විනිශ්චයකරුවෝ 19:1-30

19  ඊශ්‍රායෙල් දේශය පාලනය කිරීමට රජ කෙනෙකු නොසිටි කාලයේදී+ එක්තරා ලෙවීවරයෙක් එෆ්‍රායිම් කඳුකරයේ පිටිසර ප්‍රදේශයක+ තාවකාලිකව පදිංචි වී සිටියේය. යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම් නුවරින්+ ගෙනා උපභාර්යාවක්ද+ ඔහුට සිටියාය.  නමුත් ඇය අනාචාරයේ+ යෙදෙමින් ඔහුට ද්‍රෝහි වූවාය. ඉන්පසු ඇය ඔහුව අත්හැර යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම් නුවරේ විසූ ඇගේ පියා ළඟට ගොස් එහි මාස හතරක් වාසය කළාය.  දිනක් ඇගේ පුරුෂයා ඇගේ සිත දිනාගෙන ඇයව නැවතත් තම නිවසට කැඳවාගෙන යෑමේ අදහසින් තම සේවකයෙකු+ සමඟ පැමිණියේය. ඒ ගමනට ඔවුහු බූරුවන් දෙදෙනෙකුවද රැගෙන ආවෝය. ඔහු පැමිණි විට ඇය ඔහුව නිවසට පිළිගත් අතර ඇගේ පියාද ඔහුව දැක බොහෝ සෙයින් සතුටු විය.  එම තරුණ ස්ත්‍රියගේ පියා එනම්, ඔහුගේ මාමණ්ඩි ඔහුට තමන් සමඟ නිවසේ නතර වීමට පෙරැත්ත කළේය. ඊට එකඟ වූ ඔහු තම මාමණ්ඩි සමඟ කමින් බොමින් දවස් තුනක් ගත කළේය. ඔහු රාත්‍රිය ගත කළේද එහිය.+  හතරවන දින ඔවුන් උදෑසනින්ම නැඟිට තම නිවස බලා පිටත්ව යෑමට සූදානම් වූ විට තරුණ ස්ත්‍රියගේ පියා තම බෑනාට මෙසේ කීවේය. “යන්න කලින් කෑම ටිකක් කන්න.+ නැත්නම් ඔබට මහන්සිය දැනෙයි.”  එහෙයින් ඔවුහු කෑමට වාඩි වූවෝය. ඔවුන් කා බී අවසන් වූ විට තරුණ ස්ත්‍රියගේ පියා ඔහුට මෙසේ කීවේය. “අද රෑත් මෙහේ සතුටින්+ ගත කරලා යන්න.”+  ඔහු නිවසින් පිටත් වීමට සූදානම් වූ විට ඔහුගේ මාමණ්ඩි නැවතත් ඔහුට පෙරැත්ත කළ නිසා ඔහු එදින රාත්‍රියත් එහි ගත කළේය.+  පස්වන දින ඔවුන් උදෑසනින්ම නැඟිට තම නිවස බලා යෑමට සූදානම් වූ විට තරුණ ස්ත්‍රියගේ පියා නැවතත් ඔහුට මෙසේ කීවේය. “කෑම ටිකක් කාලා සතුටින් යන්න.”+ එහෙයින් ඔවුහු කෑම කමින් බොහෝ වේලාවක් එහි රැඳී සිටියෝය.  ඉන්පසු ඔහු+ තම උපභාර්යාව+ හා තම සේවකයා+ සමඟ නිවසින් පිටත් වීමට සූදානම් විය. නමුත් තරුණ ස්ත්‍රියගේ පියා එනම්, ඔහුගේ මාමණ්ඩි ඔහුට මෙසේ කීවේය. “බලන්න, දැන් හවස් වෙන්නත් ළඟයි. ඉතින් අද රෑත් මෙහි සතුටින්+ ගත කරන්න.