ ඒ වගේම යෙරුසලමෙහි වැසියන් අතරින් මුරකරුවන්ව තෝරාගන්න. ඔවුන්ගෙන් සමහරෙකුට තමන්ගේම නිවෙස් මුර කිරීමට නියම කරන්න. අනික් අයව මුරපොළවලට පත් කරන්න.”+  දිගින් හා පළලින් නුවර ඉතා විශාල වුවත් ඒ තුළ වාසය කළේ ස්වල්පදෙනෙකි.+ එහි නිවෙස්ද ඉදි කර නොතිබිණ.  මම වංශවත් අයවද නිලධාරීන්වද පොදු ජනයාවද එකතු කරගෙන ඔවුන්ගේ නම් පෙළපත් වාර්තාවලට ඇතුළත් කිරීමට පියවර ගත්තෙමි.+ එම අදහස මාගේ සිත+ තුළ ඇති කළේ මාගේ දෙවිය. ඉන්පසුව වහල්කමින් නිදහස් වී මුලින්ම පැමිණි අයගේ විස්තර අඩංගු පෙළපත් වාර්තාව+ මා අතට පත් විය. එහි ලියා තිබුණු විස්තර මතු දැක්වේ.  බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්+ වහල්භාවයට ගෙන ගිය+ අයගේ පැවතෙන්නන් අතරින් බොහෝදෙනෙක් යෙරුසලමෙහි සහ යූදාහි+ පිහිටි තම තමන්ගේ නුවරවලට+ ආපසු පැමිණියෝය.+  සෙරුබාබෙල්,+ යේෂුවා,+ නෙහෙමියා, අෂරියා,* රයමියා,* නහමානී, මොර්දෙකයි,+ බිල්ෂාන්, මිස්පෙරෙත්,* බිග්වායි, නේහුම්* සහ බානාහ් යන අය සමඟ යූදා දේශයට පැමිණි ඔවුන්ගේ විස්තර මතු දැක්වේ. ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි පුරුෂයන්ගේ සංඛ්‍යාව මෙසේය.  පාරොෂ්ගේ පුත්‍රයන්ගේ+ ගණන දෙදහස් එකසිය හැත්තෑදෙකකි.  ෂෙපටියාගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්සිය හැත්තෑදෙකකි. 10  ආරාහ්ගේ පුත්‍රයන්ගේ+ ගණන හයසිය පනස්දෙකකි. 11  පාහත්-මෝවබ්ගේ* පෙළපතට අයත්+ යේෂුවාගේ සහ යෝවාබ්ගේ පුත්‍රයන්ගේ+ ගණන දෙදහස් අටසිය දහඅටකි. 12  ඒලාම්ගේ පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් දෙසිය පනස්හතරකි. 13  සට්ටුගේ පුත්‍රයන්ගේ+ ගණන අටසිය හතළිස්පහකි. 14  ෂක්කායිගේ පුත්‍රයන්ගේ+ ගණන හත්සිය හැටකි. 15  බින්නුයිගේ* පුත්‍රයන්ගේ+ ගණන හයසිය හතළිස්අටකි. 16  බෙබායිගේ පුත්‍රයන්ගේ+ ගණන හයසිය විසිඅටකි. 17  අස්ගාද්ගේ පුත්‍රයන්ගේ+ ගණන දෙදහස් තුන්සිය විසිදෙකකි. 18  අදොනිකාම්ගේ පුත්‍රයන්ගේ+ ගණන හයසිය හැටහතකි. 19  බිග්වායිගේ පුත්‍රයන්ගේ+ ගණන දෙදහස් හැටහතකි. 20  ආදින්ගේ පුත්‍රයන්ගේ+ ගණන හයසිය පනස්පහකි. 21  හෙසකියාගේ පවුලට අයත් ආටෙර්ගේ පුත්‍රයන්ගේ+ ගණන අනූඅටකි. 