විනිශ්චයකරුවෝ 14:1-20

14  දිනක් සැම්සන් තිම්නාහ් නම් නුවරට+ ගියේය. එහි සිටි පිලිස්තිය ජාතික තරුණියක් වෙත ඔහුගේ සිත ඇදී ගියේය.  එහෙයින් ඔහු තම දෙමාපියන් වෙතට ගොස්, “තිම්නාහ් නුවරේ පිලිස්තිය ජාතික තරුණියක් සිටිනවා. මම ඇයට කැමතියි. ඇයව මට විවාහ කර දෙන්න”+ කියා පැවසීය.  එය ඇසූ ඔහුගේ දෙමාපියෝ ඔහුට මෙසේ කීවෝය. “අපේ නෑදෑයන් අතරේ තරුණියන් නැති නිසාද ඔබ මේ අපවිත්‍ර*+ පිලිස්තිවරුන් අතරින් භාර්යාවක් සොයාගන්න හිතුවේ?”+ නමුත් සැම්සන් තම පියාට මෙසේ කීවේය. “ඒත් මගේ හිත ගියේ ඒ තරුණියටයි. ඒ නිසා කොහොමහරි ඇයව මට විවාහ කර දෙන්න.”  එවැනි දෙයක් සිදු වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව+ බව සැම්සන්ගේ දෙමාපියෝ දැන සිටියේ නැත. මන්ද ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශය පාලනය කරමින් සිටි පිලිස්තිවරුන්ට+ පහර දීමට හොඳ අවස්ථාවක් එන තෙක් සැම්සන් මාන බලමින් සිටියේය.  සැම්සන් තම දෙමාපියන් සමඟ තිම්නාහ් නුවර+ බලා ගියේය. ඔහු තිම්නාහ් අවට පිහිටි මිදිවතු පසු කර යන විට රෞද්‍ර, කේශර සිංහයෙක් ගොරවමින් ඔහු ඉදිරියට කඩාපැන්නේය.  ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක විය.+ එළු පැටවෙකුව ඉරා දමන්නාක් මෙන් ඉතා පහසුවෙන් ඔහු තම දෑතින් ඒ රෞද්‍ර සිංහයාව ඉරා දැමුවේය. ඔහු කළ ඒ දේ ගැන තම දෙමාපියන්ට කිසිවක් කීවේ නැත.  ඔහු නැවතත් තම ගමන ඇරඹීය. පසුව ඒ තරුණියව හමු වී ඔහු ඇය සමඟ කතා කළේය. ඇය කෙරෙහි තමාට තිබූ කැමැත්ත තවමත් එලෙසම පවතින බව සැම්සන්ට තේරුණේය.+  ටික දවසකට පසු සැම්සන් ඇයව තම නිවසට කැඳවාගෙන ඒම සඳහා තරුණිය ජීවත් වූ නුවර බලා පිටත් විය.+ එසේ යන අතරතුර සිංහයාගේ මළ කුණ බැලීමට ඔහු නතර විය. මීමැසි රංචුවක් සිංහයාගේ මළ කුණ වසාගෙන සිටිනවා ඔහු දුටුවේය. එහි මීපැණිද+ තිබිණ.  ඔහු මීවදය කඩා මීපැණි අතට ගෙන මඟ දිගේ එය කමින්+ ගොස් ඒ ගමනට සහභාගි වූ තම දෙමාපියන්ව මුණගැසී ඔවුන්ටද ඒ මීපැණි දුන්නේය. ඔවුහුද එය කෑවෝය. නමුත් තමා ඒ මීපැණි ලබාගත්තේ සිංහයෙකුගේ මළ කුණකින් බව ඔහු ඔවුන්ට පැවසුවේ නැත. 10  ඉන්පසු සැම්සන් සහ ඔහුගේ පියා තරුණියගේ නිවසට ගියේය. සැම්සන් එහිදී භෝජන සංග්‍රහයක් සූදානම් කළේය.+ මනාලයා විසින් එවැනි උත්සවයක් සූදානම් කිරීම ඒ කාලයේ චාරිත්‍රයක්ව පැවතිණ. 11  සැම්සන් උත්සවයට පැමිණි විට ඔහු සමඟ සිටීමට තරුණයන් තිස්දෙනෙකුව සූදානම් කරන ලදි. 12  සැම්සන් ඔවුන්ට මෙසේ පැවසීය. “මම ඔබට තේරවිල්ලක් කියන්නම්.