යොෂුවා 18:1-28

18  ඊශ්‍රායෙල්වරු ෂීලෝ නගරයේ+ රැස් වී සම්මුඛ වීමේ කූඩාරම එහි පිහිටුවාගත්තෝය.+ ඒ වන විට ඊශ්‍රායෙල්වරුන් දේශය යටත් කරගෙන තිබිණ.+  එහෙත් ඊශ්‍රායෙල්වරුන් අතරින් ගෝත්‍ර හතකට ඒ වන විටත් ඔවුන්ට හිමි දේශයන් බෙදා දී තිබුණේ නැත.  එහෙයින් යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ කීවේය. “ඔබ තවත් බලාගෙන ඉන්නේ ඇයි?+ ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වූ යෙහෝවා ඔබට දුන් දේශය ඔබ සම්පූර්ණයෙන්ම අයිති කරගන්න.+  සෑම ගෝත්‍රයකින්ම සුදුසුකම් ඇති මනුෂ්‍යයන් තුන්දෙනෙකුව තෝරාගෙන ඔවුන්ව මා ළඟට එවන්න. එක් එක් ගෝත්‍රයට දෙන උරුමය තීරණය කරන පිණිස ඔවුන් දේශය පුරා ගමන් කර එහි සිතියමක් සාදාගත යුතුයි. ඉන්පසු ඔවුන් නැවත මා වෙතට පැමිණිය යුතුයි.+  දකුණු දිශාවේ යූදාට දී තිබෙන කොටසත්+ උතුරු දිශාවේ යෝසෙප්ගේ පුත්‍රයන්ට දී තිබෙන කොටසත්+ ඒ විදිහටම තිබෙන්න හරින්න. දේශයේ ඉතුරු වී තිබෙන ප්‍රදේශය කොටස් හතකට බෙදන්න.+  ඒ කොටස් හත පිළිබඳ විස්තර සටහන් කරගෙන මා ළඟට පැමිණෙන්න. ඊටපස්සේ ඔබ එක් එක් කෙනාට ලැබෙන කොටස දැනගැනීම සඳහා අපේ දෙවි වන යෙහෝවා ඉදිරියෙහි මම දාදු දමන්නම්.+  යෙහෝවා දෙවිගේ ගෘහයේ පූජකයන් ලෙස සේවය කිරීම ලෙවී ගෝත්‍රයේ අයගේ උරුමය වන නිසා+ ඔබට මෙන් ඔවුන්ට දේශයේ උරුමයක් ලැබෙන්නේ නැහැ.+ ඒ වගේම යෙහෝවා දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස්, යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ තිබෙන දේශය ගාද් ගෝත්‍රයටත් රූබෙන් ගෝත්‍රයටත්+ මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටත්+ දැනටමත් දී අවසානයි.”+  දේශයේ සිතියම් අඳින්න තෝරාගත් අය පිටත් වෙන්න සූදානම් වන විට යොෂුවා ඔවුන්ට මෙසේ පැවසුවේය.+ “ඔබ දේශයේ සෑම තැනටම ගිහින් එහි මායිම් හඳුනාගන්න. ඒ හැම විස්තරයක්ම සටහන් කරගෙන ආපහු ෂීලෝ නගරයට+ එන්න. ඊටපස්සේ මම යෙහෝවා දෙවි ඉදිරියෙහි දාදු දමන්නම්.”+  ඔවුහු දේශය පුරාම ගොස් එහි විස්තර ලියවිල්ලක සටහන් කරගත්තෝය.+ දේශයේ එක් එක් නගර පිළිබඳ විස්තරද ඔවුහු ඊට ඇතුළත් කළෝය. දේශය කොටස් හතකට වෙන් කර තිබිණ. පසුව ඔවුහු ෂීලෝ නගරයේ කඳවුරක සිටි යොෂුවාට එම ලියවිල්ල භාර දුන්නෝය. 10  යොෂුවා, යෙහෝවා දෙවි ඉදිරියේ+ දාදු දමා ඒ එක් එක් ගෝත්‍රයට අයිති කොටස වෙන් කර දුන්නේය.