22  හාෂුම්ගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්සිය විසිඅටකි. 23  බේෂායිගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්සිය විසිහතරකි. 24  හාරිෆ්ගේ* පුත්‍රයන්ගේ+ ගණන එකසිය දොළහකි. 25  ගිබියොන්හි*+ පුරුෂයන්ගේ ගණන අනූපහකි. 26  බෙත්ලෙහෙම+ සහ නෙටොෆාහි+ පුරුෂයන්ගේ ගණන එකසිය අසූඅටකි. 27  අනාතොත්හි පුරුෂයන්ගේ+ ගණන එකසිය විසිඅටකි. 28  බෙත්-අෂ්මාවෙත්හි පුරුෂයන්ගේ+ ගණන හතළිස්දෙකකි. 29  කිර්යත්-යෙයාරීම්,+ කෙෆීරා+ සහ බෙයේරොත්හි+ පුරුෂයන්ගේ ගණන හත්සිය හතළිස්තුනකි. 30  රාමා+ සහ ගෙබාහි+ පුරුෂයන්ගේ ගණන හයසිය විසිඑකකි. 31  මික්මාස්හි පුරුෂයන්ගේ+ ගණන එකසිය විසිදෙකකි. 32  බෙතෙල්හි+ සහ ආයිහි+ පුරුෂයන්ගේ ගණන එකසිය විසිතුනකි. 33  නෙබෝහි* පුරුෂයන්ගේ+ ගණන පනස්දෙකකි. 34  ඒලාම්ගේ* පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් දෙසිය පනස්හතරකි. 35  හාරිම්ගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්සිය විස්සකි. 36  යෙරිකෝවෙහි පුරුෂයන්ගේ+ ගණන තුන්සිය හතළිස්පහකි. 37  ලොද්,+ හාදිද්+ සහ ඕනෝගේ+ පුත්‍රයන්ගේ ගණන හත්සිය විසිඑකකි. 38  සෙනායාගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්දහස් නවසිය තිහකි. 39  පූජකයන්ගේ ගණන මෙසේය. යේෂුවාගේ පවුලට අයත් යෙදායාගේ පුත්‍රයන්ගේ+ ගණන නවසිය හැත්තෑතුනකි. 40  ඉම්මේර්ගේ පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් පනස්දෙකකි. 41  පෂ්හූර්ගේ පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් දෙසිය හතළිස්හතකි. 42  හාරිම්ගේ පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් දහහතකි. 43  ලෙවීවරුන්ගේ ගණන මෙසේය. හෝදෙවාගේ+ පවුලට අයත් කද්මියෙල්ගේ+ එනම්, යේෂුවාගේ පුත්‍රයන්ගේ ගණන හැත්තෑහතරකි. 44  ගායකයන් වූ+ ආසාෆ්ගේ පුත්‍රයන්ගේ+ ගණන එකසිය හතළිස්අටකි. 45  දොරටු පාලකයන්ගේ+ පුත්‍රයන් එනම්, ෂල්ලුම්,+ ආටෙර්, ටල්මොන්,+ අක්කුබ්,+ හටීටා සහ ෂෝබයි+ යන අයගේ පුත්‍රයන්ගේ ගණන එකසිය තිස්අටකි. 