විනිශ්චයකරුවෝ 13:1-25

13  ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත්තෝය.+ එහෙයින් යෙහෝවා දෙවි අවුරුදු හතළිහක් පුරා ඔවුන්ව පිලිස්තිවරුන්ගේ පීඩාකාරී පාලනය යටතේ තැබුවේය.+  ඒ කාලයේදී මානෝවා+ නම් මිනිසෙක් සිටියේය. දාන් ගෝත්‍රයට+ අයත් ඔහු ජීවත් වූයේ ෂොරා+ නම් නුවරෙහිය. ඔහුට භාර්යාවක් සිටි අතර ඇයට දරුවෝ සිටියේ නැත.+  දිනක් යෙහෝවා දෙවිගේ දූතයෙක් ඇය ළඟට ඇවිත්+ මෙසේ පැවසීය. “ඔබට දරුවන් නැති බව මම දන්නවා. නමුත් ඔබ ගැබ්ගෙන පුතෙක් බිහි කරනවා.+  එමනිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබ වයින්වත් වෙන කිසි මත්පැන් වර්ගයක්වත් පානය කරන්න එපා.+ අපවිත්‍රයයි සැලකෙන කිසිම දෙයක් කන්නත් එපා.+  මන්ද ඔබ බිහි කරන පුතා උපන් දා සිට+ දෙවිට කැප වී සේවය කරන නසරීතවරයෙක්.+ එමනිසා ඔහුගේ හිසට දැළි පිහියක් ළං කරන්නවත් එපා.+ පිලිස්තිවරුන් යටතේ සිටින ඊශ්‍රායෙල්වරුන්ව බේරාගන්නේ ඔහුයි.”+  ඉන්පසු ඒ ස්ත්‍රිය තම පුරුෂයා වෙතට ගොස් මෙසේ පැවසුවාය. “සැබෑ දෙවිගේ සේවකයෙක් මාව හමු වෙන්න ආවා. ඔහු දෙවිගේ දූතයෙක් වගෙයි.+ ඔහුව දුටුවාම මට ලොකු භයක් ඇති වුණා.+ ඉතින් ඔහු ආවේ කොහෙන්ද කියාවත් මම ඔහුගෙන් ඇහුවේ නැහැ. ඔහු ඔහුගේ නමවත් මට කිව්වේ නැහැ.+  හැබැයි ඔහු මට මේ වගේ දෙයක් කිව්වා. ‘ඔබ ගැබ්ගෙන පුතෙක් බිහි කරනවා.+ ඒ දරුවා උපන් දා සිට මිය යන තුරුම දෙවිට සේවය කරන නසරීතවරයෙක්.+ එමනිසා ඔබ වයින්වත් වෙන කිසි මත්පැන් වර්ගයක්වත් බොන්න එපා. අපවිත්‍රයයි සැලකෙන කිසිම දෙයක් කන්නත් එපා.’”  එවිට මානෝවා යෙහෝවා දෙවිට කන්නලව් කරමින් මෙසේ පැවසීය. “යෙහෝවා දෙවියනි, මෙහෙම කතා කරනවාට මට සමාවෙන්න.+ ඔබ එවූ තැනැත්තා සැබෑ දෙවි වන ඔබේ සේවකයෙකු විය යුතුයි. මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ ඔහුව නැවතත් අප වෙතට එවන්න කියායි. එතකොට අපට පුළුවන් අපට ලැබෙන්න යන දරුවාව අපි ඇතිදැඩි කරන්නේ කොහොමද+ කියලා ඔහුගෙන් මඟ පෙන්වීම් ලබාගන්න.”+  සැබෑ දෙවි, මානෝවා කී දේට ඇහුම්කන් දුන්නේය.+ මානෝවාගේ භාර්යාව තණබිමේ සිටින විට දෙවිගේ දූතයා ඇයව හමු වීමට නැවතත් පැමිණියේය. ඒ අවස්ථාවේදී මානෝවා ඇය සමඟ නොසිටි නිසා, 10  ඇය වහාම ඇගේ පුරුෂයා වෙතට දුව ගොස්,+ “ඉක්මනින් එන්න! එදා ආපු ඒ තැනැත්තා ආයෙත් ඇවිත්”+ කියා පැවසුවාය. 11  එවිට මානෝවා තම භාර්යාව සමඟ ගොස් ඒ තැනැත්තාව හමු වී ඔහුගෙන් මෙසේ ඇසීය. “ඔබමද එදා මේ ස්ත්‍රිය සමඟ කතා කළේ?”+ ඔහුද, “ඔව්, ඒ මම තමයි” කියා පිළිතුරු දුන්නේය. 12  එවිට මානෝවා, “ඔබ එදා පැවසූ දේ එලෙසම ඉටු වේවා! මේ දරුවාව ඇතිදැඩි කරන්න ඕනේ කොහොමද කියලා අපිට කියන්න. ඔහු ඉදිරියේදී මොන වගේ කෙනෙක් වෙයිද කියාත් අපිට කියන්න”+ කියා පැවසීය. 13  ඊට පිළිතුරු වශයෙන් යෙහෝවා දෙවිගේ දූතයා මානෝවාට පැවසුවේ මෙයයි. “යම් දේවල් කරන්න එපා කියා මම මේ ස්ත්‍රියට කිව්වා. ඒ දේවල් ඇය එලෙසම පිළිපැදිය යුතුයි.