රෝම 16:1-27

16  සෙන්ක්‍රෙයාය නුවරෙහි තිබෙන සභාවේ+ සේවය කරන+ අපගේ සහෝදරි ෆීබිව ඔබට හඳුන්වා දෙන්න කැමැත්තෙමි.  ස්වාමීන්ගේ අනුගාමිකයෙකු වන ඇයව ශුද්ධ තැනැත්තන්ට ඔබින ආකාරයකින් සාදරයෙන් පිළිගන්න.+ ඇයට යම් අවශ්‍යතා ඇත්නම් ඒවා ඉටු කර දෙන්න.+ ඇත්තෙන්ම ඇය බොහෝ සහෝදරයන්ටත් මටත් විවිධාකාරවලින් උපකාර සපයා ඇත.  ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් වන මගේ හවුල් සේවකයන්+ වන ප්‍රිස්කා සහ අකිලාට+ මගේ සුබ පැතුම් දෙන්න.  ඔවුහු මා වෙනුවෙන් බොහෝ අනතුරුවලට මුහුණ දී ඇත.+ ඇත්තෙන්ම මා පමණක් නොව විවිධ ජාතීන්ට අයත් සභා බොහොමයක් ඔවුන්ට ස්තුතිවන්ත වෙති.+  ඔවුන්ගේ නිවසෙහි රැස් වන සභාවේ සියලුදෙනාටද මා සුබ පතන බව පවසන්න.+ එමෙන්ම ආසියා පළාතේ මුලින්ම+ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත් වූ අයගෙන් කෙනෙකු වන මගේ හිතවත් එපිනෙටස්ට සුබ පතන්න.  ඔබ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ මරියාටද මා සුබ පතන බව පවසන්න.  මගේ නෑදෑයන්+ සහ මගේ හවුල් සිරකරුවන්ව සිටි+ අන්ද්‍රොනිකස් සහ ජූනියස්ටද සුබ පතන්න. යේසුස්ගේ නියෝජිතයන්* අතර හොඳ නමක් දිනාගෙන ඇති ඔවුහු, මටත් වඩා වැඩි කාලයක් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස+ සේවය කර ඇත.  ස්වාමීන්ගේ අනුගාමිකයෙකු වන මගේ හිතවත් අම්ප්ලියාටස්ට මා සුබ පතන බව පවසන්න.+  ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වන අපගේ හවුල් සේවක උර්බානස්ටද මගේ හිතවත් ස්ටාකිස්ටද, 10  ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු ලෙස අනුමැතිය ලබා ඇති අපෙල්ලස්ටද මා සුබ පතන බව පවසන්න.+ අරිස්තොබියුලස්ගේ නිවසේ සිටින සියලුදෙනාටද, 11  මගේ නෑදෑයෙකු+ වන හෙරෝදියන්ටද නාසිසස්ගේ නිවසේ සිටින ස්වාමීන්ගේ අනුගාමිකයන්ටද+ මගේ සුබ පැතුම් දෙන්න. 12  ස්වාමීන්ගේ අනුගාමිකයන් ලෙස බොහෝ වෙහෙස මහන්සි වී සේවය කරන ස්ත්‍රීන් වන ත්‍රිෆේනා සහ ත්‍රිෆෝසාටද සුබ පතන්න. අපට ඉතා හිතවත් පර්සිස්ටද මගේ සුබ පැතුම් දෙන්න. ඇය ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස බොහෝ වෙහෙස මහන්සි වී සේවය කර ඇත. 13  ස්වාමීන් වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවයක් පිරිනමන රූෆස්ටද මගේම මව මෙන් මා සලකන ඔහුගේ මවටද මගේ සුබ පැතුම් දෙන්න. 14  අසින්ක්‍රිටස්ටද ෆ්ලේගොන්ටද හර්මීස්ටද පත්‍රොබස්ටද හර්මස්ටද ඔවුන් සමඟ සිටින සහෝදරයන්ටද මගේ සුබ පැතුම් දෙන්න. 15  ෆිලොලගස් සහ ජූලියාටද නේරියස් හා ඔහුගේ සහෝදරියටද ඔලිම්පස්ටද ඔවුන් සමඟ සිටින ශුද්ධ තැනැත්තන් සියලුදෙනාටද+ මගේ සුබ පැතුම් දෙන්න. 16  සහෝදර සෙනෙහසකින් එකිනෙකාව සිඹගනිමින්+ එකිනෙකාට සුබ පතන්න. ක්‍රිස්තුස්ගේ සියලුම සභා ඔබට සුබ පතති. 