46  නෙතිනිම්වරුන්ගේ+ නම් මෙසේය. ෂීහාගේ පුත්‍රයෝද හසුෆාගේ පුත්‍රයෝද ටබ්බාවොත්ගේ පුත්‍රයෝද+ 47  කෙරොස්ගේ පුත්‍රයෝද සියාගේ* පුත්‍රයෝද පාදොන්ගේ පුත්‍රයෝද+ 48  ලෙබානාගේ පුත්‍රයෝද හගාබාගේ පුත්‍රයෝද+ සල්මයිගේ පුත්‍රයෝද 49  හානාන්ගේ පුත්‍රයෝද+ ගිද්දෙල්ගේ පුත්‍රයෝද ගහර්ගේ පුත්‍රයෝද 50  රෙයායාගේ පුත්‍රයෝද+ රෙෂින්ගේ පුත්‍රයෝද+ නෙකෝදාගේ පුත්‍රයෝද 51  ගෂ්ෂාම්ගේ පුත්‍රයෝද උස්සාගේ පුත්‍රයෝද පාසේයාගේ පුත්‍රයෝද 52  බේසයිගේ පුත්‍රයෝද+ මෙයූනිවරුන්ගේ පුත්‍රයෝද නෙෆූෂෙසිම්වරුන්ගේ* පුත්‍රයෝද+ 53  බක්බුක්ගේ පුත්‍රයෝද හකූෆාගේ පුත්‍රයෝද හර්හූර්ගේ පුත්‍රයෝද+ 54  බෂ්ලීත්ගේ* පුත්‍රයෝද මෙහිදාගේ පුත්‍රයෝද හර්ෂාගේ පුත්‍රයෝද+ 55  බාකොස්ගේ පුත්‍රයෝද සිසෙරාගේ පුත්‍රයෝද තෙමාගේ පුත්‍රයෝද+ 56  නෙෂියාගේ පුත්‍රයෝද හටීෆාගේ පුත්‍රයෝද+ යන සියලුදෙනා නෙතිනිම්වරුය. 57  සලමොන්ගේ සේවකයන්+ නම් මොවුහුය. සෝටයිගේ පුත්‍රයන්ද සොෆෙරෙත්ගේ පුත්‍රයන්ද පෙරීදාගේ* පුත්‍රයන්ද+ 58  යයලාගේ පුත්‍රයන්ද දර්කොන්ගේ පුත්‍රයන්ද ගිද්දෙල්ගේ පුත්‍රයන්ද+ 59  ෂෙපටියාගේ පුත්‍රයන්ද හට්ටිල්ගේ පුත්‍රයන්ද පොකෙරෙත්-හෂ්ෂෙබායිම්ගේ පුත්‍රයන්ද ආමොන්ගේ* පුත්‍රයන්ද+ යන අයයි. 60  නෙතිනිම්වරුන්ගේ+ සහ සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන්ගේ මුළු ගණන තුන්සිය අනූදෙකකි. 61  ටෙල්-මේලා, ටෙල්-හර්ෂා, කේරුබ්, අද්දොන් සහ ඉම්මේර් යන නුවරවලින් පැමිණි අයගේ නම් මතු දැක්වේ.+ එහෙත් ඔවුන්ගේ පවුල් ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන් බව ඔප්පු කර පෙන්වීමට ඔවුන්ට නොහැකි විය. 62  දෙලායාගේ පුත්‍රයන්ද ටොබියාගේ පුත්‍රයන්ද නෙකෝදාගේ පුත්‍රයන්ද+ යන මොවුන්ගේ මුළු ගණන හයසිය හතළිස්දෙකකි. 63  පූජකයන්+ අතරේ හබායාගේ පුත්‍රයෝද හක්කොෂ්ගේ+ පුත්‍රයෝද බාසිල්ලයිගේ පුත්‍රයෝද+ සිටියෝය. බාසිල්ලයිගේ පුත්‍රයන්ට එම නම ලැබුණේ, ඔවුන්ගේ මුතුන්මිත්තා ගිලියද්වරයෙකු වූ බාසිල්ලයිගේ+ දියණියකව විවාහ කරගෙන ඔහුගේ නම ලබාගත් නිසාය. 64  ඔවුන් තම පෙළපත කුමක්ද කියා ඔප්පු කිරීමට පෙළපත් ලේඛනවල තමන්ගේ නම් සෙවූ නමුත්, එය සොයාගත නොහැකි+ වූ නිසා ඔවුන් පූජකයන් ලෙස සේවය කිරීමට නුසුදුසු අය බව තීරණය කරන ලදි.