යොෂුවා 20:1-9

20  පසුව යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය.  “ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පවසන්න. ‘මම කලින් මෝසෙස්ට පැවසූ ලෙස ඔබ දැන් දේශයේ නගර කිහිපයක් ආරක්ෂිත නුවරවල්+ වශයෙන් වෙන් කරගත යුතුයි.  අත්වැරදීමක් නිසා යමෙකු අතින් මිනිසෙකු මිය ගියොත්+ එම තැනැත්තා ප්‍රමාද නොවී ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි. එවිට ඔහුව මරා දැමීමට අයිති ඇති තැනැත්තාගෙන්+ ඔහුට ආරක්ෂාව ලැබෙයි.  ඔහු එම නගරයේ දොරටුව+ අසලට පැමිණ+ එහි සිටින වැඩිමහල්ලන්ට තමා අතින් සිදු වූ දේ කිව යුතුයි.+ ඉන්පසු ඔහුව භාරගෙන ඔහුට ජීවත් වෙන්න තැනක් සූදානම් කර දීම එම වැඩිමහල්ලන්ගේ වගකීමයි.  ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තා ඔහුව සොයාගෙන පැමිණියොත් වැඩිමහල්ලන් ඔහුව එම තැනැත්තාගේ අතට භාර නොදිය යුතුයි.+ මන්ද එය අත්වැරදීමකින් සිදු වූ මරණයක් මිස පළිගැනීමේ චේතනාවෙන් සිදු කළ මරණයක් නොවෙයි.+  නඩු විභාගය අවසන් වන තුරු ඔහු ඒ නගරයේ රැඳී සිටිය යුතුයි.+ මරණය අත්වැරදීමකින් සිදු වුණා කියා ඔප්පු වූ විට ඔහුට දිගටම ජීවත් විය හැක. නමුත් උත්තම පූජකයා මිය යන තුරු+ ඔහු එම නගරයෙන් පිටතට නොයා යුතුයි. ඔහුට තම නගරයටත් නිවසටත් ආපසු හැරී යා හැක්කේ උත්තම පූජකයා මිය යෑමෙන් අනතුරුවයි.’”+  නෆ්තලී ගෝත්‍රයට අයත් කඳුකර පළාතේ තිබෙන ගලීලය නම් ප්‍රදේශයේ පිහිටි කෙදෙෂ් නගරයද+ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි ෂීකෙම් නගරයද+ යූදා ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි කිර්යත්-අර්බා නගරයද+ ආරක්ෂිත නගර ලෙස වෙන් කරන ලදි. කිර්යත්-අර්බා නගරය හෙබ්‍රොන් ලෙසද හැඳින්වෙයි.  යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ යෙරිකෝවට ළඟින් පිහිටි රූබෙන් ගෝත්‍රයේ+ දේශ සීමාව තුළ තිබෙන බෙෂෙර් නම් නගරයත්+ ආරක්ෂිත නුවරක් ලෙස වෙන් කරන ලදි. බෙෂෙර් නගරය පාළුකරයේ තිබෙන උස් තැනිතලාව මත පිහිටා තිබේ. ගාද් ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශයේ ගිලියද්හි පිහිටි රාමොත් නගරයත්+ මනස්සේට ලැබුණු ප්‍රදේශයේ බාෂාන්හි පිහිටි ගෝලාන් නගරයත්+ ආරක්ෂිත නුවරවල් ලෙස වෙන් කරන ලදි.  මෙම නගර වෙන් කර තිබුණේ අත්වැරදීමක් නිසා ඊශ්‍රායෙල් ජාතිකයෙකුගේ හෝ ඊශ්‍රායෙල්වරුන් අතරේ ජීවත් වන විදේශිකයෙකුගේ හෝ අතින් යමෙකු මැරුණොත්+ වරදකරුට ආරක්ෂාව ලබා දීම සඳහාය. නඩු විභාගය අවසන් වන තුරු+ ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තාගෙන් ආරක්ෂා වන පිණිස ඔහු එහි රැඳී සිටිය යුතුය.

පාදසටහන්