යොෂුවා 5:1-15

5  යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට යොර්දාන් ගඟෙන් එගොඩ වීම සඳහා එහි වතුර සිඳී යෑමට සැලැස්වූ බව ගඟෙන් බස්නාහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන්ට+ හා වෙරළබඩ තීරයේ සිටි කානානිවරුන්ගේ රජවරුන්ට+ ආරංචි විය. එම ආරංචිය ලැබුණු විට ඔවුහු මහත් සේ තැතිගත්තෝය.+ ඊශ්‍රායෙල්වරුන් ගැන අසන්න ලැබුණු ඒ දේවල් නිසා ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කිසිවක් කිරීමට ශක්තියක් ඔවුන් තුළ නොවීය.+  යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “ගල් මුවහත් කර පිහි සාදා ඊශ්‍රායෙල් පුත්‍රයන්ව චර්මච්ඡේදනය කරන්න.”*+  එවිට යොෂුවා තමන් සෑදූ පිහි රැගෙන ගිබෙයාත්-හාඅරලොත්හිදී+ ඊශ්‍රායෙල් පුත්‍රයන්ව චර්මච්ඡේදනය කළේය.  යොෂුවා ඔවුන්ව චර්මච්ඡේදනය කළේ මේ හේතුව නිසාය. ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් යුද්ධයට යා හැකි වයසක සිටි සියලු පුරුෂයෝ පාළුකරයේදී මිය ගියෝය.+  ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ සියලු පුරුෂයන්ව චර්මච්ඡේදනය කර තිබුණත් පාළුකරය හරහා ගමන් ගන්නා අතරතුරදී ඉපදුණු පිරිමි දරුවන්ව චර්මච්ඡේදනය කර නොතිබිණ.  ඊශ්‍රායෙල් සෙනඟ අතරේ යුද්ධයට යා හැකි වයසක සිටි සියලුම පුරුෂයෝ මිය යන තෙක් ඔවුන්ට අවුරුදු හතළිහක්+ පුරා පාළුකරයේ ගමන් කිරීමට සිදු විය. යෙහෝවා දෙවි තම සෙනඟට කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක්+ දෙන බවට ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වී තිබිණ.+ නමුත් ඒ සියලුදෙනා යෙහෝවා දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ට කවදාවත් ඒ දේශය දකින්න නොලැබෙන+ බව යෙහෝවා දෙවි ස්ථිරවම පවසා තිබිණ.  නමුත් දෙවි ඒ දේශය ඔවුන්ගේ පුත්‍රයන්ට හිමි කර දුන්නේය.+ පාළුකරය හරහා ගමන්ගන්නා අතරතුරදී ඉපදුණු ඒ දරුවන්ව චර්මච්ඡේදනය කර තිබුණේ නැත. එමනිසා යොෂුවා ඔවුන්ව චර්මච්ඡේදනය කළේය.  ඒ සියලුදෙනාව චර්මච්ඡේදනය කළ පසු ඔවුහු සුව වන තෙක් කඳවුරේම රැඳී සිටියෝය.+  පසුව යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “ඊජිප්තුවරුන් මාගේ සෙනඟට කළ අපහාස අද මම නවතා දැමුවෙමි.”+ එහෙයින් අද වන තුරු ඒ ස්ථානය ගිල්ගාල්*+ යන නමින් හඳුන්වනු ලැබේ. 10  යෙරිකෝවේ පාළුකරයේ පිහිටි ගිල්ගාල් නගරයේ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල්වරු ඒ මාසයේ දහහතරවනදා සවස පාස්කුව පැවැත්වූහ.+ 11  පාස්කුවට පසුවදා ඔවුහු එම දේශයේ පලදාවෙන් සාදාගත් මුහුන් නොදැමූ රොටි+ සහ බැදපු ධාන්‍ය කෑවෝය. 12  ඊශ්‍රායෙල් සෙනඟ දේශයේ පලදාව ආහාරයට ගත් දවසේ සිට භූමිය මතට මන්නා වැටීම නතර විය.+ ඒ අවුරුද්දේ සිට ඔවුහු කානාන් දේශයේ පලදාව ආහාරයට ගැනීමට පටන්ගත්තෝය.+ 13  දිනක් යොෂුවා යෙරිකෝව අසල සිටියදී කඩුවක් අතට ගත්+ මිනිසෙකු+ තමාට ඉදිරියෙන් සිටගෙන සිටිනවා දුටුවේය. යොෂුවා ඔහු වෙතට ගොස්, “ඔබ අපේ මිත්‍රයෙක්ද නැත්නම් සතුරෙක්ද” කියා ඔහුගෙන් ඇසුවේය. 14  එවිට ඔහු, “මම යෙහෝවා දෙවිගේ සේනාවේ අධිපති”+ කියා පැවසුවේය. එය ඇසූ විගස යොෂුවා දණින් වැටී තම හිස නමා+ ඉතා ගෞරවයෙන් මෙසේ ඇසුවේය. “මාගේ ස්වාමීනි, ඔබ පැමිණියේ ඔබේ සේවකයා වන මට කුමක් පැවසීමටද?” 15  එවිට යෙහෝවා දෙවිගේ සේනාවේ අධිපති, යොෂුවාට මෙසේ කීවේය. “ඔබ සිටගෙන සිටින භූමිය ශුද්ධයි. ඒ නිසා ඔබේ පාවහන් ගලවන්න.” නොපමාව යොෂුවා එසේ කළේය.+

පාදසටහන්

මූ.අ., “නැවත වරක් නැත්නම් දෙවන වතාවටත් චර්මච්ඡේදනය කරන්න.”
තේරුම, “ඉවත් කළා.”