+ 65  එහෙයින් පූජකයෙකු ඌරීම්+ සහ තුම්මීම්*+ යොදාගෙන තීන්දුවක් දෙන තෙක් දෙවිට කැප කළ ආහාර කෑමට ඔවුන්ට අවසර නැති බව+ ආණ්ඩුකාරයා*+ පැවසුවේය. 66  ඉහත සඳහන් වූ අයගේ මුළු ගණන හතළිස්දෙදහස් තුන්සිය හැටකි.+ 67  ඊට අමතරව ඔවුන්ට සිටි දාසදාසීන්ගේ+ ගණන හත්දහස් තුන්සිය තිස්හතකි.+ එමෙන්ම ගායක+ ගායිකාවෝ+ දෙසිය හතළිස්පහක්ද ඔවුන් සමඟ සිටියෝය. 68  ඔවුන්ට අශ්වයෝ හත්සිය තිස්හයක්ද කොටළුවෝ දෙසිය හතළිස්පහක්ද+ 69  ඔටුවෝ හාරසිය තිස්පහක්ද බූරුවෝ+ හයදහස් හත්සිය විස්සක්ද සිටියෝය.+ 70  පෙළපත්වල+ ප්‍රධානීන්ගෙන් සමහරදෙනෙක්+ වැඩකටයුතු වෙනුවෙන් යම් පරිත්‍යාග කළෝය.+ ආණ්ඩුකාරයාද*+ භාණ්ඩාගාරයට රන් ඩ්‍රැක්මා* දහසක්, බඳුන් පනහක් හා පූජකයන්ට ඇඳිය හැකි වස්ත්‍ර පන්සිය තිහක් පරිත්‍යාග කළේය.+ 71  පෙළපත්වල ප්‍රධානීන්ගෙන් සමහරදෙනෙක් රන් ඩ්‍රැක්මා විසිදහසක්ද රිදී මීනා*+ දෙදහස් දෙසියයක්ද භාණ්ඩාගාරයට පරිත්‍යාග කළෝය. 72  පොදු ජනයා රන් ඩ්‍රැක්මා විසිදහසක්ද රිදී මීනා දෙදහසක්ද පූජකයන්ට ඇඳිය හැකි වස්ත්‍ර හැටහතක්ද පරිත්‍යාග කළෝය. 73  පූජකයෝද+ ලෙවීවරුද දොරටු පාලකයෝද ගායකයෝද+ යුදෙව් ජනතාව අතරින් යම් පිරිසක්ද නෙතිනිම්වරුද+ සියලුම ඊශ්‍රායෙල්වරුද තම තමන්ගේ නුවරවලට ගොස් පදිංචි වූහ.+ අවුරුද්දේ හත්වන මාසය වන විට+ සියලුම ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ නුවරවල පදිංචි වී සිටියෝය.+

පාදසටහන්

එස්රා 2:2හි, “සෙරායා” ලෙස හැඳින්වේ.
එස්රා 2:2හි, “රෙයලායා” ලෙස හැඳින්වේ.
එස්රා 2:2හි, “මිස්පාර්” ලෙස හැඳින්වේ.
එස්රා 2:2හි, “රෙහුම්” ලෙස හැඳින්වේ.
එස්රා 2:6හි පාදසටහන බලන්න.
එස්රා 2:10හි, “බානි” ලෙස හැඳින්වේ.
එස්රා 2:18හි, “යෝරා” ලෙස හැඳින්වේ.
එස්රා 2:20හි, “ගිබ්බාර්” ලෙස හැඳින්වේ.
එනම්, නෙබෝ යන නමින් තිබූ අනිත් නුවරයි.
එස්රා 2:31හි පාදසටහන බලන්න.
එස්රා 2:44හි, “සියාහා” ලෙස හැඳින්වේ.
එස්රා 2:50හි, “නෙෆූසිම්” යයි සඳහන් වේ.
එස්රා 2:52හි, “බෂ්ලූත්” ලෙස හැඳින්වේ.
එස්රා 2:55හි, “පෙරුදා” ලෙස හැඳින්වේ.
එස්රා 2:57හි, “ආමී” ලෙස හැඳින්වේ.
නික් 28:30හි දෙවන පාදසටහන බලන්න.
මූ.අ., “තිර්ෂාතා.”
මූ.අ., “තිර්ෂාතා.”
එස්රා 2:69හි පළමුවන පාදසටහන බලන්න.
එස්රා 2:69හි දෙවන පාදසටහන බලන්න.