17  සහෝදරයෙනි, ඔබට යම් දෙයක් ගැන උනන්දු කිරීමට කැමැත්තෙමි. එනම් ඔබේ සහෝදරයන් අතරේ භේද පතුරුවන අය ගැනත්+ ඔබ ඉගෙනගත් දේවලට පටහැනි දේවල් පතුරුවමින් අන් අයගේ විශ්වාසයට හානියක් සිදු කරන අය ගැනත්+ සෝදිසියෙන් සිටින්න. එපමණක්ද නොව ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් වළකින්න.+ 18  එවැනි අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස්ගේ දාසයෝ නොවෙති. ඔවුන් වහල් වී සිටින්නේ තමන්ගේම ආශාවන්ටය.+ එහෙයින් ඔවුහු කනට මිහිරි වචන+ හා චාටු බස් දොඩමින්+ අහිංසක අයව නොමඟ යවති. 19  ඔබේ කීකරුකම සියලුදෙනා අතරේ ප්‍රසිද්ධ වී ඇත.+ මා ඔබ ගැන ප්‍රීතියෙන් සිටින්නේ ඒ නිසාය. කෙසේවෙතත් ඔබ යහපත් දේවල නිරත වෙමින් ඥානවන්තව කටයුතු කළ යුතුයි.+ එලෙසම නපුරු දේවලට හවුල් නොවන+ නිර්දෝෂ අය විය යුතුයි.+ 20  තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි+ සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ සැමට ලැබේවා!+ 21  මගේ හවුල් සේවක තිමෝතිද මගේ නෑදෑයන්+ වන ලූෂස්ද ජේසන්ද සොසිපතර්ද යන අය ඔබට සුබ පතති. 22  මේ ලිපිය ලිවීමෙන් සහාය වූ ටර්තියස් වන මමද ඔබට මගේ ක්‍රිස්තියානි සුබ පැතුම් එවන්නෙමි. 23  මට නවාතැන් පහසුකම් ලබා දෙන, මුළු සභාවට රැස් වෙන්න තැනක් ලබා දෙන ගායස්ද+ ඔබට සුබ පතන්නේය. නගරයේ+ භාණ්ඩාගාරික එරස්ටස්ද ඔහුගේ සහෝදර ක්වාටස්ද ඔබට සුබ පතති. 24  —— 25  මා ප්‍රකාශ කරන ශුභාරංචිය තුළින් ඔබව ස්ථිර කළ හැක්කේ දෙවිටයි.+ ඒ ශුභාරංචිය යේසුස් ක්‍රිස්තුස් ගැන දේශනා කළ දෙයට සම්බන්ධ වේ. එළිදරව් කරනු ලබන පරිශුද්ධ රහස+ එයයි. දෙවි බොහෝ කාලයක් පුරා එය සඟවා තැබුවේය. 26  නමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් අනාවැකි තුළින් ඒ රහස සියලු ජාතීන්ට අනාවරණය කර තිබේ.+ සදහටම වාසය කරන දෙවිගේ ආඥාවට එකඟව ඒ දේවල් එලෙස අනාවරණය කළේ විශ්වාසයක් පෙන්වමින් දෙවිට කීකරු වීමට ඔවුන්ට උපකාර කිරීම සඳහාය.+ 27  ප්‍රඥාවෙන් ක්‍රියා කරන එකම තැනැත්තාණන්+ වන දෙවිට යේසුස් ක්‍රිස්තුස්+ තුළින් සදහටම ප්‍රශංසාවත් ගෞරවයත්+ ලැබේවා! ආමෙන්.

පාදසටහන්

හෝ, “යවනු ලැබූවන්.”