+ මේ උත්සවය පවත්වන දවස් හත+ ඇතුළත ඒ තේරවිල්ල තෝරා දුන්නොත් මම ඔබට යට ඇඳුම් ඇතුළුව ඇඳුම් කට්ටල+ තිහක් දෙන්න පොරොන්දු වෙනවා. 13  හැබැයි ඔබට එය තෝරා දෙන්න බැරි වුණොත් ඔබ සියලුදෙනාම යට ඇඳුම් ඇතුළුව ඇඳුම් කට්ටල තිහක් මට දෙන්න ඕනේ.” ඊට එකඟ වූ ඔවුහු, “හොඳයි ඔබේ තේරවිල්ල දැන් අපට කියන්න” කියා පැවසූහ. 14  එවිට සැම්සන් මෙසේ කීවේය.“කා දමන්නෙකුගෙන්+ කෑමක්දදැවැන්තයෙකුගෙන් මිහිරක්ද නික්මුණේය.”+ දින තුනක් පුරා ඔවුන් උත්සාහ කළත් ඒ තේරවිල්ල තෝරා දීමට ඔවුන්ට නොහැකි විය. 15  හතරවන දවසේදී ඔවුහු සැම්සන්ගේ බිරිඳව හමු වී ඇයට මෙසේ පැවසූහ. “මේ උත්සවයට අපට ආරාධනා කළේ මේකටද? අපට බැහැ පාඩු විඳින්න.+ ඒ නිසා ඔබ ඔහුව කොහොමහරි රවට්ටලා තේරවිල්ලේ අර්ථය දැනගෙන අපට කියන්න.+ එහෙම නොකළොත් ඔබවත් ඔබේ පියාගේ පවුලේ අයවත් අපි ගිනිබත් කරනවා.”+ 16  එහෙයින් සැම්සන්ගේ බිරිඳ ඔහුගේ කරේ එල්ලී අඬමින්+ ඔහුට මෙසේ පැවසුවාය. “ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ.+ ඔයාට මං ගැන තියෙන්නේ වෛරයක්. ඔයා මගේ නෑදෑයන්ට තේරවිල්ලක් කිව්වා.+ ඒත් ඒ ගැන ඔයා මට කිව්වේ නැහැ.” එවිට ඔහු ඇයට මෙසේ කීවේය. “ඒක මගේ අම්මාටවත් තාත්තාටවත් මම කිව්වේ නැහැ.+ ඉතින් කොහොමද මම ඒක ඔයාට කියන්නේ?” 17  ඇය උත්සවය පැවති දවස් හත පුරාම ඔහුගේ කරේ එල්ලී අඬමින් ඒ ගැන තමන්ට පවසන්න කියා ඔහුට ඇවිටිලි කළාය. ඇය ඔහුට කොතරම් කරදර කළාද කිවහොත් ඔහු බැරිම තැන+ උත්සවයේ අවසන් දිනයේදී ඒ තේරවිල්ලේ අර්ථය ඇයට පැවසුවේය. ඇය එය දැනගත් වහාම ගොස් ඇගේ නෑදෑයන්ට පැවසුවාය.+ 18  හත්වන දින සැම්සන් නිදන කාමරයට යන්නත් කලින්+ ඔවුහු ඔහුව හමු වී ඒ තේරවිල්ලේ අර්ථය මෙසේ පැවසුවෝය.“මීපැණිවලටත් වඩා මිහිරක් ඇද්ද?සිංහයෙකුටත් වඩා දැවැන්තයෙකු ඇද්ද?”+එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය.“ඔබ සීසාන්න යොදාගත්තේ මගේ එළ නෑම්බියව නේද?+එසේ නොකළා නම් ඔබට කවදාවත් මේ තේරවිල්ල නම් තෝරා දෙන්න ලැබෙන්නේ නැහැ.”+ 19  යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ එහෙයින් ඔහු අෂ්කෙලොන් නුවරට+ ගොස් එහි සිටි පුරුෂයන් තිස්දෙනෙකුව මරා ඔවුන්ගේ ඇඳුම් සියල්ල රැගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඒවා ගෙනැවිත් දුන්නේය.+ ඉන්පසු ඔහු කෝපයෙන් පුපුරපුපුරා තම පියාගේ නිවස බලා ගියේය. 20  අන්තිමේදී සැම්සන්ගේ බිරිඳ+ විවාහ වූයේ උත්සවය පැවති දවස්වලදී සැම්සන් සමඟ සිටීමට සූදානම් කළ තරුණයන්ගෙන් කෙනෙකු සමඟය.+

පාදසටහන්

මූ.අ., “චර්මච්ඡේදනය නොවූ.”