+ 11  දාදු දමා+ බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති ප්‍රදේශය වෙන් කරනු ලැබීය. ඔවුන්ට ලැබුණේ යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයත්+ යෝසෙප්ගේ පුත්‍රයන්ට අයිති ප්‍රදේශයත්+ අතර තිබූ කොටසය. 12  බෙන්ජමින් ගෝත්‍රයේ උතුරු දේශ සීමාව යොර්දාන් ගඟෙන් ආරම්භ වී යෙරිකෝවේ+ උතුරු පැත්තේ ඇති බෑවුම දක්වා දිව ගියේය. එය එතැනින් බස්නාහිර දෙසින් පිහිටි කන්ද හරහා ගොස් බෙත්-ආවෙන් පාළුකරය+ දක්වා විහිදී ගියේය. 13  එතැන් සිට කලින් ලූෂ්+ කියා හැඳින්වූ බෙතෙල් නගරයට+ දකුණු දෙසින් පිහිටි බෑවුම පසු කරගෙන ගොස් පහළ බෙත්-හෝරොන් නගරයට+ දකුණින් තිබෙන කන්දේ පිහිටි අටාරොත්-අද්දර් නගරය+ දක්වා දිව ගියේය. 14  දේශ සීමාව බෙත්-හෝරොන් නගරයට මුහුණ ලා තිබෙන කන්දේ සිට දකුණු දෙසට හැරී බෙන්ජමින්වරුන්ගේ දේශ සීමාවේ බස්නාහිර මායිම දක්වා විහිදී ගියේය. එම බස්නාහිර මායිම යූදා ගෝත්‍රයට අයිති කිර්යත්-යෙයාරීම්+ කියාද හැඳින්වූ කිර්යත්-බාල් නගරය අසලින් කෙළවර විය. 15  එහි දකුණු සීමාව, කිර්යත්-යෙයාරීම් නගරයේ කෙළවර සිට බස්නාහිර දෙසට ගොස් නෙෆ්තෝවා දිය උල්පත+ දක්වාද 16  හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයට+ ඉදිරියෙන් පිහිටි කන්දේ පාමුල දක්වාද විහිදී ගියේය. එම කන්ද පිහිටා තිබුණේ රෙෆායිම් තැනිතලාවේ+ උතුරු කෙළවරේය. දේශ සීමාව එතැන් සිට හින්නොම් නිම්නය දක්වාත් යෙබූසිවරුන්ගේ නගරය+ පිහිටි කන්දේ දකුණු පැත්තේ තිබෙන බෑවුම හරහාත් දිව ගොස් ඒන්-රොගෙල්+ දිය උල්පත අසලදී අවසන් විය. 17  එතැනින් දේශ සීමාව උතුරට වෙන්න පිහිටි ඒන්-ෂෙමෙෂ් දක්වාද අදුම්මිම් බෑවුමට+ ඉදිරියෙන් පිහිටි ගෙලීලොත් දක්වාද බොහන්+ නමින් හැඳින්වූ ගල+ දක්වාද දිව ගියේය. (බොහන්, රූබෙන් ගෝත්‍රයට අයත් කෙනෙකි.) 18  එතැනින් දේශ සීමාව මහ අරබා නිම්නයට ඉදිරියෙන් ඇති කන්දේ උතුරු බෑවුම දක්වාද අරබා නිම්නය දක්වාද බැස ගියේය. 19  එතැන් සිට බෙත්-හොග්ලා නගරයේ+ පිහිටි කන්දේ උතුරු බෑවුම දක්වා ගොස් ලුණු මුහුදේ+ උතුරු කෙළවරින් සීමාව අවසන් විය. එය යොර්දාන් ගඟේ දකුණු කෙළවරයි. බෙන්ජමින් ගෝත්‍රයට ලැබුණු දේශයේ දකුණු සීමාව සටහන් වූයේ එම මායිම්වලින්ය. 20  එහි නැඟෙනහිර දේශ සීමාව වූයේ යොර්දාන් ගඟය. බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට උරුම වූ දේශයේ සීමාවන් ඒවාය. 21  බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට ලැබුණු ප්‍රදේශයේ තිබූ නගර මේවාය. යෙරිකෝව,+ බෙත්-හොග්ලා, ඒමෙක්-කෙෂිෂ්, 22  බෙත්-අරබා,+ ෂෙමරායිම්, බෙතෙල්,+ 23  අව්විම්, පාරා, ඔෆ්රා,+ 24  කේෆර්-අම්මෝනි, ඔෆ්නී සහ ගෙබාය.+ එම නගරවල ගණන දොළහකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ. 25  ගිබියොන්,+ රාමා, බෙයේරොත්, 26  මිෂ්පේ,+ කෙෆීරා,+ මෝෂාහ්, 27  රෙකෙම්, ඉර්පෙයෙල්, තරලා, 28  ෂේලාහ්,+ හා-එලෙෆ්, යෙරුසලම+ කියාද හැඳින්වූ යෙබූසි, ගිබෙයා+ සහ කිර්යත් යන නගරත් ඊට අයත් විය. එම නගරවල ගණන දහහතරකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ. එම දේශයත් එහි තිබුණු නගරත් බෙන්ජමින් ගෝත්‍රයට උරුම විය.+

පාදසටහන්