+ 14  මිදිවැලෙන් ගත් කිසිම දෙයක් ඇයට කන්න තහනම්. ඇයට වයින්වත් වෙන කිසිම මත්පැන් වර්ගයක්වත් බොන්න බැහැ.+ ඒ වගේම අපවිත්‍රයයි සැලකෙන කිසිම දෙයක් ඇයට කන්න බැහැ.+ මා අණ කළ සෑම දෙයකටම ඇය කීකරු විය යුතුයි.”+ 15  මානෝවා යෙහෝවා දෙවිගේ දූතයාට මෙසේ පැවසීය. “ටිකක් නතර වෙන්න. ඔබ යන්න කලින් ඔබට කන්න එළු පැටවෙකුව අපි සූදානම් කරන්නම්.”+ 16  නමුත් යෙහෝවා දෙවිගේ දූතයා මානෝවාට මෙසේ කීවේය. “මම මෙහි නතර වුණත් ඔබේ කෑම නම් කන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් යෙහෝවා දෙවිට දවන පූජාවක් ඔප්පු කරන්න.”+ තමා කතා කරමින් සිටියේ යෙහෝවා දෙවිගේ දූතයෙකු සමඟ බව මානෝවා දැන සිටියේ නැත. 17  එවිට මානෝවා යෙහෝවා දෙවිගේ දූතයාට මෙසේ පැවසීය. “ඔබ අද කියූ දේවල් ඉටු වෙද්දී අපි කැමතියි ඒ වෙනුවෙන් ඔබට අපේ අගය පෙන්වන්න. ඒ නිසා ඔබේ නම අපට කියන්න.”+ 18  නමුත් යෙහෝවා දෙවිගේ දූතයා ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ මගේ නම ගැන අහන්නේ මොකටද? මගේ නම දැනගත්තොත් ඔබ පුදුමයට පත් වෙයි.” 19  ඉන්පසු මානෝවා එළු පැටවෙකු හා ධාන්‍ය පූජාවක් ගෙන ඒවා විශාල ගලක් මත තබා යෙහෝවා දෙවිට ඔප්පු කළේය.+ මානෝවා සහ ඔහුගේ භාර්යාව බලාගෙන සිටියදීම දෙවි පුදුම දෙයක් කළේය. 20  පූජාව ගින්නෙන් දැවෙද්දී එහි ගිනිදලු අහස උසට නැඟුණේය. එවිට යෙහෝවා දෙවිගේ දූතයා ඒ ගිනිදලු අතරින් ඉහළටම නැඟී ගියේය.+ එය දුටු විගස මානෝවා සහ ඔහුගේ භාර්යාව දණින් වැටී බිමට නැමුණෝය.+ 21  මානෝවා සහ ඔහුගේ භාර්යාව හමු වීමට යෙහෝවා දෙවිගේ දූතයා නැවත කිසිදාක පැමිණියේ නැත. තමාට කතා කළේ යෙහෝවා දෙවිගේ දූතයෙකු බව මානෝවා තේරුම්ගත්තේය.+ 22  එහෙයින් මානෝවා තම භාර්යාවට මෙසේ පැවසීය. “අපේ ඇස් දෙකෙන්ම අපි දැක්කේ දෙවිවයි.+ ඒ නිසා අපි දෙන්නා අනිවාර්යයෙන්ම මැරිලා යයි.”+ 23  නමුත් ඔහුගේ භාර්යාව ඔහුට මෙසේ පැවසුවාය. “අපිව මරලා දාන්න යෙහෝවා දෙවි අදහස් කරගෙන ඉන්නවා නම් අපි ඔප්පු කළ දවන පූජාව හා ධාන්‍ය පූජාව ඔහු මේ විදිහට පිළිගනියිද?+ ඒ වගේම අපට මේ දේවල් ගැන ඔහු දන්වයිද?+ දෙවි අපි ඉදිරියේ ඒ වගේ පුදුම දේවල් කරයිද?” 24  කලක් ගත වූ පසු ඇය පුත්‍රයෙකු බිහි කළාය. ඔහුට සැම්සන්+ යන නම තබන ලදි. දවසින් දවස උස් මහත් වෙමින් නිරෝගීව වැඩුණු ඒ දරුවාට යෙහෝවා දෙවිගේ ආශීර්වාද නොමදව ලැබුණේය.+ 25  දිනක් සැම්සන් ෂොරා+ සහ එෂ්තායොල්+ නුවරවල් අතරේ පිහිටි මහනේ-දාන්+ යන ස්ථානයේ සිටින විට යෙහෝවා දෙවිගේ බලය+ ඔහු තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේය.

පාදසටහන්