යෝනා 3:1-10

3  එවිට යෙහෝවා දෙවි දෙවන වරටත් යෝනාට කතා කර මෙසේ පැවසුවේය.+  “නිනිවය නම් විශාල නුවරට ගොස් මා ඔබට පවසන දේ එහි වැසියන්ට කියන්න.”+  යෝනා යෙහෝවා දෙවි පැවසූ ලෙස නිනිවය නුවර බලා පිටත්ව ගියේය.+ නිනිවය ඉතා වැදගත් මෙන්ම විශාල නුවරකි.+ ඒ වටා පයින් ගමන් කිරීමට දවස් තුනක් ගත විය.  යෝනා නුවරට ඇතුල් වී මුළු දවසම පයින් ගමන් කළේය. “තව දවස් හතළිහකින් නිනිවය විනාශ වෙනවා”+ කියා ඔහු එහි වැසියන්ට ප්‍රකාශ කළේය.  එය ඇසූ විට නිනිවයේ වැසියෝ දෙවි කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගත්තෝය.+ නුවරේ සියලු වැසියන් නිරාහාරව සිටිය යුතුයි කියා නියෝගයක්ද පනවන ලදි. උස් පහත් භේදයකින් තොරව සියලුදෙනාම ගෝණි රෙදි ඇඳගෙන නිරාහාරව සිටියෝය.+  නිනිවයේ රජුට+ මෙය ආරංචි වූ විට ඔහුද සිංහාසනයෙන් නැඟිට තමාගේ නිලවස්ත්‍රය පසෙක ලා ගෝණි රෙදි ඇඳගෙන අළු ගොඩක හිඳගත්තේය.+  තවද රජතුමා තම අධිපතීන් සමඟ එකතු වී පැනවූ මෙම නියෝගයද නිනිවය පුරා නිවේදනය කරන ලදි. “කිසි මිනිසෙකුවත් සතෙකුවත් කෑම නොකෑ යුතුයි. ආහාරයක රසවත් නොබැලිය යුතුයි. වතුර බීමෙනුත් වැළකී සිටිය යුතුයි.+  ගෝණි රෙදි ඇඳ දිගටම දෙවිට කන්නලව් කරන්න. සතුන් පිටද ගෝණි රෙදි දමන්න. ඔබේ දුෂ්ට ක්‍රියා අත්හැර තවදුරටත් අනුන්ට හිරිහැර නොකරන්න.+  සමහරවිට සැබෑ දෙවි අපිට අනුකම්පා කරාවි.+ ඔහුගේ කෝපය පහ වී මේ විපත අප පිට නොගෙන ඒමට ඔහු තීරණය කරන්නත් ඉඩ ඇත.”+ 10  ජනයා තම දුෂ්ටකම් අත්හැර ඇති බව+ සැබෑ දෙවි දුටුවේය.+ ඒ නිසා ඔවුන්ට දඬුවම් කිරීමට ගත් තීරණය දෙවි වෙනස් කළේය.+ ඔහු ඔවුන් පිටට ඒ විපත ගෙනාවේ නැත.+

පාදසටහන්