විනිශ්චයකරුවෝ 12:1-15

12  දිනක් එෆ්‍රායිම්හි පුරුෂයෝ ගඟෙන් එගොඩ වී උතුරු ප්‍රදේශයට ගමන් කර එහි සිටි යෙප්තාව හමු වීමට ගියෝය. ඔවුහු ඔහුට මෙසේ පැවසූහ. “ඔබ අම්මොන්වරුන් සමඟ සටන් කරන්න ගඟෙන් එගොඩ වූ විට අපවත් ඒ සටනට එකතු කර නොගත්තේ ඇයි?+ ඒ යුද්ධයට ඔබ අපව එකතු කර නොගත් නිසා අපි ඔබවත් ඔබේ නිවසත් ගිනිබත් කරනවා.”+  එවිට යෙප්තා ඔවුන්ට මෙසේ පැවසීය. “දිගු කාලයක් පුරා මාත් මගේ සෙනඟත් අම්මොන්වරුන් සමඟ ලොකු වෛරයකින් සිටියා.+ ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන්න මම ඔබෙන් උපකාර ඉල්ලුවත් ඔබ මට උපකාර කළේ නැහැ.  අපේ උපකාරයට කවුරුත් නැති බව අපට වැටහුණා. ඒ නිසයි මම තීරණය කළේ මගේ ජීවිතය පරදුවට තියලා+ හරි අම්මොන්වරුන්ට විරුද්ධව සටන් කරන්න.+ ඒ සටනේදී යෙහෝවා දෙවි ඔවුන්ව මගේ අතට හසු කර දුන්නා. ඉතින් දැන් ඇයි ඔබ මාත් එක්ක රණ්ඩු කරන්න හදන්නේ?”  එවිට යෙප්තා වහාම ගිලියද්හි+ සියලුම පුරුෂයන්ව එකතු කරගෙන එෆ්‍රායිම්හි වැසියන්ට විරුද්ධව සටනට ගියේය. එෆ්‍රායිම්වරුන් ගිලියද්හි වැසියන්ව හෙළාදකිමින් මෙසේ පවසා තිබිණ. “එෆ්‍රායිම්වරුන්ටත් මනස්සේවරුන්ටත් අයිති දේශයේ වාසය කරන ගිලියද්හි වැසියෙනි, ඔබ එෆ්‍රායිම් දේශයෙන් පලා ගිය කිසිකමකට නැති මිනිස්සු පිරිසක්.” ඒ හේතුව නිසා ගිලියද්හි පුරුෂයෝ එෆ්‍රායිම්වරුන්ව මරා දැමූහ.  ගිලියද්හි පුරුෂයෝ යොර්දාන් ගඟෙන් එෆ්‍රායිම් දේශයට එගොඩ වන තැන් අල්ලාගත්තෝය.+ පලා යන එෆ්‍රායිම්වරු එම ස්ථානවලට ඇවිත්, “මට ගඟෙන් එගොඩ වෙන්න ඉඩ දෙන්න” කියා පැවසූ විට, “ඔබ එෆ්‍රායිම්හි වැසියෙක්ද” කියා ගිලියද්හි පුරුෂයෝ ඔවුන්ගෙන් ඇසුවෝය. ඔවුන්, “නැහැ” කියා පිළිතුරු දුන් විට,  “එසේනම් ඔබ ෂිබොලෙත් කියා පවසන්න”+ යයි ඔවුන්ට පැවසූහ. නමුත් ඔවුන් ඒ වචනය පැවසුවේ, “සිබොලෙත්” ලෙසයි. එවිට ගිලියද්හි පුරුෂයෝ ගඟෙන් එගොඩ වන ස්ථානයේදීම එවැනි අයව මරා දැමුවෝය. එසේ එෆ්‍රායිම්හි පුරුෂයන් හතළිස්දෙදහස්දෙනෙකුව මරා දමන ලදි.+  ගිලියද්හි වැසියෙකු වූ යෙප්තා ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරුවෙකු ලෙස අවුරුදු හයක් සේවය කළේය. ඔහු මිය ගිය පසු ගිලියද් දේශයේ ඔහු ජීවත් වූ නුවරේම ඔහුව තැන්පත් කරන ලදි.  ඔහුට පසුව විනිශ්චයකරුවෙකු+ ලෙස සේවය කළේ බෙත්ලෙහෙම් නුවරින්+ පැමිණි ඉබ්ෂාන්ය.  ඉබ්ෂාන්ට පුත්‍රයෝ තිස්දෙනෙක්ද දූවරු තිස්දෙනෙක්ද සිටියෝය. ඔහු තම පුතුන් තිස්දෙනා සඳහා ඔවුන්ගේ නෑයන් නොවූ වෙනත් පවුල්වලින් භාර්යාවන් තිස්දෙනෙකුව සොයා දුන්නේය. ඉබ්ෂාන් ඊශ්‍රායෙල් දේශයේ අවුරුදු හතක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය. 10  ඔහු මිය ගිය විට ඔහුව බෙත්ලෙහෙමේ තැන්පත් කරන ලදි. 11  ඉන්පසු ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරු ලෙස සෙබ්‍යූලන් ගෝත්‍රයට+ අයත් ඒලොන් පත් විය. ඔහු අවුරුදු දහයක් පුරා එහි සේවය කළේය. 12  ඔහු මිය ගිය විට ඔහුව තැන්පත් කරන ලද්දේ සෙබ්‍යූලන් ගෝත්‍රයට අයත් දේශයේ පිහිටි ආයාලොන් නම් ස්ථානයෙහිය. 13  ඔහුගෙන් පසුව පිරතොන් නුවරේ වැසියෙකු වූ+ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය. 14  ඔහුට පුතුන් හතළිස්දෙනෙකු හා මුනුපුරන් තිස්දෙනෙකු සිටි අතර ඔවුහු හොඳින් වැඩුණු බූරුවන් හැත්තෑදෙනෙකු පිට ගමන් කළෝය.+ අබ්දොන් අවුරුදු අටක් පුරා ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය. 15  පිරතොන් නුවරේ වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් මිය ගිය විට ඔහුව තැන්පත් කරන ලද්දේ එෆ්‍රායිම් දේශයේ අමලෙක්වරුන්ගේ+ කන්දේ පිහිටි පිරතොන් නුවරෙහිය.

පාදසටහන්