යෝනා 2:1-10

2  යෝනා ඒ මත්ස්‍යයාගේ බඩේ සිටියදී තම දෙවි වන යෙහෝවාට යාච්ඤා කරමින්+  මෙසේ කීවේය.“මගේ දුකේදී මම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.+ ඔහු මට පිළිතුරු දුන්නේය.+මිනී වළේ සිට උපකාරය ඉල්ලා මම කෑගැසුවෙමි.+ඔබ මට කන් දුන්නෙහිය.+   ඔබ මාව ගැඹුරු මුහුදට විසි කළෙහිය.+ජල ධාරා මාව වට කරගත්තේය.රළ පහර මාගේ හිසට උඩින් ගියේය.+   ‘ඔබට මාව නොපෙනී යන සේ ඈතින් ඈතට මාව ගසාගෙන ගියේය.+ඔබේ ශුද්ධ මාලිගාව මට නැවත දැකගන්න ලැබෙයිද’ කියා මම කල්පනා කළෙමි.+   රළ පහර මාව යට කරගත්තේය. ගැඹුරු මුහුදේ පතුලටම මා ගිලෙන්න පටන්ගත්තේය.+මුහුදු පැළෑටි මගේ හිස වටා එතුණේය.   මුහුදු පත්ලටම* මම කිඳා බැස්සෙමි.පොළොව මාව වසාගෙන සදහටම සිර කර තැබුවායයි මට සිතුණි.එහෙත් යෙහෝවා මාගේ දෙවියනි, ඔබ මාව මිනී වළෙන් මුදවා මාගේ ජීවිතය රැක දුන්නෙහිය.+   යෙහෝවා දෙවියනි, මරණය අබියස සිටියදී+ මට සිහි වූයේ ඔබ පමණය.+මම ඔබට යාච්ඤා කළෙමි. ඔබේ ශුද්ධ මාලිගාවේ සිට මාගේ යාච්ඤාවට ඔබ සවන් දුන්නෙහිය.+   බොරු දෙවිවරුන්ට නමස්කාර කරන සියල්ලෝ ප්‍රේමයේ* උල්පත වන ඔබව අත්හැර ගොස් ඇත.*+   එහෙත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවි වන ඔබ පමණි.+ ඒ නිසා මම ඔබට පොරොන්දු වූ සියල්ල එලෙසම ඉටු කරන්නෙමි.+මම ස්තුති ප්‍රශංසා දෙමින් ඔබට පුදපූජා ඔප්පු කරන්නෙමි.”+ 10  පසුව යෝනාව ගොඩබිමට වමාරන ලෙස යෙහෝවා දෙවි මත්ස්‍යයාට අණ කළේය. එවිට ඌ යෝනාව ගොඩබිමට වැමෑරුවේය.+

පාදසටහන්

මූ.අ., “කඳු ආරම්භ වන ස්ථානය.”
හෝ, “ළැදි ප්‍රේමයේ.”
හෝ, “ඔවුහු ප්‍රේමය නොපෙන්වූවෝය.”