+ හෙට උදෙන්ම නැඟිටලා ඔබට පුළුවන් ගෙදර යන්න.” 10  නමුත් එදින රාත්‍රිය එහි ගත කිරීමට අකමැති වූ ඔහු තම උපභාර්යාව සහ සේවකයා සමඟ නිවසින් පිටත් වී යෙබූස+ නමින් හැඳින්වූ යෙරුසලම+ දක්වා ගමන් කළේය. ඔවුහු බූරුවන් දෙදෙනාවද රැගෙන ගියෝය. 11  ඔවුන් යෙබූස වෙත ළඟා වූ විට බොහෝ සෙයින් සවස් වී තිබූ නිසා,+ “ස්වාමීනි, අපි යෙබූසිවරුන්ගේ+ මේ නගරයට ගිහින් අද රාත්‍රිය එහි ගත කරමු” කියා ඔහුගේ සේවකයා ඔහුට කීවේය. 12  නමුත් ඔහු මෙසේ කීවේය. “අපි මොකටද ඊශ්‍රායෙල්වරුන්ට අයිති නැති නුවරකට යන්නේ?+ අපි ගිබෙයා නුවරට+ යමු. 13  අපිට ගිබෙයා නුවරට යන්න බැරි වුණොත් රාමා නුවරට+ හරි යමු.” 14  එමනිසා ඔවුහු තම ගමන නැවත ඇරඹූහ. ඔවුන් බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගිබෙයා නුවරට ළඟා වූ විට හිරු බැස යමින් තිබිණ. 15  රාත්‍රිය ගත කිරීමේ අදහසින් ඔවුහු ගිබෙයා නුවරට ඇතුල් වී එහි ප්‍රධාන මංසන්ධියට ගොස් හිඳගත්තෝය. නමුත් කිසි කෙනෙක් ඔවුන්ට නවාතැන් දීමට ඉදිරිපත් වූයේ නැත.+ 16  ටික වේලාවක් ගත වූ පසු සවස් වන තෙක් කෙතේ වැඩ කරමින් සිටි+ මහලු මිනිසෙක් තම වැඩ අවසන් කර එතැනින් ගමන් කළේය. එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ+ වැසියෙකු වූ ඔහු, ගිබෙයා නුවරෙහි තාවකාලිකව පදිංචි වී සිටියේය. ගිබෙයා නුවරෙහි ජීවත් වූයේ බෙන්ජමින් ගෝත්‍රයට අයත් අයයි.+ 17  නුවරේ ප්‍රධාන මංසන්ධියේ සිටි ලෙවීවරයාව දුටු එම මහලු මිනිසා ඔහුගෙන් මෙසේ ඇසීය. “ඔබ කොහේ ඉඳන්ද ආවේ? කොහෙද යන්නේ?”+ 18  එවිට ලෙවීවරයා මෙසේ පිළිතුරු දුන්නේය. “අපි යූදා ගෝත්‍රයට අයත් බෙත්ලෙහෙම්වල ඉඳලයි මේ එන්නේ. අපේ ගෙවල් තියෙන්නේ එෆ්‍රායිම් කඳුකරයේ ඉතා පිටිසර ප්‍රදේශයක.+ අපි බෙත්ලෙහෙම්වලට+ ගියේ පොඩි වුවමනාවකට. දැන් මේ ගෙදර යන ගමන්. රෑ වුණු නිසා අපි හිතුවා රාත්‍රිය මෙහෙ ගත කරන්න. ඒත් අපිට නවාතැන් දෙන්න කවුරුත් කැමති වුණේ නැහැ.+ 19  අපි රැගෙන ආ බූරුවන් දෙදෙනාට අවශ්‍ය පිදුරුත් කෑමත්+ අපි ළඟ තියෙනවා. මටයි මගේ බිරිඳටයි+ මගේ සේවකයාටයි+ ඕනේ කරන කෑම+ සහ වයිනුත් ඇති තරම් අපි ළඟ තියෙනවා. ඒ නිසා අපි කාටවත් බරක් වෙන්නේ නැහැ.” 20  එවිට මහලු මිනිසා මෙසේ කීවේය. “කරදර වෙන්න එපා.+ මොනවා හරි අඩුපාඩුවක් තිබුණොත් අපි ඒක පිරිමහගමු.+ එන්න මාත් එක්ක මගේ නිවසට යන්න. මේ ප්‍රධාන මංසන්ධියේ නම් රාත්‍රිය ගත කරන්න එපා.” 21  එසේ පවසා ඔහු ඔවුන්ව තම නිවසට රැගෙන ඇවිත්+ ඔවුන් සමඟ ආ බූරුවන්ට කෑම දුන්නේය.+ ඉන්පසු ඔවුහු තම පාද සෝදාගෙන+ කෑම කෑවෝය. 22  ඔවුන් කමින් බොමින් විනෝද වෙමින් සිටියදී+ නුවරේ විසූ නැහැදිච්ච මිනිසුන්+ පිරිසක් පැමිණ නිවස වට කළෝය.+ ඔවුහු දොරට ගසමින් නිවසේ අයිතිකරු වූ මහලු මිනිසාට මෙසේ පැවසුවෝය. “අද ඔබේ නිවසට කෙනෙක් ආවා නේද? ඔහුව එළියට ගේන්න. අපිට ඕනේ ඔහු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න.”+ 23  එවිට නිවසේ අයිතිකරු දොර විවෘත කර ඔවුන්ට මෙසේ පැවසීය.+ “අනේ මගේ සහෝදරයෙනි,+ ඒ වගේ නපුරු දෙයක් නම් කරන්න එපා. මේ මිනිසාට මගේ නිවසට එන්න කියා ආරාධනා කළේ මමයි. ඒ වගේ නින්දාසහගත දෙයක්+ කරන එක ගැන හිතන්නවත් එපා. 24  මට අවිවාහක දුවෙක් ඉන්නවා. මේ මිනිසාගේ උපභාර්යාවත් අප සමඟ ඉන්නවා. මම ඒ දෙන්නාවම පිටතට ගේන්නම්. ඔබ ඔවුන්ට කැමති දෙයක් කරන්න.+ හැබැයි මේ මිනිසාට නම් කිසිම කරදරයක් කරන්න එපා. ඔබ එහෙම කළොත් ඒක හරිම නින්දිත දෙයක්.” 25  එහෙත් ඒ මිනිස්සු ඔහු කී දේට සවන් නොදුන්නෝය. එහෙයින් ලෙවීවරයා තම උපභාර්යාවව+ පිටතට ගෙනාවේය. එවිට ඔවුහු ඇයව ගෙන ගොස් දූෂණය කරන්න පටන්ගත්තෝය.+ මුළු රාත්‍රිය පුරාම ඇයට අතවර කළ+ ඔවුහු එළිය වැටෙද්දී ඇයට යන්න හැරියෝය. 26  ඒ ස්ත්‍රිය ඇගේ පුරුෂයා නැවතී සිටි මහලු මිනිසාගේ නිවසේ දොරකඩ ළඟට පැමිණ ඇද වැටුණාය.+ ඇය උදෑසන වන තුරු එතැන වැතිර සිටියාය. 27  ඇගේ පුරුෂයා උදෑසන නැඟිට නිවසින් පිටත් වීමට දොර විවෘත කළ විට ඔහුගේ උපභාර්යාව+ නිවසට ඇතුල් වන ස්ථානයේම ඇද වැටී සිටින ආකාරය ඔහු දුටුවේය. 28  ඔහු ඇයට, “නැඟිටින්න, අපි යමු” කියා පැවසුවත් ඇගෙන් කිසි පිළිතුරක් ලැබුණේ නැත.+ මන්ද ඇය ඒ වන විටත් මිය ගොස් සිටියාය. එහෙයින් ඔහු ඇගේ මළ සිරුර බූරුවෙකු පිට තබාගෙන තම නිවස බලා ගමන් ඇරඹීය.+ 29  තම නිවසට පැමිණි වහාම ඔහු පිහියක් ගෙන තම උපභාර්යාවගේ මළ සිරුර ඇටකටුවල පිහිටීමට අනුව කැබලි දොළහකට කැපුවේය.+ ඉන්පසු ඔහු එක කැබැල්ල බැගින් ඊශ්‍රායෙල් දේශයේ සෑම ගෝත්‍රයකටම යැවීය.+ 30  ඒ කැබලි දුටු සියල්ලෝ පුදුම වී මෙසේ පැවසුවෝය. “ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආපු දවසේ ඉඳන් අද වන තුරු මේ වගේ භයානක දෙයක් නම් වෙලා නැහැ. ඒ නිසා මේ ගැන ඉක්මනින් හොයලා බලන්න ඕනේ.”+

පාදසටහන්